කැඩපත ඉදිරියට වී සිටින යුවතියක්. රාත්‍රියේ අඳුර මැදින් ඈ වෙත එන වෙස් වලා ගත් පුද්ගලයෙක්. ඔහු දැක තිගැස්සෙන ඈ වෙත එල්ල වෙන මරණයේ වෙඩි පහරක්. මේ සියල්ල කලින් ම දැකීමට සමත් වෙන යුවතියක්! ඔබත් මමත් යම් සිදුවීමක් දකින්නේ මනසින්. සාමාන්‍ය මිනිසුන් වන අපට දේවල් සිදුවීමට පෙර මනසින් දැකීමට හැකියාවක් නැහැ. න…

කැඩපත ඉදිරියට වී සිටින යුවතියක්.
රාත්‍රියේ අඳුර මැදින් ඈ වෙත එන වෙස් වලා ගත් පුද්ගලයෙක්.
ඔහු දැක තිගැස්සෙන ඈ වෙත එල්ල වෙන මරණයේ වෙඩි පහරක්.
මේ සියල්ල කලින් ම දැකීමට සමත් වෙන යුවතියක්!
ඔබත් මමත් යම් සිදුවීමක් දකින්නේ මනසින්. සාමාන්‍ය මිනිසුන් වන අපට දේවල් සිදුවීමට පෙර මනසින් දැකීමට හැකියාවක් නැහැ. නමුත් එවැනි අසාමාන්‍ය හැකියාවන්ගෙන් සමන්විත අයත් අප අතර සිටිය හැකියි. නමින් දේවී නම් වන ඈ ත් අසාමාන්‍ය වූත්, අපූර්වත ම වූත් සිදුවීම් සිදු වීමට පෙර දැකීමේ හැකියාවෙන් සමන්විත වූ යුවතියක්. ඇගේ මේ හැකියාව තුළින් පෙන්වන්නේ ඇගේ ම සහෝදරිය ඝාතනය වෙන ආකාරයයි.ඝාතකයා වෙස් වලා ගෙන පැමිණි නිසාවෙන් දේවී ට ඔහු හඳුනා ගැනීමට හැකි වෙන්නේ නැහැ, මේ නිසා ම ඒ ඝාතනය නොවිසඳුන අභිරහසක් ව පවතිනවා.
එම සිදුවීමෙන් වසර ගණනකට පසු විවාහපත් වී තම සැමියා කුමාර් සමඟ දේවී නව නිවහනකට පැමිණෙනවා. මේ අලුත් නිවහනට පැමිණෙන දේවී ට නැවතත් මනසින් සිදුවීම් කිහිපයක් දකින්නට ලැබෙනවා. මේ නිවසත්, අභිරහසත් අතර ඇති සබඳතාව කුමක් විය හැකිද? සැබෑ ඝාතකයා කවුරුන්ද? ඝාතකයා හසු කර ගැනීමට දේවී සමත් වේවිද?
පැරණි හින්දි චිත්‍රපට නැරඹීමට ප්‍රිය බයිස්කෝප්වාසීන් මේ චිත්‍රපටය නරඹන්නට බොහොම සතුටු වෙයි කියලා හිතනවා. 1991 වසරේ තිරගත වුන Horror, Romance, Thriller කාණ්ඩයට අයත්, Madhuri Dixit, Jackie Shroff, Javed Jaffrey වගේ සුපිරි නළු නිළියන් කීපදෙනෙක් ම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.
ඇත්තෙන්ම කිව්වොත් මේ චිත්‍රපටයට උපසිරැසි ගෙන එන්න හිතුවේ පහුගිය වසරේ. ඒත් වීඩියෝ පිටපතට ගැලපෙන උපසිරැසියක් හොයා ගන්න බැරි වීම නිසා ඒ වැඩේ හරි ගියේ නැහැ. මගේ නමින් මේ සිංහල උපසිරැසිය ගියාට, ටයිම් ලයින් හදලා දීලා, මම ඉපදෙන්නත් කලින් තිරගත වුන චිත්‍රපටයකට උපසිරැසි ගෙන එන්න අවස්ථාව හදලා දුන්න අසංක ප්‍රදීප් රණතුංග අයියට වැඩි ස්තූතියක් යන්න ඕන.
එහෙමනම්, බලලා අදහස් කියන්න අමතක කරන්නෙපා. ගිහින් එන්නම්, ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
1,241 downloadsDownload 100-Days-1991.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
14 comments
Kantha_DLA
Kantha_DLA
Sridevi inna me film walata sub dala denawada sis....
Mr. India (1987)
youtube.com/watch?v=emH1grqZ-MYJudaai (1997)
youtube.com/watch?v=CEkOp5PLALYsandun dushyantha
niyamai
ranga11112
Thank you
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
පරණ වුනත් සුපිරි ෆිල්ම් එකකට උපසිරැසි දීලා තියෙන්නේ.
ජයෙන් ජය.Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ඩොක් අයියා
තැන්කු වේවා “හෙළිලි හේමමාලි” නංගියෝ
ඔන්න එහෙනම් උපරැසිය බාගත්තා හොඳේ
ඩොක් අයියා
තැන්කු වේවා “හෙළිලි හේමමාලි” නංගියෝ, ඔන්න එහෙනම් උපරැසිය බාගත්තා හොඳේ
supun bro
thanx sub eka dunnata..
aluth hindi film ekakata sub denawada..supun bro
jaya wewa..!
Ara N Madhu
Thanks
Ara
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
හින්දියක් කරලා නෙව.
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!senaka
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!