Watch Trailer

The Ghost (2022) Sinhala Subtitles | ආරක්ෂකයා! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් වාසී යහළුවනේ, මුලින්ම කියන්න ඕනෙ මම මේ උපසිරැසිය කරන්නේ දෙමළ භාෂාවෙන් ආව චිත්‍රපට පිටපතට කියල. 2022 ඔක්තෝබර් මස 05 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Vikram (1986) තෙලුගු චිත්‍රපටයෙන් සිනමා ජීවිතය ආරම්භ කරන තෙලුගු, දමිළ සිනමාවේ තවත් පතාකයෙක් වන Nagarjuna ගේ අලුත්ම චිත්‍රපටයට උපසිරැසියය…

ආයුබෝවන් බයිස්කෝප් වාසී යහළුවනේ, මුලින්ම කියන්න ඕනෙ මම මේ උපසිරැසිය කරන්නේ දෙමළ භාෂාවෙන් ආව චිත්‍රපට පිටපතට කියල. 2022 ඔක්තෝබර් මස 05 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Vikram (1986) තෙලුගු චිත්‍රපටයෙන් සිනමා ජීවිතය ආරම්භ කරන තෙලුගු, දමිළ සිනමාවේ තවත් පතාකයෙක් වන Nagarjuna ගේ අලුත්ම චිත්‍රපටයට උපසිරැසියයි ඔයාලට අරගෙන එන්නෙ. Action, Triller වර්ගීකරණයයටතේ IMDb දර්ශකය 6.7 කට කරකවන්න සමත්වෙලා තියෙන පැය 2යි විනාඩි 14ක් පුරා දිවෙන Nagarjunaට අමතරව, Sonal Chauhan,Gul Panag, Anikha Surendran යන අය සෙසු චරිත වලින් දායක වෙනවා. ලියා අධ්‍යක්ෂණය කරන ලද්දේ Praveen Sattaru විසින්. ඉන්ටර්පෝල් නිළධාරියෙක් වටා තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. කතාව ගැන කෙටියෙන් ආරම්භයක් දෙන්නම්.

වික්‍රම් තම පෙම්වතිය වන ප්‍රියා සමග ඩුබායි වල ඉන්ටර්පෝල් එකේ වැඩ කරන්නෙ. ඉන්දියාවේ රාජතාන්ත්‍රිකයකුගේ පුත්‍රයා ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පැහැරගෙන යනවා ගිහින් බේරගන්න කියල වික්‍රම්ට ආපු කෝල් එකට වහාම ප්‍රියා එක්ක ඒ දරුවා බේරගන්න පිටත්වෙනවා. වාහනයකින් පැහැරගෙන යන දරුවා බේරගන්න ගන්න උත්සාහයේදි වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. එහෙදි අන්තිම පැහැරගන්නාටත් වෙඩි තිබ්බට පස්සේ ඔහුගෙ අතින් අර ළමයට වෙඩි පහරක් එල්ල වෙනවා. ප්‍රථමාධාර රථයකට කතා කරල එම දරුවා පිටත් කරල යවනව ප්‍රතිකාර සඳහා. කොහොම වුණත් වික්‍රම්ට තමන්ගේ ළමා කාලයේදි හින්දු -මුස්ලිම් කල කෝලාහලයකට මැදිව තමන්ගේ අම්මාව අහිමිවෙලා තමන්ව මැරීමට තැන් කරන උත්සායක් නිසා මානසික පීඩනයෙන් පෙළුන කෙනෙක්. එයාව එතනදි බේරගෙන ගෙදර ගෙනැල්ලා දරුවෙක් වගේ හදාගත්තෙ ඉන්දියන් හමුදාවේ කර්නල් කෙනෙක්.

ඉතින් අර දරුවා බේරගන්න ගිය සිද්ධියෙදි වික්‍රම්ට තමන්ගේ ළමා කාලයේ සිද්ධියත් එක්ක මානසික පීඩනයෙන් ගැලවෙන්න බැරිවුණා. වික්‍රම් ඉන්ටර්පෝල් එකෙන් අයින් වෙලා පාතාලය නැති කරන්න තීරණය කරනවා, නමුත් ප්‍රියා මේකට කැමති වෙන්නෙ නෑ. මෙතනින් මේ දෙන්නගෙ වෙන් වීම සිද්ධවෙනවා. වික්‍රම් තනියම කොන්ත්‍රාත් කරුවෙක් වගේ වැඩ කරන්න තීරණය කරල ඉන්නකොට හදිසියේම අවුරුදු 20 කට පස්සෙ ඌටි වල ඉදන් අනූ කියල කෙනෙක්ගෙන් කෝල් එකක් එනව. එතකොට අනූ කියන්නෙ කවුද ? අනූ එක්ක තියෙන සම්බන්ධය මොකද්ද ? ආදිති කවුද ? එයා මොන වගේ තර්ජනයකටද මුහුණ දීල තියෙන්නෙ ? ඒ ඔක්කොමත් එක්ක වික්‍රම්ට පාතාලය එක්ක හැප්පෙන්න හම්බවෙයිද ? පිළිතුරු හොයාගන්න එක ඔයාලට බාර කරන ගමන් ආයෙත් ෆිලුමකින් හම්බවෙමු. හැමෝටම තෙරුවන් සරණයි !



 

 

 

Due to copyright issues,
we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HD පිටපත් සඳහා අදාළ වේ.

6,720 downloadsDownload Rakshan-The-Ghost-2022.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,720 downloadsDownload Subtitles42 KB

27 comments

  1. G.R.R.Priyajanaka

    thanks

  2. Naveen Mbr

    ගොඩක් ස්තූතියි ඔෂධ අයියේ!

  3. Anonymous

    Mchn telugu film ekakta sub krddi tamil ekata krla wadak na neh,ethkota filuma setwenne na bn
    Oya hindi audio ekak dagena tamil film balanne naneh anna e wage

    1. විමා

      මේකේ ටැමිල් සහ තෙලිඟු භාෂා දෙකෙන්ම කොපි දෙකක් ආව.
      සබ් කරන්න කවුරුත් බාරගෙන තිබ්බෙ නැහැ, ඒ නිසා ඔෂධ සහෝ අපෙන් ඇහුව ටැමිල් සම්බන්ධ දැනුමක් විතරයි තියෙන්නේ, ඒ නිසා ටැමිල් කොපියට සබ් එක දෙන්නද කියල.
      ඇඩ්මින් එකෙන් ඒකට අවසර දුන්නා.

      ඔයාට ඒක සෙට් වෙන්නේ නැත්නම්, ඔයාට වෙනත් විකල්පයක් තියෙනව නම් ඒ විකල්පයට යන්න. ඔලුවට පිස්තොලේ තියල මේකම බලපන් කියල බයිස්කෝප් එකෙන් කවුරුහරි හරි ඇවිල්ල ඔයාට කිව්වේ නැහැනේ ? :)

      ~ ඇඩ්මින් ~

    2. Buddhika Lakmal (laKMal)

      යකෝ.. මේ ෆිලුම ඔෆීෂියලීම තෙලිගු ටැමිල් භාශා දෙකෙන්ම ආවා...

    3. Anonymous

      Ochchara haali liyanna deyak kiwwe na bn
      Mge adahasa witrai kiwwe,tamil ekta mahansi nowee telugu ekma kra nm hodai kyna eka mn kiwwe,mokada me film eka telugu ekak nisa,mn dnne na neh oya uba kiwwa seen ekak gana,eekai...
      Mchn uba ROP eka hindi hari wena mokak hari language ekak daan blnne na neh mokda english audio eken blna kota thyna rasa nathi nisa,anna eka mn kiwwe...
      Sub deepu sahota mn kypu eka nisa apahasuwak wuna nm sorry

    4. Anonymous

      අම්මෝ ලොකු කම. පොඩි අඩුපාඩුවක් කිව්වම පත හෑලි ගහන්නෙ....

  4. විමා

    සබ් එකට බොහොම ස්තුතියි ඕෂධ! :)

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ධනංජය සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Kushan

    Sub akta thanks

  8. Samith

    Thanks brother

  9. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  11. Naveen

    උපසිරසියට තුති

  12. Neo

    Thanks brother
    Keep it up

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  15. Idunil Weerasinghe

    Thanks brother

  16. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  17. Eranda

    Thanks brother

  18. MJF

    Sinam
    Sardar tamil film 2ta sub dennko

  19. Anonymous

    Elaz

  20. Anonymous

    Thanks

  21. Maduwa

    KUMARI Malayalam Movie 1ta sub dennko plz
    Supiri horror film ekaklu

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.