ඔන්න එහෙනම් ආයෙමත් තවත් අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2018 පෙබරවාරි මස 23 වැනිදා පටන් තිරගත වීම ඇරඹි Action | Adventure යන සිනමා වර්ගීකරණයන්ට අයත් වන සලරුවක්. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Kimble Rendall නම් අධ්‍යක්ෂකවරයා විසින්. තිර පිටපත් නිර්මාණය කරල තියෙ…

ඔන්න එහෙනම් ආයෙමත් තවත් අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2018 පෙබරවාරි මස 23 වැනිදා පටන් තිරගත වීම ඇරඹි Action | Adventure යන සිනමා වර්ගීකරණයන්ට අයත් වන සලරුවක්. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Kimble Rendall නම් අධ්‍යක්ෂකවරයා විසින්. තිර පිටපත් නිර්මාණය කරල තියෙන්නෙ Kimble Rendall හා Paul Staheli විසින්. Guardians of the Tomb චිත්‍රපටයේ දෙබස් සඳහා ඉංග්‍රීසි හා මැන්ඩරින් භාෂාව යොදාගෙන ඇති අතර The Twilight චිත්‍රපට මාලාවේ Emmett Cullenගේ චරිතයට රංගනයෙන් දායක වූ Kellan Lutz ඇතුළුව Li Bingbing,Wu Chun හා Kelsey Grammer තම රංගනයෙන් දායක වී තිබෙනවා. මිනිත්තු 90 ක කාලයක් පුරාවට ධාවනය වන, IMDb දර්ශකයේ 4.9/10ක අගයක් ලබාගෙන ඇති මෙම සලරුවේ රූගත කිරීම් සිදුකර ඇත්තේ Village Roadshow Studios, Oxenford, Queensland, Australia සහ Gold Coast, Queensland, Australia යන ස්ථාන වලදීයි. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු Nest Holdings හා Sleeping Otters Productions යන සමාගම් මඟින් සිදුකර ඇති අතර බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇත්තේ Asia Releasing,Digi-Optic Films,Arclight Films හා Batrax Entertainment යන සමාගම් මඟිනුයි.
කතාව ගැන කෙටියෙන් කියනව නම් බයෝටෙක් කියන ඖෂධ සමාගමේ ප්‍රධාන විධායක නිළදාරී තනතුරේ ඉඳපු ජෝන් ලී වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීමක් කරන්න ආසන්න වෙලා තියන අවස්තාවේදී ගුවන් අනතුරකින් මියයනවා. එයාට දරුවො දෙන්නෙක් ඉන්නවා. දුව ජියා, විශකුරු සත්වයින් ගැන ප්‍රවීණයෙක්, පුතා ලූක්, ගවේශකයෙක්. ඉතින් දවසක ජෝන් ලීගේ සහයකයා විදිහට සේවය කරපු ඩොක්ට මේසන් කිට්‍රිජ් ජියාව හම්බවෙන්න ඇවිත් එයාට කියනවා ගවේශණ කටයුත්තකට ගිය එයාගෙ මල්ලි ලූක් අතුරුදහන් වෙලා කියල. ඉතින් මේසන් ලූක්ව හොයන්න කණ්ඩායමක් සූදානම් කරගෙන ඒ කණ්ඩායමට ජියාවත් එකතු කරගන්නවා. ලූක් අතුරුදහන්වෙලා හිටියත් එයාගෙ GPS එකෙන් එන සංඥාවක් අනුව මේ කට්ටිය අතෑරලා දාපු පතලකින් භූගත ප්‍රදේශයකට ඇතුළුවෙනවා. ඒත් පස්සෙ මෙයාල දැනගන්නවා එයාල මේ ඇවිත් තියෙන්නෙ පුරාණ චීන අධිරාජ්‍යයෙකුගේ සොහොන් කුටියක් ඇතුළත් භූගත නගරයකට කියල. මේ නගරය ගැන කියවෙන පුරාවෘතයක් අනුව මෙයාල දැනගන්නවා ඒ අධිරාජ්‍යයා අමරණීයත්වය හොයාගන්න උත්සහ කරපු කෙනෙක් බව. ඉතින් තමන්ගෙ මල්ලි හොයාගෙන මේ භූගත නගරයට ආපු ජියාට වගෙම අනික් කට්ටියටත් ගොඩක් කරදර වලට මුහුණදෙන්න සිද්දවෙනවා. විසකුර සත්තු ජාතියකුත් මෙයාලට පහරදෙනවා. ඒ වගෙම ජියා දැනගන්නවා මේසන් මේ සිද්දවුණු හැමදේකටම සම්බන්දයි කියල. ලූක්ව මේ ගවේශණයට එව්වෙ මේසන් කියලත් ජියා දැනගන්නවා. මේසන් මේ ගමන එන්නෙ ලූක්ව බේරගන්න නම් නෙවෙයි. එයා එන්න අමරණීය බව ලබාගන්න පුළුවන් බෙහෙත හොයාගෙනයි. ඉතින් මේ භූගත නගරයේදි මුහුණපාන්න සිද්දවෙන ජර මර වලින් ජියාටයි කට්ටියටයි බේරෙන්න පුළුවන් වෙයිද? මේසන්ට අමරණීය බව ලබාගන්න හැකිවෙයිද? ජියාට තමන්ගෙ මල්ලිව බේරගන්න පුළුවන් වෙයිද? මේ කට්ටියට පෞරාණික නගරයෙන් පණපිටින් බේරිලා එන්න පුළුවන් වෙයිද? සියල්ල නරඹන ඔබට බාරයි…
“උන් අපිව මෙතනට අරන් ඇවිත් තියෙන්නෙ,
ඝාතකාගාරයකට යවන හරක් රංචුවක් වගේ අපිව ගාල් කරන්නයි.”
– ජියා.
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / HDRip පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Isuru-Sampath-Sirisena-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
61 comments
දමිත් රත්නායක
shanuka supun
thankz bro,
pulasthima
Ela..
Nuwan-milinda
Thanks
DilanDilshan
elamaaaaa
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
download කරලා තියාගත්තේ සබ් එක දෙනකම්....ranga11112
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
roshanst
නියමයි…සබ් එකට තැන්ක්ස්..
AsithaDilruwan
elama saho thanks
ranga1984
niyamai thanks jayen jaya
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
saduhiru1
sub ekata thanks saho.. ela
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi saho sub ekata...
HARSHANA9211
thanks,,,,,,,,,,,,,,,
pradeep darshana
Supiri sub eka hodai
Shan Ashok
Kevin Hart actor ge comedy meke tebuna tekak/tava hodatama joke neyama comedy teyanawa.please imd hodata teyana comedy tekak apita denawada?
malith
Ela ela
Dushan Tharuka
Niyamai...Thanks Bro !!!
Kanchaka
Thanks bro.......
surendra
thanks sub akata
vas0303
Thank you very much
wajira
thanks for sub
Panther
Niyama wadak thanz saho
shenal
thanks bro
aks
thanks...
Ashan Maduranga
thanks for the sub brother
Dayandesilva
Great work...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Amila Malalasekara
සබට ස්තූතියි සහෝ....
ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
samandddd
Tnx bro
Dulan Randika
සබට ස්තූතියි සහෝ….
ජය වේවා!Rashmika dumidu
උපසිරැසියට බොහෝම ස්තුතියි ජය වේවා!......
DHLP.JAYAWEERA 0088
Thx bro sub ekata
Sajithakalanka
Sub1 ganna behe
Sajithakalanka
Pls help
Life_F
thanks bro
M.D.P.Fernando
Thanks***
kabayathilaka
Thanks bro sub ekata.....
Mevandhanushka
Thanks
Killerbuvi
Blu-ray deepnko bn
Gihan9755
Go to the continue bro
gayanmagee
thanks
vishwa101
matchn meke blue ray sub 1th hariyata wada naa ne.
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya..
prabath850331960
film link eka dennako
Pasan_Madusankha
Upasiresiya Labaa Dunnaata Bohoma Sthuthiy Saho.. Digatama Karagena Yamu. Jaya Wewaa..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Suu
Sub ekata thanks saho......
Jayen jaya..........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
ජයෙන් ජය.