Watch Trailer

404: Error Not Found (2011) Sinhala Subtitles | 404 හි නොවිසඳුන දෝෂය [සිංහල උපසිරසි සමඟ]

“සියල්ල පවතින්නෙ මනස තුලය” මේ වතාවෙ මම එන්නෙ කතාවෙ අන්තිමට “ඒ මොකද්ද ඒ වුනේ” කියාගෙන කාගෙත් කට ඇරෙන කතාවක් අරගෙන. මම දැකපු දෙයක් තියෙනවා film එකක story එක හොඳ වුනාට සමහර වෙලාවට නළු නිලියො ටික අලුත් නම් ratings අඩුවන එක. නමුත් මෙ film එකෙ story එකත් සුපිරි. ඒ වගෙම නළු නිලියොත් අලුත්. ඒ වගේම මෙය […]

“සියල්ල පවතින්නෙ මනස තුලය”

මේ වතාවෙ මම එන්නෙ කතාවෙ අන්තිමට “ඒ මොකද්ද ඒ වුනේ” කියාගෙන කාගෙත් කට ඇරෙන කතාවක් අරගෙන. මම දැකපු දෙයක් තියෙනවා film එකක story එක හොඳ වුනාට සමහර වෙලාවට නළු නිලියො ටික අලුත් නම් ratings අඩුවන එක. නමුත් මෙ film එකෙ story එකත් සුපිරි. ඒ වගෙම නළු නිලියොත් අලුත්. ඒ වගේම මෙය imdb වල 7.2 වගෙ ඉහළ අගයක් තියෙන psychological thriller ගනයට වැටෙන film එකක්. ඒ කියන්නෙ මානසික තත්වයක් අදාල කරගෙන තම මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ නිසා මෙහි කියන දෙවල් ඒ විදියටම යොදන්නෙ නැතුව වුවමනා තැනදි සංක්ෂිප්ත කරලා ගොඩක් සරළ කරන්න වුනා. මොකද ඒ කියන විදියටම දැම්මා නම් බලන කෙනාටත් පිස්සු හැදෙනවා. ඒ වගේම මම උපසිරැසි යොදන්න ආරම්භ කරෙ ළඟකදි. ඉතින් ඉහළ ratings තියෙන බොහෝ films වලට කට්ටිය උපසිරැසි යොදලා තියෙන්නෙ. ඒත් මට පුදුම ඒ කිසි කෙනෙක්ට මෙම film එක හමු නොවීම. මොකද මේක 2011 තිර ගත වුන එකක්. ඉතින් එසේ කාටවත් මේ film එක හමු නොවීමත් එක්තරා විදියක නොවිසිඳුන දෙයක්.

එහෙනම් අපි මෙම film එකෙ සිදුවීම මොකද්ද කියලා බලමු. අභිමන්‍යු කියන්නෙ ඉතා බුද්ධිමත් සාම්ප්‍රදායික ළමයෙක්. ඔහු ප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙනවා වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා. ඉතින් දන්නවානෙ විශ්ව විද්‍යාලයකට අලුතෙන් ඇතුලත් වුනාම අත් විඳින්න වන සිදුවීම. ඒ කියන්නෙ නවක වදය. ඉතින් මොහු ඇතුලු මොහුගෙ යහළුවන් මෙම නවක වදයට ලක් වෙනවා එහි සිටින ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන්ගෙ. ඒත් අභිමන්‍යු අනිත් අය වගෙ නෙවෙ මොහු නවක වදයට විරුද්ධ වෙනව ඒ වගේම ඔහු මේ ගැන ඉහළට පැමිණිලි කරනවා. මේ පැමිණිලි කිරීම නිසා ජ්‍යෙෂ්ඨ අය මේ අයත් එක්ක උරණ වෙන්න ගන්නවා. එක දවසක් ඒ උරණ වූ ජ්‍යෙෂ්ඨ අය (මම හිතන ආකාරයට) නේවාසිකාගාරයේ අභිමන්‍යු අතුලු කන්ඩායම ඉන්න කාමරය අවුල් කරලා දානවා. මේ නිසා අභිමන්‍යුගෙ යහළුවන් හොස්‍ටල් එකෙන් යන්න තීරණය කරනවා. නමුත් අභිමන්‍යු කියනවා මේ ප්‍රශ්න ඇති වුනෙ එයා නිසා, ඒ නිසා එයා කාමරයෙන් යන්නම් කියලා. මේ හෙතුවෙන් අභිමන්‍යු එම නේවාසිකාගාරයේම වෙනත් කාමරයක් තෝර ගන්න. ඒහි අංකය තමයි 404. එතනින් පස්සෙ තමයි මේ කියන error එක ආරම්භ වෙන්නෙ.

මම මේ කිවුවෙ මෙහි එන සිදුවීමෙන් ඉතාම සුළු කොටසක් පමණයි. මෙහි මම නොකීවු තවත් දෙවල් කිහිපයක් තියෙනවා. ඒ ටික කිවුවා නම් film එක බලන එකෙ තේරුමක් නැති වන නිසා මම ඒ ටික කිවුවෙ නැහැ. ඒ කියන්නෙ 404 කාමරයෙ තියෙන නොවිසිඳුන රහස කුමක්ද? අභිමන්‍යුට මොකද වෙන්නෙ? තව මෙහි අභිමන්‍යුට සහය දක්වන මහාචාර්ය වරයෙක් ඉන්නවා. ඔහුත් යම් දෙයක් සඟවනවා. ඒ සඟවන දෙය කුමක්ද? ප්‍රශ්න වැලකට පිළිතුරු හොයා ගන්න මෙය නරඹන්න වෙනවා.

අන්තිම වශයෙන් මට කියන්න ඕන “ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැ” කියලා. හොඳයි එහෙනම් මං දැනට නවතිනවා. තවත් උපසිරැසියකින් නැවතත් හමුවෙමු. ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

4,444 downloadsDownload 404-Error-Not-Found-2011.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/athula-kariyawasam.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල කාරියවසම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,444 downloadsDownload Subtitles63 KB

28 comments

  1. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තුතියි ..........
    me wage ewa niyamayi

  2. prabodha

    Wenas movie ekak wage.. Thank u bro...

  3. thisal

    thanks for the sub! btw no seeds

  4. asitha

    api asama Twisted Thrill film ekak thanks saho

  5. ඩොක් අයියා

    බොහොම ස්තුතියි “අතුල කාරියවසම්” මල්ලියෝ, ඔයාගේ උපරැසියට

    ඔන්න එහෙනම් මාත් බාගත්තා. තව එකක් කරමු නේද ඉක්මනට

  6. shenal de zoysa

    එළම ෆිලුමක්.
    උපසිරැසියට ස්තූතියි.

  7. Rajitha

    Thanks machan.......jayawewa....>>>!

  8. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  9. Udaya Fernando

    Thanks Athula

  10. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    1. Isuru Savithmalka Deshaaranga Liyanage

      Good

    2. Isuru Savithmalka Deshaaranga Liyanage

      Good

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. harsha

    BRO, 25MIN WALIN PASSE SUBS PLAY WENNE NEHANE. PLZ HELP ME

  13. දමිත්

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට අතුල සහෝ.
    ජයෙන් ජය.

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. a..........

    fatta suppa pahara thawa sub demu bro digatama yaman kolla good luck jayen jayama wewa

  16. Thilina

    Ela mchn

  17. Kawshalya Dushyan

    සිංහල සබට තුති.සදා ජය

  18. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  21. Shemil90

    Thank you for the subtitle

  22. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  23. Bawantha rathnayake

    Me film eke torrent eka mata hoya ganda banee...plz help me...

  24. abishek21

    thanx saho

  25. NuwanK

    Thank u Bro....

  26. නිමල් දිසානායක

    ස්තුතියි අතුල.

    බැලුවා. ඒත් ඕනෑකමින්ම
    බය කරවන්න තැන් හදාගෙන තියෙන නිසා.....
    ෆිල්ම් එක හැදුවේ ඔයා නෙවෙයිනේ!

    සබ්ස් හොඳයි!