තවත් සුන්දර ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ ගෙන එන්නට සූදානම. එක BFTA සම්මානයක් දිනාගෙන තියෙනවා වගේම තවත් සම්මාන 2කට නාම යෝජනා ලැබී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි136,911 දෙනෙකුගේ මනාපයෙන් 7.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක. චිත්‍රපටයට පාදක වෙන්නේ Dodie Smith විසින් රචිත 1956 එළිදැක…

තවත් සුන්දර ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ ගෙන එන්නට සූදානම.

එක BFTA සම්මානයක් දිනාගෙන තියෙනවා වගේම තවත් සම්මාන 2කට නාම යෝජනා ලැබී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි136,911 දෙනෙකුගේ මනාපයෙන් 7.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක. චිත්‍රපටයට පාදක වෙන්නේ Dodie Smith විසින් රචිත 1956 එළිදැක්වුණු The Hundred and One Dalmations නව කතාවයි. පළමු වරට මෙය 1961දී තිරගත වෙනවා. ඒ වගේම 17වෙනි ඩිස්නි ඇනිමේටඩ් ෆීචර් චිත්‍රපටය වුණේ මෙයයි. ප්‍රධාන වශයෙන් හඬ දායකත්වය ලබා දී තිබෙන්නේ Rod Taylor (පොන්ගො), Betty Lou Gerson (කෘඑලා ඩි විල් / බර්ඩ්වෙල් මහත්මිය), Martha Wentworth (නැනී / ක්වීනි / ලුසී), Ben Wright (රොජර්), Cate Bauer (පර්ඩීටා) කියන අයවලුන් විසිනුයි…

කතාව සිද්ධ වෙන්නේ මෙහෙමයි. රොජර් කියන්නේ පොන්ගොගේ සුරතලා… නෑ ඔයාලා හිතපු විදිහ නෙමෙයි. පොන්ගො කියන්නේ ඩැල්මේෂන් වර්ගයේ බල්ලෙක්. එයාගෙ හාම්පුතා තමයි රොජර්. නමුත් පොන්ගො, රොජර්ව හඳුන්වන්නේ තමන්ගෙ සුරතලා විදිහටයි. පොන්ගො වගේම රොජර් කියන්නේ තනිකඩ දෙන්නෙක්. රොජර්ට නම් මේක ඒ හැටි ප්‍රශ්ණයක් නෙමෙයි. සංගීතය තමයි එයාගේ ජීවිතේ වුණේ. නමුත් පොන්ගොටනම් ඒක ප්‍රශ්ණයක් වුණා. ඉතින් ඉවසලා ඉවසලා රොජර් මේකට පිළියමක් හොයන්නේ නැති නිසා, අවසානයේ පොන්ගො තීරණය කරනවා තමන්ට සුනඛ සහකාරියකුයි, රොජර්ට කෙලි සහකාරියකුයි හොයාගන්න. පොන්ගො සාර්ථක වෙයිද? කතාවේ ඉතිරිය කොහොම ගලාගෙන යාවිද??

ඉතින් ඔතනින් ඇරඹෙන කතාව ගලාගෙන යන්නේ බොහොම අපූරු විදිහට. මම පැහැදිලි කිරීමනම් කරන්නෙ කෙටියෙන් මොකද, මම කතාව කියලා දැම්මොත් ඔයාලාට විඳින්න චිත්‍රපටයේ රසයක් ඉතිරි වෙන්නේ නැහැ. කියන්නම ඕණේ දෙයක් තමයි, ගොඩක් පරණ ඇනිමේෂන් එකක් නිසා මම නොබලපු චිත්‍රපටයක් තමයි මේක. නමුත් මෙච්චර පැරණි නිර්මාණයක් වෙලත් පුදුම ලස්සනක් තමයි කතාවේ ගැබ් වෙලා තිබුණේ. ඉතින් ඒ ලස්සන දැකගන්න ඔයාලා හැමෝටමත් ආරාධනා කරන්න එක්ක මේ කතාවට උපසිරස කරන්න මට හිතුණා.

අදට සමුගන්නවා…

ජය...

උපසිරසේ අඩුපාඩුව නිවැරදි කර ඇත. සිදුවූ අපහසුතාවට සමාව

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

1,129 downloadsDownload 101-Dalmatians-1961-update.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

1,129 downloadsDownload Subtitles104 KB

13 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් Treasure Planet (2002),The Princess and the Frog (2009) සබ් දෙන්න
    ජය වේවා!

  2. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  5. කවිනු වීරක්කොඩි

    Thnkq!

  6. HeroSuji

    chuti kale balapu fatta kathawak

  7. Tharaka

    THANKS..............

  8. IreshSampath

    thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. බොබී

    අවුරුදු 2කට විතර කලින් මම මේක හොයහොයා හිටියේ. පස්සේ අතඇරලා දැම්මා. අනිත් ඩිස්නි කතා වගෙම ඇති කියලා හිතනවා. මේකට සබ් දුන්නට බොහොම තුති සහෝ.

  11. arawindasunimal

    thanks sub ekata jayawewa

  12. Kasunabayasekara

    Thanks bro

  13. Anonymous

    thanx