Watch Trailer

Hawaa (2019) Sinhala Subtitles | ඔට්ටුවෙන් පැන යාම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පිළිගන්නවා 2020 අලුත් අවුරුද්දේ බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. එහෙනම් මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක අරගෙන තමයි මං ඔයාලව හම්බවෙන්න ආවේ. මේ අවුරුද්ද තෙලිගුවකින්ම පටන් ගත්තා නම් හොදයි කියලා හිතුණා. ඒ වගේම තමයි ඉස්සරහටත් ඔයාලා වෙනුවෙන් තවත් සබ් ගණනාවක් ගේන්න මම බලාපොරොත්තුවෙනවා. එහෙනම් යාළුවන…

ආයුබෝවන් කියලා පිළිගන්නවා 2020 අලුත් අවුරුද්දේ බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. එහෙනම් මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක අරගෙන තමයි මං ඔයාලව හම්බවෙන්න ආවේ. මේ අවුරුද්ද තෙලිගුවකින්ම පටන් ගත්තා නම් හොදයි කියලා හිතුණා. ඒ වගේම තමයි ඉස්සරහටත් ඔයාලා වෙනුවෙන් තවත් සබ් ගණනාවක් ගේන්න මම බලාපොරොත්තුවෙනවා. එහෙනම් යාළුවනේ මං චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. මේකට imdb 8ක් වගේ ඉහළ අගයක් වගේ හිමි වෙලා තියෙනවා. ඒ වගේම තමයි, චිත්‍රපටිය පුරාවටම දිවෙන්නේ, පළිගැනීම්, හොරකම්, රැවටීම් වගේ දේවල්. කාලෙකින් බලන්න හොද චිත්‍රපටියක් කියලා නම් කියන්න පුළුවන්. එහෙනම් මම කතාව පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්.

චාලි කියන්නේ පොඩි කාලේ ඉදන්ම අනාථයෙක්. මෙයා ටික ටික වැඩිමහල් තත්වයට පත්වෙනකොට, සල්ලි වලට තියෙන ආශාව නිසා, එක එක හොර වැඩ වලට පෙළබෙනවා. ඒ වගේම තමයි මෙයාට මයිකි කියලා යළුවෙකුත් හිටියා මෙයත් එක්ක තමයි චාලි හොර වැඩ වලට අතගහන්නේ. දවසක් චාලිට දැනගන්න ලැබෙනවා මෙල්බන් වල පවත්වන්න යන අශ්ව රේස් එකකට ඔට්ටු අල්ලනවා කියලා හැබැයි ඒකට ප්‍රමාණවත් තරම් මුදලක් චාලි ලග තිබුණේ නෑ. ඒ නිසා මයිකිගෙන් උදව්වක් ගන්න ඕනේ කියලා චාලි මයිකිට කතා කරනවා. ආ ඒ වගේම තමා මට කියන්න අමතක වුණා, මයිකි කියන්නේ බිජිලි බායි කියන සල්ලිකාර මැරයා ලග වැඩ කරන කෙනෙක්. ඒ ඔට්ටුවට ඕන සල්ලි අර බිජිලි බායි කියන මැරයගෙන් හොරෙන් අරගන්න කියලා චාලි මයිකිට කියනවා. ඒ වගේම තමයි මයිකි කියන්නේ බිජිලි බායිගෙ විශ්වාසවන්තම සේවකයා. කොහොමෙන් හරි මේ කරන්න හදන වංචාව ගැන බිජිලි බායිට දැනගන්න ලැබෙනවා. එතනින් පස්සේ මොනා වෙයිද කියලා නම් මම ඔයාලට කියන්න යන්නේ නෑ චිත්‍රපටිය බලලම තමා ඒක තේරුම් ගන්න වෙන්නේ. එහෙනම් තවත් මේ වගේ උපසිරැසියකින් ඔයාලව හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.

ඔයාලට තෙරුවන් සරණයි!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper TRUE WEB-DL පිටපත සඳහා අදාළ වේ.

7,082 downloadsDownload Hawaa.2019.Baiscopelk.com_.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් රවින්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රදීප් රවින්ද්‍ර

Subtitles

7,082 downloadsDownload Subtitles33 KB

9 comments

  1. Pubudu@0909

    Thanks brother sub ekta...

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. kodagoda

    tnx sahoo sub ekta

  4. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  5. sagith mihiranga

    මට film එකක් තියෙනවා download කරන්න ඒත් download කරන්න බැහැ hawaa 2019 safe 2019 මට කියල දෙන්න කොහොමද කරන්නේ කියලා

  6. melinda

    thank you

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. nish47

    ස්තූතියි සහෝ

  9. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!