කොහොමද කට්ටියට? අවුරුද්දකට විතර පස්සෙ තමයි 19 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තෙ එන්න ලැබුනෙ,මම අන්තිමට උපසිරසි දැම්මෙ In To The Badland ටීවි සීරීස් එකට… ඊට පස්සෙ ඉතින් දිගටම විභාගත් එක්ක බිසී වෙලා හිටයෙ. 🙁 වෙනදා වගේම මේ පාරත් ටිකක් වෙනස් විදියෙ ෆිල්ම් එකක් තමයි ගෙනාවෙ.මේක සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච…

කොහොමද කට්ටියට? අවුරුද්දකට විතර පස්සෙ තමයි 19 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තෙ එන්න ලැබුනෙ,මම අන්තිමට උපසිරසි දැම්මෙ In To The Badland ටීවි සීරීස් එකට… ඊට පස්සෙ ඉතින් දිගටම විභාගත් එක්ක බිසී වෙලා හිටයෙ. 🙁 වෙනදා වගේම මේ පාරත් ටිකක් වෙනස් විදියෙ ෆිල්ම් එකක් තමයි ගෙනාවෙ.මේක සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ජර්මන් ෆිල්ම් එකක්.මීට කලිනුත් මම චිලී,ඩෙන්මාර්ක්,ටර්කිෂ් ෆිල්ම් වලට සබ් දීලා තියෙනවා.ඉතින් වෙනදා වගේම මහන්සි වෙලා පුලුවන් උපරිමයෙන් වැඩේ කලා.. කතා ඇතිනෙ මම ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්.
2015 තිරගත වෙච්ච13 Minutes කලින් කිව්වා වගේ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ෆිල්ම් එකක්,ප්‍රධාන චරිතය තමයි Johann Georg Elser ගොඩදෙනෙක් නම අහලවත් නැතුව ඇති. Elser කියන්නෙ දෙවනි ලෝක යුද්ධ කාලෙ ජර්මනියෙ හිටපු සාමාන්‍ය වඩු කාර්මිකයෙක්. Elser ඉතිහාසයේ වැදගත් චරිතයක් වෙන්නෙ ඒ සමයෙ ලෝකෙම බියපත් කරපු හිට්ලර්ව මරන්න Elser උත්සාහ කරන නිසා.වැදගත්ම දේ තමයි Elser කියන්නෙ යුදෙව්වෙකුත් නෙමෙයි.අන්තිමේදි පුංචි හේතුවක් නිසා Elserගේ උත්සාහය අසාර්ථක වුනාට මේ කතාව ඇතුලෙ සාමාන්‍ය මිනිහෙක් වෙච්ච Elserට තිබ්ච්ච දැඩි ආත්ම විශ්වාසය, අසාධාරණයට එරෙහිව නැගී සිටීම වැනි දේවල් බොහොම ලස්සනට පෙන්නල දීලා තියෙනවා.ඒ වගේම අනෙක් ජර්මානුවන් වගේ යුදෙව්වන්ට වෙනස් විදියකට සලකන්නත් Elser උත්සාහ ගන්නෙ නැහැ. Elser තමන්ගෙ පෞද්ගලික ජීවිතය අමතක කරලා ජර්මනිය හිට්ලර්ගෙන් බේර ගන්න තමයි උත්සාහ කරන්නෙ.කොහොම වුනත් ඒ අසාර්ථක උත්සාහයත් එක්ක Elserගේ ජීවිතය බොහොම ඛේදජනක විදියට අවසන් වෙනවා. මම මීට වඩා විස්තර කියන්න යන්නෙ නැහැ, ඉතිරි විස්තර ඔක්කොම ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.මේ ෆිල්ම් එකට 7.0 ඉහල IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම Bavarian Film Awards වලදී හොඳම නිශ්පාදනයට හිමි සම්මානයත් දිනාගන්න13 Minutes සමත් වෙලා තියෙනවා.
අවසාන වශයෙන් ෆිල්ම් එක බලන්න කියලා බයිස්කෝප් රසිකයන්ට ආරාධනා කරනවා. අනිත් දේ තමයි අපි කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයිනෙ මේ දේ කරන්නෙ ඉතින් ඔයාලට අපිට දිරි ගන්වන්න තියෙන එකම ක්‍රමය තමා සබ් එක ඩවුන්ලෝඩ් කරන ගමන් පහලින් කමෙන්ට් එකකුත් දාන එක.ඒක හින්ද සබ් එක ඩවුන්ලෝඩ් කරනවා වගේම කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉක්මනටම තව ෆිල්ම් එකකුත් අරගෙන එනකම් කාටත් ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
13.Minutes.2015.DVDRip.x264-GHOULS
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,888 downloadsDownload 13-Minutes-2015.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
33 comments
Dhanushka
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!kumara
බොහොම ස්තූතියි.... ජය වේවා
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට
the man in the high castle season 2 සබ් දෙන්න බලන්න
ජය වේවා!සනත් ගුණතිලක
watinakama thiyenne me wage film walata sub dena ekei.. ubata jaya.. parana films walatama sub deegena palayan kollo..
1. Smokin’ Aces (2006) imdb 6.7
2. The curious case of Benjamin Button (2008) imdb 7.8
3. Green Zone (2010) imdb 6.9
4. Full metal Jacket (1987) imdb 8.3
5. Incendies (2010) imdb 8.1
6. Public Enemies (2009) imdb 7me thiyenneth thawamath sinhala sub nethi supiri movie tikak. puluwannam mewatath sub ekaka denna balanna.. thanks
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanath Perera
thaks bro...
patta kathawak wage....
jayen jaya...SagA
Thank you mchn. Keep i up the good works (y)
Janaka
Thanks for Hard work.
indunil
thank u for sub...
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.dushan
උපසිරැසියට බොහෝම ස්තුතියි !
saman
thanks dear
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.......!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
BhashithU
^^!_ :D Thanks for the Sinhala sub.... :cool: _!^^
^^!_ :P CheerZ 4 baiscopeLK... ;) _!^^Amila
Huta into tha badland eke sub tibbada man sub nethuwa beluwe ela ela
pasindu
i want doctor strange or assassins creed movie subtitle
thanks for subKasun chathuranga
Thanks sahodaraya
Sachintha Senarath
Fatta saho. Ohoma yan saho. Ela ela. All The Best
M.B.H.M Marasinghe
THANK YOU V.MUCH BROOOWWW...!!!
Tharindu
Thank You......!!! (Y)
Para
Thank You ........... all the best..!
nidi
උදාර, ගොඩක් ස්තුතියි හරිම ලස්සන- හරවත්- රසවත් චිත්රපටයකට උපරිම සාධාරණ විදියට සබ්ස් දීම ගැන!
Tharindu Athukorala
මේ වගේ ෆිල්ම් නම් ෆට්ට.. ජය
Mahesh Gunawardana
THANKS
bssdissa
බොහොම ස්තුතියි සහෝ
ricadodamien
Thank you Udara Brother & Baiscope Team for the SUB, All the best to baiscope team.......
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
nimeshthanushka
please litle 2019 kiyana film akata sub dhennna.
manjula
පරණ එකකවත් සබ් වැඩ කරන්නේ නැ . අලුතින් එන අයට මේ පේජ් එක වැඩක් නැති වෙනවා ඒ නිසා
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!