Watch Trailer

12 Years a Slave (2013) with Sinhala Subtitles | වසර 12ක් වහලෙක් වීමි… [සිංහල උපසිරැසි සමඟ]

නිදහස මේ වචනේ සැබෑ අරුත ගැන විඳ ගන්න ඕනෙම කෙනෙක්ට මේ වචනය තුල ගැබ් වෙලා තියෙන අර්ථය අත් විඳින්නම සිද්ධ වෙනවා. මොකද අපි ඒ වචනය තුලින් අදහස් කරන දේ ඉතාමත් සතුටින් වර්තමානයේ සුව විඳිනවා. ඇත්තටම මොකද්ද මේ නිදහස කියන්නේ අද මේ කියන්න යන්නේ ඒ ගැන කියවුන ඒ වගේම ඒ වචනයේ අයිතිය තමන්ගෙන් පැහැර ගත් කෙනෙක් […]

නිදහස මේ වචනේ සැබෑ අරුත ගැන විඳ ගන්න ඕනෙම කෙනෙක්ට මේ වචනය තුල ගැබ් වෙලා තියෙන අර්ථය අත් විඳින්නම සිද්ධ වෙනවා. මොකද අපි ඒ වචනය තුලින් අදහස් කරන දේ ඉතාමත් සතුටින් වර්තමානයේ සුව විඳිනවා. ඇත්තටම මොකද්ද මේ නිදහස කියන්නේ අද මේ කියන්න යන්නේ ඒ ගැන කියවුන ඒ වගේම ඒ වචනයේ අයිතිය තමන්ගෙන් පැහැර ගත් කෙනෙක් තමන්ගේ ඒ කර්කෂ අත්දැකීම ලෝකයට කියා පෑ පොතක් පාදක කරගෙන නිර්මාණය උන සලරුවක් ගැන.

මේ සලරුව සඳහා පාදක කරගත් පොතේ නම උනෙත් මේ සලරුවේ නම වන 12 Years a Slave. එය ප්‍රකාශිත වසර වන්නේ 1853. ඒ පොත රචිත කතෘ වරයාට තමයි මේ අභාග්‍ය සම්පන්න වසර දොළහක වහල් දිවිය ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔහු නමින් සොලමන් නොර්තප්. ඒ කියන්නේ මේ කතාව සත්‍ය කතාවක් මත පදනම් වූවක්. මීට කලිනුත් ගිය වසර මුල මගේ පස්වෙනි උපසිරස උනෙත් මෙවැනි තේමාවක් පාදක කරගත් චිත්‍රපටයක් වන Django (2012) සිනමා සිත්තමයි. කලින් වසරේ වගේම මේ වසරේත් සිනමා උළෙල වල් වල දැඩි කතා බහට ලක් වෙන්න මේ තේමාව සමත් වෙලා තියෙනවා.

ඒ වගේම ලොව හොඳම චිත්‍රපට 250 තුල 84 වෙනි ස්ථානය අද මේ ගෙන සලරුවට හිමි වෙලා තියෙනවා. ඒ වගේම IMDb අගය 8.6ක්. දැනට නාම යෝජනා 124 ක් සහ සහ ජයග්‍රහණ 96ක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වසරේ ඔස්කාර් සම්මානය හිමි කරගන්න වැඩිම ඉඩකඩක් ඇත්තේ මේ වසර දොළහක වහල් දිවියක් වටා ගෙතුන සිනමා නිර්මානයටයි. ඒ වගේම කියන්න ඕනේ මේ අද දෙන්න යන පිටපතත් DVDScr පිටපතක්. මොකද මෙහෙම කලින් බලන්න ලැබෙන්නේ සිනමා සම්මාන උළෙලවල් වලට පින් සිද්ධ වෙන්න. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Steve McQueen විසින්. ඔහුත් කළු ජාතිකයෙක්. ඒ වගේම රංගන දායකත්වය Chiwetel Ejiofor, Michael K. Williams, Michael Fassbender සහ Brad Pitt කියන දක්ෂ නළුවන්ගෙන් සමන්විත වෙලා තියෙනවා.

මෙන්න මෙහෙමයි කතාව. සොලමන් නොර්තප් කියන්නේ දහ අටවෙනි ශතවර්ෂයේ මැද භාගයේදී ජීවත් වූ කළුජාතිකයෙක්. ඔහු ජිවත් උනේ නිව්යෝක් නගරය තුල. හොඳ වයලීන් වාදකයෙක් වන මොහු මේ කාලය තුල සැපවත් දිවියක් ගෙවූ අයෙක්. ඒ වගේම රටේ අනෙක් ස්ථාන වල එනම් නිව් ඔර්ලින් වගේ ප්‍රාන්ත වල කළු ජාතිකයන් විශාල ප්‍රමාණයක් සුදු ජාතිකයන්ගේ වහලුන් විදිහට සේවය කළා. සොලමන් තම බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ මෙහි සතුටින් ජිවත් උන අතර ඔහුට යෝජනාවක් ලැබෙනවා හොඳින් මුදල් ලැබෙන රැකියාවක් සඳහා. ඔහුගේ වයලින් වාදනය මගින් වැඩි මුදලක් උපයා ගන්න සදු ජාතිකයන් දෙදෙනෙක් විසින් කරන යෝජනාවක් මත ඔහු සිය පවුලෙන් සමුගන්නවා වොෂින්ටන් බලා යන්න. එහිදී ඉතාමත් සාදර පිළිගැනීමක් ලැබෙන ඔහුට සුඛෝපභෝගී රාත්‍රී කම වේලක් මේ සුදු ජාතික දේපල විසින ලබා දෙනවා. ඒ වගේම මත්පැන් පවා. තරමක් මත වෙන සොලමන්ට සිහිය අවම වෙලා මේ සුදු ජාතිකයන් ඔහුගේ කාමරයට ඇරලවනවා. පසුදින උදෑසන ඔහු අවදි වෙන්නේ කලින්දා නිදාගත් ස්ථානයෙන් නම් නෙමෙයි. සොලමන් එතකොට තමයි දැනගන්නේ තමන් ලොකු වංචාවකට අහුවෙලා තියෙන්නේ කියලා.

අන්න එහෙම තමයි සොලමන් නොර්තප් තමන්ගේ වසර දොළහක වහල් දිවියට මුල්ගල් තබන්නේ. වහල්කම කියන්නේ මොකද්ද කියල මම ඇත්තටම මෙතන නොකිය ඉන්නම්. ඒ ගැන දැනගන්න අවශ්‍ය නම් මේ චිත්‍රපටය බලන්න. එත් මදි නම් Django චිත්‍රපටය බලන්න. එවිට දැනගන්න ලැබෙයි වහලෙක් වීම සහ නිදහස් මිනිසෙක් විදිහට ජිවත් වීම අතර තියන වෙනස. ඔබට සමහරවිට මෙය නරඹන විට හිතෙයි මේ වගේ හිතක් නැති හැඟීම් නැති මිනිස්සු මේ ලෝකේ ජිවත් උනාද කියලා. උත්තරය තමයි ඔව් එහෙම අය එදත් ජීවත් උනා අදත් ජීවත් වෙනවා. ඒ තමයි අපි මේ ජිවත් වෙන සුන්දරයි කියලා හිතන ලෝකයේ අසුන්දර පැත්ත. එහෙනම් මීට වසර 175 කට කලින් මේ සුන්දර ලෝකය තුල සිදු වූ ඒ අසුන්දර පැතිකඩේ තවත් නිරාවරණයක් මෙලෙස ඔබට තිළිණ කරන්නම්. එහෙනම් හැමදාම වගේ හැමෝටම ජයෙන් ජය !!!

 

12 Years a Slave (2013) on IMDb

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

9,551 downloadsDownload 12-Years-a-Slave-20131.zip94 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

9,551 downloadsDownload Subtitles94 KB

99 comments

  1. was

    පට්ට මචං

  2. asiri

    thanks saho

  3. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටම , පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට ෆිල්ම් එකක් ආයෙත් අරගෙන ඇවිත් ජාන්ගෝ එකට පස්සේ, දුක කියන්නේ ස්ක්‍රීන් එකක් වීම...
    ඒ නිසා හොද එකක් ආවමම ගන්නවා...ජය වේවා හසෝ..

  4. Danuka

    thanks saho

  5. ~~ප්‍රශන්න~~

    maru aaaaaaaaa

  6. dinidu madushanka

    ela ela bro meka denakam tamai balagena hitiye supiri meke BRRIP ekatath sub denna jaya wewa

  7. DILAN ASANKA

    pattai saho

  8. ශාන් විමුක්ති [විමා]

    සුපිරි ෆිලුමක් සුපිරි කොල්ලෙක්ගෙන්
    බොහොම ස්තුතියි හසන්ත අයියේ :)

  9. wow

    wow,,, maru :D

  10. Thisara NEO

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  11. vee

    maxxa saho niyama akak wage balanna one

  12. Chaturange

    Machan mama me film eka sub denakan iwasan inna barima una nisa baluwa...marama dukai e kale wuna dewal dakiddi..me film eke inne berunu ekkenek..eeth berune nathi aya gana hithaddi eeta wada dukai..me para me film eka sure ekatama Oscar award eka ganie...anika mama balapu hondama film ekak machanla meka...aniwa balanna..thanks sub walata..puluwannam "Wolf of wallstreet" movie ekatath sud danna..

  13. tharanga

    ජයවේවා

  14. asiri

    supirima film akak meyka saho

  15. dinesh

    aaye katha dekak ne supiri yaaluva thanks lot

  16. නලින්

    නියමයි හසන්ත අයියා! මෙවගේ කථා අපිට බලන්න ලැබෙනවා හරිම අඩුයි!..

    සම්මාන උළෙලවල් වලට පින් සිද්ධ වෙන්න ෆිල්ම් නෙට් එකට රිලිස් වෙනවා ටොන් පිටින්..

    අපිට සිංහලත් එක්කම ලැබිලත් දෙයියනේ කියලා බලාගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ නෙව!

    ජය වේවා!

  17. ns

    ඇයි දැන් TV Series වල ඇවිල්ල තියෙන කොටස්වලට සබ් දෙන්නෙ නැත්තෙ?

  18. “චූටී මල්ලි”

    අනිවා බලනවා
    හැබැයි හොද කොපිය ආවාමා
    තරහා නෑනෙ හී හී
    Brrip එකටත් අප්ඩේට් කරන්න සහෝ සබ
    සබට තුති
    ඔබට ජය...................

  19. me

    Thanks

  20. සුමුදු

    සුපිරි ෆිල්ම් එකක් වගේ.බාන්නම වෙනව .ජය වේවා.

  21. ARA

    thank u very much...

  22. asitha

    thanks hasantha,meka nam supirima film ekak wenna ona.oyata jayen jaya pathanawa.

  23. සචිත උදාර

    මම නම් ඉතිං රේටිං හොඳ ෆිල්ම් අතහරින්නෙම නෑ. බොහොම ස්තුතියි.

  24. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි...
    ‍මේ‍ක ‍බ‍ලන්‍‍න ‍ව‍ටි‍න ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි...........

  25. Amil

    තැන්ක්ස් හසන්ත අයියා සබ් එකට...
    මම හිතන විදියට ලිපියේ සදහන් මෙය "සොලමන් නොර්තප් කියන්නේ හා අටවෙනි ශතවර්ෂයේ මැද භාගයේදී ජීවත් වූ කළුජාතිකයෙක්. " 18 වෙනි ශතවර්ෂය ලෙස නිවරදි විය යුතුය...

  26. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  27. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...හැබයි මේ වගේ සුපිරි මුවි එකක් බලන්න ඕන සුපිරිම කොලිටියකින්.එක නිසා BRRIP එකත් ආවම එකටත් සබ් එක අප්ඩේට් කරන්න​.ජය​! :P :P :P

  28. Download Manager

    Thanx bro

  29. rohan

    ela.... thnx bro.

  30. කේ.යූ.ජී. උදාර

    මේකත් බලන්නම හිතන් ඉන්න ‍ෆිල්ම් එකක්.............
    හොඳ කොපියක් ආව ගමන් බලනවා.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  31. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මංසල වෙනුවෙන් මේකේ පෙරදසුනට උපසිරැසි දාපු වෙලාවෙම මට හිතුනා අනිවා මේක ලස්සන කතාවක් වේවි කියලා. අනිවා මෙන්න බානවා. ජය෴෴ :P :P

  32. Anjana

    මිත්‍රය,
    ඔබ විසින් උපසිරසි ගන්වන සියලුම චිත්‍රපට පහේ ඉතාම උසස් ගනයේ ඒවාය, මා ඒ ගැන ටික කලක සිට දුටුවෙමි. ඔබට බෙහෙවිත් ස්තුති.

  33. Yashoda Hemal

    Niyamai Sahooo

  34. dhanuka

    thanks machan

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.

  36. Thusitha Kumara

    අමතක නොවන සිනමා අත්දැකීමක්. මිනිසා විසින් මිනිසා පෙළීම. ඔබට බෙහෙවින් ස්තුතියි සිංහල උප සිරැසි සමඟින් මෙය බෙදා හදා ගත්තාට.

  37. prasanga

    Enemy Behind Lines - 2001 film eka dannako

  38. මිහාන්

    thank you !

  39. mudiya / මුදියා

    මේ වගේ වටින ෆිල්ම් එකක් නොබැලුවොත් ලොකු අඩුපාඩුවක්.
    ආපු ගමන් ඉක්මනටම සබ් දෙන එකට නම් පිං හසන්ත සහෝ.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. අබා

    කරන්න කතා දෙයක් නෑ හසන්ත සහෝ .සියල්ල සුපිරි ...කාලෙකට පස්සේ හිත පිරෙන්න බයිස්කෝප් එකක් බැලුව කියන්න පුළුවන්....උපසිරසිය ආයෙත් කියන්න දෙයක් ඇත්තෙම නෑ ....මේ වගේ ලෝක්ප් ප්‍රකට නිර්මාණ ලබාදෙනවට ඔයාට ස්තුති කරන්න නම් වචන නෑ .....Django දැන් බාන්න පටන් ගන්නවා...ජයවේවා ....!

  42. චතුර මදුසංක

    elama tama

  43. chap

    හොද කොපියක් ආවාම බලමු

  44. jack

    නියමයි මචෝ. බොහෝම ස්තුතියි.

  45. danushka

    ela, thanks

  46. dev

    bohoma stuti saho... .
    hoda copy ekak enakanma tama hitiye... .

  47. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  48. Asitha

    Thank you dr..

  49. නලින්

    ස්තුතියි හසන්ත අයියා මෙක දැනුයි බාගන්නයි යන්නේ

    ජය වේවා!

  50. nipuna

    maru maru hasantha saho...

Load more comments