Watch Trailer

303 (2018) Sinhala Subtitles | ආදරණීය ගමනාන්තය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.. මම කවුද කියල කියන්න දෙයක් නෑ නෙ.ඔයාල හැමෝම මාව අඳුරනවා.මේ මගේ 14 වෙනි ෆිල්ම් එක.මතකද අන්තිම එකෙන් මම සමුගන්න ගියා.ඒත් තව එක පාරක් එන්න හිතුනා.දාල යන්න සමහර හේතු තිබුනට නොයා ඉන්නත් හේතු දෙක තුනක් තිබුනා.ඒක නිසා ආයෙත් ආවා.හරි එහෙනම්. දැන් ෆිල්ම් එක ගැන කතා කරමු. මේ ෆිල්…

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.. මම කවුද කියල කියන්න දෙයක් නෑ නෙ.ඔයාල හැමෝම මාව අඳුරනවා.මේ මගේ 14 වෙනි ෆිල්ම් එක.මතකද අන්තිම එකෙන් මම සමුගන්න ගියා.ඒත් තව එක පාරක් එන්න හිතුනා.දාල යන්න සමහර හේතු තිබුනට නොයා ඉන්නත් හේතු දෙක තුනක් තිබුනා.ඒක නිසා ආයෙත් ආවා.හරි එහෙනම්.

දැන් ෆිල්ම් එක ගැන කතා කරමු. මේ ෆිල්ම් එකේ නම ටිකක් හරි අමුතූයි.. 303 කියන්නෙ ඉලක්කමක් නේ.ඒ නම ආපු හැටි ෆිල්ම් එක බලද්දි තේරෙයි.දැනට IMDB 7.5 කුත් Rotten Tomatoes 83% කුත් හම්බෙලා තියෙනවා මේකට.ඒ කියන්නෙ මේක බලන්නම ඕන ෆිල්ම් එකක්. අපි හැමෝම ආදරය කරන, කරපු මිනිස්සු.මේ ලිපිය ලියන මාත් මේ වෙද්දි ගෑනු ලමයි 7 දෙනෙක්ට ආදරේ කරල තියෙනවා.මේ ෆිල්ම් එකේ යන්නෙ ලස්සන ටිකක් වෙනස් ආදර කතාවක්.ඒක නිසා ආදරේ කරපු අය, කරන අය, විඳින අය සහ විඳවන අයත් මේක බැලිය යුතුමයි.ඊට අමතරව මේ දෙබස් වල සමහර ඉතිහාස කරුණු වගයක් අඩංගුයි.ඒ ඔක්කොම සම්පූර්ණ ඇත්ත.මම හොයල බැලුවා.ඒක නිසා ඒ ටික දැනුමට දාගත්තට කමක් නෑ. මේ ෆිල්ම් එකේ කතාව ගැන නම් මම මුකුත්ම කියන්න යන්නෙ නෑ.මම කැමතිත් නෑ කොහොමත් එහෙම චුට්ටක් හරි කතාව කියන්න.එතකොට කුතුහලේ පොඩ්ඩක් හරි අඩුවෙනවනෙ,ඒක නිසා බලලම ඉන්න.මේක මම බලල දැනට ගොඩක් දවස්.ඒත් ලඟදි තමයි උපසිරසි කරන්න හිතුනෙ.

හැමෝම දන්නවනෙ මගේ රස්සාව ටුවරිස්ට් ගයිඩ්.දවසක් මාත් එක්ක ටුවර් එකක් යන්න ආවා ජර්මන් සුදු නෝනා කෙනෙක් අවුරුදු 24 ක වගේ.අපි ලංකාව පුරා ගියා දවස් 8 ක ටුවර් එකක්.අන්තිම දවසෙ එයා පෝට් එකෙන් බහින්න කලින් ඒ නෝනා මට කිව්වා, ඔයා එක්ක යද්දි මට මතක් උනේ 303 කියන මේ ෆිල්ම් එක කියල.එදාට පහු වෙනිදම මම මේ ෆිල්ම් එක බැලුවා.. සාමාන්‍යයෙන් අපි සමුදෙද්දි හිනාවෙලා අතට අත දීලා බදාගෙන ඉවර වෙද්දි ඩොලර් 100 ක් හරි 200 ක් දෙන සුද්දො අතරෙ මේ ටුවර් එක විතරයි මට ටිප් එකක් නොලැබුන එකම එක. ඒත් ඒ නෝන මට කිස් එකක් දීලා කිව්ව අර ෆිල්ම් එක හොයාගෙන බලන්න කියල.මං හිතන්නෙ මේ තමයි මට ලැබුන හොඳම ටිප් එක. ගිය අවුරුද්දෙ අප්‍රේල් ඉඳන් මේ වෙද්දි මම මේ ෆිල්ම් එක 8 පාරක් විතර බැලුවා.. එහෙනම් ඔන්න දැන් හැමෝටම බලන්න පුලුවන්. මේක හදල තියෙන්නෙ යුරෝපෙ තියන ලස්සනම තැන් වල.ඒක නිසා මේ කතාව තවත් ලස්සනයි.

එහෙනම් ඔන්න අපි ගියා.බලලා කමෙන්ට් එකක් දාන්න.ජයවේවා හැමෝටම.ආයුබෝවන්….

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

7,241 downloadsDownload 303-2018.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

7,241 downloadsDownload Subtitles47 KB

32 comments

  1. indika75

    Thanks..

  2. prabhasoft

    Thanks Bro...

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Anonymous

    thanks machan

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    උපසිරසිකරණයෙන් අයින්ම වෙන්න එපා වෙලාව තියන හැටියට විවේකයක් තියන වෙලාවට මේ වගේ හොඳ film එකකට සබ් එකක් කරන්න :) :) ..
    ජය වේවා බ්‍රෝ..!

  6. Anonymous

    Thanks

    1. Kastal srilal

      Hoda rate thiyena lassana film ekak wagei.thnks a lot bro...❤️

  7. jagath55

    Thanks

  8. Anonymous

    Thanx bro sub ekata

  9. Nilush Angana

    Sub ekata thanx

  10. බණ්ඩාර

    ජර්මන් කෙල්ල දුන්න හොදම ටිප් එක සහ ජීවිතේට ලැබෙන අත්දැකීම් සමග එයටම අදාල චිත්‍රපටියක උපසිරැසක් කිරීම ජීවිතයට ඉතා සුන්දර අත්දැකීමකි.

    1. Denon

      Meka maru brother thanks

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. Kush

    Wade hodai. Film ekath lassanai

  13. Thisaru

    Ela

  14. Sanjaya

    thnkzz sub ekata

  15. Sanjaya

    Machn film eka balal iwara wela comment eka danne.. eya contact karaganna widiyak nedda oyata? sebe jiwitheth film eka awasane wage unoth ehema kiyanna bene.. heee .. supiri film eka sub eka nisai beluwe .. thnkzz sub ekata.. obata jaya.. BS!!

    1. Daminda

      ස්තුතියි මචන්.. දැන් ටූ ලේට් බන්.. එයා දුර ගිහින්

  16. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි...

  17. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  18. Dewadithya

    Thanks for sub!

  19. Mishen

    උපසිරැස නියමට තියනෝ..ජිවිතයේ උනු දේ හා සමාන චිත්‍රපටියකට උපසිරැස හැදිමම අපුරු අත්දැකිමක් වෙන්න ඇති...

  20. Daminda Gamage

    බොහොම ස්තුතියි කමෙන්ට් වලට නෝනාවරුනි මහත්වරුනි.
    සබ් කරපු ෆිල්ම් වලින් හිතට වැදුන හොඳම එක මේක.ආයෙත් එන්නම් තව හොඳ එකක් අරගෙන.

  21. Anonymous

    Thnks dear♡

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Anonymous

    thanks bro

  24. FDO

    පට්ට බන් මන් මීට කලින් කමෙන්ට් කරලම නෑ හෙට A/L Physics ඒත් බැලුවා සුපිරි බන් Thanx

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  26. lakshan

    thanks broooooooo ... supiri movie eka wooooooooooooow

  27. sasiru

    Thank you very much for your commitment, highly appreciate it. please keep going.

  28. Sandani

    TThankyou dude!!!❤♥️♥️

  29. ab

    sub ekata thanx saho