මෝහන්ලාල් – ජිතූ ජෝසප් නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්… විශේෂත්වයක් නැහැ! ඉන්දියානු සිනමාවේ තවත් එක් චරිත ද්විත්වයක්… එහෙමද හිතුනේ? මෝහන්ලාල් – ජිතූ ජෝසප් ඔව්; නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්… හැබැයි ඉන්දියාවම හොල්ලපු වැඩ කරපු!!! දෙන්නාගෙ සුසංයෝගයෙන් හදපු පළවෙනි චිත්‍රපටය Drishyam (2013) !! කෝටි 75+ උපයමින්…

මෝහන්ලාල් – ජිතූ ජෝසප්
නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්…
විශේෂත්වයක් නැහැ!
ඉන්දියානු සිනමාවේ තවත් එක් චරිත ද්විත්වයක්… එහෙමද හිතුනේ?

මෝහන්ලාල් – ජිතූ ජෝසප්
ඔව්; නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්…
හැබැයි ඉන්දියාවම හොල්ලපු වැඩ කරපු!!!

දෙන්නාගෙ සුසංයෝගයෙන් හදපු පළවෙනි චිත්‍රපටය Drishyam (2013) !!
කෝටි 75+ උපයමින් ඒ කාලේ හැටියට වැඩිම ආදායමක් ලබපු මලයාලම් සිනමාපටය බවට පත් වුනා.
ඉන්දියාව ඇතුළේ විතරක් බාසා හතරකට ප්‍රතිනිර්මාණය වුනා. චීන බාසාවට remake වුන පලවෙනිම ඉන්දියානු චිත්‍රපටය;
ලංකාවේ “ධර්ම යුද්ධය” හැදුවෙත් මලයාලමේ Drishyam බලාගෙන…

ඊළඟට Drishyam 02 (2021) !!
දැනටම කන්නඩ සහ තෙළෙඟු බාසාවට Remake වී අවසානයි. දමිළ සහ හින්දි ප්‍රතිනිර්මාණවල වැඩ කටයුතුත් පටන් අරගෙන…
ඒ අතරේ ධර්ම යුද්ධය දෙවන කොටසක් ගැනත් ආරංචි එනවා.
මනාප 35,000කට අධික සංඛ්‍යාවකින් IMDb අගය 8.4යි! පහුගිය වසරේ වැඩිම කතාබහට ලක් වූ දකුණු ඉන්දියානු චිත්‍රපටය ලෙසත් හැඳින්වෙනවා.

ඇයි RAM (2023) !!
ඉන්දීය කෝටි 30කට අධික නිෂ්පාදන පිරිවැයක් යොදා නිමැවෙන මෙතෙක් මලයාලම් සිනමාවේ දැවැන්තම Thriller චිත්‍රපටය…
එතන ප්‍රධාන චරිතයත් මෝහන්ලාල් ලොක්කාමයි. එළඹෙන වසරේ සිනමාශාලා ප්‍රදර්ශනයට සියලුම කටයුතු සූදානම්.

දැන් 12th Man (2022) !!
මෝහන්ලාල් – ජීතු ජෝසප් සුසංයෝගයෙන් බිහි වූ හතරවන චිත්‍රපටය…
රිලීස් වෙලා දවස් පහක්වත් ගිහින් නැහැ. හැබැයි IMDb මීටරය 7.5කටම කැරකිලා! සමාජ ජාලා පුරා කතාව චිත්‍රපටයේ හොඳ නරක ගැන!

ඇත්තම 12th Man කියන්නේ “කරන්න හිටපු” චිත්‍රපටයක් නෙමෙයි. කොරෝනා නිසා කරන්න සිද්ධ වුන චිත්‍රපටයක්. කෝවිඩ් වසංගතයේ බලපෑම නිසා Mohanlal ප්‍රධාන චරිතය රඟන RAM සිනමාපටයේ රූපගත කිරීම් සියල්ලම තාවකාලිකව නතර කරන්න නිෂ්පාදනය කණ්ඩායමට සිදු වුනා. බ්‍රිතාන්‍යය ඇතුළු විදෙස් රටවල යොදාගෙන තිබුනු දර්ශන තල සියල්ලම තාවකාලිකව ඇණ හිටියා.

තමන්ගේ නිර්මාණයේ වැඩ අතරමඟ නතර වුනු මේ සංක්‍රාන්තික සමයේදි තමයි Jeethu Joseph කල්පනා කරන්නේ එතරම් පිරිවැයක් වියදම් නොවෙන, සීමිත දර්ශන තල ගණනකට පමණක් සීමා වුන, කෝවිඩ් වසංගතය මැද නිෂ්පාදනය පහසු තවත් අලුත්ම නිර්මාණයකට අත ගහන්න…!!
එහි ප්‍රතිඵලය තමයි මේ 12th Man

විශේෂත්වය වන්නේ, මුලු චිත්‍රපටයම ගලා යන්නේ පැය 24ක් ඇතුළත සිදුවන සිද්ධි මාලාවක් වටායි. අහම්බයකින් මෙන් ඊට මැදි වෙන්නට DYSP චන්ද්‍රසේකර්ට සිදුවනවා.
අභිරහස් මරණයක්… ඝාතනයක්… කප්පම් ගැනීමක්… දරු ගැබක් විනාශ කිරීමට ගන්නා සියුම් උත්සාහයක්…
මිතුරන් එකොළොස් දෙනෙකුගේ රහස් ජීවිත කතා එකොළහක්…
එකින් එක පැටලුම් ලිහමින්, ඝාතකයෙකු පසුපස හඹායමින්, අභිරහස් මරණයක් හෙලි කරගැනීමට උත්සාහ දරන පොලිස් පරීක්ෂකවරයෙකුගේ කතාව 12th Man තුළින් ඔබට නරඹන්නට හැකි වේවි.

ලිපි සැකසුම : කවිනු වීරක්කොඩි

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,959 downloadsDownload 12th-මෑන්-2022.zip85 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට සහ “රේණුකා සුභාෂිණි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,959 downloadsDownload Subtitles85 KB

41 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Janaka

    Download link eka nene

  3. Anonymous

    Thanks for sub

  4. යුරාන් ධනුක (දනුවා)

    Thank you very much Bro n Sis

  5. Kushan

    Sub akta thanks

  6. Naveen

    උපසිරසියට තුති

  7. Samith

    Thanks both

  8. Anonymous

    Patta

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  11. Udaya Fdo

    Thank you

  12. Anonymous

    මලයාලම් ත්‍රිලර් නම් කොහොමත් බලනවා
    ඒකත් ජීතු ජෝසෆ් ගේ වැඩක් නම් වැඩ පාඩුකරන් හරි බලනවා

  13. Manoj

    උපසිරසියට ස්තුතියි

  14. Redrux

    Thnkz bro

  15. Anonymous

    renuka akka aphu gamata bahala wage neh
    ela ela

  16. Udara Damith

    elaaaaa

  17. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
    ජය වේවා!!!

  18. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි

  19. Anonymous

    Heropanti 2
    Attack part 1 hindi film walatath sub denna

  20. Anonymous

    thanks

  21. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  22. indika 75

    thanks..

  23. bunny

    Thanks buddy

  24. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  25. Bandula

    Thanks for sub. keep it up

  26. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  27. Anonymous

    මේ ටයිප් ෆිල්ම් නම් මාර ආසයි බලන් ඉන්න
    ෂර්ලොක් හෝම්ස්ගේ පොතක් කියෙව්වා වගේ

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  29. Yash

    Thanks brother and sister to you for the effort and time.

  30. Anonymous

    JANA GANA MANA sub dennko

  31. viraj

    thanks...

  32. සාරංග J ලියනගම

    Thanks

  33. Milinda Rathnayake

    Liquor bottle1 enne kohomda ethanta?

  34. Anonymous

    Thanks..

  35. Anonymous

    thanks godak. cbi 5 eke sub dennko.....

  36. Anonymous

    cbi 5 the brain denna puluwanda

  37. Neo

    Thanks both
    Keep it up

  38. Malith samarawickrama

    Thanks sub ekata

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  41. Sahan Gayantha

    thanks a lot sub ekata