Watch Trailer

The Beast (2019) Sinhala Subtitles | මෘගයා [සිංහල උපසිරැසි]

The Beast (2019) Sinhala Subtitles ඉතිං කොහොමද ළමායි… ඔන්න මම ඔයාලට ආයෙමත් ෆිල්ම් එකක් අරගෙන ආවා. IMDb ශ්‍රේණිගත කිරීම 6.1 ක් තියෙන අපරාධ ක්‍රියාදාම ගනයට අහිති චිත්‍රපටයක් වෙන මේක ප්‍රංශ චිත්‍රපටයක් වුන 36 Quai des Orfèvres (2004) හි ප්‍රතිනිර්මාණයක්. Jung-Ho Lee, Dominique Loiseau සහ Franck Mancus…

The Beast (2019) Sinhala Subtitles

The Beast (2019) Sinhala Subtitles

ඉතිං කොහොමද ළමායි… ඔන්න මම ඔයාලට ආයෙමත් ෆිල්ම් එකක් අරගෙන ආවා. IMDb ශ්‍රේණිගත කිරීම 6.1 ක් තියෙන අපරාධ ක්‍රියාදාම ගනයට අහිති චිත්‍රපටයක් වෙන මේක ප්‍රංශ චිත්‍රපටයක් වුන 36 Quai des Orfèvres (2004) හි ප්‍රතිනිර්මාණයක්. Jung-Ho Lee, Dominique Loiseau සහ  Franck Mancuso යන ලේඛකයන් තුන් දෙනෙකුගෙ එකතුවකින් ලියවිලා තියෙන මේ කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මේ එක ලේඛකයෙක් වෙන Jung-Ho Lee විසින්මයි. 2019 ජුනි 26 තිරගත වුන මේ විනාඩි 130ක් පුරා දිවෙන අපූරු කතාව ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක ‍ Box office වාර්තාවක් පිහිටුවන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග්, බොස්නියාව, ක්‍රොඒෂියාව, ස්ලෝවේනියාව, යුරෝපය, රුසියාව, කසකස්තානය, උස්බෙකිස්තානය, ජපානය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය , මැලේසියාව, ඉන්දුනීසියාව සහ ආසියාවේ අනෙකුත් රටවල් මෙන්ම ලොව පුරා රටවල් 90ක ‘The Beast’ චිත්‍රපටය කලින් අලෙවි (pre-sold) වුන බවටත් කියවෙනවා.

The Beast (2019) Sinhala Subtitles

අපි දැන් බලමු මොකක්ද මේ කතාව කියලා, හැබැයි මුලින්ම කතාව දැනගත්තොත් අගයක් නැති නිසා මම පුලුවන් තරම් කෙටියෙන් කතාව කියන්නම් එහෙනම්.

මෙන්න මෙහෙමයි කතාව පටන් ගන්නේ….. ප්‍රතිවාදී රහස් පරීක්ෂක කණ්ඩායම් දෙකකට ලැබෙනවා අවුරුදු 17ක පාසල් දැරියක් අතුරුදහන් වුන සිද්ධියක් ගැන හොයන්න. මෙතන ඉන්න එක පරීක්ෂකවරයෙක් වෙන ජන්ග් හන් සු විශ්වාස කරන්නෙ මේක දාම ඝාතනයක් කියලා. ඉතිං මේ පරීක්ෂණය කරගෙන යද්දි සිද්ධිය ගැන තීරණාත්මක ඉඟියක් ලබා ගන්න හන් සු පරීක්ෂකතුමා වෙනත් මිනීමැරුමක් වසන් කරනවා. ඒත් පරීක්ෂණය නොහිතපු පැත්තකට යනවා වගේම මේ වසන් කරපු මිනීමැරුම ගැන ප්‍රතිවාදී රහස් පරීක්ෂක මින් ටේට දැනගන්න ලැබෙනවා…

තවත් විස්තර කලොත් කතාවෙන් වැඩක් නැති වෙනවනෙ. ඒ නිසා ඔයාලා බලලම කතාව දැනගන්නකො. ඒ වගේම මට උපසිරැසියෙ අඩුපාඩු කියාගෙන යන්නත් අමතක කරන්න එපා.  

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි korea The Beast 2019 720p පිටපත සඳහා වලංගු වේ.

3,851 downloadsDownload The-Beast-2019-Sinhala-Subtitles.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Beast (2019) Sinhala Subtitles

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

3,851 downloadsDownload Subtitles36 KB

13 comments

  1. Buddhika Lakmal

    මේ වගේ බලන්න මගඇරුන මූවිස්වලට සබ් දෙනවට තැන්ක්යූ සිස්.....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  3. nithin

    muchas grasiaz...

  4. Roshan Ranga Perera

    torrent link akak nedda

    1. විමා - Admin

      ඩව්න්ලෝඩ් වෙබ් අඩවියට යන්න..

  5. Malith samarawickrama

    Thanks sago sub ekata

  6. Samadhi Premarathne

    Wooow oyage sub maru thankyou

  7. Samadhi Premarathne

    Ane Exhuma film ekata sub dennako godak kal balan inne kawuru hari sub danakn

  8. Dewadithya

    Thanks for Sub!

  9. Anonymous

    Film eka ganna thanak kiyannako.

    1. විමා - Admin

      ඩව්න්ලෝඩ් වෙබ් එකට යන්න.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤