සුබ දවසක් ඔබ සැමට.හදිස්සියේම පිටසක්වල ප්‍රහාරයක් පෘථිවියට එල්ල වුනොත් මොකද? ඔයාලා ගන්න පියවර මොකක්ද? ඒකත් මහ රෑ. අන්න ඒක තමා මේ සිනාමා සලරුවෙ ආරම්භය. මාර්ක්, චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. එයා පොලිස්කාරයෙක්. එයාගෙ බිරිඳ මියගොස්. එයා එයාගෙ පුතා හිරෙන් බේරගෙන ඇවිල්ලා වාහනේට නගිද්දි වාහනේ ස්ටාට් වෙන්නෙ නෑ.…

සුබ දවසක් ඔබ සැමට.හදිස්සියේම පිටසක්වල ප්‍රහාරයක් පෘථිවියට එල්ල වුනොත් මොකද? ඔයාලා ගන්න පියවර මොකක්ද? ඒකත් මහ රෑ. අන්න ඒක තමා මේ සිනාමා සලරුවෙ ආරම්භය. මාර්ක්, චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. එයා පොලිස්කාරයෙක්. එයාගෙ බිරිඳ මියගොස්. එයා එයාගෙ පුතා හිරෙන් බේරගෙන ඇවිල්ලා වාහනේට නගිද්දි වාහනේ ස්ටාට් වෙන්නෙ නෑ. ඊටපස්සෙ දුම්රියෙන් සිය ගමන යනකොට හදිසියේම විදුලිය විසන්ධි වී දුම්රිය නතරවෙනවා. පසුව දුම්රිය සේවිකාව හදිසි ඇමතුම් ඒකකය හා සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. මේසෙ ආරම්භ වී ඉදිරියට ගලාගෙන යනවා. මේ කතාව ගෙතෙන්නෙ ඇත්තටම කිව්වොත් කුඩා දැරියක් හා පිටසක්වල ජීවීන් සම්බන්ධවයි. ඉතින් මේ පිටසක්වල ජීවින් කිසියම් එලියක් විහිදුවනවා. ඒ එළිය මගින් මිනිස්සුන්ව ඇදලා ගන්නවා. මෙසේ මේ මාර්ක්ගෙ පුතාවත් මේකට ඇදලා ගන්නවා. මාර්ක් පුතාව බේරගැනීම පිණිස එයත් එළිය දිගේ යනවා. ගියාට පස්සෙ මේ මිනිස්සුන්ගෙ මොලය ගලවලා ගන්නවා. මේ අතරතුරේ මාරක්ට ගර්භණී කාන්තාවක් මුණගැහෙනවා. එයාගෙ දරුවා තමා ප්‍රධානම චරිතය. ඉතින් මේ දරුව දවස් තුනක් වැනි කුඩා කාලයදී අවුරුදු තුනක වැනි පූර්ණ වර්ධනයකට ලක්වුන දැරියක් බවට පත්වෙනවා. මේ දරුවා මෙසේ දවස් තුනක් ඇතුලත වර්ධනය වෙන්නෙ කොහොමද? අවසානයේ මේ පිටසක්වල ජීවීන් පෘථිවියෙන් යනවද? යනවානම් කවුද ඒකට හේතුවෙන්නෙ? කියන ප්‍රශ්න නැගෙනවානම් ඒවට උත්තර ගන්නනම් මේ සලරුව නරඹන්නම වෙනවා.
ඉතින් ඕක තමා චිත්‍රපටියේ සාරාංශය. Beyond Skyline 2017 චිත්‍රපටියේ විස්තර ටිකක් කියන්නම්. මේ නිර්මාණය එලි දැක්වුනේ 2017 දෙසැම්බර් 15 දිනයි එක්සත් ජනපදයේදිය. පැයයි විනාඩි 45ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IMDB මනාප 1457කින් 5.7ක අගයක් ලැබිලා තියනවා. Action, Adventure, Horror යන කාණ්ඩවලට අයත්වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 20ක වියදමක් දරා නිෂ්පාදන කළ මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් 376, 207ක බොක්ස් ඔෆිස් ආදායම ලබලා තියනවා. Liam O’Donnellගෙ අධ්‍යක්ෂණයක් වන මේ නිර්මාණය Mothership Pictures ආයතනයේ නිෂ්පාදනයකට ලක්වෙලා Vertical Entertainment ආයතනය මගින් බෙදාහැරීම සිදුකර තිබෙනවා. Frank Grillo, Iko Uwais, Bojana Novakovic යන නළු නිලියන්ගෙ දායකත්වයද මේ සිනමා නිර්මාණයට ලැබිලා තියනවා. මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹලා චිත්‍රපටය ඔයාලට හිතට අල්ලනවානම් අරගන්න කියලා කියනවා.
අවසානයේම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්න අපේ ඇඩ්මින් මඩුල්ලෙ සිසිල ප්‍රසාද් අයියාටත්, මට හැමවෙලේම උදව් කරන M.T.R. තරිඳු රුක්ෂාන් පෙරේරා, රවිඳු රුක්ෂාන් කියන අයියලාටත්, නන් අයුරින් උදව්කළ සියලු දෙනාටමත්, හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත්.
තව දෙයක් තියනවා. බයිස්කෝප් රසික ඔබ සැමට දැන් අපේ අඩවියේ නම සහිත ටී ෂර්ට්, ෆෝන්වල බැක්කවර්, නවතම චිත්‍රපටි රූපවාහිනි කතාමාලා උසස් තත්වයේ වීඩියෝ හා උපසිරසි සමගින් ලබාගැනීමේ අවස්ථාවත් තියනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ baiscopeshop.com වෙබ් අඩවියට පිවිසීමයි.
උපසිරැසිය අරගෙන, ලිපිය කියවලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියන ගමන් නවතින්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු!
!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL සහ HDRip පිටපත් සඳහා අදාළ වේ.
10,518 downloadsDownload Beyond.Skyline.2017.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
38 comments
Tharindu_Rukshan_Perera
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!prasanna
මම ඉන්නේ UAE වල. මට කිසිම බයිස්කෝප් එකෙන් දාන සබ් ඩවුන්ලෝඩ් කරන්න බැ. File not found කියලා එනවා. ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් තියෙනවද
Isara
UC browser eken try karala blnna VPN eka wenans karala..
Subhash pushpakumara
Thxs
Thilan Devinda
Thanxx
KANTHA_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Damru
Sub ekata thanks
Thusitha Wicramasinghe
Thanks sub ekata. 2 weni eka enakan hitiye.
Isuru
Thanks මචන්…......
lahiru sandaruwan
thank you so much bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Udara Damith B/K
උපසිරැසියට බොහොම ස්තුතියි ................
ishan(Lb)
Niyami sho
Sameera
thanx bro.
futureomega
thax for the sub
dinusha.kusum
Thanks For the Sub. Great Job
Amila Mudalige
Sub ekta Thanks
gihan
BluRay එක ඇවිලලා.
Gknipun
Brrip ekata dennako plzz
aks
thanks...
madusha mihiranga
Thanks machan
Dushan Tharuka
Thanks
RuwanLakshan93
thanks sub ekata....
Mahesh ruwan
බොහොම ස්තුතිය
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
sk kanishka
Thank u bro
mindika
Thanks !!!!!!!!!!!!!!
Dilshan Sanka
Thanks saho!!!
Wasanthapkg
Thanks apita movie denawata
CMpvtltd12345
Thankx bro
Farmchemie_Roshan
Sub ekata thanks saho....
මොළ කකුලුස්
Thanks for sinhala subtitle.jaya wewa.
nilanka_baiscop
thanks
kavindu
oyala film eka gana dana letter eke movie eke audio channel gana kiyada kiyala podi wisthaayak danna.
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Alpha
ස්තූතියි උපසිරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි දෙනකන් බලාහිටියේ ,මාවත් මතක් කරාට ස්තුතියි