මිනිසා කියන්නෙ හරිම පුදුමාකාර නිර්මාණයක්. අපේ පැරණි කටවහරක් තියෙනවා, මිනිසා කියන්නෙ කාලා බලලාවත් තේරුම් ගන්න බැරි සත්වයෙක් කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ මොහොතකට කලින් ඉන්න මිනිසා නෙමෙයි තවත් මොහොතකින් ඉන්නෙ. මම මෙහෙම කියන්නම්. සමහරවිට අපිට කේන්ති ගියාම අපි කියනවා, “මගේ යකා අවුස්සගන්න එපා” කිය…
මිනිසා කියන්නෙ හරිම පුදුමාකාර නිර්මාණයක්. අපේ පැරණි කටවහරක් තියෙනවා, මිනිසා කියන්නෙ කාලා බලලාවත් තේරුම් ගන්න බැරි සත්වයෙක් කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ මොහොතකට කලින් ඉන්න මිනිසා නෙමෙයි තවත් මොහොතකින් ඉන්නෙ. මම මෙහෙම කියන්නම්. සමහරවිට අපිට කේන්ති ගියාම අපි කියනවා, “මගේ යකා අවුස්සගන්න එපා” කියලා. ඔබ මොහොතකට හෝ හිතුවද ඇයි ඔබ එහෙම කියන්නෙ කියලා. නැහැ නේද? සත්‍ය තමයි, අපිටත් නොදැනී, අපේ ශරීරයේ යක්ෂයෙක් ජීවත්වෙනවා. “කේන්තිය’ නම් වූ චිත්තවේගය මූලික කරගනිමින්, අපේ ශරීරයේ ගැඹුරු ආත්මයේ නිද්‍රෝපගතව වෙසෙන්නාවූ “යක්ෂ ආත්මය” අවදි වෙනවා. ඔබ කිසිදා තේරුම් නොගත්, සරල සත්‍ය එයයි. පොඩ්ඩක් ඉන්න…ඔබ විශ්වාස කරනවද, සමහර පුද්ගලයින්ගේ ශරීරයේ ඒ ආකාරයේ තවත් ආත්මයන් කිහිපයක්ම ඉන්නවා කියලා මම ඔබට කිව්වොත්?
විශ්වාස කරන්න ටිකක් අමාරුයි වගේ නේද? මම එහෙනම් මෙහෙම කියන්නම්…එක්තරා පුද්ගලයෙක් තුල, එකිනෙකට වෙනස් ආකාරයේ පෞරුෂයන් විසි තුනක් තියෙනවා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? සමාවෙන්න…විසි තුනක් නෙමෙයි, විසි හතරක්. විසි හතරවෙනි පෞරුෂත්වය මුදා හරින්නයි ඔහු දැන් උත්සාහ කරන්නෙ. ඔබ කිසිදා නොඅසූ විරූ අන්දමේ, අතිශයින් භයානක බිහිසුණු මෘගයෙකු සිය ආත්මයෙන් නිදහස් කිරීමයි ඔහුගේ අභිප්‍රාය වන්නේ…
තම උපන්දින සාදය අවසානයේ, සිය පියා සහ යෙහෙලියන් දෙදෙනෙකු සමගින් නිවස කරා ගමන් කිරීමට සූදානමින් සිටින්නාවූ තරුණියක්…නොසිතූ මොහොතක, මේ තරුණියක් තිදෙනා සිහිසුන්කොට පැහැරගන්නා තරුණයෙක්…තමන් සිටින්නේ කොහෙද, තමන්ව පැහැරගත්තේ කවුරුන් විසින්ද, තමන්ගේ ඉදිරි අනාගතය කෙසේ ලියැවී ඇත්ද…මේ ආදී දහසක් ප්‍රශ්න මධ්‍යයේ, අනේක විදි දුක් කම්කටොලු වලට මුහුණ දෙමින්, කාමරයක සිරකොට තබන්නාවූ නව යොවුන් තරුණියන් තිදෙනාගේ අවාසනාවන්ත ඉරණම කුමන ආකාරයෙන් විසඳේවිද? සමහරවිට ඔබ හිතාවි, මේ ආකාරයේ චිත්‍රපට ඔබ කොතෙකුත් නරඹලා ඇතිද කියා. නැහැ, ඔබ වැරදියි. කිසිම දිනෙක ඔබ මේ ආකාරයේ චිත්‍රපටයක් නරඹා තිබෙන්න හැකියාවක් නැහැ. තවත් සමහරු හිතාවි, මේ චිත්‍රපටය නීරස, කම්මැලි චිත්‍රපටයක් කියලා. මගේ වචනය විශ්වාස කරන්න, ඔබටත් නොදැනීම, ඔබව භීතියෙන් කිලිපොලා යාවි.
Horror, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින් 2017 වර්ෂයේ ජනවාරි මස 20 වෙනි දින නිල වශයෙන් මහජන ප්‍රදර්ශනය ආරම්භ කල චිත්‍රපටයක්…ඇමරිකානු ඩොලර් මිලියන නවයක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූද, මේ සටහන ලියවෙන මොහොත වෙනවිට, 2017 වර්ෂයේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් හිමිකරගත් චිත්‍රපට ලැයිස්තුවේ දහවෙනි ස්ථානය හිමිකර ගනිමින්, ඇමරිකානු ඩොලර් මිලියන 265.4 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සතුකරගෙන ඇති චිත්‍රපටය…මේ වන විටත්, අසූ හයදහස ඉක්මවූ ප්‍රේක්ෂක ජනතා මනාපයෙන් Imdb දර්ශකයේ 7.4 ක ඉහල අගයකින් සමන්විත වන විශිෂ්ඨ සලරුවක්…X-Men: Apocalypse (2016), Victor Frankenstein (2015), X-Men: Days of Future Past (2014), X-Men: First Class (2011) යනාදී ප්‍රකට චිත්‍රපට තුලින් ප්‍රේක්ෂක ඔබ සැම හමුවට සපැමිණි, සම්මානනීය රංගධර, James McAvoy ගේ අති විශිෂ්ට රංගනයෙන් ඔපවත්වී, London Film Critics’ Circle සහ Saturn Awards යන සම්මාන උළෙලවල් හිදී, සම්මාන තුනක් සඳහා නිර්දේශ වී ඇති සුවිශේසී නිර්මාණයක් සමගින් පුරා හෝරා දෙකකට ආසන්න කාලයක් අතරමං වීමට සහෘද ඔබ සැමට කෙරෙන්නාවූ ආරාධනයත් සමගින් අදට ඔබෙන් සමුගැනීමට අවසරයි. හැමදෙනාටම ජයවේවා!!!
ප. ලි. – චිත්‍රපටය සඳහා උපසිරැසි ගන්වා ඇත්තේ, HC HDRiP පිටපතක් සඳහා වේ. නමුත් වගකීමෙන් කියනවා, වෙබ් පිටපතක් හා සමාන ඉහලම ගුණාත්මක තත්වයෙන් යුතු පිටපතක් සඳහායි උපසිරැසි ගන්වා තිබෙන්නේ. ඒ නිසා, චිත්‍රපටය නැරඹීමට කිසිසේත්ම බාධාවක් නැහැ. කොහොම වුනත්, සුපුරුදු පරිදි ගුණාත්මක පිටපතක් නිකුත් වුනු සැණින් උපසිරැසි යාවත්කාලීන කරලා දෙන්න පොරොන්දු වෙනවා.
චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට ලබාදුන් ප්‍රනීත් මධූ සොයුරාට විශේෂ ස්තූතියක් පිරිනමනු ලබනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Split.2016.720p.BluRay.x264-[YTS.AG]
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත
29,989 downloadsDownload Split-2016-BR.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ““සිසිල ප්‍රසාද්” සහ “යුශාන් පියුමාල්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
69 comments
praneeth madu
Ranga Prasanna
සුපිරි එකක් මේක. ලොවෙත් නෑ. ස්තූතියි
Nati
Man asa waragaye fillm eka. Sub ekata thanks
dilan lakmal
Niyami sahodaraya .udema sub eka gatta.film eka download wenna demma.loweth nethiwa eti kiyala hithenawa.thanks bro.
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Udara Damith B/K
නයිස්
tharindu gunarathna
thanks
Samee
Supiri machan.thanx aa
KAVINDA GAMAGE
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
Sanjaya Chathuranga
Patta..... thanks sahoo
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!දමිත්
උපසිරැසියට ස්තුතියි සහෝ..
ජයෙන් ජය..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
mithun
Please bluray apdet
mithun
Please bluray apdet guys..
Pramuditha Damsara
Mchn Me Film eka awilla Sequel ekak me film eka baladi eka awlk wenne na...habai antimata bruce williswa pennala film eka blna apiwa pisu wattana hnda mn pdk hoyla baluwa...
meka blala aniwa Unbreakble(2000) blna.>>>>http://www.imdb.com/title/tt0217869/පැතුම් චතුරංග
තැනකු වේවා මචෝ උපසිරසියට..
තද ඈ..gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
අසිත
elama saho thanks
SB
thank you very much bro..!
silent$
Patttaaaaaaaaaaaaaaaaaa
D.Chamara
බොහොම ස්තුතියි .......නියමයි.....
LAKSHAN
බොහොම ස්තුතියි ……
Amila Mudalige
Sub ekta Thanks saho
Iran
Thank you
Sahodaraya12
Niyamai
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
lakshan
thnx mchan..!!
chamu
බොහොම ස්තූතී සහෝ. ඔන්න මාත් comment දාන්න ගත්තා.
Black pearl
Thanz bokka
Tharindu Athukorala
tnx bro :D
nadun dilhara
elmaaaaaaaa
Virajperera
tnx bro
Thanujaya Bandara
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Dewadithya
Thanks for Sub!
Amalka Himeshan
Thanks sub ekata
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා
Hasantha_Sajeewan
Thanks Bro.
Rukshan37
Ela ela
Sandunprabath1230
Thanks මචං
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
s.s.m
Tz sub ekata.....
Nowty Lahiru
ela
Nilush Angana
Sub ekata thanx
Amila Mudalige
Thanks
hisarashanaka
Ela kollo. Thanks
Vihanga sathsara
thankss brooo...... man 50* wage...
Advertisement

බොහොම ස්තූතියි සහෝ වැඩේ ගොඩ දාලා දුන්නට දෙන්නටම ජය වේවා