සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවරත් මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක් වන Chola (2019). 2019 දෙසැම්බර් 06 වෙනි දින ප්‍රදර්ශනය ආරම්භ උන Chola, Drama/Thriller යන කාණ්ඩ යටතේ වර්ග කරලා තියෙන්නේ. මෙය 5.0/10 ක IMDb අගයක් සහ 59% ක ගූගල…
සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවරත් මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක් වන Chola (2019).
2019 දෙසැම්බර් 06 වෙනි දින ප්‍රදර්ශනය ආරම්භ උන Chola, Drama/Thriller යන කාණ්ඩ යටතේ වර්ග කරලා තියෙන්නේ. මෙය 5.0/10 ක IMDb අගයක් සහ 59% ක ගූගල් පරිශිලික අගයක් හිමි උන නිර්මාණයක්.
Chola කියන්නේ Sanal Kumar Sasidharan අධ්‍යක්ෂණය කරන ලද Joju George නිෂ්පාදනය කරන ලද සිනමා නිර්මාණයකි. K V Manikandan සහ අධ්‍යක්ෂක Sanal Kumar Sasidharan තිර රචනාවක් වන මෙහි සංගීත අධ්‍යක්ෂණය Basil Joseph ගේ.
Nimisha Sajayan – ජානකි (ජානු)ලෙස
Joju George – බොස් ලෙස
Akhil Viswanath – ජානුගේ පෙම්වතා
ඉහත ලෙස චරිත ජිවමාන කරන මෙම චරිත ත්‍රිත්වය වටා පැය දෙකක් පුරාවට මෙම සිනමා නිර්මාණය දිවෙයි. නවක නළු Akhil Viswanath තම චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන අතර Nimisha Sajayan හා Joju George විශ්මිත රංග කාර්‍යයක නිරත වෙනවා.
Chola (2019) වෙනුවෙන්,
Kerala State Film Award for Best Actress (2019) ලෙස Nimisha Sajayan
Kerala State Film Award for Best Character Actor (2019) ලෙස Joju George සම්මානයට පාත්‍ර උනා.
තවද
Orizzonti Award (2019) වැනීස් සිනමා උළෙලේදී
Best Actor
Best Film
Best Actress
Best Director
Best Screenplay සම්මාන උදෙසා Chola (2019) නාමයෝජනා වී තිබුණා.
මේකේ කතාව පැත්තට හැරුනොත් ජානු කියන්නේ පාසල් යන පොඩි කෙල්ලක්. තමන්ගේ පෙම්වතාගේ ඉල්ලීමකට ජානු ගෙදරට හොරෙන් පෙම්වතා හමුවෙන්න එනවා. හැබැයි ඇගේ මව නැවත නිවසට එන්න කලින් පෙම්වතා ඇයව ආපහු ගෙදර ඇරලවන පොරොන්දුව පිට තමයි ඒ ගමන යන්නේ. ඒත් ජානුගේ බලාපොරොත්තු සුන් කරමින් පෙම්වතා එන්නේ තව කෙනෙක් එක්ක. ඒ නිසාම ජානු අකමැත්තෙන් තමයි මේ ගමන පිටත් වෙන්නේ. තමන්ගේ පෙම්වතා එක්ක දවස ගත කරල ආපහු එන්න හදද්දී ජානුගේ අම්ම ඇය මේ ආපු ගමන ගැන දන්නවා කියල ජානුගේ පෙම්වතාට පණිවිඩයක් ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ???
නිතිපතා ඉන්දියාවේ වාර්තා වන තවත් අපයෝජනයක් නිරුපනය කිරීමක් වන මෙම අපුරු සිනමා නිර්මාණයත් රස විඳින්න කියලා මං ඔයාල හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
2,928 downloadsDownload Chola-2019.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
7 comments
Kantha_DLA
indika75
thanks..
isuru srinath sjs
මලයාලම් වලට දිගට සබ් කරන්න පුලුවන් විදියට.. උපසිරැසියට බොහොම ස්තුතියි !!
Kavinu
තුති වේවා!
ආයෙමත් ඉක්මනට මලයාලමකින් මුණ ගැහෙමු ❤️හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!