Watch Trailer

12th Man (2017) AKA Den 12. mann Sinhala Subtitles | කුරිරු යුධ බිමක තනි වූ දොළොස්වැනි සෙබළාගේ කඳුළු කතාව…!! [සිංහල උපසිරසි සමඟ]

1939 සැප්තැම්බර් 1, එදා මෙදා තුර මිනිස් ඉතිහාසය කදුළින් තෙත් කළ කුරිරු හා ඛේදජනක කාල වකවානුවක ආරම්භය… ඒ තමයි දෙවැනි ලෝක යුද්ධය. ජෝශෆ් ස්ටාර්ලින්, ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, වින්ස්ටන් චර්චිල් හා චියෑන්ග්-කායි-ශෙක් විසින් යුද්ධයට එක්වූ මිත්‍ර පාර්ශවයට අයත් රටවල් වලට නායකත්වය ලබාදුන් අතර අක්‍ෂ පක්‍ෂ…

1939 සැප්තැම්බර් 1, එදා මෙදා තුර මිනිස් ඉතිහාසය කදුළින් තෙත් කළ කුරිරු හා ඛේදජනක කාල වකවානුවක ආරම්භය… ඒ තමයි දෙවැනි ලෝක යුද්ධය. ජෝශෆ් ස්ටාර්ලින්, ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, වින්ස්ටන් චර්චිල් හා චියෑන්ග්-කායි-ශෙක් විසින් යුද්ධයට එක්වූ මිත්‍ර පාර්ශවයට අයත් රටවල් වලට නායකත්වය ලබාදුන් අතර අක්‍ෂ පක්‍ෂයට අයත් රටවල් වලට නායකත්වය ලබා දුන්නේ ඇඩොල්ෆ් හිට්ලර්, හිරෝහිතෝ හා බොනීටෝ මුසෝලිනී යන ආඥාදායකයින් විසිනි. යුරෝපය, පැසිෆික් කලාපය, අත්ලන්තික් කලාපය, නිරිතදිග ආසියාව, චීනය, මැද පෙරදිග, මධ්‍යධරණි කලාපය හා උතුරු අප්‍රිකාව යන කලාප වල පුරා අවුරුදු හයක් පුරාවට පැවති මේ කුරිරු යුද්ධය අවසන් වුණේ 1945 සැප්තැම්බර් 2 දින ජපානයේ යටත් වීමත් සමඟයි. යුද්ධය නිමා වුණත් එයින් සිදුවූ හානිය හා දුක්බර මතකය නම් කිසිදා අමතක කළ නොහැකි එකක් බවට පත්වුණා. යුද්ධය පැවති කාලය තුළදී දිනකට මිනිස් ජීවිත 27000ක් පමණ යුද්ධය නිසා අහිමි වූ අතර සමස්ථයක් ලෙස යුද්ධය අවසන් වන විට සෙබළුන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ ජීවිත මිලියන 60කට වැඩි ප්‍රමාණයක් අහිමි වුණා. දෙවැනි ලෝක යුද්ධය අවසානයත් සමඟ ජර්මානු තෙවැනි රාජ්‍යයේ බිඳවැටීම සිදු වූ අතර රුසියාව හා ඇමෙරිකාව ලෝක බලවතුන් ලෙස නැඟිසිටීම සිදුවුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භය සිදුවූයේද දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමඟයි.

1940 අප්‍රේල් 9, ජර්මානු නාසි සෙබළුන් විසින් නෝර්වේ යටත් කරගත්
අතර හිට්ලර් විසින් “නෝවීජියානු බළකොටුව” ස්ථාපනය කරනු ලැබුවා…

ජර්මානු යුධ යන්ත්‍ර ඈත උතුරු ප්‍රදේශයන් වෙත ගෙන ගිය අතර මිත්‍ර
පාර්ශික කණ්ඩායම් වලට දරුණු පරාජයන් අත්විඳීමට සිදුවුණා….

1943, ස්කොට්ලන්තය,

නෝර්වේ හි කඩාකප්පල්කාරී මෙහෙයුමක් දියත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය
බළකායන් විසින් නෝවීජියානු සෙබළුන්ට පුහුණුව ලබාදුන්නා…

“මාර්ටින් රෙඩ්” මෙහෙයුම මාර්තු 24 වැනි දින ක්‍රියාත්මක වුණා…

නෝවීජියානු විප්ලවකාරී සටන්කරුවන්
දොළොස්දෙනෙක් නෝර්වේ බලා යාත්‍රා කළා…

ඔවුන්ගේ මෙහෙයුම වූයේ: ජර්මානු ගුවන්
තොටුපොළවල් හා සැලසුම් කඩාකප්පල් කිරීමයි…

නමුත් දිවි ගලවාගෙන ආපසු පැමිණියේ එක් සෙබළෙක් පමණයි!!

ලුතිනන් ජාන් බාල්සෘඩ්ගේ කතා පුවත

දෙවැනි ලෝක යුධ සමයේදී ජර්මානු හමුදා විසින් 1940 දී  නෝර්වේ රාජ්‍යය ආක්‍රමණය කරන කාල වකවානුව වන විට ජාන් බාල්සෘඩ් නම් වූ කොමාන්ඩෝ බළකායේ සෙබළා සටන් වැදුණේ වෙස්ට්ෆොල්ඩ් ප්‍රදේශයේයි. පසුව ඔහු ස්වීඩනයට පලා යන නමුත් ඔත්තු බැලීමේ වරදට වරදකරු වීම නිසා ඔහුව ස්වීඩනයෙන් පිටුවහල් කරනවා. සෝවියට් ජනරජය, අප්‍රිකාව හා ඇමෙරිකාව හරහා සංචාරය කිරීමෙන් අනතුරුව ඔහු 1941දී බ්‍රිතාන්‍යයට ළඟාවෙනවා. එහිදී ජාන් බ්‍රිතාන්‍ය විශේෂ මෙහෙයුම් ඒකකය හා එකතුවන අතර බ්‍රිතාන්‍ය යුධ පුහුණුවද ලබාගන්නවා. 1943 වසරේ මුල් භාගයේදී, ජාන් සහ නෝවීජියානු ජාතික තවත් කමාන්ඩෝ සෙබළුන් තුන්දෙනෙකුත්, යාත්‍රා සේවකයින් අටදෙනෙකුත් නාසි ජර්මානු පාලනයට එරෙහිව නෝර්වේ රාජ්‍යය තුළ පැවති සටනේදී නෝර්වේ පාර්ශවයට වාසියක් අත්කරදීමේ බලාපොරොත්තුවෙන්  බාර්ඩිෆොස් වල පිහිටා තිබූ ජර්මානු ගුවන් පාලක කුළුණක් විනාශ කර දැමීමේ අරමුණින් ධීවර යාත්‍රාවකට ගොඩවන අතර මෙම රහසිගත් මෙහෙයුම නම් කරන්නේ “මාටින් රෙඩ් මෙහෙයුම” ලෙසයි. නමුත් ජාන් ඇතුළු පිරිස මෙම මෙහෙයුම සඳහා තොරතුරු ලබාගැනීමේ අරමුණින් දේශීය වෙළෙඳසැල් හිමියෙකු හා ඇති කරගන්නා සබඳතාවයක් නිසා මෙම රහසිගත මෙහෙයුම පිළිබඳව ජර්මානු හමුදාවට හෙළිදරව් වන අතර වෙළෙඳසැල් හිමියා විසින් ජාන් ඇතුළු නෝවීජියානු සෙබළුන් පාවාදීමකට ලක්වෙනවා. 

ජාන් ඇතුළු සෙබළුන් විසින් ගත් අණුවන තීරණයක් ලෙස ඉතිහාස පොතේ එම සිදුවීම සටහන් වන අතර ඔවුන් පාවාදී ඇති බව නොදත් නෝවීජියානු සෙබළුන් ටොන් 8ක පුපුරණ ද්‍රවයත් සමඟ මාර්තු 29 වන දින ඔවුන්ගේ අරමුණ ඉටු කරගැනීමේ බලාපොරොත්තුවෙන් බ්‍රාතම් බලා යාත්‍රා කරනවා. මෙහිදී ඔවුන්ගේ යාත්‍රාවට අනපේක්ෂිත අයුරින් ජර්මානු හමුදාවට අයත් යාත්‍රාවකින් ප්‍රහාරයක් එල්ලවන අතර ජාන් ඇතුළු පිරිස විසින් සාක්ෂි එළිදරව් වීම වැලැක්වීමට ඔවුන්ගේ යාත්‍රාව පුපුරුවා දමා කුඩා බෝට්ටුවකින් පලා යාමට උත්සහ දරණවා. නමුත් ජර්මානු සෙබළුන්ගේ ප්‍රහාර හමුවේ එම කුඩා බෝට්ටුවද විනාශ වන අතර ජාන් සහ තවත් නෝවීජියානු සෙබළුන් එකොළොස්දෙනෙකු වෙරළට පිහිනා ගොස් පලායාමට දරණ උත්සහය සාර්ථක නොවන අතර නෝවීජියානු සෙබළුන් එකොළොස්දෙනාම ජර්මානු සෙබළුන්ගේ අත්අඩංගුවට පත්වෙනවා. කෙසේ නමුත් දොළොස්වැනි අවසන් සෙබළා වූ ජාන් බාල්සෘඩ් හට වාසනාවකට මෙන් අත්අඩංගුවට පත්නොවී පලායාමට හැකිවනවා. එතැන් පටන් ජාන් බාල්සෘඩ් නම් වූ වීරෝදාර නෝවීජියානු සෙබළා කටුක හා අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දෙමින් දින ගණනාවක් මුළුල්ලේ සතුරන්ගෙන් පලායමින් අවසානයේදී දේශ සීමාව පසුකර කෙසේ හෝ නැවත අපක්ෂපාතී රාජ්‍යයක් වූ ස්වීඩනයට ළඟාවීමට සමත්වනවා. ඔහුගේ මෙම වීර ක්‍රියාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයෙන් ඔහුට Order of the British Empire පදක්කම පිරිනැමූ අතර නෝර්වේ රාජ්‍යය විසින් St. Olav’s පදක්කම පිරිනැමුවා.
තවත් විස්තර: මෙතනින්

Drama | History | Thriller | War යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2017 වසරේ දෙසැම්බර් 25 පළමු වරට තිරගත කිරීම ආරම්භ කළ The 12th Man සිනමාපටය ජර්මානු හා නෝවීජියානු බසින් නිර්මාණය කළ නෝවීජියානු සලරුවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ The Karate Kid (2010) හා The Mortal Instruments: City of Bones (2013) යන චිත්‍රපට වල අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ Harald Zwart විසින් වන අතර තිර පිටපත නිර්මාණය කර ඇත්තේ Petter Skavlan විසිනුයි. මෙම චිත්‍රපටය නිපදවීම සඳහා පාදක කරගෙන ඇත්තේ 1957 වසරේදී Arne Skouen විසින් අධ්‍යක්ෂණය කළ Nine Lives නම් වූ චිත්‍රපටයයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Thomas Gullestad සහ Vikings කතාමලාවේ Bishop Heahmundගේ චරිතය රඟ දක්වන Jonathan Rhys Meyers දායක වී ඇති අතර සෙසු චරිත සඳහා Marie Blokhus, Mads Sjøgård Pettersen, Vegar Hoel, Håkon T. Nielsen සහ Håkon Smeby තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා. පැය දෙකකුත් මිනිත්තු පහළොවක් පුරාවට ගලායන කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් මෙම සලරුව IMDb දර්ශකයේ 7.5/10ක අගයකුත්, Rotten Tomatoesහි 83%ක මනාප ප්‍රතිශතයකුත් ලබාගෙන තිබෙනවා.

එසේ නම් මේ සූදානම ජාන් බාල්සෘඩ් නම් වූ වීරෝදාර අවසන් දොළොස්වැනි සෙබළෙකුගේ පලායාම හා සම්බන්ධ සත්‍ය කතා පුවත දහතුන්වැනියෙකු වන ඔබට රසවිඳීමට ඉඩ හසර වෙන් කරදීමටයි….

“වෙන්ඩර්ස්, මිනිහෙකුට ලේසියෙන්ම
විනාඩි විස්සක් අයිස් වතුරෙ නොමැරී ඉන්න පුළුවන්.”
– මේජර් කුර්ට් ස්ටෝග්.

 

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි The.12th.Man.2017.720p.BRRip.HEVC.MkvCage.WS. පිටපත සඳහා අදාළ වේ.

27,253 downloadsDownload The.12th.Man_.2017.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

27,253 downloadsDownload Subtitles33 KB

72 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. sachintha

      සොරි වෙන්න ඕනා...
      තවත් ෆිලුමකින් නැවත හමුවෙමු...

  2. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  3. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. omeru

    Thanks brother. nice description.

  6. Aselaz

    Ela

  7. suchroxx

    Thank You Brother

  8. ranga11112

    thanx saho.... film aka balanna hithune wisthare nisa

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Wicki

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ලිපියත් මරු..ජය වේවා! බුදුසරණයි..!

  12. විමා

    හොඳ විස්තරයක් මලේ
    බොහොම ස්තුතියි

  13. gihan perera

    Good job bro...good story...keep continue it...god bless you and good luck....

  14. thush4

    hanx machna.............
    thawa sub ekakin hamuwemu ehenan.........

  15. Thusheema

    Kohamada films aka dowlod karanina

  16. Thusheema

    Sub aka veitarada danina puluwani films aka download karanina ona wana tankeini. Baiscope katiteiya sms akaki danina makata

  17. ramesh shalitha

    Film එකටත් thanks.... හොඳ විස්තරාත්මක ලිපියටත් thanks ...

  18. Hemantha De Silva

    ලිපියටත්.... සබටත්....
    බොහොම ස්තුතියි ඉසුරු....
    Thanks Bais..

  19. Bandara 1976

    Thanks for sub and Film Description

  20. Udaya Saman

    tkz BRO

  21. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  22. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  23. hdpradeep

    Thanks Saho Sub ekta. Jaya Wewa!!!

  24. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  25. Aruna Disanayaka

    thank you,very much,

  26. PDmlakshan

    EAlama

  27. Nimach273

    Thanks bro sub akkata.. jaya wewa.....

  28. Tharun_Umesh

    Thanks

  29. chathumaxx

    ela machooo.... jaya wewaaa...

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Chulender kasun

  32. .comDevinda

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  33. AsithaDilruwan

    Ela saho thanks

  34. Dewadithya

    Thanks for sub

  35. rkasun

    thanx

  36. Gayan Chathuranga

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  37. Sanath Perera

    thank for sub bro...

  38. bLack_sNow

    thanks saho sub ekata

  39. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. Kaveen Gayath

    Thanks for sub

  41. Gayum

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  42. jagath55

    Thanks

  43. Nirosh C

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා!

  44. Gayanm66109

    ස්තුතිය සහෝ.ජය වෙිවා .

  45. shamadikari

    Maxxxa broo...thanks

  46. chinthaka_priyadrshana

    Thank U very much bro...........

  47. sadsudath

    මා නැරඹූ හොඳම සිනමා සිත්තම් වලින් එකක්. ස්තූතියි.

  48. Hiran Senanayaka

    පට්ටයි මචෝ ලිපිය නම්... ජයෙන් ජය...

  49. tharidu sagara

    බොහොම ස්තූති සහෝ උපසිරසට.
    ජය වේවා!!!

  50. vandot_kumara

    ela

Load more comments