ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් පැරණි චිත්‍රපටයක් අරන් ආවා. හැබැයි මේ චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක්. Army of Shadows 1969 (L’armée des ombres) Joseph Kessel යනු ප්‍රංශ ප්‍රතිවිරෝධයේ සාමාජිකයෙකි. ඔහුගේ අත්දැකීම් ප්‍රබන්ධ චරිතයක් හා මුසු කරමින් 1943 ඔහු විසින් රචනා කල Arm…

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම..
ඔන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් පැරණි චිත්‍රපටයක් අරන් ආවා. හැබැයි මේ චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක්.
Army of Shadows 1969
(L’armée des ombres)
Joseph Kessel යනු ප්‍රංශ ප්‍රතිවිරෝධයේ සාමාජිකයෙකි. ඔහුගේ අත්දැකීම් ප්‍රබන්ධ චරිතයක් හා මුසු කරමින් 1943 ඔහු විසින් රචනා කල Army of Shadows පොත පාදක කරගනිමින් Jean-Pierre Melville ගේ රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් 1969 දී මේ චිත්‍රපටය නිර්මාණය කර ඇත.
මේ චිත්‍රපටයෙන් පොඩි ප්‍රතිවිරෝධී සටන්කරුවන් කණ්ඩායමක් ගැනයි කියවෙන්නේ. ආරක්ෂිත නිවාස වලට යමින්, මිත්‍ර හමුදාවන් එක්ක කටයුතු කරමින්, තොරතුරු සපයන්නන් ඝාතනය කරමින් තමන්ව අල්ලා ගැනීම් මගහරිමින් ඉතා වීරෝදාර ලෙස මෙහි චරිත දිගහැරෙනවා. මෙය නාසීන් අල්ලගෙන ඉන්න ප්‍රංශයේ සැඟවුන ප්‍රතිරෝධක සටන්කරුවන්ගේ විස්තරයකි.
ඉතාලි ජාතික රංගන ශිල්පියකු වන Angiolino Giuseppe Pasquale Ventura හෙවත් Lino Ventura පිලිප් ජර්බියර් ලෙස රංගනයෙන් එක් වෙනවා. ඒ වගේම ජර්මානු සම්බවයක් ඇති ප්‍රංශ සිනමා නිලියක් වන Simone Signoret මෙහි මැතිල්ඩ් ලෙස රංගනයෙන් එක්වෙනවා. ඇය ඇකඩමි සම්මානයක් දිනාගත් දෙවන ප්‍රංශ ජාතිකයායි. ඒ 1959 තිරගත වූ Room at the Top චිත්‍රපටය වෙනුවෙනි. ඊට අමතරව Paul Meurisse, Jean-Pierre Cassel, Claude Mann, Paul Crauchet, Christian Barbier ඇතුළු තවත් රංගන ශිල්පීන් රැසක් චිත්‍රපටය සඳහා දායක වී ඇත.
චිත්‍රපටය මුලින්ම 1969 සැප්තැම්බර් 12 වන දා ප්‍රංශයේදී තිරගත කරන විට එතරම් පිළිගැනීමකට ලක් වෙලා නැහැ. පසුව 1970 ඔක්තෝබර් 06 ව දා ඉතාලියේදීත්, 1978 වසරේ එක්සත් රාජධානියේදීත් තිරගත කර ඇත. මෙම චිත්‍රපටය එක්සත් ජනපදයේ තිරගත වෙන්නේ 2006 අප්‍රේල් 28 වන දාය.
(2006 සිනමාහල්වල තිරගතවන විට නිකුත්කල පෝස්ටරය)
චිත්‍රපටයේ නිෂ්පාදනය Jacques Dorfmann විසිනි. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 145කි. Army of Shadows චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 8.2ක් සහ Rotten Tomatoes 97%ක් සහ Metacritic 99%ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 89%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,771 downloadsDownload Army-of-Shadows-1969.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
11 comments
හසිත මධුෂාන්
Anonymous
where eagles landed
Supun Kaushalya
තෑන්ක්ස් මේ වගේ පරණ ෆිල්ම්වලට සබ් දෙනවට පරණ උනාට සුපිරි ෆිල්ම්
Vinura Asel(B.Sc Hons Miichanical Eng First Class Honors )
Thank you Very much for your choice.
Sohan Jayasooriya
ස්තූතියි අයියෙ සබ් එකට
Priyantha Dayakeerthi
රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
නැරඹීමට සුදුසු සම්මානලාභී සිනමාපටයක් කියා සිතනවා.
සිංහල උපසිරැසිය ලබා දුන්නට ඔබට ස්තුතියි,
ඔබගේ වටිනා කාලය වැය කරමින් මේ කරනා කාර්යයට මාගේ ස්තුතිය පුද කරමි!indika75
thanks..
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.
Request ...
Fitzcarraldo - 1982
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
syd
thank you brother hithuwe wath na mekata sub thiyei kiyala
Advertisement

සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!