ආයුබෝවන් හැමෝටම! මේ චිත්‍රපටියට සබ් කරන්න අවසර දුන්න හසන්ත අයියව මේ වෙලාවේ මතක් කරන්න ඕනි. අදත් අරං ආවේ යුධ චිත්‍රපටි වලට කැමති අයට ගැලපෙන එකක්. චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 7.1/10 ලැබිලා තියනවා. 2016 දී Kinoshok – Open CIS and Baltic Film Festival සම්මාන උළෙලේදී Best Cinematography Award සහ Prize o…
ආයුබෝවන් හැමෝටම! මේ චිත්‍රපටියට සබ් කරන්න අවසර දුන්න හසන්ත අයියව මේ වෙලාවේ මතක් කරන්න ඕනි. අදත් අරං ආවේ යුධ චිත්‍රපටි වලට කැමති අයට ගැලපෙන එකක්. චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 7.1/10 ලැබිලා තියනවා. 2016 දී Kinoshok – Open CIS and Baltic Film Festival සම්මාන උළෙලේදී Best Cinematography Award සහ Prize of Russian Guild of Critics සම්මාන ද්විත්වය ජයග්‍රහණය කරලා තියනවා. ඒ වගේම තවත් අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල් පහකට නිදේශ වෙලා තියනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Elmo Nüganen කියන එස්තෝනියන් චිත්‍රපට අධ්‍යක්ෂවරයා. චිත්‍රපටය පුරාවටම භාවිතා වෙන්නේ එස්තෝනියන් භාෂාව. චිත්‍රපටියේ වියදම විදිහට යූරෝ මිලියන 1.5 ආසන්න වශයෙන් ගිහින් තියනවා. රූගත කිරීම් කරලා තියෙන්නේ එස්තෝනියාවේ සහ ෆින්ලන්තයේ.
එස්තෝනියාව කියන්නේ දෙවනි ලෝක යුද්දෙයේ ආරම්භයත් සමග සෝවියට් සංගමය සහ නාසි ජර්මනිය යන රටවල් දෙකෙන්ම හොදටම බැට කෑව රටක්. 1939 අගෝස්තු 23 නාසි ජර්මනිය සහ සෝවියට් සංගමය අතර ඇති වෙනවා එකිනෙකා ආක්‍රමණය නොකිරීමේ ද්වී පාර්ශික එකඟතාවක් සහ නැගෙනහිරි යුරෝපය බෙදාගැනීමේ ගිවිසුමක්. ඒ යටතේ එස්තෝනියාව අයත් වෙන්නේ සෝවියට් සංගමයට අදාල ප්‍රදේශයට. ඒ අනුව එස්තෝනියාව සහ සෝවියට් සංගමය අතර එම අවුරුද්දේම සැප්තැම්බර් 28 ඇති වන අවබෝධතා ගිවිසුමකට අනුව එස්තෝනියාව සෝවියට් සංගමයට අවසර දෙනවා සෝවියට් හමුදා වලට එස්තෝනියාවට ඇතුල් වීමට. ඒ අනුව 1940 ජූනි 14 සෝවියට් හමුදා එස්තෝනියාවට ඇතුල් වීම පටන් ගත්තත්, එස්තෝනියාණු රජය ඇතුල් වීම සීමා කරනවා.ඒ දවසෙම ඒකට විරුද්ධ වීමක් විදිහට එස්තෝනියාවට අයත් Kaleva කියන ගුවන් යානයට පහරදීලා සෝවියට් සංගමය ප්‍රකාශ කරනවා තමන්ගේ හමුදා වලට එස්තෝනියාවට ඇතුල් වීමට පූර්ණ අවශ්‍ය බවට. මේ තත්වය යටතේ බල රහිත තත්වයට එස්තෝනියානු රජය පත් වෙනවා. ඊට දවසකට පස්සේ සෝවියට් හමුදා එස්තෝනියාවට ඇතුල් වෙලා සෝවියට් සංගමයට පක්ෂ රජයක් පිහිටවනවා.
ඉතාමත් දරදඩු පාලනයක් ගෙනියන සෝවියට් රජය තමන්ට තර්ජනයක් වෙයි කියලා හිතන පුද්ගලන් අත්අඩංගුවට ගන්නවා සහ ඔවුන්ගේ පවුල් සයිබීරියාවට පිටුවහල් කරනවා. 1941 ජූනි 14 වෙද්දී 11,000 දෙනා සයිබීරියාවට පිටුවහල් කරනවා සහ 34,000 ක් එස්තෝනියානුවෝ රතු හමුදාවට බලෙන්ම බදවා ගන්නවා. ඒත් 1941 ජූලි මාසයේදී නාසි හමුදා දකුණින් එස්තෝනියාවට ඇතුල් වෙනවා රුසියාව ආක්‍රමණය කිරීමට නාසි ජර්මනිය දියත් කරපු බාබරෝසා මෙහෙයුම යටතේ. අගෝස්තු මාසේ අන්තිම වෙද්දී සෝවියට් හමුදා එස්තෝනියාවෙන් පසු බහිනවා. ඔක්තෝබර් මාසේ වෙද්දී නාසි හමුදා සම්පූර්ණයෙන්ම එස්තෝනියාව යටත් කරගන්නවා. නාසි ජර්මනියත් ඔවුන්ට පක්ෂපාතී රූකඩ රජයක් පිහිටවනවා. ජර්මනිය එස්තෝනියාව යටත් කරගන්න එකේ මූලික අරමුණ වෙන්නේ ජර්මනියට අවශ්‍ය සම්පත් සහ යුද්දෙට අවශ්‍ය කරන පිරිස් බලය වගේ දේවල් සපයා ගන්න.
නිර්මල ආර්ය යුරෝපයක් බිහි කිරීමේ හිට්ලර්ගේ සංකල්පය යටතේ එස්තෝනියාවේ යුදෙව්වන් සහ අනෙකුත් සුලු ජාතීන් ඝාතනය කරනවා. සෝවියට් සංගමය වගේම නාසි ජර්මනියත් එස්තෝනියානුවන්ව නාසි හමුදා වලට බදවා ගන්නවා. ඒ වගේම එයාලගේ පවුල් එහෙමත් ජර්මනියට පිටුවහල් කරනවා.1943 වෙද්දී එස්තෝනියන් ss සේනාංකයක්ම පිහිටවන්න පුලුවන් වෙනවා. මේ තත්ව යටතේදී ගොඩක් ජනතාව අසල්වැසි රාජ්‍යන් වුන ෆින්ලන්තය සහ ඩෙන්මාර්කය යන රටවල් වලට පලා යනවා. කොහොම වුනත් 1944 මුල් මාස කීපය ගතවෙද්දී ආපහු සෝවියට් හමුදා එස්තෝනියානු දේශසීමා හරහා එස්තෝනියාවට ඇතුල් වෙනවා. මේ තත්ව වලදී සටන් කරන්න වෙන්නේ එකම රටේ ජනතාවට, වෙන රටවල් දෙකක හමුදා වල ඉදලා තමන්ගේ රටේ බලය අල්ලගන්න වෙන තත්වයකට.
කතාව ගැන කියනවා නම් මේ කතාවෙත් වෙන්නේ ඒ වගේ චරිත දෙකක් ගැන තමයි කාල් තමික් කියන්නේ නාසි ජර්මනිය වෙනුවෙන් සටන් කරන එස්තෝනියානුවෙක් ජූරි ජෝගි කියන්නේ රතු හමුදාව වෙනුවෙන් සටන් වදින එස්තෝනියානුවෙක්. ඉතින් මේ දෙන්නගේ දෛවය කොහොම සම්බන්ධ වෙයිද? ඔයාලම බලලා තීරණය කරන්න.
“Only dead have seen the end of war – Plato”
“යුද්ධයේ අවසානය දකින්නේ මලවුන් පමණි- ප්ලේටෝ”
නැවත හමුවෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,051 downloadsDownload 1944-2015.zip28 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසිත ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
18 comments
Kalhara Wickremasinghe
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
අනිවා බෑමක්....
අසිත සහෝගෙ අනිත් ෆිල්ම් වගේම මේකත් සුපිරියක් වෙන්න ඇති නේද...Leoathuwa
dowen load link aka danawada
Ishan Madusha
නියමයි.ස්තූතියි සහෝ
Hiranhiru
ගොඩක් ස්තුතියි...
දිගටම උපසිරැසි දෙන්න..
නිදුක් නිරෝගී වේවා...!
තෙරුවන් සරණයි...!jstar
super brother thanks a lot more
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Kulanjana Maduranga
subata thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!thanks for the sub
any download linkbhanuka11
leningrad 2009 film ekata sub dennako(world war 2 movie-operation barbarossa gana war movie ekak)
Asitha Jayasinghe
හොද කොපියක් තිබ්බොත් සබ් දාන්න උත්සහයක් දෙන්නම් බ්‍රෝ!
AsithaDilruwan
Ela saho thanks
බොබී
නියමයි සහෝ. මේ වගේ හොඳ චිත්‍රපට තවතවත් අපට අරන් එන්න.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshansilva18
Panfilov's 28 men (2016) mekath russian ww2 movie ekak mekath sub denna
Madhawa
සිංහල download දෙන්නේ නෑ නේද.. කොහොමද download කරන්නේ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Seems like a good one machan... Thanks & Good luck...