සුබ 2040ක් වේවා කට්ටියටම!!! පළමුවෙනි උපසිරැසිය කරලා අවුරුදු 2ක් වෙන්නත් ඇවිත්. මුලින්ම ස්තූති කරනවා වාර්තා චිත්‍රපටයක් නිසා වැඩිදෙනෙක් නොබලයි කියලා හිතාගෙන කරපු වැඩේට නොහිතපු විදියේ ප්‍රතිචාරයක් දීපු හැමදෙනාටමත් බයිස්කෝප් කට්ටියටත්. ඔන්න තවත් ඒ වගෙම එකක්!!! ඉතින් බලපු අයට මතක ඇති ක්‍රේග් ලීසන් අධ්…

සුබ 2040ක් වේවා කට්ටියටම!!! පළමුවෙනි උපසිරැසිය කරලා අවුරුදු 2ක් වෙන්නත් ඇවිත්. මුලින්ම ස්තූති කරනවා වාර්තා චිත්‍රපටයක් නිසා වැඩිදෙනෙක් නොබලයි කියලා හිතාගෙන කරපු වැඩේට නොහිතපු විදියේ ප්‍රතිචාරයක් දීපු හැමදෙනාටමත් බයිස්කෝප් කට්ටියටත්. ඔන්න තවත් ඒ වගෙම එකක්!!!
ඉතින් බලපු අයට මතක ඇති ක්‍රේග් ලීසන් අධ්‍යක්ෂවරයා අපේ රට නිසා හැදුණු චිත්‍රපටය, A Plastic Ocean (2016) අවසන් කරන්නේ අපට පොඩියි කියා පෙනෙන දෙයකින් පවා ලෝකයේ කොයිතරම් වෙනසක් කරන්න පුළුවන්ද කියන දේ පෙන්වා දෙමින්. [අමතකයි නම් ආයෙ බලමු, මොකද අපි තාමත් ලෝකෙ වැඩියෙන්ම මුහුදට ප්ලාස්ටික් දාන රටවලින් 5වෙනි තැන] ඉතින් මේ වාර්තා චිත්‍රපටය ගැනත් විචාරක ප්‍රේක්ෂක දෙගොල්ලම කියන්නේ මේක නරකම අහන්න ලැබෙන කාලෙක සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරන චිත්‍රපටයක් කියලයි.
ඕස්ට්‍රේලියානු ජාතික නළුවෙක් සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් හා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩේමන් ගැමෝ තමන්ගේ අවුරුදු හතරක් වෙන තමන්ගේ දුවට ලියන වීඩියෝ ලියමනක් කියන්නට පුළුවන් මේ කතාව ආරම්භයෙදිම කියනවා,
“තාත්තෙක් හැටියට මං හිතනවා අපිට වෙනස් කතාවක් කියන්න අවස්ථාවක් තියනවා කියලා. ඒ අද දවසේ අපි දකින ගැටළුවලට විසඳුම් දීම අරමුණු කරගත් කතාවක්”
එහෙම කියන ඩේමන් ගෙදරින් එළියට බහින්නේ දේශගුණික වෙනස්වීම් එක්ක ඇතිවෙන ගැටළුවලට දවසේ තියෙන හොඳම විසඳුම් ක්‍රියාත්මක කළොත් 2040 වසර වෙනකොට, ඒ කියන්නෙ ඩේමන්ගෙ දුව වෙල්වට් අවුරුදු 25ක තරුණියක් වෙද්දි ඇයටත් ඇගේ පරම්පරාවටත් උරුමවෙන ලෝකය ගැන උපකල්පනයක් ගොඩ නගන්නයි. ඉතින් මේ ගමනේ මුල්ම දේ තමයි 2040 අයිතිකාරයන්ගෙන් උපදෙස් ලබාගැනීම. ලෝකයේ විවිධ රටවල ප්‍රාථමික පාසල්වල ඉන්න ළමයින් මුණගැහෙන ඩේමන් එයාලට ඕන ලෝකය ගැනත්, අද දවසේ තියෙන ප්‍රශ්න ගැනත් අසා දැනගන්නවා. එයින් පස්සේ බංග්ලාදේශයේ ජෝටේ ෂවුඩා, ඇමෙරිකාවේ නිව්යෝක් වගේ ගම් නගරවල සංචාරය කරමින් විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් හමුවෙන ඩේමන් ඔවුන්ගේ දැනුම යොදාගනිමින් අද දවසේ පවතින හොඳම විසඳුම් ක්‍රියාවට නැගුවොත්, 2040 දී දකින්නට ලැබෙන ලෝකය පිළිබඳව සුබවාදී දැක්මක් ගොඩනගනවා. දත්ත පදනම් කරගත් සිහින දැකීමක් ලෙස හඳුන්වන මේ අත්දැකීමේදී අද දවසේ පවතින තාක්ෂණය, දැනුම පමණක් උපයෝගී කරගෙන අනාගතය දකින්න ඩේමන් පරිස්සම් වෙනවා.
ඩේමන් මේ ගමනෙදි පුනර්ජනනීය බලශක්තිය, විකල්ප ප්‍රවාහන ක්‍රමයන්, ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලබාදීම වගේ මාතෘකා ගණනාවක් සංවාදයට එක්කර ගන්නවා. හොඳම දේ තමයි ඩේමන්ටත් ඔහුත් එක්ක එකතුවෙන පිරිසටත් මේ කතාව පොඩි ළමයෙක්ට වුණත් තේරෙන විදියට සරලව කියා දෙන්න පුළුවන් වීම.
IMDB ශ්‍රේණිගත කිරීම් අනුව 7.1 වගේ ඉහළ අගයක් රඳවා ගන්න සමත් වුණු, තවමත් ලොව පුරා සාර්ථකව ප්‍රදර්ශනය කෙරෙමින් තියෙන මේ චිත්‍රපටය මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ ආදායම් වාර්තා අතරට එක්වී තියෙනවා.
චිත්‍රපටය නිර්මාණය කිරීමෙන් නොනැවතුණු මේ පිරිස වඩාත් යහපත් 2040ක් බලාපොරොත්තුවෙන් The Regeneration [පුනර්ජීවනය] නැමති ගෝලීය ව්‍යාපාරය ගොඩනගනවා. චිත්‍රපටයත්, එම ව්‍යාපාරය ගොඩනැගීමත් වෙනුවෙන් ඩේමන් 2020 වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙසටත් නිර්දේශ ලබනවා. www.whatsyour2040.com වෙබ් අඩවියට ගිහින් බැලුවොත් ඔබේ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් මේ ව්‍යාපාරයට දායක වී, යහපත් අනාගතයක කොටස්කරුවෙක් වෙන්නත් අවස්ථාව තියෙන බව මතක් කරමින් මේ සටහන නිමා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
3,275 downloadsDownload 2040-2019.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු දර්ශන [ත කඩියා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු දර්ශන [ත කඩියා]
Subtitles
28 comments
wnrodrigo
තරිඳු දර්ශන [ත කඩියා]
Thnx friend! pls share the message. Best!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!තරිඳු දර්ශන [ත කඩියා]
බොහොම ස්තූතියි!
අනිත් අය එක්කත් බෙදා ගමු!
ජය!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!තරිඳු දර්ශන [ත කඩියා]
බොහොම ස්තූතියි!
අනිත් අයත් එක්කත් බෙදා ගමු!
ජය!
Ravin Laksitha
සිංහල උපසිරසියට ස්තුතියි
තරිඳු දර්ශන [ත කඩියා]
ස්තූතියි!
අනිත් අයත් එක්කත් බෙදා ගමු!
ජය!
dhanukaakalanka
ස්තූතියි....
Midway (2019) english film එකටත් ඉක්මනින් සබ් දෙන්න..තරිඳු දර්ශන [ත කඩියා]
ස්තූතියි!
අනිත් අයත් එක්කත් බෙදා ගමු!
ජය!
gihan perera
ස්තුතියි සහෝ.....හොඳ කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
තරිඳු දර්ශන [ත කඩියා]
ස්තූතියි!
අනිත් අයත් එක්කත් බෙදා ගමු!
ජය!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
තරිඳු දර්ශන [ත කඩියා]
බොහොම ස්තූතියි!
අනිත් අය එක්කත් බෙදා ගමු!
ජය!
Pri
Thanks a lot for the information. I normally don't download the sub.but read the introduction. You all provide very impressive information.Thanks again.Keep up your good works.
තරිඳු දර්ශන [ත කඩියා]
Welcome!
let's share this message with others!
Best!
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
තරිඳු දර්ශන [ත කඩියා]
බොහොම ස්තූතියි!
අනිත් අය එක්කත් බෙදා ගමු!
ජය!
ranga11112
thanks bro
තරිඳු දර්ශන [ත කඩියා]
welcome bro!
let's share this!
best!
නිමල් දිසානායක
හොඳ හිත හොඳ වැඩට තව-තව යොමු වේවා
ඒ වෙනුවෙන් සවිය නිබඳව වැඩි වේවා
ජය- සිරි- සැප- සුවය හැමටම අත් වේවා
හොඳ හිතකින්ම පතනා පැතුමන් මේවා!තරිඳු දර්ශන [ත කඩියා]
බොහොම ස්තූතියි!
අනිත් අය එක්කත් බෙදා ගමු!
ජය!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම මේ වගේ එකකට සබ් කරන්න තෝර ගත්තු එක ඉහලින්ම අගය කරනවා...
පුලුවන්නම් දිගටම මේ වගේ ඒවටම සබ් දෙන්න...තරිඳු දර්ශන [ත කඩියා]
බොහොම ස්තූතියි!
අනිත් අය එක්කත් බෙදාගමු!
ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තරිඳු දර්ශන [ත කඩියා]
බොහොම ස්තූතියි අයියේ!
අනිත් අය එක්කත් බෙදා ගමු!
ජය!
mindika
Thanks !!!!!!!!!!!!!!
sanjeewakbg
thanks bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![2040 (2019) Sinhala Subtitles | අනාගතය අදයි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/01/2040-movie-2019.jpg)

Good work friend, Thanks for the sub!