කොහොමද යාලුවනේ,ඔන්න මම අරන් ආව ගොඩක් හොඳ ඇක්ෂන් පිරුන කතාවක්.මේකත් මම කලින් උපසිරසි දුන්නු ඒවා වගේම පරණයි.හැබැයි පරණ උනාට නරක නෑ.අපි හැමෝම ආසයිනේ සමුරායිලට.පොඩි කාලේ කඩුවක් වගේ ලීයක් අරගෙන සෙල්ලම් කරපු අතීතයක් ඔයාලටත් තියෙන්න ඇති,මේකත් සමුරායිල ගැන තියෙන සුපිරි කතාවක්.අපි ෆිල්ම් වල එක එක විදිහේ වීර…
කොහොමද යාලුවනේ,ඔන්න මම අරන් ආව ගොඩක් හොඳ ඇක්ෂන් පිරුන කතාවක්.මේකත් මම කලින් උපසිරසි දුන්නු ඒවා වගේම පරණයි.හැබැයි පරණ උනාට නරක නෑ.අපි හැමෝම ආසයිනේ සමුරායිලට.පොඩි කාලේ කඩුවක් වගේ ලීයක් අරගෙන සෙල්ලම් කරපු අතීතයක් ඔයාලටත් තියෙන්න ඇති,මේකත් සමුරායිල ගැන තියෙන සුපිරි කතාවක්.අපි ෆිල්ම් වල එක එක විදිහේ වීරයෝ දැකල තියෙනවා.සමහර අය හෙන ඇගපත තියෙන ගොඩක් බය හිතෙන අය.උන් ඇවිත් 50කට විතර ගේමක් නැතුව ගහල යනවා.මේක ටිකක් වෙනස්.මම ඒ වගේ ෆිල්ම් නරකයි කියනවා නෙමේ.තාත්වික ගතිය රැකගෙන ඇක්ෂන් ෆිල්ම් එකක් කරනවා කියන්නේ අමාරු වැඩක්.ඔයාල දැකල ඇතිනේ සමහර ෆිල්ම් වල ගහගන්න සීන් එකක් යනකොට අපිට පෙන්නේනිකන් ගුරුත්වාකර්ෂණය නැති වෙලා වගේනේ. මේ ෆිල්ම් එකේ ඒ වගේ දේවල් ගොඩක් අඩුයි.ඇත්තටම තාත්විකයි.අපේ හිතේ ෆිල්ම් වල ඉන්න වීරයෝ කොයි වගේද කියල මතක් කරගන්නකෝ.මේ ෆිල්ම් එක බැලුවම ඔයාලගේ හිතේ වීරයෝ කියන්නේ කවුද කියන අදහස ටිකක් හරි වෙනස් වෙයි කියල මට හිතෙනවා.
මම ෆිල්ම් එක ගැන ටිකක් විස්තර කියන්නම්.මේක ඇත්තටම remake එකක්.1963 මේ නමින්ම තිරගත වුන ෆිල්ම් එකක ප්‍රතිනිෂ්පාදනය.ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Takashi Miike විසින්.ඔයාල බලල ඇතිනේ එයාගේ one missed call එහෙම.නිෂ්පාදනය ඔස්කාර් සම්මානලාභී Toshiaki Nakazawa තමයි කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Koji Yakusho(shall we dance),Takayuki Yamada ඇතුළු පිරිසක්. ඇක්ෂන් ෆිල්ම් එකක් කීවට හොඳ කතාවකුත් තියෙනවා මේකේ. 7.6 ක් imdb අගයක් මේ ෆිල්ම් ඒකට ලැබිල තියෙනවා 96% ක rotten tomatoes අගයකුත් ලැබිල තියෙනවා,දැන් හිතෙනවා නේද බැලුවට පාඩු නෑ කියල.
කතාව මෙහෙමයි.ජපානයේ ශෝගුන් පාලන සමයේ ශෝගුන්වරයාගේ සහෝදරයෙක් පිස්සු කෙලින්න ගන්නවා.පොර ගොඩක් කෘර විදිහට තමයි මිනිස්සුන්ට සලකන්නේ.ඒ නිසා ශෝගුන් මධ්‍යම රජයේ ජේෂ්ඨ නිලධාරියෙක් බොහොම දක්ෂ සමුරායි කෙනෙක්ට මේ පිස්සු පොරව මරන්න භාර කරනවා.හැබැයි රහසිගතව.ඔයාලම බලන්නකෝ මෙයාට ඒක කරන්න පුලුවන්ද කියල. උපසිරසි වල අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න.
ඉතින් ජයවේවා

Due to copyright issues, we do not provide any torrent links.
13 Assassins (2010) 720p MKV x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,460 downloadsDownload 13-Assassins-2010.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පියුමාල් දිසානායක
Subtitles
17 comments
Kantha_DLA
Bobby
thank you very much
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි.සහෝ මේ ජපන් live action films ටිකටත් සබ් දෙන්න බලන්න
Death Note (2006),Death Note: The Last Name (2006)
L: Change the World (2008)
ජය වේවා!පියුමාල්
අනිවාර්යෙන්.හෙමීට දෙන්නම්
ඉෂාන් මදුෂ
එලම.ගොඩක් පින්
දමිත්
උපසිරැසියට ස්තුතියි සහෝ..
ජයෙන් ජය..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…...…
praneeth madu
බොහොම ස්තුතියි සහෝ
Himal Hashanka
13.Assassins.(2010).EXTENDED.720p.BRrip mekata sub eka update karala denna puluwanda
Nishan
Thanx bro
Sumudu Nuwan
ela ela
Prasad Randunu
Bohooooma Thuthi.. Thawath Sub ekakin hambemu. Jaya wewa Sahoooo
lakindu sadumina
AO haru ride
kyou koi wo hajimemansu
lupin the 3rd
say i love you kiyana japanese live action movies tikakath sub dennako puluvannam. pattama lassana kata tikak oya. me sub ekata thanks asian film vala tiyanava pattama rasayak.Tharuka54321
720p.BluRay.YTS okata update කරලා denna berida bro, loku deyak apita film eka balanna widyak ne bro sub set wenne ne,,,, please brother,,,,,
Anonymous
Thank you bro
Sasanka sathyajith
Thanks for the sub
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----