ඉතින් යාලුවනේ චරිතාපදාන චිත්‍රපටිවලට කැමති හැමෝම වෙනුවෙනුන් මම අද උපසිරසියක් ගෙනාව. 20th Century fox සමාගම විසින් නිෂ්පාදනය කල මෙම චිත්‍රපටිය එවකට රුසියාවෙ මෙන්ම අන්තර්ජාතිකවද ආදායම් වාර්තා තබමින් තිරගතවුනා. මේ චිත්‍රපටයෙ, ආදරය, ඉතිහාසය,යුද්ධය ඇතුලු හැමදෙයක්ම ඉතා හොදින්’ තියෙනවා. Andrey Kravchuk වි…

ඉතින් යාලුවනේ චරිතාපදාන චිත්‍රපටිවලට කැමති හැමෝම වෙනුවෙනුන් මම අද උපසිරසියක් ගෙනාව. 20th Century fox සමාගම විසින් නිෂ්පාදනය කල මෙම චිත්‍රපටිය එවකට රුසියාවෙ මෙන්ම අන්තර්ජාතිකවද ආදායම් වාර්තා තබමින් තිරගතවුනා. මේ චිත්‍රපටයෙ, ආදරය, ඉතිහාසය,යුද්ධය ඇතුලු හැමදෙයක්ම ඉතා හොදින්’ තියෙනවා. Andrey Kravchuk විසින් අධ්‍යක්ෂණය කල Admiral චිත්‍රපටයට Konstantin Khabenskiy, Elizaveta Boyarskaya, Sergey Bezrukov ඇතුලු තවත් බොහෝ දෙනෙක් රංගනයෙන් දායකවෙනවා. මේ කතාවෙන් කියවෙන්නෙ රුසියානු විප්ලවයේදි ප්‍රතිවිප්ලව කණ්ඩායමක් වූ සුදු හමුදාවට නායකත්වය ලබාදුන් අද්මිරාල් Alexander Kolchak ගැනයි. මේ චිත්‍රපටයෙ ඔහුගෙ රාජකාරිය ගැන මෙන්න පුද්ගලික ජීවිතය ගැනත් දකින්න ලැබෙනවා.

ඇලෙක්සැන්ඩර් වාසිලියෙවිච් කොල්චක්
1874 වසරෙ සාමාන්‍ය පවුලක උපත ලැබු Alexander Kolchak නාවික හමුදාවට බැඳෙනව ඊටපස්සෙ ඔහු රුසියානු රාජධානිය වෙනුවෙන් සේවය කරමින් ක්‍රම ක්‍රමයෙන් නාවික හමුදා ඉහලටම එනවා. රුසියානු ජපාන යුද්ධයට විශාල මෙහෙයක් කල Alexander Kolchak පලවෙනි ලෝක යුද්ධයෙදි තම නාවුක කණ්ඩායම් සමග ජර්මනියට විරුද්ධව සටන්කරනවා. මේ නිසා ඔහුට එවකට සිටි රුසියානු අධිරාජ්‍යයා සමග හිතවත් වෙන්න ඉඩක් හැදෙනව. වෙනදා වගෙම Alexander Kolchak මෙහෙයුම් කරනකොට කාල් මාක්ස්ගේ සහ ලෙනින්ගෙ මතවාදයන් සමග රතුහමුදාව රුසියානු විප්ලවය පටන්ගන්නවා. මේ එක්කම අධිරාජ්‍යයා ඔටුන්න බිම තියන නිසා පාලනයක් නොමැතිව රුසියාව අරාජික බවට පත්වෙනවා.. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සිතන කොමියුනිස්ට්වාදි රතුහමුදාව රුසියාවෙ ඉහල පාන්තිකයන් හැකි පමණ මරාදමනවා, මෙම සිද්දියෙන් පසුව Alexander Kolchak මිත්‍ර රටවල සහය ඇතිව සුදු හමුදාව නිර්මානය කර රතු හමුදාව සමග සටන්කරනවා.
අද්මිරාල්කොල්චක් සහ ඇනා
සුදු හමුදා පුහුණුව නරඹමින්
මම මීට කලින් උපසිරස කරපු සමහර රුසියානු චිත්‍රපටවලට වඩා මේ චිත්‍රපටය අන්තර්ජාලයෙ හැමතැනම හොයාගන්න තියෙනවා.පැය 02 යි විනාඩි 04 කාලයක් ධාවනය වෙන මෙම චිත්‍රපටය ඔයාල හැමෝටම බලන්න ආරාධනය කරනවා.ඒ වගේම මට මේ උපසිරසිය වෙන් කරදුන් සිසිල ප්‍රසාද් සහෝවත් මේ වෙලාවෙ මතක් කරනවා ඔබ සැමට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
2,649 downloadsDownload Admiral-2008-Sinhala-Subtitles.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
9 comments
dileepasanjeewa119
indika75
thanks..
හිරාන් ශාරංග
සබ් එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි..ජයවේවා...!
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
හෂාන්
උපසිරසියට බොහෝම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Admiral (2008) Sinhala Subtitles | සෙන්පතියෙක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/admiral-2008.jpg)
sub ekat tnx bro. Puluwnnm silent hill revelation eka denawada