Watch Trailer

1942: A Love Story (1994) | නිදහස සොයා… [සිංහල උපසිරසි සමඟ]

​කොහොමද ඔයාලට. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ පරණ චිත්‍රපටියක් අරන් ආවා. මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ 1994 වසරේ අප්‍රේල් මස 15 වෙනිදා. ඒ වගේම මෙහි IMDb අගය 7.3ක් වෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරල තියෙන්නෙ PK, Ferrari Ki Sawaari, 3 Idiots, Lage Raho Munna Bhai, Munna Bhai MBBS, Khamo…

1942 A Love Story - 1994

​කොහොමද ඔයාලට. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ පරණ චිත්‍රපටියක් අරන් ආවා. මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ 1994 වසරේ අප්‍රේල් මස 15 වෙනිදා. ඒ වගේම මෙහි IMDb අගය 7.3ක් වෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරල තියෙන්නෙ PK, Ferrari Ki Sawaari, 3 Idiots, Lage Raho Munna Bhai, Munna Bhai MBBS, Khamosh වැනි චිත්‍රපට වලට දායක උණු Vidhu Vinod Chopra. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Anil Kapoor (මේ චරිතයට මුලින්ම තෝරගෙන තිබුණෙ Aamir Khan ලු. ඒත් එයාට දින ලබා දීමේ ගැටලුවක් නිසා මේ චරිතය ලැබිල තියෙන්නෙ Anil Kapoor ට) ප්‍රධාන නිළිය ලෙස Manisha Koirala ද (මේ චරිතයට මුලින්ම තෝරගෙන තියෙන්නෙ Madhuri Dixit ව. මේකෙ එන Ek Ladki Ko Dekha To ගීතය රචනා කරල තියෙන්නෙත් මදුරි ව හිතේ තියාගෙනලු. ඒත් කොහොම කොහොම හරි අන්තිමට එයාවත් හැලිලා. Manisha ට මුහුණ දෙන්න තිබුණු පළවෙනි පරික්ෂණයෙදි එයා අසමත් වෙලා තියෙනවා. දෙවෙනි වතාවෙදි තමයි එයාටත් මේ චරිතෙ ලැබිල තියෙන්නේ.) සහය චරිත රග පාන්නේ Jackie Shroff, Anupam Kher සහ Pran. ඒ වගේම Vidhu Vinod Chopra ට ඕනෙ උණාලු Shahrukh Khan වත් මේ චිත්‍රපටියෙ සුලු චරිතයකට දාන්න. මේ කාලෙ Shahrukh Khan ගොඩක් චිත්‍රපටිවල ප්‍රධාන චරිතෙ රඟපාපු නිසා කොහොම හරි ඒකත් බැරි වෙලා තියෙනවා.

මෙහි ඉතා ජනප්‍රිය උණු ලස්සනම ලස්සන සිංදු 7ක් අන්තර්ගත වෙනවා. සංගීත අධ්‍යක්ෂණය කළේ R.D. Burman. මේ තමයි R.D. Burman ගෙ අවසාන චිත්‍රපටිය. මේ චිත්‍රපටිය තිරගත කරල තියෙන්නෙත් R.D. Burman මිය ගිහින් දින කිහිපයකට පසුවයි. මෙහි සංගීතය වෙනුවෙන් ඔහුට හොඳම සංගීත නිර්මාණයට හිමි Filmfare සම්මානය සහ Star Screen සම්මානය හිමි උණා. ගී පද රචනය Javed Akhtar විසිනුයි. ගීත ගායනා කරන්නේ Lata Mangeshkar, Kumar Sanu, Kavita Krishnamurthy සහ Shivaji Chattopadhyaya. මෙහි ගීත ගායනය වෙනුවෙන් Kavita Krishnamurthy සහ Kumar Sanu Filmfare සම්මාන දිනා ගන්නවා. (Kumar Sanu වසර 5ක් නොකඩවා හොඳම ගායකයාට හිමි Filmfare සම්මානය දිනා ගත්තා. මේ චිත්‍රපටියේ එන Ek Ladki Ko Dekha ගීතය වෙනුවෙන් තමයි ඔහුට 5වෙනි Filmfare සම්මානය ලැබුණේ.)

​

කතාව තියෙන්නෙ බ්‍රිතාන්‍ය පාලන සමයේ 1942 වසරේ සිදු උණු ලස්සන ආදර කතාවක් ගැන. නරේන් සිං කියන්නෙ බ්‍රිතාන්‍යන්ට පක්ෂපාතී බ්‍රිතාන්‍යන්ට සේවය කරන කෙනෙක්ගේ පුතෙක්. රජ්ජෝ කියන්නෙ නිදහස වෙනුවෙන් සටන් කරන කෙනෙක්ගේ දුවෙක්. රජ්ජෝ සහ එයාගෙ තාත්තා මේ ගමට එන්නේ බ්‍රිතාන්‍ය පාලකයෙකු මරා දැමීමේ මෙහෙයුමකට. ඒත් රජ්ජෝ නරේන් සමග ආදරෙන් බැඳෙනවා.

​මේ දෙන්නගෙ ආදර කතාව සහ නිදහස් සටන තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලා යන්නේ. එහෙනම් කතාව බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න. ඕන් අපි ගියා. ඒස්වාහ් පොඃ!

2010 මැයි 08 පලවූ ලිපිය.

ඔන්න හින්දි සිනමාවේ Classical hit එකක් අරගෙන ආවා. කට්ටිය මේක දැකලා මට බර බරේ දායිද දන්නෙත් නැහැ. ඒත් ඉතින් නොලියා බැරි නිසාම ලියන්න හිතුනා. මම සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපට රසිකයෙක් නොවුනත් මේ චිත්‍රපටිය දැනට 4 – 5 පාරක් විතරම බලලා තියෙනවා. ඒ කතාවටත් වඩා සිංදු වලට වහ වැටුන නිසා කිව්වොත් මම වැරදි නැහැ. 1995 Filmfare සම්මාන උළලේදී හොඳම පදරචනය, සංගීත අධ්‍යයක්ෂණය, පසුබිම් ගායිකාව හා පසුබිම් ගායකයා යන සම්මාන සියල්ලම දිනා ගන්න මෙම චිත්‍රපටය සමත් වුණා. ඊට අමතරව සහය නළුවා සම්මාන 2ක් ද දිනාගන්නට මෙම චිත්‍රපටය සමත්වෙලා තියෙනවා

චිත්‍රපටයේ නම වගේ ම මේක 1942 අවුරුද්දෙ තිබුනු ප්‍රේම කතාවක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාගැනීමට කෙරුණු නිදහස් සටන් ඇවිළි තිබුනු යුගයක ධනවත් බ්‍රිතාන්‍යන්ගෙ නම්බු නාම ලබා ඔවුන්ට සෙවය කරන පියෙකු ගේ පුතෙක් (අනිල් කපූර්) හා නිදහස් සටන වෙනුවෙන් කෙරෙන රහස් කැරළි වලට සම්බන්ධ පියෙකුගෙ දියණියෙක් (මනීෂා කොයිරාල) අතර ඇතිවෙන ප්‍රේම කතාවක් ඒ යුගයේ සිදුවීම් සමඟ ගලපා ලස්සනට ගලා යෑමක් මෙම චිත්‍රපටයේ දකින්නට පුළුවන්. මේ චිත්‍රපටය රූපවාහිනියේ සෑහෙන වාරයක් පෙන්වපු චිත්‍රපටයක්. ඒත් බලපු නැති අයත් ඇතිනේ. ඒක නිසා ඔන්න මම දැම්මා.

චිත්‍රපටිය බලලා තියෙන අයට සිංදු විතරක් ඕනා නම් කමෙන්ට් එකක් දාන්න. මම අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම්. අනික මේකේ සයිස් එක අඩු එකක් තිබ්බත් ඒකේ උපසිරැසි නැති නිසා මේකම දැම්මා. බාගෙන ඉවර වෙලා ෆයිල් නම් සමාන වෙන විදියට rename කර ගන්න උපසිරැසි පේන්නේ නැත්තම්.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

1942: A Love Story (1994) on IMDb

 

 

1.4 GB කොපිය මෙතනින් බාගන්න

6CDF6191E8A86BB7FA3EF72C315FA8DEBFFF68BD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,066 downloadsDownload 201508142122baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

1,066 downloadsDownload Subtitles35 KB

67 comments

  1. KoK

    හොද ‍ෆිල්ම් ඒකක් කතාව හොදයි හැබැයි මම ඕක බැලුවා, ඒ නිසා ඩව්න්ලෝඩ් කරන් නැහා ඒත් බලපු නැති අයට මරු ඕක මම හිතන් නැහා බලපු නැති අය ගොඩක් ඇති කියල ඕකෙ ජැකී ශෙරොප් ගෙ ඇක්ටිනුත් මාරු.What ever good is the best thanks for that.

  2. මනිෂ කසුන් ගමගේ

    ඒක ලර්කීකො දේහ්කාතෝ ඒසා ලගා...

  3. අම්ර

    kuchuna kaho kuchu beena kaho.....

  4. wappula

    meka tv eke pathuru gahuwane

  5. susantha

    thnx mavaga fillm akak dunnata.

  6. sama

    macho sub kiuwe sinhala sub file da.

  7. kathu

    ලස්සන film එකක්.. මමත් 3-4 වතාවක්ම බැලුවා.. මනීෂා සිනමාවට අාවෙත් මෙ film එකෙන් නේද..??

  8. තිසර

    ඇත්තටම මේ චිත්‍රපටය මම ඉස්සරවෙලාම බැලුවේ VHS තාක්ෂණයෙන්. ඒ කියන්නේ ඩෙක් එකෙන්. ඊට පස්සේ වීසිඩී, ඩීවිඩී වලින් බැලුවා. ඒත් එපා වෙන්නේ නෑ. සිංදු ටිකත් පට්ට. සමහර විට අපේ කාලේ චිත්‍රපටයක් නිසාද දන්නේ නෑ. (90) මොකද මම අහලා තියෙනවා ගොඩක් අය කැමති තමන්ගේ තරැණ කාලේ (ඉස්කෝලේ 10-11) බලපුව ආයෙත් බලන්න කියලා.

  9. Samitha

    Boss... sindu tika upload karamuko..

  10. සමීර

    @රොයිලි aiyyye math ekka amanapa wela wage ne...

  11. පොතේ ගුරා

    @සමීර ! මමයි ඊමේල් එක එව්වෙ සහෝ..පොඩ්ඩක් වත් තරහ නෑ..ඒත් ස්පෑම් කරන්න එපෝ!!

  12. nishantha

    mmm meka balala thiyanawa eth film databese ekata hodai.bamu

  13. සමීර

    ela ela,,,,ok guro...samaweyann....mama ඊමේල් ekak ewannm balapan guro ewa hodada kiyla...

  14. සමීර

    guro mama mail ekak ewwa.........poddak check karala balanna...

  15. ෂෙලින්ක - කටාර්

    එල ෆිල්ම් එකක්කේ දාලා තියෙන්නේ...
    10 පාරක් ව්තර බලලා තියෙනවා.. ඒත් එපා වෙන්නේ නැහැ..
    ආයෙත් බාගෙන බලනවා..
    හින්දි ටිකක් ඉගෙන ගත්ත හින්දා එලටම බැලුවහැකි

  16. ෂෙලින්ක - කටාර්

    පුළුවන්නම් - ඒක් ලඩ්කි කෝ දේකාතෝ ඒසා ලගා - සින්දුවේ ලින්ක් එක අප්ලෝඩ් කරන්න...

  17. Ansh Lucky Sri Jay

    wow, one of my all time favorites..
    :)

  18. h

    හම්මේ මේකත් දාන ඒව. මමත් මේකට මාර ආසයි. මුින්ම අයි.ටී.එන්. එකේ මේක පෙන්නද්දි අපට අයි.ටී.එන්. පෙණුනෙ හෙන තිත් මැද. ඒත් තිත් මැදින් සබ් කියන කියව මමයි අම්මයි මේක බැලුවා. ඊට පස්සෙ නම් සෑහෙන් වතාවක් ටීවී එකේම බලල තියෙනවා. සින්දු ටික පට්ට. මේ වගේ වැදුණ ෆිල්ම් එකකට තව තියෙන්නෙ සන්ජේ ලීලා අයියගෙ හම් දිල් දේ චුකේ සනම් තමයි.

  19. දිමුතු

    මමත් මේක කීපවතාවක් බලල තියනව.

    ඉතාමත් කැමතිම ෆිල්ම් එකක්.

  20. randi

    very nice film...

  21. අනුරාධ

    සහෝලා, හැකිනම් "Gangster: A Love Story", "Life In A Metro", "Black", "Chak-De INDIA" and "SARKAR I-II" යන හින්දි බයිස්කෝප් ගැන පොඩ්ඩක් බලන්න, ඉතා හොඳ නිර්මාන.

  22. Gampolaya

    අයියෝ මචන් මේක 1994 ITN එකේ පතුරු ගැහැවා..ඒත් සිරා Film එක. මම බාන්නෙ නෑ.. මොනව උනත් සයිට් එක Run කරනවට මෙන්න මගේ cheer එක!

  23. Asitha

    ela ela... aluth hindi action film ekak dennakoo...........

  24. Madu

    parana unata lassana film ekak.Anil Kapoor ge 'Laadla' film ekath upload karannako...mama mara aasai...

  25. ෂෙලින්ක - කටාර්

    ස්තූතියි ලොක්කා...
    ඔන්න මම සින්දුවත් බා ගත්තා...

  26. Shoot3r

    ලොවෙත් නෑ....... රොයිල් අය්යා
    දාන්නකො මෙ වගෙ ෆිල්ම් අනිවා බනවා...

  27. thaka

    maru film eka machan

  28. Amila

    machan meke link eka wada karanne na aye upload karanna

  29. Shashi Fernando

    niyamaiiiiiii........ mage asama... :D

  30. Shashi Fernando

    ooooo man hoya hoya hitapu fim ekakkkk, hurayyyyyy, istuti Mr. Fernandoooooooooo

  31. Shashi Fernando

    hapoi tawa auruddakin wat bawena ekak naha wage, seeds la hena adui nee. :( aiyooooo :(

  32. Shashi Fernando

    kohomen kohoma hari download nam una, dan itin hoda welawak allala balanna tama tiyenne meka. :D

  33. sagara

    මේකේ ලින්ක් එක වැඩ කරන්නේ නැ

  34. ශෂී මදුරංග ප්‍රනාන්දු

    ඇත්තටම සංගීතයෙන් නැලවෙන්න පුළුවන්. මාරම ලස්සනයි සින්දු ටික. ඉස්තුති හුගක් මේ වගේ ෆිල්මුත් දෙන එක. පරණ එව්වා මතක කරවලා ඒ මතකයන් අපිට අයෙ සමීප කරවන එකට. ජය වේවා....

  35. Chameera

    I want sogs

  36. Isuz

    meke sinhala sub denne ndda

  37. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

    1. තිසර නියෝ

      උපසිරැසියට තුති…
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය

      ........................
      #Hail_Hydra
      ''''''''''''''''''''''''''''''''

  38. Sisira

    Hi I like this film but link is now disabled can you re-activate at least the subs
    Sisira

  39. waruna

    meke sinhala sub denne ndda

  40. Mayura

    Thankzzzz nagoooooo thawa parana ewa denna
    eswaaah ponn

  41. achi

    ස්තූති සිස්!!!
    නියම ෆිල්ම් එකක්.
    ජය!!!

  42. තාරක නුවන් දිල්හාර

    ඉන්දියාවට නිදහස ලැබුන අද වගේ දවසකට ගැලපෙනම චිත්‍රපටියක් නොවැ මේ දීලා තියෙන්නේ..
    ඒ වගේම Ek Ladki Ko Dekha To ගීතයේ රීමේක් එකකට උපසිරැසි දාලා ඊයේ අපේ වීමා ගෙනාවා
    දන්නෙම නෑ මෙන්න අද ඒ චිත්‍රපටිය මේකි දාලා..
    මේක උඹලා දෙන්නා කතා කරගෙන කරපු වැඩක්ද නැත්නම් ආශ්චර්යයක්ද?
    කොහොම උනත් සබට තුති
    ජයෙන් ජය...!!!

    1. දහරා මුතු අමා

      ආශ්චර්‍යය කියන්නෙ ඕවට තමයි..

  43. DeeX

    Patta

    Hoya Hoya Hitiye Sinhala Sub

    Very Thanks ............................!

  44. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  45. නලින්

    ස්තුතියි ආමා නංගි!

    ජය වේවා!

  46. සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ

    මගෙත් උණුසුම් සුබපැතුම් !

    අප්පේ අනිල් කිවම full රොමැන්ටික් නේ

  47. ශාන් විමුක්ති [විමා]

    ෂාහ්! ඊයෙ මේකේ සිංදුවකට සබ කොලා
    අද මෙයා ෆිලුමටම සබ කොරල
    පට්ටයි ඈ
    සඳුදා මේක බැලුව කියන්නකෝ සබ නැතුව
    කවුද දන්නේ අද දේවි කියල
    සබට බොහොම තුති දහරා
    ආශ්චර්ය කෙසේ වෙතත් දැන් ඉතින් වෙනස් වෙන්ඩ කාලේ හරි ඈ :P

  48. sanka

    thanks for sub this is great work

  49. thisal

    ස්තුතියි ආමා නංගි!

    ජය වේවා!

Load more comments