ඔන්න එහෙනම් තවත් අළුත් ෆුලුමක් අරගෙන තමයි ආවෙ. ඇත්තම කිව්වොත් මේක මම මේ ෆිලුමට ලියන දෙවනි ලිපිය. මොකද කිව්වොත් කලින් එවපු එක අවුල් කියලා සමන් ප්‍රසාද් සහෝ නොකියා කියපු නිසා ආයි එකක් එවන්න් ඕන කියලා මටම හිතුනා. මාත් පස්සෙ බැලුවම තමයි මටත් තේරුනේ ඒක අවුල් කියලා. ෆිලුම තමයි Raman Raghav 2.0. මේක IMDb…

ඔන්න එහෙනම් තවත් අළුත් ෆුලුමක් අරගෙන තමයි ආවෙ. ඇත්තම කිව්වොත් මේක මම මේ ෆිලුමට ලියන දෙවනි ලිපිය. මොකද කිව්වොත් කලින් එවපු එක අවුල් කියලා සමන් ප්‍රසාද් සහෝ නොකියා කියපු නිසා ආයි එකක් එවන්න් ඕන කියලා මටම හිතුනා. මාත් පස්සෙ බැලුවම තමයි මටත් තේරුනේ ඒක අවුල් කියලා.
ෆිලුම තමයි Raman Raghav 2.0. මේක IMDb දර්ශකයේ 7.7/10 අගයක් ලබාගෙන තියෙනවා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Anurag kashyp විසින්. චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නෙ 2016. ජූනි 24 වෙනිදා.
චිත්‍රපටිය ගැන කියනවනම්, මේකට පාදක වෙලා තියෙන්නෙ 1960 ගණන් වල මැද බාගයේ ඉන්දියාවෙ මුම්බායි වල ඝාතන රැසක් සිදු කළ කුප්‍රකට මිනිමරුවෙක් වන රමන් රාගව් මතයි.
මෙහි Nawazuddhn Siddiqui විසින් මනෝරාජ්‍යය මිනිමරුවාගෙ හෙවත් රාමන්ගෙ චරිතයට පණ පොවන අතර මෙම සිදු කරන ඝාතන සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත් වීමට අනුයුක්ත කරන පොලිස් නිලධාරියාගෙ චරිතයට හෙවත් රාගව්ගේ චරිතයට පණ පොවන්නෙ විකි කෞෂාල් විසිනි.
කතාව ටිකක් විතර කියලා දාන්නම් නේ. රාගව් රාත්‍රි සමාජ ශාලවක ඉදලා කෙල්ලෙක් එක්ක තමන්ගෙ වාහනයෙන් යන අතර මගදි මෙයා යනවා මත් ද්‍රව්‍ය වෙළාදාම කරුවෙක්ව හම්බවෙන්න. මොකද කිව්වොත් රාගව් කියන්නෙ හොදටම කුඩු වලට ඇබ්බැහි වුන කෙනෙක්. මෙයා තමන්ට ඕන කරන දේවල් ගන්න යන්නෙ හැමෝම මාමා කියලා කතා කරන මත් කුඩු වෙළදාම් අරුවෙක් ලගට. හැබැයි ඔහු වෙනදා වගේ දුරකතනයට ප්‍රතිචාර දක්වන්නෙ නැති නිසා රාගව් ඇතුලට යනවා. එතකොටයි දැන ගන්නෙ ඔහුව ඝාතනය කරලා කියලා. ඔය අතරෙ මෙතෙන්ට අසල්වාසියෙක් එනවා. එයා දකිනවා කවුද ඇතුලෙ ඉදලා එයාගෙ මූණට ටෝච් එකක් අල්ලන් ඉන්නවා. මේ එළිය නිසා ඒ කවුද කියලනම් පේන්නෙ නැ. වැඩි වෙලාවක් යන්නෙ නැ ඒ ආපු පුද්ගලයවත් මරලා දානවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි රාගව් විසින්. හැබැයි කුඩු වෙළදාම් කරුව නම් මරලා තිබුනේ වෙන එක්කෙනෙක්. දන්නවනෙ ඉතින් රාගව් කියන්නෙ පොලිස් නිලධාරියෙක් කියලා. ඒ හින්දා පහුවදා මේ මිනිමැරුම් ගැන පරීක්ෂණ කරන්න එන්නෙත් මෙයාම තමයි. රමන් ගැන කියනවනම් මෙයා ටිකක් අමුතු චරිතයක්. මෙයා මිනි මැරුමක් කළාම ඒක පත්තරේ යනකන් ඉදලා පොලිසිය ඉස්සරහා ඇවිත් වාඩි වෙලා ඉන්නවා. පොලිසියෙන් ප්‍රශ්න කලාම මෙයා කියන්නෙ මේ ඝාතන කලේ මෙයා කියලා. ඒක ඉතින් ඇත්තනේ. ඒත් ඉතින් මිනි මරපු කෙනෙක් ඇවිත් මම මිනි මැරුවා කියලා කියන්නෙ නැ නෙව. ඒ නිසා පොලිසිය මෙයාට පිස්සු කියලා පන්නලා දානවා. මෙයා මේ විදිහට මිනි මැරුම් රාශියක් කරනවා. රමන් දකිනවා එදා කුඩු වෙළදාම් කරුව මරපු තැනේදි රාගව් එතනට ආව කෙනාව මරනවා. හැබැයි රමන් ඒක කාටවත් කියන්නෙ නැ. ඒ මොකද කියලා කියලා සහා රමන් සහා රාගව් දෙන්නා අතර සිද්ද වෙන්නෙ මොනවද කියලා දැනගන්න නම් ඔයාලට ෆිලුම බලන්නම වෙනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.
මෙම චිත්‍රපටයේ අඩංගු සමහර දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් සුදුසු වේ.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Raman Raghav 2.0 (2016) 720p DVDRIP 1GB – NBY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
4,325 downloadsDownload aman-Raghav-2.0-2016.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
13 comments
SupuN
ඉස්සර බයිස්කෝප් සාමාජිකයෙක්
බයිස්කෝප් එකේ තරම් ඇඩ් TV එකෙත් නැ .... ඉස්සර කිව්වේ කොහොමද අපි ඇඩ් දාන්නේ නැ හෙන විස්තර . දැන් ටොරෙන්ට් දාන්නෙත් නැ , අන්තිමට ඔයාලත් කෝපරේට් උනානේ බ්‍රෝ ........
ලහිරු ප්‍රසාද්
සහෝ මම දන්න තරමින් ඇඩ් දාලා තියෙන්නෙ
අඩවිය දිගටම පවත්වාගෙන යන්න ඕන නිසයි.
ඔයාලා දන්නවනෙ මේ වැඩෙන් අපිටවත් ඇඩ්මින්ලටවත් ගානක් හම්බවෙන්නෙ නැ කියලා.
වියදම් විතරයි. ඉතින් එයාලා ඇඩ් දාලා තමයි අවශ්‍යය කරන මුදල් හොයා ගන්නෙ.ටොරන්ට් නොදාන්නෙ නීතිමය ප්‍රශ්න නිසයි.
ඒකට ඉතින් අපිට දොස් කියලා වැඩක් නැ මචන්.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pradeep piyasiri
what an appreciation work doing by these young generation.you are praise worthy youths. your devotion and dedication appreciate again and again.
go ahead with a strong mind on your own way...
PradeepOshan
Viyadam karagena oyalage kalaya nasthi karan karana me hoda wade api agaya karanawa oyalata bohoma pin. Raman ragav balanna yanne.. sigatama biscope ekka thamai api
Thilan Malinda
"Mohenjo Daro" Film eke subtitles ikmanin dannako
isuru
me film 1 tottent link eka kohoma hari hoyala dennako
Nirosha
Thanks..
Dhanushka
Ane pala yako weda ne yko sub eka.ex weld sub ek
ek
Dilshan Sanka
Thanks bokkah sub ekata!!!!!
Anonymous
aman-Raghav me movie eke sub eka extract wen name
Anonymous
Meke kathwa yati hitha udu hita athara kathawak
Advertisement

සදා ජය පතනවා බයිස්කෝප් .................. . ADD tama ekama aula Bro