Watch Trailer

20,000 Leagues Under the Sea (1954) with Sinhala Subtitles | සැතපුම් විසිදහසක් මහසයුර යටින්… [සිංහල උපසිරැසි සමඟ]

මගේ දහනවවැනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන මේ චිත්‍රපටය නිර්මාණය කෙරුණේ, දහනවවැනි සියවසේදී මහා විද්‍යා ප්‍රබන්ධ ලේඛක ජුල්ස් වර්න්ගේ අතින් ලියැවුණු 20,000 Leagues Under The Sea නම් විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින්. මේ විද්‍යා ප්‍රබන්ධය සිංහලයටද පරිවර්තනය කෙරී තිබෙනවා. Walt Disney විසින් ඇමෙරි…

20,000 Leagues Under The Sea (1954)

මගේ දහනවවැනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන මේ චිත්‍රපටය නිර්මාණය කෙරුණේ, දහනවවැනි සියවසේදී මහා විද්‍යා ප්‍රබන්ධ ලේඛක ජුල්ස් වර්න්ගේ අතින් ලියැවුණු 20,000 Leagues Under The Sea නම් විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින්.  මේ විද්‍යා ප්‍රබන්ධය සිංහලයටද  පරිවර්තනය කෙරී තිබෙනවා. Walt Disney විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වියදමින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය, ඉපැයූ මුළු ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 28.2 ක් වෙනවා. Richard Felton විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය 1954 වසරේ Academy සම්මාන උළෙලේ දී හොඳම කලා අධ්‍යක්ෂණයටත් (John Meehan, Emmie Kuri), හොඳම විශේෂ ප්‍රයෝග (John Hench, joshua Meador) වෙනුවෙනුත් ඔස්කා සම්මාන දිනා ගැනිමට සමත් වෙනවා. ඒ වගේම හොඳම සංස්කරණය වෙනුවෙන් වන සම්මානයටත් මෙම චිත්‍රපටය නිර්දේශ වුණා.  ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ  (IMDb Ratings) 7.2/10 ක අගයක් ලබාගත්තු මේ චිත්‍රපටය මුල්වරට තිරගත වුණේ 1954 වසරේ දෙසැම්බර් 23 වැනිදායි.

1954 වසරේ වසන්ත කාලයේදී චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වුණා. ඒ බහමාස් දුපත් සහ ජැමයිකාවේ පිහිටි විවිධ දර්ශනතල වලයි. එමෙන්ම ගුහා දර්ශන Negril වල ගල්කුළු අසළ රූගත කෙරුණා. මේ චිත්‍රපටය වෙනුවෙන් ගොඩනඟපු ඇතැම් දර්ශන තල ඉතා සංකීර්ණ වුණු නිසා ඔවුන්ට 400 කට  වැඩි තාක්ෂණික ශිල්පින් ගණනක් යොදා ගන්නට සිදු වුණා. 1954 තරම් ඈත කාල වකවානුවක අඩු තාක්ෂණික පහසුකම් යටතේ නිර්මාණය වුණු මේ චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදකයන් මුහුණ දුන් අභියෝග අප්‍රමාණයි. සුප්‍රකට යෝධ දැල්ලාගේ ප්‍රහාරය ඔවුන්ට දෙවරක් රූගත කිරීමට සිදුවුණා. එයට හේතුව වුණේ එම ජවනිකාව දහවල් කාලයේදී සන්සුන් මුහුදක රූගත කර තිබුණු නිසයි. එයට වඩා නාට්‍යමය බවක් දැනවීමට සහ සජිවිකරණය කළ යෝධ දැල්ලා පාලනය කිරීමට යොදාගත් කේබල් සහ අනෙකුත් යාන්ත්‍රික උපක්‍රම පහසුවෙන් සැඟවිය හැකි අන්දමෙන් එය රාත්‍රී කාලයේ කුණාටු  සහිත මුහුදක සිදුවන අන්දමින් නැවත රූගත කෙරුණා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුණේ, Kirk Douglas – නෙඩ් ලෑන්ඩ් ලෙස, James Mason – කපිතාන් නීමෝ ලෙස, Paul lukas – මහාචාර්ය පියර් ඇරෝනැක්ස් ලෙස, Peter Lorre – මහාචාර්යතුමාගේ සහයක ලෙස, Ted de Corsia – කපිතාන් ෆැරගට් ලෙස.

මේක බලනකොට ඒ තරම් ඈත කාල වකවානුවක මෙවැනි ඉහළ ප්‍රමිතියකින් යුත් වර්ණ චිත්‍රපටයක් නිපදවීම ගැන පුදුමත් හිතේවි. පරණ වූනත් අනර්ඝතම සිනමා නිර්මාණයක්. ඔයාලා මේකත් බාගෙන බලන්නකෝ !! අමතක නොකර කතාව බලලා Comment එකකුත් දාන්න! අළුත් උපසිරැසියකින් නැවත හමුවෙනතුරු ඔබට ආයුබෝවන්!

 

තෙරුවන් සරණයි !!!

 

 

 

20,000 Leagues Under the Sea (1954) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

20,000.Leagues.Under.The.Sea.1954.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

654 downloadsDownload 20000.Leagues.Under_.The_.Sea_.1954.Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

654 downloadsDownload Subtitles43 KB

16 comments

  1. Asitha

    මම මේක ඉල්ලුවේ අසංක ප්‍රදීප්ගෙන්
    බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්
    තෑන්ක්ස් මලයෝ.
    බොහොම පින් ජය වේවා...!!!!!!

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    2. අසංක ප්‍රදීප් රණතුංග

      මම ඉල්ලනකොට මේක වෙන්කරලා ඉවරයි. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  4. සුරේෂ් ජයතිලක

    පොඩි කාලේ ආසාවෙන් කියවපු පොත් වලින් එකක් තමයි මේ. දැන් පුළුවන් මගෙ පරිකල්පන හැකියාව කොයි වගේද කියලා බලාගන්න. ☺

    බොහොම ස්තූතියි සබට!

  5. Tharaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ! පරණ වුනත් මේවා ලෝක සිනමාවේ සදා නොමියෙන චිත්‍රපට. ඉදිරියටත් මේ වගේ අප නොදැකපු කාලයාගෙන් වසන් වූ චිත්‍රපට බයිස්කෝප් එක වෙත ගෙන එන්න කියා ඉල්ලා සිටිනවා. ඔන්න බාන්න දැම්මා. බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  7. Chalana Rukshan

    thnx bro.. potha kiyeuwata film ekak thiyenawa kiyala danagaththe ada.

  8. Withanage Priyantha Dayakeerthi

    මම විශේෂයෙන්ම පැරණි චිත්‍රපට නරඹන කෙනෙක්, ඒ නිසා මේ උපසිරැසිය මට ගොඩක් වටිනවා. මෙවැනි දෙයක් නිතරම දකින්නත් නැහැනේ. හැකිනම් IMDb වර්ගීකරණයට ලක් වූ පැරණි සිනමාපටයකට උපසිරසි ලබා දෙන්න. 1964 වර්ෂයේ තිරගත වූ "Mary Poppins" සිනමාපටය මා යෝජනා කරනවා. ස්තුතියි!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Udara Damith B\K

    ගොඩක් ස්තූතියි

  11. Akalanka

    Thnx Broooooo.

  12. janaka

    At sea, a league was three nautical miles
    that means 20000 league = 60,000 nautical miles
    please correct it
    thanks for sub

  13. nidi

    Thanks Prabudda, parana wunath lassana film ekak., loka sinamaweth sihiwatanayak mage hithe. subs tika niyamai. CLOSE ENCOUNTERS...., TELL NO ONE (oya sub karala thibunu) films dekath beluwa. ekakata ekaa wenas themawan thiyena, eeth harawath lassana films dena ekata godak thanks.

  14. Thisara Prabhath Senarathne

    Thanks broh..