Watch Trailer

20 Days in Mariupol (2023) Sinhala Subtitles | රුසියාවේ කෝපයෙන් මිහිපිට අපායක් වූ මරියපෝල් හී දින 20 [සිංහල උපසිරසි සමඟ]

20 Days in Mariupol (2023) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම ! අද මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ 2024 වසරේ හොඳමවාර්තාමයචිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් 20 Days in Mariupol සිනමාපටයයි. මෙය තවත් සම්මාන 22ක් හා IMDB දර්ශකයේ 8.6ක් වැනි අති දැවැන්ත ඇගයුම් මට්ටමක්ද සමඟින් Rotten Tomatoes අගයද 100%…

20 Days in Mariupol20 Days in Mariupol (2023) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම ! අද මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ 2024 වසරේ හොඳමවාර්තාමයචිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් 20 Days in Mariupol සිනමාපටයයි. මෙය තවත් සම්මාන 22ක් හා IMDB දර්ශකයේ 8.6ක් වැනි අති දැවැන්ත ඇගයුම් මට්ටමක්ද සමඟින් Rotten Tomatoes අගයද 100% ම ලබාගන්න සමත්වෙලා තියනවා. රුසියානු ජනාදිපති වැලැඩිමියර් පුටීන් විසින් 2022 පෙබරවාරි මස 22 වෙනි දින ක්‍රියාත්මක කළ විශේෂ හමුදා මෙහෙයුම හරහා වර්ග කිලෝමීටර එක්ලක්ෂ දසදහසක භූමියක් වන යුක්‍රේනයේ මරියපෝල් නගරය අත්පත් කරගැනීමට පැමිණෙන රුසියානු හමුදාවේ ප්‍රචන්ඩත්වය තමයි මේ වාර්තා චිත්‍රපටියේ ඇතුළත් වෙලා තියෙන්නේ. නගරය බිඳ වැටෙන්න කලින් ඒ ඇතුලේ ඉන්න The Associated Press මාධ්‍යයවේදීන් දෙදෙනෙක්  බිහිසුණු අත්දැකීම් සමඟ දින 20ක් ගෙවන ක‍ටුක, දුක්බර, කම්පනය දනවන, යුධ අපරාධ පිළිබඳ සාක්ෂි එකතු කරගන්නා විශාලා සිද්දි දාමයක්ම තවද මෙහි ඇතුළත්.

(යුක්‍රේන ජාතික අධ්‍යක්ෂක මිස්ටෙස්ලව් චෙරනොව් හා කිලියන් මර් ෆි තම තමන්ගේ ඔස්කාර් සම්මාන සමඟ ඡායාරූපයකට පෙනි සිටින අයුරු)

පුටීන්ට අනූව මේක විශේෂ හමුදා මෙහෙයුමක්, බටහිරට අනූව මේක ආක්‍රමණයක්, ඔයාලට අනූව මේක මොකක්ද ? පහළින් අදහස් දක්වගෙන යන්න.

මේකට උපසි‍රැසි කරන්න සූදානම් වෙනකොට මට යම් කිසි අපහසුතාවයකට පත්වෙන්න සිද්දවුනා. ඒ මේකේ ඉංග්‍රීසි උපසි‍රැසියේ (SRT file එකේ) යුක්‍රේන භාෂාවෙන් කතා කරන දෙබස් අන්තර්ගත කරලා තිබුනේ නැති නිසා. ඒ මොකද ඒවා වීඩියෝ පිටපතටම hardcode කරලයි තිබුනේ. ඉතින් මෙතන කාලරාමු හදන්න වෙන්න යන තත්ත්වයක් මට උද්ගත වුනා. ඒක කරන්න පුළුවන්… ඒත් එපාවෙන වැඩක් නිසා ටිකක් මම කල්පනා කෙරුවා ”මොකද මම කරන්නේ” ? කියලා. ඉතින් පස්සේ කොහොමහරි මට අදහසක් ආවා මේකේ වෙනත් භාෂාවකින් තියන උපසි‍රැසියක් හොයාගෙන ඒක අරන් English වලට Translate වෙන වෙබ් සයිට් එකකට දාලා ඒ ෆයිල් එක අරගන්න. ඊට පස්සේ අර ටික බලාගෙන මම සිංහල දාලා ප්‍රධාන උපසි‍රැසියට සේරම කාලරාමු එක්ක කොපි කරා. වැඩේ සාර්ථක වුනා. 

මරියපෝල් අත්පත් කරගැනීමේ යුධ මෙහෙයුම

මරියපෝල් යුක්‍රේනයේ දැවැන්තම වාරය ඇති සුන්දර විශාල නගරයක්. මෙහෙ මාතෘ රෝහල්, විශ්වවිද්‍යාල, වෙළඳ සංකීර්ණ, නිවාස සංකීර්ණ, කර්මාන්ත ශාලා වගේ නගරයක තියෙන්න ඕන ප්‍රධාන දේවල් බහුලව තියනවා. නැගෙනහිර යුක්‍රේනයේ වැඩිම රුසියානු භාෂාව කතා කරන රුසියානු හිතවාදී ජනතාවක් මෙහෙ ජීවත් වෙනවා. මේ හේතුව නිසාම නිතර නිතර මෙයාලා යුක්‍රේන ජනතාව එක්ක ගැ‍ටුම් කලකෝලහාල විටින් විට ඇති කරගන්නවා. මේ රුසියානු හිතවාදි අය කැමති නෑ යුක්‍රේන පාලනයට, මෙයාලා හුඟක්ම මනාප රුසියානු පාලනයටයි. මේ තත්ත්වය හොඳටම උත්සන්න වෙන්නේ රුසියානු හිතවාදි යුක්‍රේන පාලකයා බලයෙන් ඉවත් වූ පසු පැමිණි නව පාලකයා වන සෙලෙන්ස්කිගේ විවිධ තීන්දු තීරණ නිසාවෙන්. යුක්‍රේන පාලනයේ විවිධ කෙනෙහිලිකම් වලට මේ රුසියානු හිතාවදි ජනතාවට සෙලෙන්ස්කිගේ නව රජයත් එක්ක මුහුණ දෙන්න සිද්ද වුනා. වැඩි රුසියානු හිතවාදි ජනතාවක් සිටීමේ වාසිය ලබාගනිමින් 2014 දී නැගෙනහිර යුක්‍රේනයේ මේ රුසියානුවන් එකතුවෙලා කැ‍රැල්ලක් දියත් කරනවා. මෙයාලට පුළුවන් වෙනවා මාස 3ක් විතර නගරේ අල්ලන් තියාගන්න. ඒත් යුක්‍රේන හමුදාව දියත් කරපු දැවැන්ත සටනකින් පස්සේ යුක්‍රේනය නැවත මේ නගරය තමන් යටතට ගන්නවා. 

කොහොම වුනත් අවුරුදු 8කට පස්සේ 2022 දී රුසියානු සමුහාණ්ඩුවත් එකතුවෙලා කරපු දෙවෙනි උත්සහයෙදි රුසියාව අති දැවැන්ත සටනක් කරලා යලි තමන් යටතට මේ නගරය ගන්නවා. දෙපාර්ශවයෙම අති විශාල ජීවිත සංඛ්‍යාවක් මේ සටනෙදි අහිමි වෙනවා, සිවිල් ජනතාවගෙත් ඇතුළුව. රුසියානු සමුහාණ්ඩුව මරියපෝල් තමන් සතු කරගන්න මේ තරම් දැඩි උවමනාවකින් කටයුතු කරේ රුසියානු ජනතාව එහි වැඩි වශයෙන් සිටීම පමණක් නිසා නෙමෙයි, අසොව් මුහුදට ආසන්නයේ තියන දැවැන්තම වරාය තියෙන්නේ මරියපෝල් වලයි. මේ අසොව් මුහුද කියන්නේ ක්‍රියිමියාවේ කර්ච් සමුද්‍ර සංදියෙන් වෙන් වුන කුඩා මුහුදු කලාපයක්. මේක රුසියානු භූමියේ ආරක්ෂාවට උපාය මාර්ගිකව බොහොම වැදගත් වෙනවා. මොකද මේකේ එක පැත්තක රුසියාවත් අනිත් පැත්තේ යුක්‍රේනෙත් නිසා. අනික යුරෝපයේ විශාලතම වානේ කම්හල තියෙන්නෙත් මේ නගරයෙයි. ඒ සෝවියට් කාලේ හදපු අසොව්ස්ටාල් වානේ කම්හල. සෝවියට් දේශය 1991 බිඳ වැටෙනවත් එක්ක මේක යුක්‍රේනයට අයිති වුනා. 

(මෙතන ක්‍රියිමියාව රුසියාවට ගොඩබිමින් සම්බන්ධ වෙලා නෑ. මේක රුසියාවට සම්බන්ධ කරගන්න නම් අනිවාර්යෙන්ම මරියපෝල් අල්ලගෙන ඉන්න ඕනේ)

ඉතින් 2022 පෙබරවාරි 24 පුටීන් ජනාදිපතිවරයා විසින් ආරම්භ කරපු මේ විශේෂ හමුදා මෙහෙයුමට ඩොනෙට්ස්ක් ප්‍රාන්තයේ කරලිකාර හමුදා රුසියානු හමුදාවත් එක්ක එකතුවෙලා මරියපෝල් වලට හැම කොණකින්ම ඇතුළු වෙන්න වේගයෙන් පැමිණියා. මුලින්ම මෙයාලා නගරයට ගුවන් ප්‍රහාර එල්ල කරලා දැඩි හානි සිද්ද කරා. විශේෂයෙන්ම ගුවන් ආරක්ෂණ පද්ධති, ගිනි නිවන ඒකක වගේ ඒවට. යුක්‍රේන හමුදාව නම් චෝදනා කරනවා මෙයාලා රෝහල් වලටයි සිවිල් වැසියන්ගේ නිවාස වලටයි තමයි පහර දුන්නේ බෝම්බ හෙලුවේ කියලා. කොහොමහරි ටිකෙන් ටික රුසියානුවෝ මේ එල්ල කරන ප්‍රහාර දරුණු මට්ටමට හැරිලා මෙයාලා ජල, විදුලි, දුරකථන සංඥා කුළුනු යන මෙන්න මේවටත් පහර පිට පහර දෙන්න ගත්තා. ගොඩක් ජාත්‍යාන්තර මාධ්‍යය… විශේෂයෙන්ම බටහිර මාධ්‍යය කිව්වේ ”වැලැඩිමියර් පුටීන්ගේ දේවේශයේ තරම මේ දරුණු මට්ටමේ ප්‍රහාර වලින් කොයිතරම් නම්ද කියලා සපත වෙනවා” කියලා. 

(බෝම්බ ප්‍රහාරයකට ලක් වූ සිය 16 හැවරිදි පුතුගේ දේහය වැලඳ ගැනිමින් හඬන පියෙක්)

කොහොමවුනත් මරියපෝල් වලට ප්‍රහාර එල්ල කරනකොට බොහොම ප්‍රවේශමෙන් තමයි රුසියානු හමුදාව කටයුතු කරේ. හේතුව තමන්ගෙම මිනිස්සු වැඩි පිරිසක් මේ නගරයේ ඉන්න නිසා. නගරයෙන් සිවිල් ජනතාවට පිටවෙලා යන්න ජාත්‍යාන්තරයේ ඉල්ලීම් වලට අනූව රුසියාව මානුශීය කොරිඩෝවන්ද විවෘත කරා. විවිධ හේතු නිසා මේ කොරිඩෝවන් ඇතැම් අවස්ථාවන් වල බිඳද වැ‍ටුනා. එහිදි සිවිල් ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්වුනා. 

මාස 3ක් තිස්සේ මරියපෝල් අල්ලගන්න ප්‍රබල සටනක නිරත වුන රුසියානු හමුදාව අප්‍රේල් මාසේ වෙනකොට මුළුමනින්ම මුළු නගරයම වටකරගත්තා. මේකෙන් යුක්‍රේනයට සැපයුම් එන එක සම්පූර්ණයෙන්ම නැවතුනා. අප්‍රේල් මස අවාසනයේ හා මැයි මස ආරම්භයෙදි අතිශය දරුණුවටම ඇවිලුන සටනෙන් රුසියානු හමුදාව මුළු නගරයමත් අත්පත් කරගෙන යුක්‍රේනය වෙනුවෙන් විශිෂ්ට ලෙස සටන් වදිමින් රුසියානුවන්ට දැඩි හානි සිදුකළ නාසිවාදි මතදාරී අසොව් රේජිමේන්තුවේ භටයින්ට යන එනමන් නොමැති කරමින් අසොව්ස්ටාල් වානේ කම්හල තුළ ඔවුන්ව කො‍ටුකර සිර කරා.

තමන්ගේ අවසානය දැක දැකත් සටන අත් නොහැරි මෙම නිර්භීත හමුදා භටයින් වානේ කම්හලේ නොයක් ස්ථාන වල සැඟව සිටිමින් රුසියාවට මාරක ප්‍රහාර දිගින් දිගටම එල්ල කරා. මේ කොහොමවුනත් රුසියාවේ දරුණු ගුවන් ප්‍රහාර මාලාවන් හමුවේ මොවුන්ගේ අවසානම පිරිස සැඟවී සිටි කම්හලේ කොටසක් කඩා වැටී මොවුන්ව බිම් කොටසක සිර වුනා. සෝවියට් යුගයේ නිමවූ මෙම ඇති දැවැන්ත වානේ කම්හල තුළට පාබල ලෙස හමුදාවකට ඇතුලු වී සටන් වැදීම අතිශය දුෂ්කර දෙයක්. මොකද මේක ඇතුලේ පොලව යට හදලා තියන යුධ භංකර, උමන් පද්ධති විශාල ප්‍රමාණයක් තිබුන නිසා. ඉතින් මෙතනදි පුටීන්ගේ නියෝගය හරිම ලස්සන එකක් වුනේ ”මැස්සෙකුටවත් යන්න බැරිවෙන්න මේක සීල් කරලා වටකරන්න” කියලා. ඇත්තටම මේක ඇතුලේ හිරවෙලා ඉඳපු මිනිස්සුන්ට නම් ඒක ලස්සන දෙයක් වුනේ නෑ.

(අසොව්ස්ටාල් වානේ කම්හලට රුසියානු හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන අයුරු)

අන්තිමේදි 2022 මැයි මස 22 වෙනිදා යුක්‍රේනය තම සෙල්දාදුවන් 4000ක්ද සමඟින් යටත් වුනා, අසොව් රෙජිමේන්තුවේ නායකයන් පිරිසකුත් මේ අතරම හිටියා. මේක තමයි දැනට යුක්‍රේනය මේ යුද්ධයෙදි ලබපු දැවැන්තම පරාජය. යුක්‍රේන අසොව් රෙජිමේන්තුවේ විශාල පිරිසක් මේ අවසන් මහා යුද්ධයෙන් දරුණු ලෙස මියගිය. මෙම නාසි මතදාරි කණ්ඩායම විනාශ කළ දැමිය යුතු බවට පුටීන් මීට පෙර කලක සිටම පවසමිනුත් සිටියා අපට දක්කනට ලැබුනා. ඔවුන් අවසානයේ එය ඉෂ්ඨ කරගත්තා.

(ඉතිරි වූ අසොව් භටයින් රුසියානු හමුදාව වෙත යටත් වෙන අයුරු)

නැවත අති සුන්දර ලෙස ගොඩනැගෙන මරියපෝල් නගරය

නගරය අත්පත් කරගැනීමෙන් අනතුරුව ජාත්‍යයන්තරයද මවිතයට පත් කරමින් රුසියාව ඉතා වේගයෙන් මරියපෝල් නගරය අද වන විට යලි සුන්දර නගරයක් ලෙස ගොඩනගමින් යනවා. කොයිතරම් නම් ලොකු විනාසයක් රුසියාව මරියපෝල් වලට කරත් අද මේ හැමදේම අතුපතු ගා දමමින් කැඩීගිය ගොඩනැඟිලි යලි සකස් කරමින් නිවාසද ඉදිකරමින් හිතාගන්නවත් බැරි වෙනසක් කරමින් යනවා. දැන් දැන් වෙනකොට මරියපෝල් අත ඇරලා ගිය ජනතාව ලක්ෂ ගණන් දෙනා නැවත මෙහි පැමිණෙනවා ජීවත් වන්නට. විශේෂයෙන්ම රුසියානු හිතවාදි ජනතාව හුඟක් කැමතියි මේක රුසියාව අත්පත් කරගත්තට. ආර්ථිකමය වශයෙන් බොහොම වැදගත් මරියපෝල් වාරයත් රුසියාව සංවර්ධනය කරනවා. බටහිර මාධ්‍යය පවා පුදුමයෙන් අද රුසියාව කරන මේ විශ්මිත කාර්යය පිළිබඳ කතා කරනවා. දැන් සමස්ථ මරියපෝල් නගරයම සුන්දරයි සාමකාමියි හා ආරක්ෂිතයි. මරියපෝල් අද රුසියානු නගරයක්.

(තම රුසියානු හිතවාදි ජනතාව බැලීමට හදිසියේ එකවරම දැනුම් දීමකින් තොරව නගරයට ආ පුටීන්)

මෙම වාර්තාමය චිත්‍රපටියේ ඇතම් දර්ශන පිළිබඳ ඔබේ අවධානය පිණිසයි !

මේ චිත්‍රපටියේ තැනක තියනවා ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් දරුණුවට තුවාල ලබලා මරණාසන්නව ඉන්නවා. මේ දර්ශනය එදා ජාත්‍යන්තරය දැඩි ලෙස කම්පා කරන්න සමත් වුනා. ඒත් රුසියාව පැත්තෙන් එදා මේකට ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි,

  • ”මේක තනිකර බොරුවක්, අපි මාතෘ රෝහල් වලට ගැහුවේ නෑ.” 
  • ”මේ රෝහල් වලට ගහන්නේ අපි නෙමෙයි යුක්‍රේනයේ අසොව් රෙජිමේන්තුවේ අය.”
  • ”යුක්‍රේන හමුදාවමයි මේ ගහන්නේ තමන්ගේ මිනිස්සුන්ට, පස්සේ අපි ගැහුවා කියලා ලෝකෙට පෙන්නලා අනුකම්පාව ගන්නවා.”
  • ”මේ ළමයෙක් හම්බවෙන්න තුවාල වෙලා ඉන්න අම්මා බොරු නිලියක්, රඟපෑමක් මෙයාලා ඔක්කොම මේ කරන්නේ.”
  • ”නළු නිළියන් යොදා ගනිමින් අතිරේක දසුන් සමඟ රෝහල රංඟ භූමියක් කරගෙන තිබෙනවා.” (රුසියානු මාධ්‍ය)

ඉතින් තව මේ වගේ කතා හුඟක් තියනවා ”අපි ගැහුවේ නෑ,” අපි කරේ නෑ,” කියලා වගේ. මේවා අපිට ඇත්ත කියන්නත් බෑ බොරු කියන්නත් බෑ. මොකද අපි මේ යුද්ධයේ මැදිවෙලා හිටියේ නෑ. බටහිර මාධ්‍යය දාන හැමදේම ඇත්තයි කියලා අපිට පිළිගන්නත් බෑ. ඉතින් ඔයාලම හොඳ අවධානයෙන් මේක බලලා තීරණය කරන්න මොන වගේ කොටස්ද ටිකක් අවුල් වගේ අතින් දාලා හැදුවා වගේ කියලා හිතන්නේ කියලා. පහලින් ඒ අදහස් දක්වන්න. අපේ රටේ හමුදාව සම්බන්ධයෙනුත් අපි යුධ අපරාධ කරා කියලා වීඩියෝ දර්ශන හදලා ලෝකය ඉස්සරහා අපිව අපහසුතාවයට පත් කරෙත් මෙයාලමයි. හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන්…. අපි දන්නෑ. ඔයාලා බලලම තීරණය කරන්න.

20 Days in Mariupol (2023) Sinhala Subtitles, 20 Days in Mariupol


Dude, Where's My Car? (2000) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,512 downloadsDownload 20-Days-in-Mariupol-2023-Sinhala-Subtitles.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

20 Days in Mariupol (2023) Sinhala Subtitles, 20 Days in Mariupol, 20 Days in Mariupol (2023)
20 Days in Mariupol (2023) Sinhala Subtitles, 20 Days in Mariupol, 20 Days in Mariupol (2023)

Subtitles by

UD Shehan

Subtitles

3,512 downloadsDownload Subtitles43 KB

10 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. රංගික සිනෙත් කාරියවසම්

    නියම ලිිිපියක් . ජය වේවා

    1. නුවන්

      නියම ලිපියක්. සම්පුර්ණයෙන් කියෙව්වා. ස්තුතියි.

  3. PCVENOM

    Once A Joker Allways A Joker!!!!!!!

  4. PCVENOM

    thanks for the Sub Bro

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. upali bandara weerasekara

    බොහොම ස්තුතියි ඔබගේ කරුණු දැක්වීමට.ඇත්තටම හොඳ වැඩක්.ආයතනයටත් ස්තුතියි

  7. රේමන් ඇන්තනී

    thank you brother patta

  8. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩක්ම ස්තුතියි සබ් එකට .....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P