හොඳම ඉන්දියානු චිත්‍රපට අතර 44 වන ස්ථානය හිමිකර ගත් Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද? එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද හොඳම Thriller සිනමා පටය ලෙස විරාජමාන අයුරින් වැජඹුණු Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද? වසර කීපයක් තිස්සේ රැකගෙන පැමිණි ඒ අභිමානය සුණු විසුණු කරමින්, Dhuruvangal Pat…

හොඳම ඉන්දියානු චිත්‍රපට අතර 44 වන ස්ථානය හිමිකර ගත් Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද?
එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද හොඳම Thriller සිනමා පටය ලෙස විරාජමාන අයුරින් වැජඹුණු Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද?
වසර කීපයක් තිස්සේ රැකගෙන පැමිණි ඒ අභිමානය සුණු විසුණු කරමින්, Dhuruvangal Pathinaaru චිත්‍රපටයට හිමි ස්ථානය ඩැහැගත්, දමිළ සිනමාවේ නවතම කාල තුවක්කු වෙඩි මුරය ඔබ වෙතට තිලිණ කරන්නයි මේ සූදානම!
වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද?
එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ!
25000 කට ආසන්න මනාප සංඛාවක් තුලින්, 8.7 ක් වැනි අති දැවැන්ත අගයක් කර කරකැවුණු IMDB දර්ශකය…
Top Rated Indian Movies ලැයිස්තුවේ 3 වන ස්ථානය…
අවිවාදයෙන්ම එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද දැවැන්තම Thriller/Mystery/Crime සිනමා නිර්මාණය…
අවිවාදයෙන්ම එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද බිහිසුණුම, මිලේච්ජතම ඝාතකයා…
පාවෙන සටන් දර්ශණ නැහැ…
වීරයා තනියෙන් ඇවිත් සීයකට විතර උඩින් වීසිවෙන්න ගහන දර්ශණ නැහැ…
කෙල්ලයි කොල්ලයි මල් ගස් වටේ දුව දුව සිංදු කියන්නේ නැහැ…
වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද?
එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ!
යන්තම් අවුරුදු 15ක් වෙච්චි අමුදා කෙල්ලගේ මරණ පරීක්ෂණය සිද්ධකරපු පළපුරුදු වෛද්‍යවරයා කාමරෙන් එලියට ආවේ මැරිච්ච මළ මිනියක් වගේ.
“මහත්තයෝ, මගේ ජීවිතේට මං ඕනේ තරම් මරණ පරීක්ෂණ කරලා තියෙනවා.
මරණ පරීක්ෂණයක් කරනවා කියන්නේ මට සාමාන්‍ය දෙයක් ගාණයි.
හැබැයි, මේ මරණ පරීක්ෂණය කරද්දී නම්…
මගේ ඇස් දේකට කඳුළු ආවා, මහත්තයෝ…
මේ මිනීමරුවා මොකෙක් වුණත්…
වේදනාව කියන්නේ මොකක්ද කියලා ඌ දන්නවා වෙන්න බැහැ.
තනිකර ගල් හිතක් තියෙන එකෙක්!
මේ පොඩි කෙල්ලට දීලා තියෙන්නේ පුදුමාකාර වේදනාවක්!
පව්! කෙල්ලගේ ඇස් දෙකම හිල් කරලා දාලා!
ඊට පස්සේ දත් ගලවලා දාලා!
ඊටත් පස්සේ, හමත් එක්කම කොන්ඩේ කෑල්ලෙන් කෑල්ල ගලවලා දාලා තියෙනවා.
මේ ඔක්කොටම වඩා…
ඇඟේ හැම තැනකම පිහියෙන් කපලා දාලා තියෙනවා.
ළමයව දූෂණය කරලා නැහැ.
හැබැයි, ළමයගේ පෞද්ගලික අවයව…
මූ මේ ඔක්කොම කරලා තියෙන්නේ,
මේ අහිංසක කෙල්ලට පණ තියෙද්දී මහත්තයෝ! “
අහඹු ලෙස එක පිට එක අතුරුදහන් වන්නා වූ පාසල් ශිෂ්‍යාවන්…
ඒ මොහොතේම එම ශිෂ්‍යාවන්ගේ නිවසට ලැබෙන්නා වූ අද්භූත තෑගී පෙට්ටියක්…
දින කීපයකට පසු ප්‍රසිද්ධ ස්ථානයකින් හමුවන්නා වූ,
මිලේච්ජ ආකාරයෙන් මරා දමන ලද පාසල් ශිෂ්‍යාවන්ගේ මළ සිරුරු…
සැකකාරයෙක් කියලා නාමයක් වත් නැහැ!
පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න අංශු මාත්‍රයක තරම් වත් හෝඩුවාවක් නැහැ!
දවසින් දවස රටක් මේ විදියට භීතියට පත්කරන්න තරම් ජගතා කවුද?
වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද?
එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ!
අති සාර්ථක චිත්‍රපට කීපයක් සමගින් 2018 වර්ෂයේ අගභාගයේ ඉන්දියානු සිනමාව තම අණසකට නතුකරගෙන සිටින්නා වූ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ, බොක්ස් ඔෆිස් වාර්තා තැබූ නවතම කාල තුවක්කු වෙඩි ප්‍රහාරය තමයි මේ ආකාරයෙන් ඔබ වෙතට තිලිණ කරන්නේ. Vishnu Vishal සමගින් Amala Paul ප්‍රධාන රංගන දායකත්වය දරන්නා වූ මෙම සිනමා සිත්තම, නිසැකවම ඔබට නැවුම් වූ සිනමා අත්දැකීමක් තිලිණ කර දෙනවා ඒකාන්තයි. දාම ඝාතකයෝ ඉන්න චිත්‍රපටි ඔබ ඕනේ තරම් නරඹල ඇති. හැබැයි, මේ වගේ චිත්‍රපටයක් මීට කලින් නරඹලා තියෙනවා නම්, කැමති දෙයක් කියලා බැනලා ගියා කියලා හිතේ කිසි කහටක් නැහැ.
කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
චිත්‍රපටය ඉවර වෙනකම් කකුල් දෙක උඩ තියාගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
හිතට දුකක් දීලා, පොඩ්ඩක් අඬන්න පුළුවන් විදියේ චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
හදවත කම්පා කරගන්න පුළුවන් චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
අන්තිම වෙනකම් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
කිසිම හේතුවක් නිසා මග නොහැරගත යුතු චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
කොච්චර මොනවා කිව්වත්…
තාමත් වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද?
එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ!
ප. ලි. – සහයෝගය ලබාදුන් තාරක නුවන් දිල්හාර සොයුරාට විශේෂ ස්තුතිය.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
65,055 downloadsDownload Ratsasan-2018.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
205 comments
Tharaka Nuwan Dilhara
Kalhara Wickremasinghe
"වැඩක් නෑ වගේ කියලා හිතෙනවද? එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නේ." Haa Haa...
Nice catchphrase.. I'm not a huge fan of tamil films but Since you guys mentioned Dhuruvangal Pathinaaru and the fact that it's a mystery, thriller, i'm gonna give it a try.. Anyway thank you guys and good luck..Dhanuska Shehan
Elama bro thank u so much...
geeganagamage
බොහොම ස්තුතියි සුපිරිම ෆිල්ම් එකක් වගේ අනිවර්යයෙන්ම අරගෙන බලනවා .
Kaushan Herath
දැක්කම කියතහැකි සිපිරියක් කියල.ඇඟේ මයිල් කෙලින් වෙන්නම ලිපියත් ලියල තියෙනවා.සබට තැන්ක්ස් සහෝ
Eranda Malith 2.0
සුපිරි මචන් ගොඩක් ස්තූතියි
මේ වගේ ෆිල්ම් එන්නේ කලාතුරකින් අනිවා බලනවා
ජයවේවා !Dilshan Kelum
Thanks broo..
oshanda
thanx sahoo
losaka
ලිපිය දැක්කම සුපිරි කියලම හිතුනා thank u ikamanatama sub dunnada jaya wava!!!
Avindu Umesh Gunasinghe
Elama thanks dennatama !!!
ranga12
lipiya dakkata passe kohomada nobala inne bro.ela jaya wewa!
dilan pramoda
thanks macho ubala dennatama sub ekata....
Kungfuuu
Lipiya dekkama noliya bane
Hemantha De Silva
ස්තුතියි සිසිල....
ස්තුතියි තරිඳු....
දුන්නොත් එකක් ඉතින් සුපිරි තමයි...Gathsara Umesh
ලිපියටම හිත අදුන අය්‍යේ....
බොහෝම් ස්තූතියි අය්‍යේ..Kovidu
සිසිල ගේන ෆිලුමක් ඉතින් මිස් කරන්නෙ නෑ කීයකටවට්, එකෙන්ම බොහොමත්ම ස්තූතියි සහෝ, ලිපියටට් එක්ක, සබට සහය දුන්න MTR ඇතුලු තාරක සහෝටට් ස්තූතියි ........ ජයෙන් ජය !!!!!!!!!!!
Prabodha Madhusankha Hettiarachchi
Godak sththuthi oya depalatama mee movie eka gena iyee dakka ada weddi sub ekath delaaa. Supiri jaya wewa...!
rangika Kariyawasam
මට නෙමෙයි පාඩු වෙන්නේ !!
එල එල සිසිල සහෝ නියම ලිපියක් දැනෙන්න දීලා තියෙනවා. නියම ෆිලුමක්සබ දෙනකං ඇගිලි ගැන්නා. ජය වේවා දෙන්නටම ස්තූතියි හදවතින්ම ....snak
supiri macho patta thanks sub ekata
Lalani Maduwanthi
Thank bros
dsdkavishka
Fattama, thenks aiya
OshankaNW
ඉක්මනටම දීලනෙ....උපසිරැසියට බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම ......
sankalpa2018
thanks broo..
Haritha245
Thank you bro
Menaka Kariyawasam
Bro uba dena film ekak balanne nathuwa inne na mona wade thibunath aniwa abalanawa...digatama me wage Thriller movies ma karapan...thanks sub ekata
Jumanji
Ela ela bro.
niro2006
thnx bro....lipiya kiywapu ekek nobaluth tama pudume. :P
gihan perera
ස්තුතියි සහෝලා දෙන්නටම....මේ පාර දෙන්නම සබ කරලා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
යුරාන් ධනුක
සිසිල හා තරිඳු සහෝලා දෙන්නටම බොහෝම ස්තූතියි...
දිගටම මේ වගේ සුපිරි ෆිල්ම් වලට උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා....!!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝලා දෙන්නට....බුදුසරණයි..ජය වේවා!
Ayesh Prashan
Thank You .. Aniwa Balano
Amilperera
Thnks bro sub ekata
Nilush Angana
Sub ekata thanx
Sulakshana
Thank for sub
indika75
thanks..
Shamal Ranasinghe
Thank you..! jaya wewa.
MenushaHettiarachchi
අනේ කව්රු හරි film එක downlod කරන විදිය කියන්නකෝ
Amilperera
පට්ටම පට්ට ෆිල්ම් එකක් සහෝලා.. අනිවාර්යයෙන්ම බලන්න මේක
chandika1975
thank you for subtitle sahoo
Ara N Madhu
Thanks for the Subs sahodaraya!
Jangidj
balala iwara kale pandara 1.30
Poddk bayath hithuna.
Patta film ekViraj
sub ekata thanks sahola.. jaya wewa!!
srasanka
එලමේක... ස්තුතියි
widuranga
mekath pattama ekaaaaak thanx sisila broooo sub ekataaaa
Amalka Himeshan
Thanks sub ekata
srijay
thank you very much for the subtitle brother
Chathuranga-lakshan
Nice work by you two thank you... all the best .!!
manjularathman
thanks machal ela.
AsankaGF
thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!
Advertisement
මේක තමයි කියාපු බෙහෙත...!
ස්තුතියි උපසිරැසියට දෙන්නටම.
ජයෙන් ජය..!!