ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ…

ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ ෆිල්ම් එක ආවේ දැන් මම මේ ලිපිය ලියනවට දවස් හතරකට කලින්. ඒවායින් වැඩක් නෑ දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.
ඉතිං IMDb දර්ශකයේ 5.4 වගේ අගයක් ගන්න සමත් වුනු මේ ෆිල්ම් එක Drama/Mystery කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. මෙහි අධ්‍යක්ෂකවරයා තමයි Pradeep Maddali කියන තරුණ අධ්‍යක්ෂකවරයා. මේ ෆිල්ම් එකේ රංගන ශීල්පීන් ගැන කිව්වොත් ප්‍රධාන චරිතය වන සත්‍යාට රංගනයෙන් දායක වන්නේ Satyadev Kanchar කියන රංගන ශිල්පියා. නමෙන් දන්නැත්තන් 2020 වසරේම නිකුත් වුන Sarileru Neekevvaru ෆිල්ම් එකේ කෑම්ප් එකේ නතර වෙන අනිත් අජේට ඉන්නෙත් ඒ රංගන ශිල්පියා තමයි. මේකෙ ප්‍රධාන නිළිය තමයි Pooja Jhaveri. එයා ඉන්නවා අපේ දේවරකොණ්ඩා ප්‍රධාන චරිතය රඟන Dwaraka ෆිල්ම් එකේ වසුදාට. තව මේ ෆිල්ම් එක google Search කරනවා නම් Movie Title එක යටින් 2019 කියලා ඇති. ඒ වුනාට ඇත්තටම මේක රිලීස් වෙලා තියෙන්නේ 2020 දී. විකිපීඩියා එකේ හරියට දින වකවානු දාලා තියනවා.
ඉතිං ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් අපේ ප්‍රධාන චරිතේ සත්‍යා කියන්නේ වැඩ තහනම් කරපු පොලිස් නිලධාරියෙක්. ඒකට හේතුව කිව්වොත් මෙයාගේ නෝනා මැරෙනවා. මැරෙනවා කිව්වේ ලෙඩකින් එහෙම නෙවෙයි. හොඳට ඉඳලා හිටිහැටියේම සියදිවි හානි කරගන්නවා. ඉතිං පොඩ්ඩක් සැක සහිත වුනත් එයාගේ ඇස් ඉස්සරහම සියදිවි හානි කරගත්ත නිසා සත්‍යාට ලොකු සැකයක් පහළ වෙන්නේ නෑ. කොහොමහරි මෙයාගේ අතට අහම්බෙන් ප්‍රශ්නයක් කඩා පාත්වෙනවා. ඉතිං කුතුහලේට ඒක ගැන පරීක්ෂා කරද්දී එයාට තේරෙනවා එයාගේ බිරිඳගේ මරණෙයි ඒකෙ මරණෙයි සම්බන්ධයක් තියනවා කියලා. කොහොම හරි කේස් එකේ පතුළටම බැහැලා බලද්දී මේකට එයාගේ හතේ පන්තියේ යාළුවෙකුත් සම්බන්ධයි කියලා එයා දැනගන්නවා. ඒ තමයි ජුලියට්.. තව කතාව දිගටම කියන ගියොත් සබ් එක බාන්න ඕනෙත් නෑ.ෆිල්ම් එක බාන්න ඕනෙත් නෑ මං අතින්ම කතාව කියවෙන හින්දා. ඒක හින්දා මං කතාව කියන එක නවත්තනවා කතාව රසවිඳින එක ඔබට බාර කරලා.
ඉතිං අවසාම වශයෙන් මම මේ ෆිල්ම් එක කරන්න බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝටත්.. වෙබ් අඩවියේ අනිත් සහෝදරයන්ටත් මම ස්තූති කරනවා. හෙට ඉස්කෝලේ පටන් ගන්න හින්දා ආපහු ෆිල්ම් වලට නම් සබ් දෙන්න බැරි වෙයි ලබන අවුරුද්ද වෙනකන්.. පුළුවන් වුනොත් පෝය දවසකට වගේ ෆිල්ම් එකක් දාන්න ට්‍රයි එකක් දීලා බලනවා. ඒ වුනාට ලබන අවුරුද්ද වෙනකන් TV series එකක් වත් දෙන්න බලනවා නැත්තම් සබ් කිරිල්ලත් අමතක වෙයි. එව්වා ඉතිං පස්සෙනේ. කොහොමහරි කමක් නෑ පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD RIP පිටපත් සඳහා අදාළ වේ.
19,977 downloadsDownload 47-DAYS-2020.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
28 comments
Ayesh
Madhu@7
එළකිරි! මේ උපසිරැසි කරන කිසිම කෙනෙක් මෙච්චර කාලෙකට උපසිරැසි දීලා නැති පට්ට පදුරු TV series එකක් තියෙනවා SEASON 4ක් ආපු. The Killing (2011) . 2011 දී තමා S01 ආවේ. පුළුවන් නම් කව්රු හරි ඉක්මනින්ම ඒකට සබ දාන්න බලන්න. කිසිම වෙබ් අඩවියක නෑ ඕකට සිංහල සබ්. ඔබට මලයා.
Madhu@7
*ඔබට ජය මලයා! :-D
ගීත් මිහිර සත්සර
ෂුවර් කරන්න නම් බෑ අයියේ...
සිසිල අයියත් කිව්වා TV සීරීස් එකකට අත ගහන්න එපා කියලා ඕලෙවල් වලට තව මාස කීපයයි හින්දා... ඒ වැඩත් කරන්න එපැයි.
මම ලබන දෙසම්බරේ වෙද්දීත් ඕකට සබ් එකක් තිබ්බේ නැත්තං.. ඕකෙන්ම ආපහු වැඩ පටන් ගන්නම් අමතක නොකරම...Anonymous
Moviebox Pro eka. බාගෙන එකෙන් සබ් එක translate කර ගෙන බලහං වස්තුවේ
ගීත් මිහිර සත්සර
ස්තූතියි...
ගීත් මිහිර සත්සර
සබ් එකක් ට්‍රාන්ස්ලේට් කළොත් ඒකෙ Grammer යෙදෙන්නේ සිංහල භාෂාවට අනුව නෙවෙයි..
ඉංග්‍රීසි භාෂාවට අනුව...
ඕන නම් Multi - Language සබ් දෙන වෙබ් සයිට් එකකින් සිංහල එකක් download කරගෙන බලන්නකෝ..Amila
Moviebox Pro එකෙන් පුලුවන් බං වස්තු english sublanguage එක සිංහල translate දන්න පූළුවන් එ ඇප් player එක ඇතුලේ ම sub translate තියෙනවා විඩියෝ කොල්ටිය තමයි පොඩ්ඩක් මදි එක තමයි අවුලකට තියෙන්නේ නැත්නම් සබ්වල කිසිම අවුලක් නැහැ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Chandima Prasad
Thanks Sub ekata..
Anonymous
Tnx machan hodata school weda karaganna. Eka thama number 1. Good luck .
indika75
thanks..
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි මල්ලි.. ජය!!
pasan shanaka
poddak kiyala nawattannepa ban download karanakan innat ba etakota
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති මල්ලි... ස්කෝලේ වැඩ කටයුතු එක්ක මේ කරන වැඩේනම් මාරම වටිනවා. හැබැයි විභාග ඒම අනගාන්න එපා මේවා නිසා. ඒවා ඉවර කරගෙන ආයේ සීරිස් එකකට සබ් දෙන්න පටන් ගන්න. පුලුවන්නම් සබ් දීලා නැති පරණ සීරිස් එකක් ඉල්ලගන්න. සෑහෙන්න හොද පරණ සීරිස් තියෙනවා මල්ලි සබ් නොදුන්න. ඒවා ඇවිල්ලත් ඉවර නිසා ප්ලෑන් එකක් හදාගෙන ගානට සබ් දෙන්න පුලුවන්. උදාහරණයක් විදියට House සීරිස් එක. සීසන්ම 8ක්. හැබැයි අති සුපිරි කතාවක්. ලංකාවේ අයට හොදටම මිස් උන එකක්. පුලුවන්නම් අන්න ඒ වගේ සීරිස් එකක් බලලා කරන්න..ජය වේවා..බුදුසරණයි...!
ගීත් මිහිර සත්සර
තෑන්ක්යූ අයියේ.... අනිවාරෙන්ම දෙන්නම් කොහොමත් මම විභාගේ ඉවර වෙලා දෙසැම්බර් මාසෙන්ම දිවා රෑ නොබලා ටීවී සීරීස් එකක් ඉවරකරනවා... ආපහු A/L පටන් ගන්න කලින් ටීවී සීරීස් දෙකක් වත් ඉවර කරන්න හිතන් ඉන්නේ.. අනිවාරෙන්ම ඉල්ලලා තියන ඒවා එතකොට දෙනවා...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Chandima Prasad
තෑන්ක්ස් සබ් එකට....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
ස්තුතියි සහෝ...
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...
තව තෙලුගු ටිකක් බස්සමු ආ.. :P
ඕ ලෙවල් ඉවර කරලා ගේමට බහිමු එහෙනම්...
දිගටම සබ් දෙමු. ජය!manuja
baiscope kiynwata wada addscope kiyla nama wens karoth nrkda site eke?
Malith Samarawickrama
thanks malli sub ekata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thanks bro
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Didula Dinanjaya
Sinhala Sub ekk patta bro, digatama karagena yanna ❤️❤️❤️
Prabodha Jayakody
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට ස්තුතියි