සුභ දවසක් වේවා බයිස්කෝප් යාලුවනේ! ඔයගොල්ලෝ ඔක්කෝම හොදින් ඇති කියලා මං හිතනවා ඔන්න ඉතින් මං පොඩ්ඩක් කාර්‍ය්යබහුල වෙලා හිටියත් අවස්ථාවක් ලැබුණු විගසම මං ඔයගොල්ලන්ට කලින් ලිපියේ කියපු විදිහටම අලුත්ම ඇනිමේෂන් එකක උපසිරැසියක් අරගෙන ආවා. මං අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ සුපිරි කොමඩි වගේම ක්‍රියාන්විත වර්ගයට අය…

සුභ දවසක් වේවා බයිස්කෝප් යාලුවනේ! ඔයගොල්ලෝ ඔක්කෝම හොදින් ඇති කියලා මං හිතනවා ඔන්න ඉතින් මං පොඩ්ඩක් කාර්‍ය්යබහුල වෙලා හිටියත් අවස්ථාවක් ලැබුණු විගසම මං ඔයගොල්ලන්ට කලින් ලිපියේ කියපු විදිහටම අලුත්ම ඇනිමේෂන් එකක උපසිරැසියක් අරගෙන ආවා.
මං අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ සුපිරි කොමඩි වගේම ක්‍රියාන්විත වර්ගයට අයත් වෙන ඇනිමේෂන් එකක්. හරි එහෙනම් මං ඔයගොල්ලන්ට මං අලුතෙන් අරගෙන ආපු ඇනිමේෂන් එක ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්කෝ. මේ ඇනිමේෂන් එකේ නම තමයි 100% Wolf. ඒවගේම තමයි මේ ඇනිමේෂන් එක ( UNIVERSAL) ආයතනය මගින් තමයි ඉදිරිපත් කරනු ලබන්නේ (UNIVERSAL ) එකේ නිෂ්පාදනයන් ගැන ඉතින් ආයිත් අමුතුවෙන්ම කියන්න ඕන නැහැනේ,ෆිලුමක් ,ඇනිමේෂන් එකක් හැදුවොත් ඉතින් සුපිරියටම තියෙනවානේ.ඒ වගේම මේ ෆිලුම නිශ්පාදනය කල රට හැටියට සැලකෙන්නේ ( AUSTRALIA ). පැය 1යි මිනිත්තු 30ක් පුරා දිවෙන මේ ඇනිමේෂන් එක ( IMDB -5.8 ) ක වගේ ඉතා හොද අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. කෙනෙක් හිතන්න පුලුවන් අයියෝ මේ අගය මදිනේ කියලා. ඒත් මාගේ මතය නම් ඇනිමේෂන් එකකට පුලුවන්නම් IMDB-5+ අගයක් ගන්න පුලුවන්නම් ඒක ඇනිමේෂන් එකකට ඉතා හොද අගයක්.. ඒ වගේම මේකට කුණු තක්කාලි වල අගයත් 83% ක් හා Google පරිශීලකතාව 90% ක් හිමි වෙලා තියෙනවා. මේ ඇනිමේෂන් එකේ අධ්‍යක්ශකවරයා වන්නේ ( Alexs Stadermann) ඒ වගේම මෙහි තිර පිටපත ලියා තියෙන්නේ – ( Fin edquist ) මෙහි හඩකැවීම් වලට දායකත්වය ලබා දී තියෙන්නේ Llai swindells, Magda szubanski, Rhys Darby, Akma saleh මේ කට්ටිය තමයි. ඒවගේම මේකේ මියුසික් කරලා තියෙන්නේ ( Ash gibson ) විසින් ඒවගේම මේ ෆිලුම බොක්ස් ඔෆීස් ආදායම ( $ -3,673,790 ) ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.ඒ වගේම මේක ලෝකය පුරා ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා.
හොදයි එහෙනම් මේ චිත්‍රපටියේ මොකක්ද වෙන්නේ කියලා මං කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්කෝ මේ ඇනිමේෂන් එක ෆෙඩී ලූපින් කියන ළමයා වටා තමයි ගෙතී තියෙන්නේ..මේ ෆ්‍රෙඩී ලූපින් පැවත එන්නේ වෙයාවුල්ෆ් එහෙමත් නැත්නම් මිනිස් වෘක වංශයෙන්. කෙනෙක් සමහර විට නොදන්නවා වෙන්න පුලුවන් වෙයාවුල්ෆ්ලා එහෙමත් නැත්නම් මිනිස් වෘකයන් ගැන. මං ඒක ගැන කෙටියෙන් සදහන් කරන්නම් පැරණි බටහිර ජනප්‍රවාද වලට අනුව මිනිසෙකුගේ ඇගට රාත්‍රි සද එළිය වැටුනට පසුව ඒකෙනාව සම්පූර්ණයෙන්ම වෘකයෙක් බවට පත් වෙනවා . ඒ වගේම රාත්‍රියෙන් පසුව දිවා කාලයේදී ආපහු මිනිසෙක් විදිහට වෙනස් වෙනවා .මෙන්න මේ වගේ කෙනෙක්ට තමයි වෙයාවුල්ෆ් කෙනෙක් කියන්නේ……(මේ වෙයාවුල්ෆ්ලා ඇසුරෙන් ෆිල්ම් වගේම ටී.වී සීරියස් පවා නිශ්පාදනය වී තියෙනවා .උදාහරණයක් කිව්වොත් මෑත කාලයේ වඩාත් ප්‍රසිද්ධ වුන ටීන් වුල්ෆ් ටී.වී සීරියස් එක ගන්න පුලුවන්..) හරි අපි එහෙනම් ආපහු කතාව පැත්තට හැරෙමුකෝ මේ ලූපින් පවුලේ රැලේ නායකත්වය හිමි වෙන්නේ පියාගෙන් පුතාට…..සම්ප්‍රදානූකූලව මේ ෆ්‍රෙඩීගේ තාත්තා ෆ්ලෑශ්හාට් තමයි මේ වෙයාවුල්ෆ් රැලේ නායකයා.. ඉතින් එක් අවස්තාවකදී ෆ්‍රෙඩීගේ තාත්තා විශාල කන්දකින් පහලට වැටී නැති වෙනවා..ඒ වෙනකොට ෆ්‍රෙඩීට වයස අවු.8යි ෆ්‍රෙඩීට අවු.14වන තෙක් රැලට තාවකාලිකව නායකයෙක් පත් කරනවා ෆ්‍රෙඩීට අවු.14 වුනාට පසු එයාට රැලේ නායකත්වය ගන්නනම් එයාට රංචුව ඉදිරියේ එයා නියම වෘකයෙක් කියලා පෙන්නන්න සිදුවෙනවා ෆ්‍රෙඩී ඒ අවස්තාවේදී අසාර්ථක වෙනවා..
ඒ වගේම මේ නගරයේ ඉන්නවා වෙයාවුල්ෆ් දඩයක් කාරයෙක්. එයාගේ නම ක්‍රිප්..එයා ඉන්නේ සාමාන්‍ය විදිහට අයිස්ක්‍රීම් ලොරියක අයිස්ක්‍රීම් විකුණන විදිහට.මේ ක්‍රිප්ගේ ලග වෙයාවුල්ෆ්ලාව සොයාගන්න අවශ්‍යකරන නවීන තාක්ශනය වගේම අවි ආයුධ ගබඩාවක්ම තියෙනවා. මේ ලොරිය ඇතුලේ. මේ ක්‍රිප්ගේ ප්‍රධානම අරමුණ මේ වෙයාවුල්ෆ් රංචුවම විනාශකිරීම තමයි. ඔන්න ඔච්චරයි මං ඔයගොල්ලන්ට කියන්නේ ෆ්‍රෙඩීට රැලේ නායකත්වය ලැබෙයිද? ක්‍රිප් මේ වෙයාවුල්ෆ් රංචුවම විනාශ කරයිද? ඇයි ෆ්‍රෙඩී නියම වෙයාවුල්ෆ් කෙනෙක් කියලා රංචුව ඉදිරියේ පෙන්නන්නට නොහැකිවුනේ ? මේ හැමදේම ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙයි මේ ෆිලුම නැරඹුවාම. මේ ඇනිමේෂන් එකත් මග නොහැර අනිවා බලන්න යාලුවනේ!මේක ගොඩක් ලස්සන ලොකු පොඩි පවුලේ සැමට බලන්න පුලුවන් ඇනිමේෂන් එකක්. එහෙනම් යාලුවනේ මං ගියා…ෆිලුමේ හොද නරක කියාගෙන කොමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා……තවත් ලස්සන ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව මං ඔබෙන් සමු ගන්නම්. ඔබ සැමට ජයෙන් ජයම වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
4,518 downloadsDownload 100-Wolf-2020-Sinhala-Subtitles.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිරු මදුශංක කන්නන්ගර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-21
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිරු මදුශංක කන්නන්ගර
Subtitles
16 comments
මධුකප්‍රිය පෙරේරා
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……Lasantha
Ela
Anonymous
Thanks bro sub ekata film ekath supiriyi.
D.Chamara
bohoma sthuthi ...
Anonymous
ස්තුතියි සහෝ උපසිරැසියට !
indika75
thanks..
Ravidu sasanka
Patta filumak thanks sub ekata.
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට... ජය!!
Anonymous
tnqqq...
Anonymous
Hhhuu
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramod
Thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
TPK
Love 020 drama eke sinhala sub dennakooooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![100% Wolf (2020) Sinhala Subtitles | රැලෙන් කොන් වුණ වෘක පැටියා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/100-wolf-2020.jpg)
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ