දොළොස් දෙනෙක්… අවුරුදු 15, 16 වගේ වයස කොල්ලො කෙල්ලො දොළොස් දෙනෙක්… එක දෙයක් වෙනුවෙන් එකට එකතු වෙන දොළොස් දෙනෙක්… නගරය මැද්දෙ තියන වහල දාපු රෝහලක්… “අතෑරලා දාපු රෝහලට එන්න. දීපු කෝඩ් එක ගහල පස්සෙ දොර අරින්න. එතනින් විතරයි ඇතුළුවෙන්න ඕන. පිළිගැනීමේ කවුන්ටරයට යන්න. දීල තියන අංක වලින් සේප්පුව අරින්න. එ…

දොළොස් දෙනෙක්…
අවුරුදු 15, 16 වගේ වයස කොල්ලො කෙල්ලො දොළොස් දෙනෙක්…
එක දෙයක් වෙනුවෙන් එකට එකතු වෙන දොළොස් දෙනෙක්…
නගරය මැද්දෙ තියන වහල දාපු රෝහලක්…
“අතෑරලා දාපු රෝහලට එන්න. දීපු කෝඩ් එක ගහල පස්සෙ දොර අරින්න. එතනින් විතරයි ඇතුළුවෙන්න ඕන. පිළිගැනීමේ කවුන්ටරයට යන්න. දීල තියන අංක වලින් සේප්පුව අරින්න. එන පිළිවෙලේ හැටියට ඉතිරි වෙලා තියන අඩුම අංකය ගන්න. බිම් මහලේ රැස්වීම් කාමරයට යන්න. හරියටම දවල් 12 ට රැස්වීම පටන්ගන්නවා. හැබැයි 11 වෙද්දි රැස්වීම් කාමරේ අරිනවා. ඒ නිසා 11 න් පස්සෙ ඕන වෙලාවක එන්න පුළුවන්.”
ඒ තමයි අන්තර්ජාලය හරහා ඔවුන්ට ලැබුණු උපදෙස්. රෝහලක් කියන්නේ සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො සෙට් වෙන තැනක් නොවුණට මීට කලින් මුණගැහිලා නැති, එකිනෙකා නොහඳුනන මේ අය රෝහලට එන්නෙ ඒ උපදෙස් අනුව. රැස්වීමේ අරමුණ මොකක්ද? හොඳ අරමුණක් නම් නෙවෙයි. සිය දිවි හානිකරගැනීම.
රැස්වීම් කාමරේට ඇතුළු වුණාම ඔවුන්ට දකින්න ලැබෙන්නේ මොකක්ද? පිරිමි ළමයෙකුගේ මළ සිරුරක්. කට්ටිය එකතු වෙනකන් ඉවසන්න බැරුව කලින්ම දිවි නසාගත්තද? ඒත් රැස්වීමේ ඉන්න නියමිත 12 දෙනාම පණ පිටින් ඉන්නවනේ. එහෙනම් එයා පිටස්තරයෙක්. ඒත් 12 දෙනෙක් විතරක් දන්න රැස්වීම ගැන එයා දැනගත්තෙ කොහොමද? ඒක දිවි නසාගැනීමක් වගේ පේන්න සලස්වපු මිනීමැරුමක් වෙන්න බැරිද? එහෙනම් කෝ මිනීමරුවා? මැරෙන්න ආපු කට්ටිය මැරෙන එක අමතක කරලා අභිරහසක් විසඳන්නයි සූදානම.
ඒ අභිරහස විසඳන හැටි දැනගන්න නම් මගේ 27 වැනි උපසිරැසි නිර්මාණය විදියට අරගෙන එන මේ ජපන් සිනමා නිර්මාණය අරගෙන රසවිඳින්න. ඒ අතරතුරේදී දිවි නසාගන්න තරම් එක එක්කෙනාට තියන ප්‍රශ්න ගැනත් දැනගන්න පුළුවන්.
12 Suicidal Teens හෙවත් Jûni-nin no shinitai kodomo-tachi කියන්නේ Tow Ubukata ගේ නවකතාවක් ඇසුරෙන් Yutaka Kuramochi තිර රචනය කරලා Yukihiko Tsutsumi විසින් අධ්‍යක්ෂණය කරපු Hana Sugisaki, Mackenyu, Takumi Kitamura වගේ අය රංගනයෙන් දායක වුණු මුල් වරට 2019 ජනවාරි මාසයේ ප්‍රදර්ශනය වුණු Mystery, Thriller වර්ග වලට අයත් වෙන සිනමා නිර්මාණයක්.
එහෙමනම් ඉතින් ආයෙත් උපසිරැසියක් අරගෙන එන තුරු හැමෝටම ආයුබෝ වේවා!
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,441 downloadsDownload 12-Suicidal-Teens-2019.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
19 comments
Anonymous
Shaggy
Thank you very much
chanu mikhail
thank u
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට.සහෝ පුළුවන්නම් Crows Zero (2007),Crows Explode (2014)
ෆිල්ම් දෙකටත් සබ් දෙන්න. Crows Zero II (2009) සබ් තියනව සයිට් එකේ.kasun
ado ou bng 'CROWZ ZERO' sub oneh?
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
tharindujp
Arigato sahodaraya tawa japan nirmana tikak karanna
Kavi_madushan
Bohoma sthuthi sub ekata,puluwnnm jiang zia,beauty water,wolfwalkers animation movie waltath sub dennko,jayawewa,budusarnai !!!
indika75
thanks..
D.Chamara
බොහොම ස්තූතියි .... !
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි ...
Request ...
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Dewadithya
Thanks for for!
Ravindra
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![12 Suicidal Teens (2019) Aka Jûni-nin no shinitai kodomo-tachi Sinhala Subtitle | 13 වැනි ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/12-Suicidal-Teens-2019.jpg)
සබ් එකට ස්තූතියි.මේක බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්.තව මේ වගේ මගඇරිච්ච ජපන් ෆිල්ම් වලට සබ් එක පුලුවන්නම් දෙන්න.