නමේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් කෑල්ලක් නොතිබුනාට, මේ ෆිල්ම් එකේ තියෙන්නේ එයාගෙ කතන්දරේ තමා. 1492 දී තමා ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකන් මහාද්වීපයේ තියෙන බහමාස් දූපත් වලට පළමු ඓතිහාසික චාරිකාව යන්නෙ. හැබැයි බහමාස් කියන්නෙ උතුරු සහ දකුණු ඇමරිකා මහාද්වීප අතර තියෙන දූපත් ටිකක් මිසක් ප්‍රධාන ගොඩබිම නෙවෙයි. ඒ…

නමේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් කෑල්ලක් නොතිබුනාට, මේ ෆිල්ම් එකේ තියෙන්නේ එයාගෙ කතන්දරේ තමා. 1492 දී තමා ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකන් මහාද්වීපයේ තියෙන බහමාස් දූපත් වලට පළමු ඓතිහාසික චාරිකාව යන්නෙ. හැබැයි බහමාස් කියන්නෙ උතුරු සහ දකුණු ඇමරිකා මහාද්වීප අතර තියෙන දූපත් ටිකක් මිසක් ප්‍රධාන ගොඩබිම නෙවෙයි. ඒ ප්‍රධාන ගොඩබිමට මුලින්ම යන්නෙ කොලොම්බස් නෙවෙයි. Amerigo Vespucci කියල වෙනත් ගවේෂකයක්. එයත් කොලොම්බස්ගෙ සමකාලීනයෙක්.
හැබැයි කොලොම්බස් කියන්නෙ තමන් හොයාගත්ත, ඒ කියන්නෙ යුරෝපයට නිරාවරණය කළ ඇමරිකන් මහාද්වීපයේ දූපත් වල ස්වදේශිකයන්ට ගොඩක් හිරිහැර කරපු දරඳඩු නපුරු මිනිහෙක් කියල තමා ඓතිහාසික සාක්ෂි බැලුවම එළි වෙන්නෙ. එයා හොයාගත්ත දූපත් වල යුරෝපීය කොලනි ඇති කරල ඒවා කළමනාකරණය කිරීමේ වගකීම ස්පාඤ්ඤයේ පළමු ඉසබෙලා රැජින විසින් කොලොම්බස්ටම භාර කළත්, කොලොම්බස්ගෙ කළමනාකරණ දුර්වලතා නිසා ඒ දූපත් වල පිහිටවපු යුරෝපීය කොලනි වල පසුකාලීනව විවිධ ගැටුම් ඇති වෙලා අන්තිමට ඉසබෙලා රැජිනට සිද්දවෙනවා කොලොම්බස්ව ආපහු මව් රටට ගෙන්නගෙන, වෙනත් නිලධාරියෙක්ව ඒ තනතුරට පත් කරන්න.
මේක බලල මේ ගැන කරුණු හොයද්දි තේරුම් ගත්ත තව දෙයක් තමා කොලොම්බස් ඇමරිකන් මහාද්වීපය හොයාගන්නෙ ඇත්තටම එයා “බොරුවක්” ඇත්ත කියල විස්වාස කරපු නිසයි කියන එක. ඒක මෙහෙමයි. ඉස්සර, ඒ කියන්නෙ ඔය පහලොස් වැනි සියවසේ වගේ යුරෝපීය ජාතිකයින් ලෝකය ගෝලාකාරයි කියල තේරුම් අරන් තිබ්බත්, එයාලගෙ ලෝක ගෝලෙ ඇමරිකාව කියන සම්පූර්ණ භූමි ප්‍රදේශයම තිබුන් නෑ. එතකොට, කොලොම්බස් හිටිය රටේ, ඒ කියන්නෙ ස්පාඤ්ඤයේ, කෙනෙකුට චීනයට හෝ චීනය හරහා ඉන්දියාවට යනව නම්, ඒක මැදපෙරදිග හරහා ගොඩබිමෙන් හෝ අප්‍රිකානු මහාද්වීපය වටේ ගිහින් තමා යන්න වෙන්නෙ.
ඔය කාලෙ වෙද්දි යුරෝපයේ දැනුමැති පුද්ගලයින් අතර පෘථිවියේ වටප්‍රමාණ ගැන මත වාද දෙකක් තිබ්බා. ඒ කියන්නෙ ලෝකයේ වටප්‍රමාණය ගැන ඉල්ක්කම් දෙකක් තිබ්බ. එයින් ප්‍රධාන මතය අනුව, ලෝකෙ වටප්‍රමාණය මයිල 22000ට වඩා වැඩි විය යුතුයි. ඒක ඇත්ත නම්, චීනයට හෝ ඉන්දියාවට වැනි පෙරදිග රටකට යුරෝපයේ සිට මුහුද හරහා යෑම, ඒ කියන්නෙ රුවල් නැවක නැගල බටහිර දෙසට ගමන් කරන නැවියෙකුට යන්න සිද්දවෙන දුර ප්‍රමාණය අති විශාලයි. ඒ වගේ දුර ගමනකට ගෙනියන්න සිද්දවෙන පානීය ජලය වගේ දේවල් සැලකුවාම ඒ ප්‍රමාණත් සෑහෙන විශාලයි. ඒ නිසා, බටහිර දෙසට මුහුද හරහා නැවකින් ගිහින් පෙරදිගට සේන්දු වීම කියන්නෙ “කළනොහැකි” දෙයක් කියල තමා පොදු පිළිගැනීම වුනේ.
හැබැයි තවත් මතයක් තිබ්බා, ලොකෙ වටප්‍රමාණය මයිල විසිදාස් ගාණක් නෑ ඊට බොහොම අඩුයි කියල. ඒ මතවාදයට අනුව ගණන් බැලුවම, ස්පාඤ්ඤය වගේ රටකින් නැව් නගින කෙනෙකුට මයිල තුන්දාහක් විතර මූද හරහා බටහිරට ගියොත් පෙරදිග ගොඩබිම් හමුවිය යුතුයි. දැන් අපේ කතානායක, කොලොම්බස් ස්තිරවම විස්වාස කළේ ඔය මයිල තුන්දාහෙ කතාව. ඒක ඇත්ත නම් සහ ඒ හරහා පෙරදිගට මින් පෙර කවුරුත් නොගිය මුහුදු මාවතකින් යන්න පුලුවන් නම්, ඒක වෙළෙඳාම් වලට ලොකු වාසියක්. අන්න ඒක හිතල තමා කොලොම්බස් ඒ අවධානම අරන්, ඉසබෙලා රැජිනගෙ අනුග්‍රහයත් ඇතුව නැව් නගින්නෙ. පෙරදිග නොහොත් ඉන්දියාව, චීනය/ජපානය වගේ රටක් හම්බෙයි කියල හිතාගෙන තමා එයා යන්නෙ. හැබැයි හම්බෙන්නෙ ඇමරිකාව. වැරදිලාවත් ඇමරිකාව කියල ගොඩබිමක් එතන පිහිටල තිබුන් නැත්තං, ඇත්තටම කොලොම්බස් ඇතුලු පිරිසට පෙරදිග රටවල් හම්බෙන්නෙ මයිල විසිදාහකට කිට්ටු දුරක් මූද හරහා ගියොත් තමා මොකද ඒක තමා හරි අගය. මයිල තුන්දාහෙ කතාව, පෘථිවියේ වටප්‍රමාණය වැරැදියට ගණනය කිරීමෙන් ආපු අගයක්. කොහොමෙන් කොහොම හරි , බොරුවක් ඇත්ත කියල හිතාගෙන, වෙළෙඳ වාසි ගන්න ගිය ගමනේ ප්‍රතිඵලය උනේ බහමාස් කියල දැන් හඳුන්වන දූපත් වලට කොලොම්බස් ගොඩබැසීම. එතනින් එහාට සිද්දවෙන දේවල් ටික තමා මේ ෆිල්ම් එකේ කතන්දරේ තියෙන්නේ.
මම මේ චිත්‍රපටය තෝරගන්න එකම හේතුව මේකෙ තියෙන සංගීත රසය. මේකෙ තියෙන සංගීත ඛන්ඩය මම සෑහෙන්න හෙව්වා.හොයන්න ඒකෙ නම වත් දැනන් හිටියෙ නෑ .පලවෙනි පාරට මට ඒ සංගීත ඛන්ඩය ඇහුනෙ 2011 ICC Cricket World Cup එකේ ඉන්දු පකිස්තාන මැච් එක දවසෙ ටීම් දෙක ග්‍රවුන්ඩ් එකට එද්දි පසුබිම් වාදනයක් හැටියට.එදා ඉදන් මම මේ සංගීත ඛන්ඩය හෙව්වා.ඇත්තම කිව්වොත් ඒක ඇහෙද්දි අමුතුම විදිහෙ හැගීමක් එන්නෙ කොටින්ම කිව්වොත් ඇගේ මයිල් කෙලින් වෙන විදිහෙ සංගීත ඛන්ඩයක්. අවාසනාව කියන්නෙ ඒ ශ්‍රේෂ්ඨ සංගීතඥයා දිවි ගමනට සමු දුන්නා පහුගිය මැයි මාසෙ.

ඔහුගේ නම ඇහුව ගමන් ඔහු කවුද කියන එක ඔබට මතක් නොවෙන්න පුලුවන්. නමුත් ඔහු නිර්මාණය කළ සංගීත ඛණ්ඩ ඇහුවොත් නම් ඔහු කවුද කියන දේ ඔබට අනිවාර්යෙන්ම දැනේවි. Vangelis කියන්නෙ ග්‍රීක ජාතික සංගීතඥයෙක්. ඔහු චිත්‍රපට ගණනාවකටම සංගීතය සැපයුවා. 1981 වර්ෂයේ දි ඔහු Chariots of Fire චිත්‍රපටයේ සංගීත නිර්මාණය වෙනුවෙන් ඔස්කාර් සම්මානය පවා දිනාගන්නවා. මේ තියෙන්නෙ ඔහු සංගීතය සැපයූ චිත්‍රපට කිහිපයක්.
🎼 Blade Runner
🎼 1492 : Conquest of Paradise
🎼 Chariots of Fire
🎼 Antarctica
🎼 Alexander
මේ අතරින් Riddley Scott ගේ 1492 : Conquest of Paradise චිත්‍රපටයේ Conquest of Paradise සංගීත ඛණ්ඩය නම් ඔබ අනිවාර්යෙන් අසා ඇති. මොකද ඉස්සර යුද්ධෙ කාලෙ එහෙම ප්‍රවෘත්ති විකාශය අතරෙ මේ සංගීත ඛණ්ඩය අහන්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේ ඉන්දියාවේ හා පාකිස්ථානයේ ජාතික ගී ගායනා කිරීමට පෙරත් මේ සංගීත ඛණ්ඩය වාදනය කරා. 2002 වර්ෂයේ FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ නිල ගීතය සම්පාදනය කරෙත් Vangelis.
Vangelis ගෙ සංගීත ඛණ්ඩ අතරින් මං පෞද්ගලිකව වඩාත්ම ප්‍රිය කරන්නෙ Alexander චිත්‍රපටයේ Across The Mountains සංගීත ඛණ්ඩයට. එය බොහොම ලස්සන වගේම හැඟීම්බර සංගීත ඛණ්ඩයක්. චිත්‍රපටිය නැරඹුව අය නම් ඒකෙ හැඟීම හොඳටම දන්නවා ඇති. Vangelis අභාවප්‍රාප්ත වුණා කියන ආරංචියෙන් පස්සෙ Across The Mountains අහද්දි ඒක දැනෙන්නෙ හරිම වෙනස්ම විදියකට. මේ ගෙවෙන්නෙ අපේ ජීවිත නේද. අපේ පුංචි කාලෙ හැඩකරපු ශ්‍රේෂ්ඨ මිනිසුන් වයසට යන හැටි, සමහරු මිය යන හැටි අපිට බලන් ඉන්න වෙනවා නේද. අපි අමරණීය වුණොත් ඒක කොහොම දැනෙයිද ඉතින්, අමරණීයත්වය එක්තරා ආකාරයක සාපයක් නෙමෙයිද?
ශ්‍රේෂ්ඨ මිනිසුන් නම් අමරණීයයි. නමුත් ඒ ශරීරයෙන් නෙමෙයි. ශ්‍රේෂ්ඨ මිනිසුන් මිය ගියත් ඔවුන්ගේ මතකය ජීවත් වන්නන්ගේ සිත් තුළ සදා අමරණීය වනවා. Vangelis ගේ සංගීතය සමගින් අපේ කුඩා කාලයත් අපි මිය යන තෙක්ම අපේ මතකයන් තුළ රැඳිලා තියේවි. ඉතින් ඔබ නැවත Vangelis ගේ සංගීත ඛණ්ඩ අහනවා නම් අතීතයේ මතක නැවත සිහියට ගන්න. මතක තියාගන්න, මේ ගෙවෙන කිසිම මොහොතක් ආයි එන්නෙ නෑ. ඒ නිසා වර්තමානයේ දී කලාව විඳින්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,172 downloadsDownload 1492_.Conquest.of_.Paradise.1992.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන්
Subtitles
21 comments
Anonymous
Anonymous
Thanks kolla jaya wewa
Anonymous
❤️
හේමන්ත
ස්තුතියි ලක්ෂාන්....
කරප කරලා මහන්සි වෙලා අපි වෙනුවෙන් සේවයක් කරනවාට අමතරව ඉතෙ වැදග් වාස්තරයකුත් සම්පාදනය කරනවාට.හේමන්ත
ස්තුතියි ලක්ෂාන්....
කාලය කැප කරලා මහන්සි වෙලා අපි වෙනුවෙන් සේවයක් කරනවාට අමතරව ඉතා වැදගත් විස්තරයක් සම්පාදනය කරනවාට.Anonymous
❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks Brother
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Prabath
Thanks Brother...
Bandara
ලක්ෂාන්... සිනමා සංගීතය ගැන ලියපු මටහන ඉතා අගෙයි...මමත් ගොඩක් සිනමා පට නෙත ගැටී ඇත්තෙ මේ සංගීකය නිසාමයි. මේ චිත්‍රපටියත් ඒ වගේ එකක් ගායකය ජීවතුන් අතර නැතත් වඑන නොතේරුනත් කොච්චර රස වින්දත් මදි ...https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.co…
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි චානක සොයුර …..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Anonymous
Enola Holmes 2 subtitles plz
Anonymous
ලක්ෂාන්..., ඉල්ලීමක් කරන්න කැමතියි. Chariots of Fire (1981) එකේ video copy එකත් sub එකත් තියෙනවා net වල. (Timing නම් අවුල් වගේ)
විවේක වෙලාවක ඒකෙ සිංහල සබ් එකත් දෙන්නකො.
තව හොයාගන්න පුලුවන්නම් Alrxander.
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
හේමන්ත
ලක්ෂාන්..., ඉල්ලීමක් කරන්න කැමතියි. Chariots of Fire (1981) එකේ video copy එකත් sub එකත් තියෙනවා net වල. (Timing නම් අවුල් වගේ)
විවේක වෙලාවක ඒකෙ සිංහල සබ් එකත් දෙන්නකො.
තව හොයාගන්න පුලුවන්නම් Alrxander.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Nishan
උපසිරැසියට ස්තුතියි සහෝ
viraj
thanks..........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Supiri