12.12: The Day (2023) Sinhala Subtitles කොහොමද යාලුවනේ, ඔන්න මම ආයෙත් ආවා. අද නම් මම අරගෙන ආවෙ චිත්‍රපටියක්. ඒත් ඒ ගැන කියන්න කලින්, තවත් කතාවක් තියෙනව කියන්න. මොකද අද මේක ගේන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි මේ මගේ 500 වෙනි නිර්මාණය වුන එක. 2014 පටන් ගත්ත මේ ගමන 2024 වෙද්දි මට 500 වෙනි නිර්මාණය වෙ…

කොහොමද යාලුවනේ, ඔන්න මම ආයෙත් ආවා. අද නම් මම අරගෙන ආවෙ චිත්‍රපටියක්. ඒත් ඒ ගැන කියන්න කලින්, තවත් කතාවක් තියෙනව කියන්න. මොකද අද මේක ගේන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි මේ මගේ 500 වෙනි නිර්මාණය වුන එක. 2014 පටන් ගත්ත මේ ගමන 2024 වෙද්දි මට 500 වෙනි නිර්මාණය වෙනකල් එන්න පුලුවන් වුනේ ඔයාලා හැමෝගෙම අගය කිරීම නිසාම තමයි. බයිස්කෝප් අඩවියෙන් මට දුන්න අවස්ථාව වගේම ඔයාලගෙ අගය කිරීමත් එක්ක මම මේ ආපු ගමන ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. ඉතිං මේක අවස්ථාව කරගන්නම් මම මගේ උපසිරැසි ගැන පුංචි දෙයක් කියන්න. හැබැයි මේක ලොකු කමක් වත් පණ්ඩිතකමක් වත් කියල නම් හිතන්න එපා. මොකද මේ උපසිරැසි කරන අය අතරෙ මට වඩා දක්ෂ ගොඩක් අය ඉන්නවා කියල මම දන්නවා. ඒ නිසා මේක මගේ අදහසක්ම විතරයි.
ගොඩක් අය කියනවා මගේ උපසිරැසි වල “ඔබ” කියන වචනය වගේම ලියන භාෂාව වැඩියි කියල. ඒකට හේතුව තමයි කොරියානු භාෂාවේ කතා කරන ක්‍රම කීපයකි තියෙනවා. අඳුනන කෙනෙක්ට, යාලුවෙක්ට, වැඩිහිටි කෙනෙක්ට, නාඳුනන කෙනෙක්ට එයාලා කරන ආමන්ත්‍රණ වගේම කතා කරන විදිහ වෙනස්. අපි ඉතිං හැමෝටම කතා කරන්නෙ එක විදිහටනෙ ඉතිං සමහර තැන් පරිවර්තනය කරද්දි හරිම අමාරුවක වැටෙනව. ඉතිං ඒ නිසා තමයි මගේ උපසිරැසි වල එහෙම වචන යෙදෙන්නෙ. පුලුවන් තරම් නිවැරදි උපසිරැසියක් හදන්න උත්සහ කරන නිසා වැරදි වෙන තැන් නම් ගොඩක් ඇති. ඉතිං ඉස්සරහටත් ඔයාලා ඒ නිර්මාණ වල අඩුපාඩු කියයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

දැන් ඉතිං මගෙ වරුනෙ ඇතිනෙ… ඒ නිසා එහෙනම් අපි අද කතාව ගැන බලමු…..
මේක ඇත්තටම සිදුවුන සිද්ධියක් මත ගොඩනැගුන කතාවක්. කතා රසය ඇති කරගන්න වගේම රහස්‍යභාවය රකින්න නම්ගම් වගේම සමහර සිද්ධි ප්‍රබන්ධ වුනත් මූලික කතාව ඇත්ත සිද්ධියක් කියල තමයි කියවෙන්නෙ.
12.12: The Day කියන්නෙ 2023 දී Kim Sung-su අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටියක්. මේ නිර්මාණයට , Hwang Jung-min, Jung Woo-sung, Lee Sung-min, Park Hae-joon වගේම Kim Sung-kyun රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටිය 1970 දශකයේ අග භාගයේ ඉඳන් 1980 දශකයේ මුල් භාගය දක්වා වුන 1979 දෙසැම්බර් 12 වැනිදා සිද්ද වුන හමුදා කුමන්ත්‍රණය පසුබිම් කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නෙ. 2023 නොවැම්බර් 22 ඒක චිත්‍රපටියක් විදිහට ඉදිරිපත් වුනාට පස්සෙ, 2023 වසරේ වැඩිම ආදායමක් උපයාගත්ත කොරියානු චිත්‍රපටිය බවට පත්වුනා. ඒක ඩොලර් මිලියන 17ක විතර අයවැයකට එරෙහිව ඩොලර් මිලියන 97කට වඩා උපයා ගත්තා කියල තමයි කියවෙන්නෙ..
චිත්‍රපටියෙ කතා වස්තුව ගැන කියනව නම්, හදිස්සියෙම සිද්දවෙන ජනාධිපති පාර්ක්ගේ ඝාතනයෙන් පස්සෙ, යුධ නීතිය ප්‍රකාශයට පත් කෙරෙනවා. මේ වෙලාවෙ ආරක්ෂක අණදෙන නිලධාරි තනතුරට පත් වෙන චුන් ඩූ-ග්වං (Hwang Jung-min) වගේම ඔහුගේ සහචර සගයො එකතු වෙලා කුමන්ත්‍රණයක් දියත් කරනවා. සොල්දාදුවො දේශපාලනයට සම්බන්ධ වෙන්න හොඳ නැහැ කියල දැඩිව විශ්වාස කරන විශිෂ්ඨ දක්ෂිණ බලකායේ මුරණ්ඩු අණදෙන නිලධාරියෙක් වෙන ලී ටේ-ශින් (Jung Woo-sung) චුන් ඩූ-ග්වං ට විරුද්ධව සටන් කරන්න තීරණය කරනවා. මේ නිලධාරී දෙන්නා අතර ගැටුම වර්ධනය වෙද්දි, හමුදා නායකයො ඔවුන්ගේ තීරණ කල් දානව වගේම, ආරක්ෂක ඇමති අතුරුදහන් වෙනවා. මේ වෙලාවෙ ඇතිවෙන ව්‍යාකූලත්වය ඇතුලෙ හැමෝම ආදරය කරන සෝල් වල වසන්තය කොහොම උදා වෙයිද කියලා….. කතාව බලලම දැනගන්නකෝ…
ආහ්….ඕනම දේ කියන්න අමතක වුනා.. ආසාවට පටන් ගත්තට මොකද මේ කතාව නම් මාව හරිම අමාරුවක දැම්මේ. Descendants of the Sun එක කරද්දි වගේම, ඊටත් වඩා මේකෙ තියෙන හමුදා වචන තනතුරු කොහොම පරිවර්තනය කරන්නද කියල හොයාගන්න ගොඩක් අමාරු වුනා. ඒ වගේ ඒවා ඒ විදිහටම සිංහලෙන් දාලා තියෙනවා. ඉතිං ඒ ගැන දැනුමක් තියෙන අය සමා කරන්න ඕනේ හොඳද..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
3,943 downloadsDownload 12.12.The_.Day-2023.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
12.12: The Day (2023) Sinhala SubtitlesSubtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
34 comments
Buddhika Lakmal
Hemantha
හෘදයාංගම සුභ පැතුම් කණිෂ්කා...
ඇත්තටම ඔයාලා මාර සේවයක් කරන්නේ, ඒක මිල කළ නොහැකියි.Kantha_DLA
500 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!යුරාන් ධනුක (දනුවා)
500* වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් අක්කේ!! ඒ වගේම උපසිරසියටත් බොහෝම ස්තූතියි.
උපසිරසි මෙච්චර ප්‍රමාණයක් කරන්න ඔයාගේ කාලේ කොච්චර වැය වෙන්න ඇතිද කියලා අපිට හිතා ගන්න බෑ.
ඔයාගේ කොරියන් උපසිරසිවල ගුණාත්මක බව ගැනත් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
මෙතනින් නොනැවතී පෞද්ගලික වැඩත් සාර්ථකව කරගෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.Gagan pabasara
සුභ පැතුම් ❤️ දිගටම සුපිරි ම කොරියන් ෆිල්ම් ටීව් සිරියස් කරන්න කියලා සුපිරි හොදේ
Achintha Udayanga
කඩයිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් අක්කේ.. ❤
සබ් එකටත් ගොඩක්ම ස්තුතියි.Isuru Chamara Jayalal
Thanks
Hemal
Niyamai. Thanks for your service. Please digatama karanna meka harida
Don't leave usSulakshana Thilakarathna
Jaya wewa akke oyata!! Godak sthuthi me karana sewayata,❣️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඒවගේම 500 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා
ජයKesara Withanage
500 වැනි කඩඉමට උණුසුම් සුබපැතුම්!
සිංහල උපසිරැසියට ස්තුතියි!
කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!Nishakya
Thank you
sahan
අපගේ රසාස්වාදය උදෙසා ඔබගේ ඒ කැපකිරීමට බොහොමත්ම ස්තූතියි
Anonymous
Thank you sis
Udara Damith
සුබ පැතුම් අක්ක
Anonymous
good job sis
SupunS
බොහොම ස්තූතියි sub එකට.
noryang deadly sea (2023) movie එකට sub දෙන්න පුලුවන්දKavi
500 ❤️
බොහොම ස්තූතියි උපසිරැසියට
The Roundup: Punishment පුළුවන්නම් මේකටත් සබ් දෙන්නGuna
Wow, 500k kiyanne sellam na. Mulu hadawathinma thank you
Anonymous
gmmk
Nima
Riverdale එකේ සබ් කරන්නකෝ ..මැරෙන්න කලින් බලන්න ආස කතාවක් PLEASE..මට මයෝෆීලියාව තියෙ..ෆෝන් දිහා බලන් ඉන්න බැ ඇස් රිදෙන එකක්...ඒත් මට Reverdale එක බලන්න ආසයි....
Anonymous
Thanks for Sub....❤❤❤
Sumud
Ana mate. Outlander baganna bana motor e
Anonymous
Osman season 1 eke sinhala sub dannako...
එල්. සී. දමැල්
සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න ගොඩක් ප්‍රමාද වුණාට…
500වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් කණිෂ්කා සහෝදරී! :) ආයේ ඉතින් කජු ඇටද කොස් ඇටද! නියමයි!!
ජය ✌Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
500 වන සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤pasan mihidu Vidanapathiarana
thanks a lot akke
thilina
suba pathum
Prabhath Siriwardene
congratulations to you sister Kanishka Gihani Perera
Tharaka W.
Happy birthday darling ! God bless u!
Anonymous
goog luck
dilshan dilranga
Great Job Dude.. Keep it up
Damindu Chathushan Liyanage
Congratulations on your 100th subtitle️️
Nishan Sameera
බොහොම ස්තුතියි ❤️ සුභ පැතුම් 500* ට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![12.12: The Day (2023) Sinhala Subtitles | හේමන්තයේ සැඟව ගිය දිනය (*500) [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/12-12-The-day-2023-Cover-1.jpg)
500වෙනි උපසිරැසියට සුබ පැතුම් සිස්....
සිංහල උපසිරැසි 500ක් කරනවා කියන්නේ ඉතිං ගේමක්ම තමයි.....
ස්තූතියි ඔයාගේ වටිනා කාලය කැපකරලා කිසිම ලාබයක් නැති උපසිරැසිකරනයට යොමුවෙලා අපිට ලස්සන මූවිස් සීරිස් සිංහලෙන් බලන්න උපසිරැසි ගේනවට....
ඔයාග් සියලු සිතුම් පැතුම් ඉටුවේවා.. කරන කියන සියලුම දේවල් සාර්තක වේවා කියලා ප්‍රාර්තනාකරනවා....
උපසිරැසි 500ට 5000000වාරයක් ස්තූතියි....
මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි............