Watch Trailer

We Still Steal the Old Way (2017) Sinhala Subtitles | තාමත් පරන විදියටමයි අපේ හොරකම [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි සබ.ඒක නිසා අඩුපාඩු එහෙම ඇති.ඒකට සොරි වෙන්න ඕන. මේ ෆිලුම තිරගත උනේ 2017 වසරේ.අධ්‍යක්ෂනය කලේ සාශා බෙනට්.එන්ගලන්තය පාදක කරගෙන දිගහැරෙන කතාවක්. පැටික් බර්ජින්, ලිසී ඇන්තනි ජුලි, ඉයන් ඔගිල්වි, ටාන්යා ෆ්‍රෑන්ක්ස් වගේ නලු නිලියො රන්ගනයෙන් දායක වුනු මේ ෆිලුම IMDB රේටින්ග්ස්…

මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි සබ.ඒක නිසා අඩුපාඩු එහෙම ඇති.ඒකට සොරි වෙන්න ඕන. මේ ෆිලුම තිරගත උනේ 2017 වසරේ.අධ්‍යක්ෂනය කලේ සාශා බෙනට්.එන්ගලන්තය පාදක කරගෙන දිගහැරෙන කතාවක්. පැටික් බර්ජින්, ලිසී ඇන්තනි ජුලි, ඉයන් ඔගිල්වි, ටාන්යා ෆ්‍රෑන්ක්ස් වගේ නලු නිලියො රන්ගනයෙන් දායක වුනු මේ ෆිලුම IMDB රේටින්ග්ස් වල 4.9යි. කතාව ලියලා තියෙන්නේ සීමන් ක්ලුඅට් සහ සාශා බෙනට්.

මේක ඇවිල්ල ටිකක් වෙනස් කථාවක්. වයසක උන්නැහේලා ටිකක් ගැන තමයි කථාව යන්නේ.හැබැයි ඒ අපි එදිනෙදා දකින වයසක උන්දලා වගේ නම් නෙමෙයි.පට්ට නාකියො ටිකක් ගැන.ඇත්තටම කිව්වොත් මේ වයසක උන්නැහේලා ඇවිල්ල හොරු.ඒත් නිකන් හොරු නෙවෙයි, ප්‍රතිපත්තිගරුක හොරු.ඒත් දැන් මෙයාලගෙ කණ්ඩායමේ අය මග ඇරිලා ගිහිල්ලා ඉතුරු වෙලා ඉන්නේ තුන් දෙනයි.එක්කෙනෙක් තමයි රිචී ආචර්.මිනිහා තමයි කණ්ඩායමේ ලොක්කා.ඒ නිසා මේ කල්ලියට කියන්නෙත් ආචර්ගෙ කල්ලිය කියලා.රිචී ආචර් කියන්නේ හෙන මොලකාරයෙක්, ඒ වගේම යතුරු නැතුව දොරවල් අරින්න එහෙම දස්සයෙක්.ඊලග එක්කෙනෙකා තමයි බුච්.සෙට් එකේ බාලම, ඒ වගේම ශක්තිමත්ම එකා.හැබැයි ටිකක් විතර ටියුබ් ලයිට් එකක්.අනිත් එක්කෙනා රෝයි.බිත්ති හිල් කරන එක තමයි මිනිහගේ රාජකාරිය.

මේ සෙට් එකේ හිටපු එකෙක් තමයි ජෝජ් බ්‍රිග්ස් කියන්නේ.එයා දැන් හිරේ ඉන්නේ.එයාගේ බිරිද ඇල්සහිමර්ස් කියලා ලෙඩක් හින්දා වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්නේ.බ්‍රිග්ස් ගේ දූ ඈන් මාරිට ඕන අම්මට මැරෙන්න කලින් එක වතාවක් තාත්තාව පෙන්නන්න.තාත්තව එලියට ගන්න ඈන් මාරි ප්ලෑනක් ගහනවා.

හැට පැන්නත් වදුරා බිමින් යන්නේ නෑ වගේ, මෙයාලටත් තමන්ගේ පරන රස්සාවෙන් අයින් වෙලා ඉන්න හිතෙන්නේ නෑ.ඔය අතරේ අපේ නාකියො තුන් දෙනා යනවා බැන්කුවක් කඩන්න.බැන්කුවට හොරාට රින්ගලා වැඩේ කරගෙන යනකොට එතනට පොලීසියෙන් පනිනවා.බඩුත් එක්ක මට්ටු වෙච්ච හින්දා උන්වත් හිරේ යවනවා.

හිරේදි මේ තුන්දෙනාට පරන යාලුවා, ඒ කියන්නේ ජෝජ් බ්‍රිග්ස් මුණ ගැහෙනවා.නාකියො තුන් දෙනා හිරේට ආව කියලා අවුරුදු තිහක් තිස්සේ හිරේ ඉන්න තව කෙනෙක් දැනගන්නවා.ඒ තමයි වික් ෆැරෝ.මිනිහ නම් මේ නාකි සෙට් එකේ යාලුවෙක් නෙමෙයි.

රිචී ඉන්න බන්ධනාගාරෙ, එහෙමත් නැත්නම් බෙල්කින්වුඩ් සිරමැදිරියේ ඉන්නවා අධ්‍යක්ෂිකාවක්.නම ප්‍රයිස්. සල්ලි වලට හෙන කෑදර එකියක්.මෙයාගේ උදවුවෙන් වික් බෙල්කින්වුඩ් වලට එනවා.ඒ එන්නේ රිචීව මරන්න ඒ වගේම රිචීගේ මාර්ගෙන් තිස් අවුරුදු සිර දඩුවමෙන් ගැලවෙන්න.මොකද රිචී තමයි බොරු වැරැද්දක් පටවලා වික් හිරේ යවලා තියෙන්නේ.ඒ නිසා වික්ට ගැලැවෙන්න ඕන කරන සාක්ෂි තියෙන්නේ රිචී ගාව.ඒ වගේම වික් කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්, පොර ප්‍රයිස් එක්ක එකතු වෙලා හිරේට කුඩු ගෙන්නන්න තමයි හදන්නේ.

වික් ෆැරෝගෙ තියෙන තරහ මොකද්ද? ජෝජ් බ්‍රිග්ස් ට නෝනා බලන්න යන්න හිරෙන් පැනගන්න පුලුවන් වෙයිද? පට්ට වැඩකාරයො වෙච්ච නාකියො තුන්දෙනා හිරේ ගියේ මොකද? ඒ වගේම වික් අවුරුදු තිහක් තිස්සේ හිරේ ඉන්නේ මොකද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

මට ෆිල්ම් එකට සබ් දාන්න අවස්ථාව ලබා දීපු බයිස්කෝප් සයිට් එකේ හැමදෙනාටම ස්තූතියි.එහෙනම් ෆිල්ම් එක බලලම හොද නරක කියන්න ජය වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,232 downloadsDownload We-Still-Steal-the-Old-Way-2017.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Malith-Dilshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් ඩිල්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,232 downloadsDownload Subtitles51 KB

20 comments

  1. Ravin

    Thanks for the sub

  2. hiran

    Thank you brother.........

  3. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  4. asitha

    elama saho thanks

  5. හෙළිලි හේමමාලි

    පළමු උපසිරැසියට සුබ පැතුම් මල්ලි. දිගටම උඋපසිරැසි ගේන්න.

  6. දමිත්

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට මලිත් සහෝ.
    ජයෙන් ජය.

  7. Dulanga

    Thanks

  8. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  9. Prasad

    thnax sub ekta

  10. Udaya Fernando

    Thanks Malith

  11. supitha

    flushed away ekath sub ekak! (2006)

  12. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  13. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Hasitha_Madhushan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  16. ishan1653

    Tks a lot macho...

  17. roshanst

    niyamai
    Thank you brother………

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. saduhiru1

    උපසිරැසියට බොහොම ස්තූතියි bro..........

  20. Thilina

    thanks for the sub bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.