ආයුබෝවන් යාලුවනේ, මෙන්න මගේ පළමු උපසිරැසි නිර්මාණය. මුලින්ම මට මේ වැඩේ බාරගන්න දුන්නට බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම උපසිරැසි හදන යාලුවෝ හැමෝටමත් ස්තූති කරන්න ඕනි. මොකද උපසිරැසි හදනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. අනිත් එක ඒක ලොකු සේවයක්. ඉතිං.. මමත් හිතුවා ඔයාලට උපසිරැසියක් දෙන්න…

ආයුබෝවන් යාලුවනේ, මෙන්න මගේ පළමු උපසිරැසි නිර්මාණය. මුලින්ම මට මේ වැඩේ බාරගන්න දුන්නට බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම උපසිරැසි හදන යාලුවෝ හැමෝටමත් ස්තූති කරන්න ඕනි. මොකද උපසිරැසි හදනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. අනිත් එක ඒක ලොකු සේවයක්. ඉතිං.. මමත් හිතුවා ඔයාලට උපසිරැසියක් දෙන්න ඕනි කියලා. මට මේ වැඩේ සාර්ථක කරගන්න මගේ නංගි දුෂානිත් මට සහයෝගය ලබා දුන්නා. ඒකත් කියන්නම ඕනි.
චිත්‍රපටිය ගැන කතා කලොත්, මේක 2015 මැයි වලදි තිරගත වීම ආරම්භ කල Romantic, Drama ගනයට අයත් සලරුවක්. සම්මාන ගනනාවකටම හිමිකම් කියන බිත්‍යාන්‍යය චිත්‍රපටයක්. මේකට IMDb වල 7.1 වගේ ඉහළ අගයක් අරන් තියෙනවා. ඒ වගේම Rotten tomatoes වල 97% ක් හම්බවෙලා තියෙනවා. ඒකෙන්ම තේරෙනවා ඇතිනේ චිත්‍රපටියේ තරම. ලස්සන කතාවක් තියෙන්නේ. මේකෙන් අපිට ගන්නත් ගොඩක් දේවල් තියෙනවා කියලා මම හිතනවා. ඉතිං හැමෝටම ආරාධනා කරනවා මේක බලන්න කියලා. බලලා කොමෙන්ට් එකක් දානවනම් මට ලොකු දෙයක්. පළමු උපසිරැසිය නිසා අඩුපාඩු තියේ නම් ඒකට මම සමාව ඉල්ලනවා.
හොඳයි, කතාව දිහාවට හැරුනොත්, ජෙෆ් සහ කේට් කියන්නේ ගොඩක් ආදරයෙන් ඉන්න මහළු යුවලක්. මේ දෙන්නගේ 45වැනි විවාහ සංවත්සරය ලගා වෙලයි තියෙන්නේ. ඒකට උත්සවයකුත් සූදානම් වෙනවා. නමුත් මේ ඔක්කොම කටේ තියලා කේට්ට දැනගන්න හම්බවෙනවා තමන්ගේ සැමියා ජෙෆ්, කලින් විවාහ ගිවිසගෙන හිටපු කෙනෙක් කියලා. මොනවා වෙයිද? ඉතිං චිත්‍රපටිය බලන්නම වෙනවා.
ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
45.Years.2015.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
446 downloadsDownload 45.Years_.2015.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LushanKuruppu1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලුශාන් කුරුප්පු (LUSH)
Subtitles
11 comments
Asitha
wayantha
නියම උත්සහයක් සහෝ, පළමු sub එකටම මේ වගේ නිර්මාණයක් ගෙනාවට ස්තූතියි.
තවත් මේ වගේ හොඳ නිර්මාණ ගේන්ඩ ශක්තිය දයිරිය ලැබේවා!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sâchîth Lákshâñ
නියම ෆිලුමක් වගේ...
පලමු උපසිරසට තුති සහෝ
ජය වේවා...!Lushan Kuruppu
බොහෝම ස්තූතියි යාළුවනේ...
isuru
පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!!
ජය!!සමන් ප්‍රසාද්
පළමු උපසිරසියට සුභ පතනවා සහෝ...
ඒ වගේම කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා...
සබට බොහොම ස්තූතියි සහෝ...!!!
ජය...!!!Lushan Kuruppu
බොහෝම ස්තූතියි සහෝ... ජය...!!!
දිල්ශාන් සචින්ත
බොහොම ස්තූතියි සහෝ..කන්ඩායමත් එක්ක එකතුවෙලා ලොකු ගමනක් යමු.ජය
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Saranga J. Liyanagama
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama thanks