Watch Trailer

Greystoke: The Legend of Tarzan, Lord of the Apes (1984) with Sinhala Subtitles | වානරයන්ගේ ටාර්සන් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. ඔන්න ඉතින් හතලිස් නවවන උපසිරසියටත් ආව. නමින් දකින්න ඇතිනේ. තවත් ටාර්සන් චිත්‍රපටියක්. පහුගිය සති දෙක තුල ඔයාලට ලැබුන තුන්වන ටාර්සන් චිත්‍රපටිය. එත් කියන්න තියෙන්නේ ඒ තුන, තුන් විදියක චිත්‍රපට කියල. මම එහෙම කියන්නේ මම සති දෙකකට කලින් දුන්න Tarzan, the Ape Man (1981) කියන චිත්‍රපටය තමා විචා…

Greystoke-The Legend of Tarzan, Lord of the Apes (1984)

ආයුබෝවන්. ඔන්න ඉතින් හතලිස් නවවන උපසිරසියටත් ආව.  නමින් දකින්න ඇතිනේ. තවත් ටාර්සන් චිත්‍රපටියක්. පහුගිය සති දෙක තුල ඔයාලට ලැබුන තුන්වන ටාර්සන් චිත්‍රපටිය. එත් කියන්න තියෙන්නේ ඒ තුන, තුන් විදියක චිත්‍රපට කියල. මම එහෙම කියන්නේ මම සති දෙකකට කලින් දුන්න Tarzan, the Ape Man (1981) කියන චිත්‍රපටය තමා විචාරකයන්ට අනුව මේ දක්වා නිර්මාණය වෙච්ච වැඩිම විවේචනයන්ට ලක් වෙච්ච ටාර්සන් චිත්‍රපටය. එකේ දර්ශන සහ සමහර බාහිර සිදුවීම් එකට හේතුවක් උනා. මිට දවසක් කිහිපයකට කලින් සමන් ප්‍රසාද් සහෝදරයා ඔයාලට දුන්න The Legend of Tarzan (2016) තමා මේ දක්වා නිර්මාණය වෙච්ච සැබෑ නළු නිලියන් රඟපාන, පරිඝනක තාක්ෂනයත් උපරිමේම යොදාගෙන නිර්මාණය වෙච්ච අලුත්ම අලුත් ටාර්සන් චිත්‍රපටය. එත් මම මේ ඔයාලට අරන් එන්නේ විචාරකයන්ට අනුව නිර්මාණය වෙච්ච හොඳම ටාර්සන් චිත්‍රපටය. ඔස්කාර් සම්මාන උළලේ හොදම සහය නළුවා ඇතුළු සම්මාන පහකට නිර්දේශ වෙච්ච බ්‍රිතාන්‍ය සම්මාන උළලේ සම්මාන හතරක් ලබා ගන්නා ලද කලාත්මක වටිනා චිත්‍රපටය. IMDb අගය 6.3 ලබාගෙන තියන ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළු ක්‍රිස්ටෝපර් ලැම්බර්ට් රඟපාන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කරපු සමීර කරුණාරත්න සහෝදරයාට ස්තුති කරන්නත් ඕන. එයා මේ ගැන කියල සතියක් විතර වෙනවා. පරක්කු උනේ වීඩියෝ පිටපත හොයා ගන්න ගැටළුවක් තිබුන හින්ද.

කතාව ගැන කියනවනම් මේකේ ටාර්සන් ගේ ජිවිත කතාව මුල ඉඳල තියනවා. එඩ්ගාර් රයිස් බාරෝස් විසින් 1912 ලියන ලද Tarzan of the Apes නවකතාව (කේ ජි කරුණාතිලක ලේඛකයා මේ පොත වානරයන්ගේ ටාර්සන් කියල සිංහලට පරිවර්තනය කරලා තියනවා) ඇසුරින් තමා මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. එංගලන්තේ ක්ලේටන් සාමිවරයා අප්‍රිකාවේ සංචාරයට යන එක, ටාර්සන් වානරයෝන්ට හසුවෙන හරි, ඔහු තරුණයෙක් වෙනකම් සිදුවීම්, එංගලන්තයට නැවත පැමිණීම සහ ජේන් හමුවීම සහ ඔහුගේ ආපහු වනයට පිටවයාම කියන ටාර්සන් චරිතය මේ චිත්‍රපටයට අයිතියි. ඉතින් ලස්සන කතාවක් ඔයාලට බලන්න පුළුවන්. තව දෙයක් කියනවා නම් මේකේ ප්‍රදාන චරිත වල ඉන්න වානරයෝ ඇත්තටම වානර ඇදුම් ඇඳගත්ත සැබෑ නළුවන්, එත් පොඩ්ඩක් වත් අඳුන ගන්න බැ. ඔයාලට බලනකොට තේරේවි.

මේ චිත්‍රපටය බාගත කරන්න යනවනම් තව දෙයක් ඔයාලට කියන්න ඕන. මේ චිත්‍රපටය හොයා ගන්න මටත් ටිකක් දුක් විඳින්න උනා. වීඩියෝ පිටපත් කිහිපයක් තිබ්බත් සීඩ්ස් අඩු හින්දා ප්‍රයෝගිකව බාගත කිරීම ගැටළුවක් උනා. අන්තිමට මේ ඔයාලට උපසිරසි සකස් කරන්නේ 1.2 GB ප්‍රමාණයේ ඉංග්‍රීසි සහ ප්‍රංශ ද්විත්ව බාෂා වලින් තියන වීඩියෝ පිටපතට(ඔයාලට ප්ලේයර් එකෙන් ඕන බාෂාව වෙනස් කර ගන්න පුළුවන්). එකේ සීඩ්ස් හොඳයි. මට 4G වලින් විනාඩි 45 කින් බාගත කරන්න පුළුවන් උනා. යාළුවන්ට කියනන් තියෙන්නේ මහන්සිවෙලා ගත්තට පාඩු නැති චිත්‍රපටයක්. පුළුවන් උනොත් මම කමෙන්ට් එකකින් උදව් කරන්න බලන්නම්. එත් ඔයාට මොන පිටපත ගනීද දන්නේ නැති හින්ද මම අන්තර්ජාලයේ තියන වැඩිම බාගත ප්‍රමාණයක් තියන උපසිරසි පිටපත් වල ටයිම් ලයින් වලට ගැලපෙන්න උපසිරසි ගොනු සකස් කළා. ඒක හින්ද ඔයාලට ලොකු ගැටළුවක් වෙන එකක් නැ.

මම ඊළඟට දෙන්නේ මගේ සුපුරුදු කැමැත්තට අනුව සත්තු ඉන්න චිත්‍රපටයක්. මගේ උපසිරසි පුරාවටම නයි පොළොංගු, කිඹුල්ලු, මෝරු විතරක් නෙවි බින්කුන්ඩෝ වත් අතහැරියේ නැති හින්ද මම ඊළඟට ඉබ්බෝ ටිකක් එක්ක එන්නම්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ….!

 

 

 

 

Greystoke: The Legend of Tarzan, Lord of the Apes (1984) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Greystoke The Legend of Tarzan, Lord of the Apes (1984)
Greystoke The Legend of Tarzan Lord of the Apes.720p.BlueRay.AMIABLE.en
Greystoke – The Legend of Tarzan, Lord of the Apes (1983).SDH
Greystoke – Legend of Tarzan

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

816 downloadsDownload Greystoke-The-Legend-of-Tarzan-Lord-of-the-Apes-1983-Baiscopelk.com_.rar74 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

816 downloadsDownload Subtitles74 KB

18 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    1. pradeep

      එක්ස්ට්‍රා ටොරෙන්ට් එකෙ අර තියෙන්නෙ හොද කොපියක්. මොකක්ද නෑ කියන්නෙ.

  2. Tharaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ! පරණ වුනත් මේවා ලෝක සිනමාවේ සදා නොමියෙන චිත්‍රපට. ඉදිරියටත් මේ වගේ අප නොදැකපු කාලයාගෙන් වසන් වූ චිත්‍රපට බයිස්කෝප් එක වෙත ගෙන එන්න කියා ඉල්ලා සිටිනවා. ඔන්න බාන්න දැම්මා. බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. milantha

      සහෝ මේක හරි කරදරයක්. baiscopelk එකට ඇවිත් click කරන කරන වාරයක් පාසා ads යනව. කරුනාකර මේක නවත්වන්න. හරිම කරදරයක්.

  3. Ishan Madusha

    බොහෝම ස්තුතියි සහෝ මේ වගේ movies වලට උපසිරැසි කරන එක.ඉදිරි කාලය තුළදි japanese,spanish movies
    වලටත් උපසිරැසි කරන මෙන් ඉල්ලා සිටිනවා.ජය වේවා!

  4. අසංක ප්‍රදීප් රණතුංග

    ඔයාලට මේ චිත්‍ර පටය හොයා ගන්න බැරිනම් gapanet ඇට් ජීමේල් ඩොට් කොම් කියන මගේ ඊමේල් එකට පණිවිඩයක් එවන්න. මම ඔයාලට ලින්ක් එක එවන්නම් මම ගත්ත. මෙතන දාන්න බැ. ඔයාල දන්නවනේ දැනට සයිට් දෙකකට වැඩේ හම්බ උනා. අපි මේ සයිට් ඒක ආරක්ෂා කරගන්න ඕන.

  5. George

    මට 4G වලින් විනාඩි 45 කින් බාගත කරන්න පුළුවන් උනා. ????

    1. අසංක ප්‍රදීප් රණතුංග

      සීඩ්ස් අඩුයි කිවුවේ එකයි සහෝ. නැත්නම් ඉතින් ඔයිට ඉක්මනට පුළුවන් නේ.

  6. Asitha

    ohomama 50 th gahamu.
    ela thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. pradeep

    niyamai, thanks

  9. ටිකිරී

    ගින්දර මචෝ .2016 එකත් කොහොම හරි දීපන් ...

  10. kavinda

    අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්ර කට චිත්රලපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!

  11. බොබී

    නියමයිනේ. මේකේ පොත් සෙට් එක කියෙව්වට මම දැනන් හිටියේ නෑ ඒවම ෆිල්ම් ගහලත් තියෙනවා කියලා. ස්තූතියි සහෝ උපසිරැසියට.

  12. Lahiru Lakmal

    Thanks for sub.

  13. mithun

    ස්තුතියි සහෝ.වටිනව බොහොම . කරන වැඩෙ නම් great bro thank

  14. Withanage Priyantha Dayakeerthi

    "අසංක ප්‍රදීප්" සොයුර ඔබ දිනෙන් දින ගෙනෙන්නා වූ අමරණීය උපසිරසි එකතුවට මාගේ ස්තුතිය!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P