මෙය Beasts of the Southern Wild (2012) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ Benh Zeitlinගේම අධ්‍යක්ෂණයක්. තිර රචනයත් Benh Zeitlinම සහ ඔහුගේ සොහොයුරිය වන Eliza Zeitlin විසින් සිදු කර තිබෙනවා. Devin France වෙන්ඩි ලෙසත්, Yashua Mack පීටර් ලෙසත්, Gage Naquin ඩග්ලස් ලෙසත්, Gavin Naquin ජේම්ස් ලෙසත්, Ahmad Cage ස්වී…

මෙය Beasts of the Southern Wild (2012) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ Benh Zeitlinගේම අධ්‍යක්ෂණයක්. තිර රචනයත් Benh Zeitlinම සහ ඔහුගේ සොහොයුරිය වන Eliza Zeitlin විසින් සිදු කර තිබෙනවා. Devin France වෙන්ඩි ලෙසත්, Yashua Mack පීටර් ලෙසත්, Gage Naquin ඩග්ලස් ලෙසත්, Gavin Naquin ජේම්ස් ලෙසත්, Ahmad Cage ස්වීට් හෙවී ලෙසත්, Krzysztof Meyn තෝමස් ලෙස සහ Romyri Ross කඩ්ජෝ හෙඩ් ලෙස රංගනයේ නිරත වී තිබෙනවා. මේ වන විට 5.7ක් වගේ අගයක් තමයි IMDb මීටරයේ සටහන් වෙලා තියෙන්නේ.
Wendy චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්වලා තියෙන්නේ ජනවාරි 26 වෙනිදා Sundance Film Festival එකේදී. නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි 28 වෙනිදා. හැබැයි බයිස්කෝප් සිංහලෙන් තුළින් සිංහල උපසිරස නිකුත් වෙන්නේ ඔන්න අද තමයි. 😀 මේ චිත්‍රපටය මම ඉල්ලුවත් වෙන සහෝදරයෙක් බාර ගෙන තිබුණා ඒ වෙද්දිත්, හැබැයි අවසානයේ නැවත හොයල බලද්දි ඔන්න මටම කරන්න ලැබුණා.
හොඳයි. ඔයාලා අහලා ඇතිනේ පීටර් පෑන් ගැන. ඔව් ඔව් වයසට නොයන ලෝකයක දිවි ගෙවන, පියාසැරිය හැකි කොලු ගැටයා. ඉතින් පීටර් සම්බන්ධයි මේ කතාවටත්. හැබැයි මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ වෙන්ඩි. චිත්‍රපයේ මුල් භාගයේදී තෝමස් කියන ළමයාගේ අතුරුදහන් වීමක් ඔයාලාට දැකගන්න පුලුවන් වෙයි. හරි අමුතු විදිහට තමයි අතුරුදහන් වෙන්නේ මේ ළමයාව. කෝච්චියක වහළ උඩ එන තවත් ළමයෙක් තෝමස්ට ඔහු එක්ක එන්න කියනවා. තෝමස් ඒ ළමයා එක්ක යනව යනවාමයි ආපහු ගෙදර එන්නේ නැහැ. දවසක් රෑ වෙන්ඩියි එයාගේ මල්ලිලා දෙන්නයි නිදාගෙන ඉද්දි නැවතත් ළමයෙක් කෝච්චියක වහළ මත ළමයෙක් දුවගෙන යනවා දකිනවා… ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලා බලලම දැනගන්නකෝ. ඒ වගේම ඔයාලාට මේ චිත්‍රපටයෙන් දැක බලාගන්න පුලුවන් පීටර් පෑන්ගේ සතුරා වෙන කැප්ටන් හුක්ව නිර්මාණය වෙන විදිහ. ලිපියේ අපැහැදිලිකමක් තියෙනවනම් ට්‍රේලර් එක බලලා තීරණය කරන්න මේක බලනවද කියලා. එහෙනම් අදට සමුගන්නවා.
තවත් උපසිරසකින් හමුවෙමු…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
6 comments
Kantha_DLA
indika75
thanks..
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!