Watch Trailer

Josee, the Tiger and the Fish (2020) AKA Joze to tora to sakanatachi Sinhala Subtitles | හදවතේ පියාපත් විහිදා ඔබේ සිහින වලට ඉගිලෙන්න. [සිංහල උපසිරසි]

2020 වර්ෂයේදී ප්‍රේක්ෂක ආදරය හා ආකර්ෂණය නොමදව දිනාගත් අතිෂය ජනප්‍රිය උනු ඇනිමේ චිත්‍රපටයකටයි මේ උපසිරසිය ගෙනාවේ. බයිස්කෝප් සයිට් එකේ ගොඩක් famous ම ඇනිමේ වලට සබ් තියෙනකොට මේකට තිබුණේ නැති එක අඩුපාඩුවක් වගේ දැනුනා. ඒ නිසයි මේක වෙන්කරගෙන සබ් එක දුන්නේ. තාමත් බලපු නැති අය ඉන්නවනම් මේ chance එක ඔයාටයි…

 

2020 වර්ෂයේදී ප්‍රේක්ෂක ආදරය හා ආකර්ෂණය නොමදව දිනාගත් අතිෂය ජනප්‍රිය උනු ඇනිමේ චිත්‍රපටයකටයි මේ උපසිරසිය ගෙනාවේ.

බයිස්කෝප් සයිට් එකේ ගොඩක් famous ම ඇනිමේ වලට සබ් තියෙනකොට මේකට තිබුණේ නැති එක අඩුපාඩුවක් වගේ දැනුනා. ඒ නිසයි මේක වෙන්කරගෙන සබ් එක දුන්නේ. තාමත් බලපු නැති අය ඉන්නවනම් මේ chance එක ඔයාටයි.😉 MyAnimeList වල මේකට 8.46 ක අගයකුත් Imdb වල 7.6 ක අගයකුත් ලැබිලා තියෙනවා. Drama, Romance, Slice of life කියන Genres වලට තමා මේක වැටෙන්නේ. Animated කරන්නේ Bones Studio එකෙන්.🔥 ඒ වගේම ෆෑන්ස්ලා අතර ගොඩක් ජනප්‍රිය Eve ගේ ගායනයෙනුත් මේ චිත්‍රපටය හැඩ වෙනවා.💖

ඉතින් කතාව ගැන වචනයක් කිව්වොත්, සුනේයෝ කියන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කොල්ලෙක්.මෙයාට ගොඩක් ලස්සන හීනයක් තියෙන්නේ.ඉතින් ඉගෙන ගන්න ගමන් රස්සාවත් කරලා මහන්සි වෙන්නේ මේ හීනය යථාර්ථයක් කරගන්න.

කුමිකෝ එහෙමත් නැත්නම් ජොසී කියන්නේ කකුල්වල ආබාධයක් නිසා රෝද පුටුවේ ඉන්න කෙල්ලෙක්.මෙයාට ඉන්නේ මෙයාගේ අත්තම්මා විතරයි.ජොසී හරිම කැමතියි එළියට යන්න.ගිහින් එක එක තැන් බලන්න.ඒත් එහෙම ගිහින් උනු කරදර නිසා මෙයාගෙ අත්තම්මා දැන් වැඩිය මෙයාව එළියට ගෙනියන්නේ නෑ.ඒ නිසා ජොසී ගෙදරටම කොටුවෙලා ඉන්නේ.ඒ ඉන්න ගමන් එක එක හීන දැක දැක ඒවා චිත්‍රයට නඟනවා.අපි කියන්නේ මනෝපාර ගහනවා කියලා…😅 ආන් එහෙම.

ඉතින් මේ සුනේයෝ හා ජොසී දවසක, අහම්බෙන්, නොසිතූ විදිහකට එකිනෙකාට හමුවෙනවා.ඉතින් මෙතන ඉඳලා මේ දෙන්නගේ මේ ලස්සන කතාව අපිට දිගහැරෙනවා.සුනේයෝ නිසා ජොසීගේ ජීවිතය ආලෝකමත් වෙන්නේ කොහොමද , ජොසී නිසා සුනෙයෝගේ ජීවිතය ආලෝකමත් වෙන්නේ කොහොමද කියලා ඔයාලම මේ ලස්සන ඇනිමේ එක බලලා දැනගන්න.

ඉතින් මේ දවස්වල හැමෝම සෑහෙන ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්නේ.හිතට සහනයක් ඇත්තෙම නෑනේ.😥 ඉතින් ඔයාගේ හිතත් ටිකක් සංසුන් කරගෙන සැහැල්ලු වෙන්න ඕනේ නම් මේකට try එකක් දීලා බලන්න. මේ පැය 1 යි විනාඩි 40 ගතවෙලා යනවා ඔයාට දැනෙන එකක් නෑ.

එහෙනම් මේ අපූරු ඇනිමේ එකත් රසවිඳින්න කියමින් මම සමුගන්නම්.ආයෙත් දවසක ඇනිමේ එකකින්ම හමුවෙමු.👋

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

4,454 downloadsDownload Josee-the-Tiger-and-the-Fish-2020.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

4,454 downloadsDownload Subtitles34 KB

18 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Anonymous

    Vampire diaries tv series eka one

  4. Nawodya subhashitha

    ස්තූතියි සබ් එකට සහෝදරයා...තවතවත් සබ් දෙන්න ලැබෙන්න ඕනෙ

    1. Pavith Wijesooriya

      ගොඩක් ස්තූතියි. ඔයත් එකකට දෙමු සහෝ...

  5. Avishka

    මචන් සබ් එකට තැන්ක්ස් ! පොඩි දෙයක් කියන්න ඔන ! මෙ සබ් එක මිට කලින් දීල තිබ්බ සයිට් එකකින් ! පොඩ්ඩක් හොයල බලල මචන් සබ් එක දෙන්න පුලුවන් නම් එක මාර වටිනව මොකද මචන් තව පට්ට වටින ලස්සන රෙටින්ග්ස් ජපන් ඇනිම් තියෙනව එවට සබ්ස් කරන්න යන චාන්ස් එකක් මිස් වෙන නිසා ! මෙ ගැන පොඩ්ඩක් සලකල බලන්න සහො. ජයවෙවා

    1. Pavith Wijesooriya

      දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි සහෝ.ඉදිරියට ඒ ගැන සැළකිලිමත් වෙලා උපසිරසි දෙන්න වගබලා ගන්නම්.

    2. Avishka

      අනිවර්‍යෙන්ම සහො ! ස්තුති සබ් වලට මොකද වෙන සයිට්ස් 3 කින් සබ් එක දාල තිබ්බ , එ නිසා කිවෙ මම ! නියමයි ඉස්සරට සුපිරි ටිකකට දෙමු

  6. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  7. indika 75

    thanks..

  8. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Pahasara

    thankz...

  10. Anonymous

    බොහොම ස්තූතියි උපසිරැසිය ට....

  11. Vidumina

    Bro "Ai no utagoe wo kikasete" movie ekata sub dennako

    1. Pavith Wijesooriya

      අපි ඉදිරියේදී බලමු සහෝ...

  12. Pavith Wijesooriya

    අදහසක් දක්වලා ගිය, ඒ වගේම අදහස් දක්වන හැමෝටම ගොඩක් තුති...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!