Watch Trailer

Yajamana (2019) Sinhala Subtitles | අයිතිකාරයා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝම, එහෙනම් ඔන්න මේ පාර පොරොන්දු වුනා වගේම මම සුපිරි කන්නඩ චිත්‍රපටයක් තමයි අරන් ආවේ. සති දෙක තුනකට පස්සේ අසා ලිවීමක් කරලා තමයි වැඩේ ගොඩ දාගත්තේ. ඒ මොකද කියනවනම්, මේ චිත්‍රපටියට English සබ් එකක් නෑ, ( මේ ලිපිය පල වන වෙලාවේ සබ් එක ඇවිල්ලා…

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝම, එහෙනම් ඔන්න මේ පාර පොරොන්දු වුනා වගේම මම සුපිරි කන්නඩ චිත්‍රපටයක් තමයි අරන් ආවේ. සති දෙක තුනකට පස්සේ අසා ලිවීමක් කරලා තමයි වැඩේ ගොඩ දාගත්තේ. ඒ මොකද කියනවනම්, මේ චිත්‍රපටියට English සබ් එකක් නෑ, ( මේ ලිපිය පල වන වෙලාවේ සබ් එක ඇවිල්ලා තියෙන්නත් පුළුවන්) Malay භාෂාවෙන් කාලරාමුව අරන් තමයි මේකට සබ් එක කරන්න වුනේ, චිත්‍රපටිය නිකුත් වුනේ 2019 මාර්තු 01 වෙනිදා වුනත් මේකට English සබ් එක එනකම් ඉදලා බැරිම තැන තමයි මම අසා ලිවීමක් කරන්න හිතුවේ, කොහොම වුනත් අසාලිවීමට ගිය කාලය නම් ගොඩක්ම වැඩියි, ඒනිසාම මේක ඔයාලාට ගේන්න පරක්කු වුනාට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා, කොහොම වුනත් සබ් එක හරියටම තියෙන්න ඕන නිසාත් සින්දු දෙකකට තුනකට සබ් දුන්න නිසාත් තමයි මට මේක කරන්න මෙච්චර කාලයක් ගතවුනේ, හුගක් දෙනෙක්, අපෙන් ඉල්ලලා තිබුණ දෙයක් තමයි සින්දු වලටත් සබ් දෙන්න කියලා, ඒ නිසාම ඔන්න මම පුළුවන් උපරිමයෙන්ම උත්සහා කරලා සින්දු තුනකට විතර සබ් අරන් ආවා, 😉😉 ඒ කොහොම හරි චිත්‍රපටිය ගැනත් ටිකක් කියලා ඉන්නම්, K.G.F වගේ සුපිරි කන්නඩ චිත්‍රපටි වලට කැමති අයට නම් ඉතින් මේ චිත්‍රපටිය ගැන කියන්න දේකුත් නෑ , බලන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් එක හුස්මට කම්මැලි කමක් නැතිව පවුලේ සැමට එකට ඉදගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක් විදිහට මේ චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්. (පූර්ව ප්‍රචාරක පටය බලලා ඉන්න) , මේ චිත්‍රපටියට රoගනයෙන් දායක වෙලා තියෙන්නේ Darshan thoogudeep(ක්‍රිෂ්ණා), මෙයා ගැන ඉතිම් කියන්න දෙයක් නෑ වසර කිහිපයකදීම හොදම නළුවා, ප්‍රියතම වීරයාට හිමි සම්මාන රැසක්ම අරන් තියෙනවා අනිත් කෙනා තමයි Rashmika mandanna(කවේරි) මෙයා ගැන ඉතිම් නොදන්න කෙනෙක් නැති තරම්, Tanya Hope(ගoගා) කියන සුපිරි නළු නිළියෝ. IMDb මීටරෙත් 7.4ක් වගේ අගයක් මේ චිත්‍රපටිය අරගන්න සමත් වෙලා තියෙනවා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ pon kumaran සහ v. harikrishna යන අධ්‍යක්ෂකවරුයි,

එහෙනම් මම දැන් කතාව පැත්තට හැරෙන්නම්, හුලිදුර්ගා කියන ගමේ ඈත අතීතයේ ඉදන්ම, තෙල් නිස්සාරණය කරන ක්‍රම තිබුණා, මේ නිසා ඒ ගමේ ජනතාවගේ ජීවනෝපාය වෙලා තිබුණෙත් තෙල් නිස්සාරණය කරලා වෙළද පොලට අරන් ගිහින් විකුණන එකයි, මේ ගමේම මේ රස්සාවම කරගෙන ජීවත් වුන මනුස්සයෙක් තමයි ක්‍රිෂ්ණා කියන්නේ, මේ ගමේ නායකයාගේ දුවටත් (කවේරිට) පොඩි කාලේ ඉදන්ම ක්‍රිෂ්ණා ඇහැ ගහගෙනයි හිටියේ, ඒ නිසාම දුවව ඉක්මණින් කසාද බන්දන්න ඕනේ කියලා නායකතුමා තීරණය කරනවා, මේකට ඉතින් මනමාලයෙක් ගෙන්නලා කතා බහ කරගන්න එපායෑ, ඒකට කීපවතාවක්ම මනමාලයෝ ගෙන්නන්න හැදුවත් ක්‍රිෂ්ණා ඒකට ඉඩ දෙන්නේ නෑ, මනමාලයා එන මග රැකලා එයාලට හොදටම සලකලා එළවගන්නවා, ඉතින් මේ සිද්ධ වෙන දේවල් ගැන වත් නායකතුමා කිසිම දෙයක් දන්නේ නෑ ඒත් කවේරි නම් කොහොමත් දන්නවා, එයාව බලන්න මනමාලයෙක් එන්නේ නැත්තේ ක්‍රිෂ්ණා කරන වැඩ නිසා කියලා, ඔය අතරේ මුම්බායි වල තියෙන ගෝල්ඩන් ඊගල් සමාගමේ අයිතිකාරයා වෙන දේවි ශෙට්ටිට ඕන වෙනවා මේ ගමේ තෙල් නිස්සාරණය කරන එක නවත්තලා, තමන්ගේ තෙල් ඒ ගමට විකුණන්න, හැබැයි මේ දේට ක්‍රිෂ්ණා කැමති වෙන්නේ නෑ. ඒ මොකද කියනවනම්, දේවී ශෙට්ටි කරන්න හදන දේ ගැන ක්‍රිෂ්ණා දැන ගෙන හිටපු නිසායි.

එහෙමනම් හුලිදුර්ගා කියන ගමට දේවි ශෙට්ටිගේ සමාගමට ඇතුල් වෙන්න පුළුවන් වෙයිද?, හුලිදුර්ගාවලට ඇතුල් වෙන්න දේවි ශෙට්ටි ගහන සැලසුම් මොනාද?, ඒවා වළක්වන්න ක්‍රිෂ්ණා ගන්න ක්‍රියාමාර්ග මොනාද?, ක්‍රිෂ්ණාගෙයි, කවේරිගෙයි ආදරය ජය ගනීවිද? මේ දේවල් දැන ගන්නනම් ඉතින් මේක බලන්නම වෙනවා එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්

ඔයාලට තෙරුවන් සරණයි!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

11,982 downloadsDownload Yajamana-2019.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,982 downloadsDownload Subtitles71 KB

33 comments

  1. subodha

    Thanks

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. pawan shamika

    thanx mchn

  4. Ranidu

    සුපිරිම ෆිලුමක් සහෝ
    මම මේක කලින් බැලුවා
    දිගටම මෙවැනි ෆිලුම් දෙමු සහෝ
    සමහරු දෙන ෆිලුම් නම් ඇත්තටම මෙලෝ රහක් නෑ,එවා බලන අපේ කාලයත් සබ් කරන ඔවුන්ගේ කාලයත් අපරාදෙ,ලිපිය නම් ලියන්නේ අනිවාර්යෙන් බැලිය යුතු ෆිලුමක් කියලා,හැබැයි බලද්දි කිසිම රසයක් නෑ.....
    මගේ හැගීම පමනයි මම ප්‍රකාශ කරේ තවකෙකුට එය වෙනස් ව්ය හැකියි
    කෙසේවෙතත් අපි හැමදාමත් BAISCOPE එක්ක තමයි
    ජය වේවා!!!

  5. Kanchaka

    Thanka bro

  6. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි ඊ....ජය වෙිවා....

  7. killerOMG

    fatta

  8. pasinduhasalankakm

    thankz sahoo

  9. Lalith Susantha

    ඔබට ජය වේවා තෙරුවන් සරනයි

  10. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  11. rehani

    thnx...

  12. avishka360

    Thanks

  13. Shehan putha

    Thanks bro jaya wewa !

  14. Nimantha.Chathuranga

    "Pantham" movie ekata sinhala sub eka dennako ikmanata

  15. ewrumesh

    thanks

  16. Ruwan83

    thanks bro sub ekata

  17. Rumesh dhanushka

    Thanks friend

  18. asankachathuranga

    thanks bro

  19. sublove

    mahansi wela apita me wage upasirasi genawata bohoma sthuthi

  20. Nandana_kumara

    Tu brother

  21. Pathumsumanasena

    Thanks sub ekata
    ලිංක් දෙද්දි පුලුවන්තරම් openload එකේම දෙන්න
    අනිත් ඒවා ස්ලෝ

  22. Buddhika Lakmal (laKMal)

    thanks machan sub ekata

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. kaglakshitha

    thanks bro

  25. santhusha319

    thanks bro

  26. prasakr

    බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....

  27. N_R

    Thank You.

  28. Dula95

    thank u

  29. joliy_

    Tnx saho rashmika akka innawanam aniwa balanawa

  30. nishannw

    ස්තූතියි

  31. chanakaaa

    neyamai

  32. Anonymous

    Pogaru එකටත් සබ් එක දෙන්නකෝ
    දෙන්නකෝ

  33. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ප්‍රදීප් සහෝදරයා සිංහල උපසිරැසියට...ඔබට ජය..බුදුසරණයි !!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.