Watch Trailer

Brahmastra Part One: Shiva (2022) Sinhala Subtitles | ආලෝකය සොයා…!!! [සිංහල උපසිරසි]

ජීවිතය ටිකක් අඳුරු වෙනකොට… ආලෝකය සොයා ගන්න. ආලෝකය.. අපි හැමෝගෙම අඳුර එක්ක සටන් කරන එලියට කියන නමක්. ඒක විශේෂ බලයක්/ශක්තියක්. අපේ ජීවිතයට පණක් ගෙනල්ලා දෙන. ආලෝකය හොයාගන්න පුළුවන්, අම්මා ළඟ, දරුවන්ගේ සිනහව තුළ. සංගීතය තුළ. පිරිසිදු හදවතකින් බැලුවහොත්, හැම තැනකම ආලෝකය හොයාගතහැකි. ඉතින්… ආලෝකය සොයන්න ද…

ජීවිතය ටිකක් අඳුරු වෙනකොට…
ආලෝකය සොයා ගන්න.
ආලෝකය..
අපි හැමෝගෙම අඳුර එක්ක සටන් කරන
එලියට කියන නමක්.
ඒක විශේෂ බලයක්/ශක්තියක්.
අපේ ජීවිතයට පණක් ගෙනල්ලා දෙන.
ආලෝකය හොයාගන්න පුළුවන්,
අම්මා ළඟ, දරුවන්ගේ සිනහව තුළ.
සංගීතය තුළ.
පිරිසිදු හදවතකින් බැලුවහොත්,
හැම තැනකම ආලෝකය හොයාගතහැකි.
ඉතින්…
ආලෝකය සොයන්න දිගටම.
මොකද ආලෝකය හම්බවෙන හැම වෙලාවකම…
එය ඔයාට මතක් කරලා දේවි… මේක තමයි ජීවිතේ කියලා.
ඒ ජීවිතය ලස්සනයි කියලා.

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලුම දෙනාට. 2022 වසරේ අති සාර්ථකම ඉන්දියානු චිත්‍රපටය මෙන්ම බොලිවුඩ් සිනමාව වාණිජමය වශයෙන් යලි පිබිදීමක් ඇති කරමින් නැගීසිටින්නට හේතු වුනු දශකයක පමණ වෑයමකින් පසුව සිනමා ලෝකයට එකතු වුනු දැවැන්ත, කවුරුත් බලන්න ආසාවෙන් මග බලාගෙන හිටපු චිත්‍රපටයක් අරගෙනයි අද මම බයිස්කෝප් අඩවියට ගොඩ වදින්නේ. Astraverse සිනමා විශ්වයට අයත් Brahmastra චිත්‍රපට මාලාව ඇතුලත් හින්දු පුරාවෘත්තයන් සහ එහි සඳහන් වන අස්ත්‍ර එනම් විශ්වයේ තිබෙන අධියාත්මික හා ගුප්ත බලයෙන් පිරුණු, නිශ්චිත පුද්ගලයෙකු විසින් පමණක් පාලනය කල හැකි අධිස්වාභාවික ආයුධයක් වැනි දෙයක්, මූලික කරගෙන තැනුණු චිත්‍රපට ත්‍රිත්වයකයකින් යුතු චිත්‍රපට මාලාවක්. මෙය ඉන්දීය සිනමාවට අලුත්ම අද්දැකීමක් වන අතර සාමාන්‍යයෙන් එම පුරාවෘත්ත කතා මිනිසුන් පොත් පත් වලින් පමණක් කියවා ඉගනගෙන ගන්නා අතර මේ ආකාරයේ සිනමාවකට එය නැගීමට උත්සහ කිරීම සිනමාවට සහ ප්‍රේක්ෂකයින්ට අලුත්ම අද්දැකීමක් වූවා. ඉතිං අතිසාර්ථකව තිරගතවීම අවසන් කල බ්‍රහ්මාස්ත්‍ර චිත්‍රපටය පසුගියදා ඩිජිටල් අවකාශයට මුදා හැරුනා. fantasy action-adventure චිත්‍රපට ඝනයට අයත් වන. සිනමාවට නගන්න එතරම් පහසු මාතෘකාවක් නොවන මෙම චිත්‍රපටය රිදී තිරය වෙත ගෙන එන්න බොහෝ කලක් ගත වූ අතර පළමු නිවේදනය නිකුත් කල දිනයේ පටන්ම උපසිරැසි ගැන්වීමට උනන්දුවක් මටත් තිබුනා. ඉතිං මේ අස්ත්‍ර, හින්දු පුරාවෘත්ත සහ ඒවා මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන විදිහ ගැන තොරතුරු ඇතුලත් කරලා දීර්ඝ ලිපියක් ගේන්න බලාපොරොත්තුව තිබුනත් හොයාගත්තු හැමදේම අකුරු කරන්න කාලය නොමැති වීම නිසා පොඩි ලිපියකට යන්න සිද්ධ වීම ගැන පසු තැවීමකින් යුතුව උවද කියන්න වෙනවා. ඒ දේවල් ගැන විස්තර විකිපීඩියාහි චිත්‍රපටයේ පිටුවේද අඩංගු වන අතර උනන්දුවක් තිබෙන කෙනෙක්ට ඒවා කියවන්න කියල ඉල්ලා සිටිනවා.

Arjuna uses the Agneyastra against Angaraparna

Arjuna gifts the Agneyastra to the Gandharva

Brahmāstra: Part One – Shiva

Wake Up Sid සහ Yeh Jawaani Hai Deewani වැනි අමතක නොවන නිර්මාණ අප වෙත ගෙන ආ අයාන් මුකර්ජී, නැවත වරක් ඉන්දියානු සිනමාව වෙනුවෙන් කිසිවකු අත නොගැසූ චිත්‍රපටයක් වෙත ඉහත චිත්‍රපටි අවසන් වූ සැනින්ම යොමු වනවා. දිගු කාලයක පරිශ්‍රමයකින් අනතරුව මෙහි නිෂ්පාදන කටයුතු 2018 වර්ෂයේදී ආරම්භ වනවා. මෙය කොටස් තුනකින් සමන්විත film trilogy එකක් ලෙස පළමු නිවේදනයේ සිටම ධර්මා ආයතනය විසින් තහවරු කරන අතර මෙය ඉන්දියානු සිනමාවේ සිනමා විශ්වයක් ලෙස සඳහන් කල හැකියි. එය Astraverse ලෙස නම් කර තිබෙනවා. අප ලෝක සිනමාව දෙස අවදානය යොමු කලොත්, Marval සහ DC මෙන්ම තවත් විවිධාකාරයේ සිනමා විශ්වයන් තිබෙන අතර එම චිත්‍රපට බොහෝ සෙයින් superhero ගණයට අයත් වූවත්, Brahmastra එම බටහිර චිත්‍රපට ක්‍රියාදාමය මුළුමනින්ම අනුගමනය කරන්නේ නැහැ. මුලින්ම කියන්න ඕන මේක කීයටවත් ඉහත සඳහන් කල Marval, DC සුපර් හීරෝ කෙනෙක් දකින බලාපොරොත්තුවෙන් නම් බලන්න. මේක සම්ප්‍රදායික හින්දු පුරාවෘත්ත, අධ්‍යාත්මික බල, දෙවියන්, මිත්‍යා මත, වගේ විවිධාකාරයේ දේවල් එකතු කරලා දැවැන්ත VFX තාක්ෂණයක් පාවිච්චි කරලා දක්ෂ ලෙස ගලපලා හදපු මනඃකල්පිත කතාවක්.

අයාන් මුකර්ජි මෙම චිත්‍රපටයට මූලික වෙච්ච මාතෘකා ගැන ගැඹුරු අධ්‍යයනයකින් පස්සේ චිත්‍රපටයේ තිර පිටපත ගොඩනගන්න අත ගහන්නේ 2012/13/14 කාලයේදී මුල සිටම මේ චිත්‍රපටයේ තරම ගැන ඔහුට අවබෝධයක් තිබුණු අතර මේ කතාව සිනමාවට ගන්න නම් චිත්‍රපටය කොටස් කීපයටකට නගන්න වෙන බව ඔහු දැන සිටියා. නමුත් ඒ වනතුරු ඉන්දීය සිනමාවේ දැවැන්ත VFX බාවිතයක් සහ එයත් කොටස් කීපයක චිත්‍රපටයක් සඳහා අඩු තරමේ ප්‍රයත්නයකවත් යෙදී සිටියේ බාහුබලි අධ්‍යක්ෂක S.S. Rajamouli පමණයි. නමුත් ඒ වෙද්දීත් බාහුබලි නිකුත් වී තිබුනේවත් නැහැ. බාහුබලි සාර්ථකත්වයත් සමග අයාන් වැනි නිර්මාණකරුන්ගේ නිර්මානාත්මක හැකියාවන් උරගා බැලීමට අවකාශයක් විවර වූ අතර ඉන් පසු මෙම චිත්‍රපටය වෙනුවෙන් ධනාත්මක අදහසක් සිනමා කර්මාන්තය තුල අවදි වනවා. මුල සිටම පළමු කොටසේ ශිවා සහ ගුරුජීගේ චරිත වලට රන්බීර් සහ අමිතාබ් බච්චන් ඔහුගේ පළමු තේරීම වී තිබුනා. මෙන්ම ආලියා ටික කලකට පසුව ඊශා චරිතය සඳහා අයාන් විසින් තෝරාගන්නවා රන්බීර් නම් ඒ වෙද්දීත් බොලිවුඩයේ ප්‍රමුඛ පෙලේ ස්ථාවර නළුවකු වූ අතර ආලියා සිනමාවට පිවිසියා පමණයි. කෙසේ වෙතත් චිත්‍රපටයත් එක්කම ඔවුන් වයසට යාම සහ සිනමාව තුල පරිනත වීම සිදුවී තිබෙනවා. චිත්‍රපටය රූගත කිරීම් වසර 2018 සිට 2022 මාර්තු දක්වා වසර හතරක් තිස්සේ Bulgaria, London, New York City, Edinburgh, Thailand, Manali, Mumbai සහ Varanasi ඇතුළු රටවල් ගණනාවක ස්ථානයන්හි රූගත කොට තිබෙනවා. චිත්‍රපටය තුල කැපී පෙනෙන ප්‍රධාන සාධකයක් වන්නේ මෙහි ක්‍රියාදාම දර්ශන සහ ReDefine සහ DNEG මෙන්ම Prime Focus ආයතන විසින් සිදු කළ VFX.

ඔස්කාර් සම්මාන ලාභී VFX ආයතනයක් වන DNEG ආයතනය පවසන ආකාරයට මෙය ලොව වැඩිම VFX දර්ශන භාවිතා කරපු චිත්‍රපටයක් වන අතර මෙහි VFX Shots 4500 ක් පමන තිබෙන බව ඔවුන් සඳහන් කරනවා, විශේෂම කාරණය නම් මෙතරම් දැවැන්ත ව්‍යාපෘතියක් වන Brahmastra trilogy එක(චිත්‍රපට ත්‍රිත්වය) සැලසුම් කරනවිට අයාන් මුකර්ජිට වයස අවුරුදු 29 ක් පමණයි! සිනමාකරණය V. Manikandan, Pankaj Kumar, Sudeep Chatterjee, Vikash Nowlakha සහ Patrick Duroux විසින් ඇගයීමට ලක්විය යුතු කාර්යයක් සිදු කර තිබෙනවා. එමෙන්ම Simon Franglen විසින් චිත්‍රපටයේ පසුබිම් සංගීතය හැඩගන්වා තිබෙන අතර ගීත සඳහා Pritam සංගීත අධ්‍යක්ෂණයෙන් එක්ව කැපී පෙනෙන කාර්යභාර්යයක් ඉටු කර තිබෙනවා.

විශේෂයෙන්ම කියන්ට ඕන. මේ චිත්‍රපටය වෙනුවෙන් ආරාධිත රංගනයෙන් කින් කාන් ශාරුක් කාන් සහ තෙලුඟු සිනමාවේ ප්‍රවීණ නළු නාගර්ජුන මෙන්ම ඩිම්පල් කපාඩියා රංගනයෙන් එක්වන අතර ඔවුන්ගේ තිර කාලය චිත්‍රපටය වෙනමම ලෙවල් එකකට අරගෙන යන්න සමත් වෙනවා. එමෙන්ම දීපිකා පදුකෝන්ද මෙහි ආරාධිත රංගනයෙන් එක්වන බව නිල නොවන වශයෙන් කතාබහ වූවාට චිත්‍රපටයේ දීද ඒ බව සඳහන් කිරීමක් සිදු වන්නේ නැහැ. නමුත් දීපිකා යැයි අනුමාන කල හැකි චරිතයක් චිත්‍රපටයේ Uncredided වශයෙන් තිබෙන බව දැකගන්නට හැකියි. ඒ ගැන ඉදිරියේදී නිල වශයෙන් දැනගන්නට ලැබේවි. චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතයකට ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී නිලි මෞනි රෝයිද මේ සඳහා රංගනයෙන් දායක වනවා. එමෙන්ම ඇය කැපී පෙනෙන කාර්යයක් සිදු කරන බවත් පෙනෙන්නට තිබෙනවා.

◘ චිත්‍රපට ත්‍රිත්වයකයකින් යුතු චිත්‍රපට මාලාවක මුල් චිත්‍රපටය විදියට මේ චිත්‍රපටය නිර්මාණය වන අතර බ්‍රහ්මාස්ත්‍ර චිත්‍රපටයේ පළමු වන්න Part One :Shiva ලෙසින් පැය 2යි මිනිත්තු 45ක ධාවන කාලයකින් යුතුව පසුගිය සැප්තැම්බර් 09 වනදා සිට ලොවපුරා තිරගතවීම ආරම්භ වනවා.
◘ මෙය, 2018 දි නිකුත් වුනු ‘සංජු’ චිත්‍රපටයෙන් අවු. 4කට පස්සෙ රිලීස් වෙන රන්බීර්ගෙ දෙවන චිත්‍රපටය. (Shamshera චිත්‍රපටය මීට මසකට පමණ පෙර නිකුත් වූ අතර එය සාර්ථක ප්‍රතිචාර දිනාගන්නට සමත් වන්නේ නැහැ) 2003දි නිකුත් වුනු LOC: Cargil චිත්‍රපටයෙන් අවුරුදු 19කට පස්සෙ නාගර්ජුනා බොලිවුඩ් නිර්මාණයකට දායකවෙන පළමු අවස්ථාව.
◘ සැබෑ ජීවිතේ අඹු සැමියෝ වුනාට රන්බීර් සහ ආලියා රිදී තිරේදි එක්ව රංගනයේ යෙදෙන මුල්ම චිත්‍රපටය මේක. (ඔවුන් දෙදෙනා ආදරේ කරන්න ගත්තෙත් මෙහි රූගත කිරීම් වලදී බව සඳහන් වනවා)
◘ රන්බීර් හෝ ආලියා දෙදෙනාම අමිතාබ් බච්චන් සමගින් මීට පෙර චිත්‍රපටයක එක්ව චරිත නිරූපණය කර නැහැ.
◘ බොලිවුඩයේ තුන්වනුවට වැඩිම පිරිවැයක් යොදා නිර්මාණය කරපු චිත්‍රපටය.
◘ VFX මීට පෙර බොලිවුඩ් චිත්‍රපටවලින් දක්නට නොලැබුණු තරමේ හොඳ ගුණාත්මකභාවයකින් යුතුව නිර්මාණය කර තිබෙන අතර VFX නිර්මාණය කර තිබෙන්නේ ඔස්කාර් සම්මානලාභී VFX ආයතනයක් වන DNEG සහ ReDifine මෙන්ම ඉන්දියාව කේන්ද්‍ර කරගෙන මුම්බායිහි පිහිටුවා තිබෙන Prime Focus ආයතනය. මීට පෙර ඉංදියන් සිනමාවේ VFX මෙතරම් දැවැන්ත මට්ටමක තිබුන චිත්‍රපට ලෙස සැලෙකෙන්නේ, Maghadeera, Ra.One, Eega, Enthiran, Krrish 3, Dhoom 3, Baahubali 1/2, 2:0, Shivaay, Fan, Zero, RRR, වැනි චිත්‍රපටයි.
◘ සැප්තැම්බර් 09 චිත්‍රපටය ලොවපුරා තිරගතවීමෙන් අනතුරුව සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වෙමින් අවසානයේ ලොවපුරා ආදායම ඉන්දියානු රුපියල් කොටි 431කට අධික මුදලක් ඉපයූ අතර එය KGF2, RRR චිත්‍රපට වලින් පසු වැඩිම ආදායමක් ඉපයූ ඉන්දියානු චිත්‍රපටය බවට පත් වනවා. මේ වනවිට මනිරත්නම්ගේ Ponnian Selven ඊට වඩා ආදායමක් බොහෝවිට උපයාගෙන එම ස්ථානයට ලඟා වී තිබෙන්නට ඉඩ තිබෙනවා.

Brahmastra චිත්‍රපටයේ දෙවැනි කොටස Brahmāstra: Part Two – Dev ලෙසින් නිකුත් වීමට නියමිතයි. එසේනම් දෙවන දිගහැරුම සමගින් ආයෙත් හමුවෙමු…!!!

ඉතින් නරඹන්නට කියා ආරාධනා කර සිටිනවා. පැය දෙකයි මිනිත්තු 45ක් දිවෙන මේ සුන්දර ආදර කතාව මෙන්ම අලුත්ම සිනමානාත්මක අද්දැකීම. එහෙනම් යන්න අවසරයි. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා. උපසිරැසි සමග චිත්‍රපටි නරඹනවා නම් උපසිරැසිය සමග චිත්‍රපටයත් හරිම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න හරිම සරල විදිහට ඕනම කෙනෙකුට තේරෙන විදිහට මගපෙන්වීම අපගේ වෙබ් අඩවියෙන් ඔබට පෙනෙන්නට තිබෙනවා. බයිස්කෝප්ඩවුන්ලෝඩ් අඩවිය වෙත පිවිසිලා මේ උපසිරැසි වලට ගැලපෙනම වීඩියෝ කොපිය අරගෙන උපසිරැසියත් ඩවුන්ලෝඩ් කරගෙන හරිම සරල විදිහට හොඳම චිත්‍රපටි හොඳම විදිහට නරඹන්න කියල ඔබට මතක් කර සිටිනවා. හදිසිය නිසාවත්, කම්මැලිකම නිසාවත් ෆේස්බුක් ගෘප්වලයි ටෙලිග්‍රෑම් ගෘප් වලයි අපගේ වෙබ් අඩවි වලින් අනවසරයෙන් අරගෙන බාල විදිහට ඒවගේ නම් වෙනස් කරලා බාල විදිහට ඔබට පෙන්නලා ඔබේ රසවින්දනයත් බාල කරවන දක්ෂ උපසිරැසි කරුවන්ගේ මහන්සිය කුණු කොල්ලයට දමන හොරුන්ව දිරිමත් කරන්න එපා කියල පාඨක සැමගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. බයිස්කෝප් එකේ උපසිරැසි අපි පල කරන්නේ බයිස්කෝප් වෙබ් අඩවියේ පමණයි. එසේනම් ඔබත් එය වෙබ් අඩවියෙන්ම ලබාගන්නට කාරුණික වන්න කියලා ඉල්ලා සිටිනවා. උපසිරැසිකරුවා සැබෑවටම දිරිමත් වන්නේ එවිට පමණක් බවත් වෙනත් තැන් වලින් අපගේ උපසිරැසි ලබාගැනීමෙන් දිරිමත් වන්නේ අපගේ උපසිරැසි සොරාගෙන පලකරන්නා පමණක් බවත්, උපසිරැසිකරුවාට එයින් ඇතිවන්නේ කල කිරීමක් බවත් මතක් කරන්නට කැමතියි. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා. උපසිරැසිය අරගෙන හොරා වගේ යන් නැතුව අදහසක් පලකරගෙන එතන පාලු නොකර යන්න කියලත් සහෝදරත්වයෙන් ඉල්ලා සිටින අතර ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් අපි සමුගන්නවා. ඔබට ජයෙන් ජය…!!!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා අදාළ වේ.

24,206 downloadsDownload BrhmstraP01-2022.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

24,206 downloadsDownload Subtitles61 KB

49 comments

  1. Naveen Mbr

    ස්තූතියි සහෝදරයා!

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි තාරක සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Dasun dammika

    thanks brother.....

  4. Anonymous

    tthank you

  5. Kasun Widusha

    Tnx mcn

  6. baiscopefan

    thank god hindi ekatath sinhala sub ekath one

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ...
    ජය

  8. Lahiru

    Ammoh athi yntham
    Baiscope sub denknma hitya meka blnna,
    Dekai panahe site walin me wage supiri film blala wadak nthi nisa
    Jaya wewa baiscope

  9. Deex

    excelent service

  10. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. සබ් එක දෙනකල් හිටියෙ බලන්න. ජයවේවා!

  11. Anonymous

    Patta

  12. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  13. Anonymous

    එල

  14. Naveen

    උපසිරසියට තුති

  15. MKIL

    Thanks bro.

  16. Neo

    Thanks brother
    Keep it up

  17. Das

    Supiri Lipiyak...

  18. Anonymous

    Thanks for sub

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. Shanuka Perera

    Thank you brother

  21. සාරංග J ලියනගම

    Thanks

  22. Buddhika laKMal

    පට්ටම ලිපිය...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  23. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  24. Chanaka

    Sub ekata bohoma sthuthi macho..e wagema wistareta th a wagema sthuthi.
    Baiscopelk ekata Jaya..❤️

  25. Sheron

    Great entertaining movie ..also superb subtitle ..keep going ..

  26. Idunil Weerasinghe

    Thanks brother

  27. Anonymous

    ජය වේවා පුතී

  28. බිනුර

    Marvel , dc universe nm appiriyai dn
    LCU eka nm niyameta setwei wage issarahata
    Blmu mekath setwenwada kyla
    Thanks mcho subata

  29. oshanda

    niyamai tharaka malli... bohoma sthuthi..

  30. Anonymous

    Thank bro

  31. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  32. Anonymous

    ela

  33. Anonymous

    thanks

  34. Eranda

    Thanks brother

  35. Anonymous

    බොහෝම ස්තූතියි උපසිරසියට වගේම සපයා ඇති විස්තරාත්මක ලිපියටත්...

  36. නදීක ගුරුගේ

    ෂ්තුතියි ෂහෝදරයා

  37. Anonymous

    ඔන්න දැම්මා ඩවුන්ලෝඩ් වෙන්න
    තැන්කු වේවා

  38. bunny

    Thanks buddy

  39. Anonymous

    thanks for the sub

  40. dragon

    තැන්ක්ස් මචෝ

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  43. mindika

    Thanks !!!

  44. vindana

    thanks saho

  45. vindana

    thanks saho

  46. Tharu

    sinhalen names danna epa yakow search eke pennanneth nahe apita meka hoyaganna wenama gemak denna oni sinhalen 'name' eka thibbahama

  47. Lasantharathnasirirox

    බොහෝම ස්තූතියි තාරක සහෝ මේ චිත්‍රපටය වෙනුවෙන් ඔබට..බුදු සරණයි!ජය සිකුරුයි!!

  48. Anonymous

    good job

  49. Tharindu

    Thank you jaya wewa