ආයුබෝවන්.. සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. ඉතින් ඔන්න ටික කාලෙකට පස්සේ තවත් මං බලපු ලස්සනම ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේක 2005 තිරගත වුන චිත්‍රපටයක්. Dreamer : Inspired by a True Story මේ චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන සිනමා නිර්මාණයකට උචිත විදිහට බලන අයට ආශ්වාදයක් ගෙන එන විදිහට නිර්ම…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම..
ඉතින් ඔන්න ටික කාලෙකට පස්සේ තවත් මං බලපු ලස්සනම ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේක 2005 තිරගත වුන චිත්‍රපටයක්. Dreamer : Inspired by a True Story මේ චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන සිනමා නිර්මාණයකට උචිත විදිහට බලන අයට ආශ්වාදයක් ගෙන එන විදිහට නිර්මාණය කරපු චිත්‍රපටයක්. Don Von Hemel සහ Donnie K. Von Hemel නම් පිය පුතු දෙදෙනාට අයත් තන්ඩර් හෙඩ් නම් ගොවිපලේ පුහුණු කල එක් අශ්වයෙක් තමයි මරියාස් ස්ට්‍රෝම් කියන්නේ. 1993 දී බ්‍රීඩර්ස් කුසලාන බාලිකා නම් ගැහැණු අශ්වයින් (වෙළඹ) සහභාගීවන තරඟයකදී ස්ට්‍රෝම්ගේ ඉදිරිපස පාදයක් කැඩෙනවා. හැමෝම දන්න දෙයක් තමයි රේස් දුවන අශ්වයින් අනතුරකට පත්ව කකුල් කැඩුනොත් ඔවුන්ව මරලා දානවා. ඒක අශ්වයා සුව කරනවාට වඩා හොඳ දෙයක් විදිහටයි අශ්වයින්ගේ හිමිකරුවන් හිතන්නේ. ඒත් මේ තරුණ ජව සම්පන්න ස්ට්‍රෝම්ව එසේ මරා නොදමා ඇයව සුව කරන්න ඇගේ හාම්පුතුන් පියවර ගන්නවා. සම්පූර්ණයෙන් සුව වන ස්ට්‍රෝම් නැවත වරක් තුරඟ තරඟ බිමට ඇවිත් ශ්‍රේණි ගත කරන ලද කොටස් කීපයක්ම දිනා ගන්නට සමත් වෙනවා. මේ සත්‍ය කතාව සිනමාරූපීව ගෙනා නිර්මාණය තමයි Dreamer. ස්ට්‍රෝම් ලෙස මෙහි ඉන්නේ Soñador (ස්පාඥ්ඥ බසින් සිහින දකින්නා).
චිත්‍රපටයේ අධ්‍යක්ෂක සේම තිර රචක John Gatins ට දිනක් පශු වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ලැබෙන්නේ බරපතල තුවාල සහිතව හිද පසුව සුව වී ආශ්චර්යමත් ලෙස ධාවන තරඟ වලට ආ අශ්වයෙක් පිළිබද කතාවයි. ඒ අනුව මෙම චිත්‍රපටයට තිර රචනා කරන ජෝන් පළමුව පැරමවුන්ට් පික්චර් සමාගමටත් වෝනර් බ්‍රදර්ස් සමාගමටත් ඉදිරිපත් කරලා තියනවා. නමුත් මේ තිර පිටපත ඒ ආයතන දෙකෙන්ම ප්‍රතික්ෂේප වීමත් සමග ඩ්‍රීම්වර්ක්ස් ආයතනය විසින් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලට එකතු වෙනවා. චිත්‍රපටයේ තිර පිටපත පිරිමි ළමයෙක් වටා ලියා තිබුණත් අධ්‍යක්ෂකවරයා කියා ඇත්තේ තම නිර්මාණය සඳහා Dakota Fanning ප්‍රධාන චරිතයට පණ පොවනවනම් චිත්‍රපටයට වඩාත් එලියක් ලැබෙන බවයි. කෙසේ හෝ අවසානයේ ෆැනින්නේ නියෝජිතයා හමුවීමෙන් පසු ඇය චිත්‍රපටය සඳහා අත්සන් තබා ඇත. ඇයට යැවූ පිටපතේ පවා ඇයගේ චරිතය පිරිමි ළමයෙක් වුවත් ෆැනින්ගේ සහභාගීත්වයෙන් තිර රචනය යම් වෙනසක් සිදු කර ඇත. චිත්‍රපටයේ කේල්ගේ පියා බෙන්ජමින් ක්‍රේන් ලෙස Kurt Russell ද, කේල්ගේ මව ලිලියන් ක්‍රේන් ලෙස Elisabeth Shue ද, කේල්ගේ සීයා පොප් ක්‍රේන් ලෙස Kris Kristofferson ද, චිත්‍රපටයේ කතා නායිකාව කේල් ක්‍රේන් ලෙස Dakota Fanning ද රංඟනයන් ඉදිරිපත් කරයි. ඊට අමතරව එවරට් පාමර් ලෙස David Morse ද මැනොලින් වලල්ර්ටා ලෙස Freddy Rodríguez ද, බේලොන් ලෙස Luis Guzmán ද රංගනයෙන් එකතු වේ. චිත්‍රපටයේ සංගීතය John Debney විසිනි. කැමරාකරණය Fred Murphy සහ සංස්කරණය David Rosenbloom විසිනි.
2005 සැප්තැම්බර් 10වන දා ටොරන්ටෝ ජාත්‍යන්තර සිනමා උළලේදී මුලින්ම මේ චිත්‍රපටය තිරගත වුවත් සිනමාහල් සඳහා මුදා හැරුනේ එම වසරේම ඔක්තෝබර් 21 වන දාය. ඩ්‍රීම්ස්වර්ක්ස් පික්චර්ස් ආයතනය විසින්ම 2006 මාර්තු 21 වන දා මේ චිත්‍රපටය DVD සහ VHS ලෙස නිකුත් කෙරුණි. ඩ්‍රීම්ස්වර්ක්ස් ආයතනය අවසන් වරට VHS නිකුතුව කර ඇත්තේ මේ චිත්‍රපටය සඳහායි. ඇමරිකානු ඩොලර් මිලියන 32ක වියදමක් දරා නිෂ්පාදනය කල මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆීස් ආදායම නම් ඩොලර් මිලියන 38කි. විනාඩි 102 ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය සඳහා 6.8 ක IMDb අගයක් සහ 64% ක Rotten Tomatoes අගය හිමිවී ඇත. එහෙනම් මේ ලස්සන නිර්මාණ්‍ය බලන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.
ආයෙත් හමුවන තුරු ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,473 downloadsDownload Dreamer-Inspired-by-a-True-Story-2005.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
12 comments
Kantha_DLA
Geethi
Thank you very much.
thilina
kauru hari menna mekta sub dennaaaaaaaaaaa
Jurassic World Camp Cretaceous
sampath n perera
thank you very much
Nilush Angana
Sub ekata thanx
jagath55
Thanks
indika75
thanks..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි..
ජය!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks ............good luck ...............
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Antebellum (2020)
Cut Off (2018)