Watch Trailer

22 Female Kottayam (2012) Sinhala Subtitles | අහිංසක හෙදියකගේ වියරු පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කලින් වතාවේ ලිපියකින් කිව්ව ඒ සම්මානනීය මලයාලම් ෆිලුම අරගෙන තමයි මේ පාර ආවේ.මේක තිරගතවුනේ 2012 අවුරුද්ද මුල් භාගයේ.ඒ වගේම ෆිලුම කාණ්ඩගත වෙලා තියෙන්නේ Crime, Drama, Romance ප්‍රභේදයන් ඔස්සේ.මලයාලම් සිනමාවේ තවත් විශිෂ්ට නළුවෙක් වන Fahadh Faasil මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා.ෆිලුමට බොහෝ විචා…

ඔන්න කලින් වතාවේ ලිපියකින් කිව්ව ඒ සම්මානනීය මලයාලම් ෆිලුම අරගෙන තමයි මේ පාර ආවේ.මේක තිරගතවුනේ 2012 අවුරුද්ද මුල් භාගයේ.ඒ වගේම ෆිලුම කාණ්ඩගත වෙලා තියෙන්නේ Crime, Drama, Romance ප්‍රභේදයන් ඔස්සේ.මලයාලම් සිනමාවේ තවත් විශිෂ්ට නළුවෙක් වන Fahadh Faasil මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා.ෆිලුමට බොහෝ විචාරකයින්ගේ වගේම ප්‍රේක්ෂකයින්ගේත් ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා.ඒ වගේම මේකට සිනමා සම්මාන රාශියක් ලැබිලා තියෙනවා.ඒ වගේම මේක දමිළ සහ තෙලිඟු භාෂාවලින් ප්‍රතිනිර්මාණය වෙලත් තියෙනවා.

Filmfare Awards South ඒ කියන්නේ දකුණු ඉන්දියාවේ සිනමා කර්මාන්ත වන දමිළ, තෙලිඟු, මලයාලම්, කන්නඩා වැනි සිනමා කර්මාන්ත වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන සිනමා උළෙලේදී මේ ෆිලුමට සම්මාන කිහිපයක්ම ලැබිලා තියෙනවා.ඒ 2013 වසරේදී.ඒ විදියට ලැබුනේ හොඳම නිළිය,හොඳම නළුවා,හොඳම චිත්‍රපටය,හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම සහය නිළිය කියන සම්මාන.ඒ වගේම South Indian International Movie Awards 2013 සම්මාන රාත්‍රියේදී ත් හොඳම නිළිය,හොඳම ප්‍රතිවීර චරිතය වෙනුවෙන් ෆිලුම සම්මානයෙන් පිදුම් ලැබුවා.මේ විදියට ෆිලුමට ලැබුණු සම්මාන සහ නිර්දේශ වීම් ගණන 10කටත් වැඩියි.ඒ වගේම ෆිලුම දමිළ බසින් Malini 22 Palayamkottai ලෙසත් තෙලිඟු බසින් Malini 22 Vijayawada ලෙසත් ප්‍රතිනිර්මාණය කෙරුනා.

ෆිලුමේ කතාව දිහාවට හැරුනොත්,මේක පටන්ගන්නේ ටෙසා කියන තරුණ හෙදිය වාහනයේ ගමන්කරන ගමන් ගන්න දුරකථන ඇමතුමක් එක්ක.දුරකථනය එහා පැත්තෙන් එන්නේ පිරිමි කෙනෙක්ගේ කටහඬක්.ඇමතුම ඉවරවෙලා එයා දුරකතනයේ සිම් කාඩ්පත ගලවලා වාහනෙන් එලියට දානවා.එතනින් පස්සේ ෆිලුම අපිව මාස කිහිපයක් ආපස්සට අරගෙන යනවා.ඒ කියන්නේ ෆිලුමෙන් කියවෙන්නේ මේ ටෙසාගේ කතාව.ඉතින් මීටවඩා විස්තර කියලා කතාවේ රසවින්දනයට බාධා කරන්න යන්නේ නෑ .ඒ හින්දා ටෙසාගේ කතාව මොකක්ද කියලා ෆිලුම අරගෙනම බලන්නකෝ!

මේක උපසිරැසි ගන්වන්න ඕනේ කියලා හිතුනේ මම මීට කලින් Fahadh Faasil ගේ ෆිලුමක් උපසිරැසි ගන්වලා නැති නිසා සහ මේක තරමක් පැරණි ෆිලුමක් වුනත් සම්මාන රාශියක් මේකට ලැබිලා තිබීම.ඒ වගේම මේ ෆිලුමෙන් ප්‍රතිනිර්මාණය වුණු චිත්‍රපට දෙකෙන් එකකටවත් සිංහල උපසිරැසියක් නිකුත්වෙලා නෑ .උපසිරැසිය මීට සති කිහිපයකට කලින් දෙන්න හිටියත් එක දිගට අලුත් මලයාලම් ෆිලුම් කීපයක්ම ආව නිසා මේකේ වැඩ මග නතරවුනා.ඉතින් වෙනදා වගේම අදත් අවසාන වශයෙන් මතක් කරනවා උපසිරැසිය ගැන ඔබේ වටිනා අදහසත් පල්ලෙහායින් දාගෙන යන්න කියලා.

තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු! එතෙක් ඔබට ජය!

22 Female Kottayam (2012) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

22-Female-Kottayam-2012-Malayalam-DVDRip-XviD-AC3-ESubs

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

7,799 downloadsDownload 22-Female-Kottayam-2012.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු රසාංග

Subtitles

7,799 downloadsDownload Subtitles36 KB

27 comments

  1. Mithun

    ගොඩක් ස්තුතියි සහෝ
    බලන්නම ඔනෙ..
    ඔය ගෙනාපු ගොඩක් මුවි ගත්ත සබ් ලියනවත් නියමයි
    දිගටම හොදම ටිකක් දෙන්න
    ටැමිල් එහෙමත්
    ජය..

  2. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!!!

  3. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    ටිකක් පරණ වුනත් සම්මාණනීය එකක් නෙහ් :P
    තව මලයාලම් ගේමු ආ...
    ඔබට ජය!

  4. Sachin

    Ninnu kori teligu film ake sub dendako nanige aluth film ake

  5. ජගන්නාථ

    බොහොම ස්තූති ඔබේ උපසිරැසියට. ඔබගේ උපසිරැසිවලින් අපි නොමඳ ආස්වාදයක් වින්දෙමු.

  6. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  7. නිරෝෂ්

    බොහොම ස්තුතියි තරිඳු සහෝ.ජයවේවා!

  8. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 - 2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  9. kumara

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.

  10. Kash

    බොහොම ස්තූතියි!

  11. Chami.S

    Thanks..
    Good Luck..

  12. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  13. අසිත

    elama saho thanks

  14. SPD

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    මේ චිත්‍රපටයට උපසිරසි කරපු එක නම් ගොඩක් වටිනවා.
    ෆිලුම නම් කලින් බලල තියනවා.
    ඒ වුනාට සිංහල උපසිරසියක් එක්ක බලන තරම් තවත් දෙයක් නෑනේ.
    ඒ නිසා ඔයාගේ උපසිරසියත් එක්ක ආයෙම වතාවක් බලනවා නිවාඩු වෙලාවක.
    මේක බලන්නම වටින ෆිලුමක්.
    2012 කියල අතෑරලා යන්නැතුව ෆිලුම බලන්න කියල හැමෝටම කියනවා.
    මේ වගේ එකක් මිස් කරගන්නෙපා.
    බොහොම ස්තුතියි සහෝ.
    ජය වේවා...!

  15. Kulanjana Maduranga

    niayamai…patta ahhhhh..ela...thawa malayalam film denna.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Hemantha De Silva

    බොහොම ස්තූතියි මල්ලි සිංහල උපසිරැසියට. ..

  17. rangika Kariyawasam

    නියමයි තරිදු සහෝ. ලෙසටම සබ කරලා තියෙනවා.. තැන්කු... ජයවෙිවා..

    තරිදු සහෝ මේ ටිකේ ටැමිල් රොකර් එකේ මලයාලමි වැහි වැහැලා. ඔක්කොම ෆිල්ම් බාගෙන ඉන්නෙ නොයිවසිල්ලෙන් අපේ සහෝලා සබි ට්ක දෙනකමි.ඒ අතරින් මුලින්ම
    Rakshadhikari Baiju Oppu,Adventures Of Omanakuttan ෆිල්මි ට්කට සබ දෙන මෙන් කාරැණිකව ඉල්ලා සිට්නවා......ජයවෙිවා...

  18. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  19. Krishan Madusanka

    fatta thanks
    max pyene 2 film ekata sub eka denna

  20. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. A Mune Munasinghe

    ඉස්තුති උප්සර්සිය්ට හොදයි වගේද කතාව..

  23. අජිත්

    බයිස්කෝප් එකට සහ උපසිරසි කරන සියලුම සහොදර සහොදරියන්ට බෙහෙවින්ම ඉස්තුතී වෙනවා ඔබලා නිසයි අපි ලෝක සිනමාව කියවන්නේ ආදරෙයි බයිස්කෝප් එකට තව තවත් නිර්මාන කරන්න ඔබලාට ශක්තිය දහිරිය ලැබේවා ඉස්තුතීයි

  24. Shasika pradeep

    FTta mcn

  25. Roshantha Silva

    Supiri.. ..
    Puluwannam mee film ekee Tamil movie eka "Malini 22 palayamkottai" film ekee subtitle eka dennako.....

  26. Saranga J. Liyanagama

    Thanks

  27. sisira munasinghe

    thanks. නියම වැඩක්