Watch Trailer

Mr. Brooks (2007) Sinhala Subtitles | නීතියට මගහැරුණු දාම ඝාතකයෙක් [සිංහල උපසිරසි]

2007 වසරේ තිරගත වුන බෲස් ඒ ඊවන්ස් අධ්‍යක්ෂණය කල mr brooks(2007) ඩොලර් මිලියන විස්සක පිරිවැයක් දරා නිර්මාණය කර IMDb දර්ශකයේ 7.3/10 අගයක් ලබා ගනිමින් ඩොලර් මිලියන 48.1 ක ආදායමක් ඉපයීමට සමත් වූ විනාඩි 120 ක ධාවන කාලයක් සහිත සාර්ථක නිර්මාණයක්. මිස්ටර් බෲක්ස් සමාජයේ ජීවත්වන කිසිම දෙයකින් අඩුවක් නැති , ස…

2007 වසරේ තිරගත වුන බෲස් ඒ ඊවන්ස් අධ්‍යක්ෂණය කල mr brooks(2007) ඩොලර් මිලියන විස්සක පිරිවැයක් දරා නිර්මාණය කර IMDb දර්ශකයේ 7.3/10 අගයක් ලබා ගනිමින් ඩොලර් මිලියන 48.1 ක ආදායමක් ඉපයීමට සමත් වූ විනාඩි 120 ක ධාවන කාලයක් සහිත සාර්ථක නිර්මාණයක්.

මිස්ටර් බෲක්ස් සමාජයේ ජීවත්වන කිසිම දෙයකින් අඩුවක් නැති , සාර්ථක ව්‍යාපාරිකයෙක් ඔහු වසරේ පුද්ගලයා බවට පවා පත්වෙනවා නමුත් මානසික රෝගයක ප්‍රතිපලයක් විදියට සමාජය නොදන්නා මාර්ශල් නම් තවත් පුද්ගලයෙක් ඔහු තුල ජීවත් වෙනවා , වසර කිහිපයක් තිස්සේ යටපත් කරගෙන හිටියත් නැවතත් ඔහු බෲක්ස්ට කරදර කරන්න පටන් ගන්නවා, මාර්ශල් කියන්නෙ බෲක්ස්ගේ හිතේ මැවිල ඉන්න පුද්ගලයෙක් , හැම දෙයක් ගැනම දන්න , ඊලගට වෙන්න පුලුවන් දේ පිලිබද හොද ඉවක් තියෙන මාර්ශල් බෲක්ස්ට උදව් කරන්නෙ ජීවිතේ සාර්ථක කරගන්න විතරක්ම නෙවෙයි , මාර්ශල් කියන්නෙ මිනීමැරීම ඇබ්බැහියක් බවට පත්වුන කෙනක් , නමුත් ඔහුගේ සූක්ෂම බව නිසාම නීතියට ඔහුව අල්ලාගැනීමට ලැබෙන්නෙ නෑ , නමුත් දවසක් හදිසියේම මොවුන්ගේ රහස තුන්වැන්නෙක් දැනගන්නවා , තවදුරටත් විස්තර කියන්න ගියොත් බලන්න දෙයක් නැතිවෙන නිසා මෙතනින් නවතින්නම් , The silence of the lambs, From hell, sweeney todd වගේ චිත්‍රපට වලට කැමති උන අය නරඹන්න කැමතිවෙයි වගේම A beautiful mind, split චිත්‍රපට වල වගේ පුද්ගලයෙක් තමන්ගෙ මනස සමග සටන්කරන ආකාරය බොහොම ලස්සනට පෙන්නුම් කරල තියෙනව , ඒ වගේම මේ චිත්‍රපටය හදිසි කම්පන සහ සංවේදී දර්ශන දරාගන්න බැරි අයට නුසුදුසු වගේම , 18+ කොටස් තියෙනව කියල මතක් කරන්නත් ඕන.

කොච්චර අලුත් චිත්‍රපටි ආවත් පරන හොද ඒව බලන්න තියෙන පුරුද්දෙන් බේරෙන්න බැරිව පරණ චිත්‍රපට ගොඩක් අවුස්සනකොට අහම්බෙන් හම්බ උන චිත්‍රපටයක් තමයි මිස්ටර් බෲක්ස්(2007).මේක බලන්න සබ් බාන්න බැලුවත් කොහොමහරි උපසිරසි නොගන්වා මග ඇරිල ගියපු චිත්‍රපටක්. සිංහල සබ් නැතිව බලල ඉවරයක් කරල දාපුවම මේකට සිංහල සබ් නැති එක අඩුවක් කියල හිතුන. මේකට උපසිරස කරන්න වෙන් කරල දුන්න ශාන් විමුක්ති සහෝදරයටත් ඒවගේම අපට බලන්න චිත්‍රපට උපසිරසි ගන්වලා එකතුකරන අනෙක් අයටත් ස්තූතිවන්ත වෙනවා. මේ මගේ දෙවන උපසිරස ගැන්වීම, චිත්‍රපටයේ උපහාසාත්මක කතා විලාශය නිසා ඒ විදියටම පරිවර්තනය කරොත් තේරුම්ගන්න අපහසුවන නිසා සමහර වාක්‍යකොටස් ගැලපෙන විදියට අනුවර්තනය කරා,

පුලුවන් තරම් අඩුපාඩු නොවෙන්න වග බලාගත්තත් අඩුපාඩු තිබුනොත් සමාවෙන්න.

රොයිලි ප්‍රනාන්දු සහෝදරයා පෙර පළකරනා ලද ලිපිය

මේ ෆිල්ම් එක බලපුවම මගේ මතකයට නැගුනේ අපි පොඩිකාලේ දැනගත්තු Dr Jekyll & Mr Hyde කතාවයි. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන අර්ල් බෲක්ස් පොර්ට්ලන්ඩ් ප්‍රාන්තයේ සාර්ථකම මිනිසා යන විරුදාවලිය අලුතින්ම ලැබුනු සාර්ථක ව්‍යාපාරිකයෙක්. නමුත් ඔහු බොහොම භයානක රහසක් සඟවාගෙන සිටිනවා. ඒ තමයි ඔහු මිනිමැරුම් සඳහා ඇබ්බැහි වී සිටීම. පොලිසිය විසින් ඇඟිලි සළකුනු මිනීමරුවා ලෙසින් හදුන්වන මෙම ඉතා භයානක මිනිමරුවාව සෙවීමට වෙහෙසන නමුත් ඔහුගේ සාක්ෂි සැඟවීමේ සූක්ෂමභාවය නිසා මේ වනතෙක් ඔහුව අසුවී නැහැ.

අවුරුදු 2ක සිට ඔහු මේ ඇබ්බැහිවීම පාලනය කරගනිමින් ඇති මුත් නැවතත් ඔහුගේ යටි සිත ඔහුව මේ සඳහා පොළඹවන් ලබනවා. ඔහුගේ යටි සිතත් මෙහෙදි චරිතයක් ලෙස පෙන්නුම් කරනු ලබනාතර ඔහුගේ නාමය වන්නේ මාර්ෂල්. ඔහුගේ අලුත්ම මිනිමැරුම කරමින් සිටින අතර අහම්බයෙන් මෙය වෙනත් තට්ටුවක සිටින්නෙක් ගේ කැමරාවට අසුවෙනවා. පසුදින ඔහු ඡායාරූපත් රැගෙන බෲක්ස් හමුවීමට පැමිනෙනවා.

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,415 downloadsDownload Mr-Brooks-2007.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සහන් සචින්තක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සහන් සචින්තක

Subtitles

4,415 downloadsDownload Subtitles53 KB

44 comments

  1. kolla

    mama 1st
    patta tnx

  2. chamila

    චිත්තරපටි බෑම පාලනය කරගනිමින් ඇති මුත් නැවතත් මගේ යටි සිත මේක බෑම සඳහා පොළඹවනු ලබනවා....

  3. පොතේ ගුරා

    @kolla !එළ එළ..අද බුවා උදෙන්ම ඇවිත්.. :)

    @chamila! ආහ්..නියමයි නියමයි..හික්z..බාගෙන ෆ‍්රී වෙලාවක බලපන්.. :)

  4. DragonD

    guraaa , meaka kammali naaneda ?

  5. Uraj Deemantha

    එළ එළ මම මේ බාන්න බඩු නැතුව හිටියේ......... :P

  6. gani01

    Elakiri machan...
    Science pathata bara film ekak dapanko ban.
    Godak thanks.

  7. අකිල

    මචෝ dialog එකට කියල 6GB limit එක අයින් කරලා දීපන්කො

  8. පොතේ ගුරා

    @DragonD !මම නම් හිතන්නෙ නෑ මචෝ කම්මැලි ඇති කියල..රේටින්ග්ස් හොදයිනෙ.. :)

    @Uraj !හික් හික්..එළ එළ..බාපාං!!

    @gani01! අහ් එළ..ඉක්මනටම දාන්නම් මචෝ..

    @අකිල !හික්z..සොරි.කොම් තමයි..මෙහෙම ගියොත් නම් ඩයලොග් ල මේ සයිට් එක බෑන් ක‍රයි වගේ! :P

  9. සුභාෂ්

    මම මේ ෆිල්ම් එක ගැන අහල තියෙනවද . . කලින් බලල තියෙනවද වගේ . . යමක් මතකේ තියෙනව . . . නෑ . . . වගේ . . . යාලුවෙකුට වත් කියන්න ඕන බාගන්න කියල එතකොට මට වෙලාව ලැබුනු ගමන් බලන්න පුලුවන්නේ . . . !

  10. උදාන

    මේක බානවෝ.......... පොතේ ගුරෝ the red violin movie එකේ DvDrip (English) එකක් හොයාගන්ඩ නැද්ද පුලුවන්නං ලිපියක් දාන්ඩ..

  11. anthrax

    ඉටිකිරිස් film එක. ටැංකුං කිව්ව ඕං.

  12. පොතේ ගුරා

    @සුභාෂ්! එළ එළ අයියා.. ඔයාට අල්ලල යයි මේක මම හිතන්නෙ.. :)

    @chathurarcrc ! තැන්කූ ස හෝ.. :)

    @උදාන ! එළ මචෝ..බලමු හොයාගන්න.. :) තෑන්ක්ස් වේවා!

    @anthrax! රොයිලි බුවාගෙ වැඩ තමයි.. :) වෙල්කම් වේවා!

  13. AL1717

    Kochara Hithuwath Banne ne kiyala .
    Ane Manda Hiyitha Control Karannama Be Bannamai Kiyanne...

    Thankss

  14. Thilina Dissanayake

    Seems there is a problem in the link .... !!!

  15. Dhanushka

    Ko meke sinhala sub titles ? eka DL karanda baaneee ? puluwannam aith danda !

  16. Dhammika

    Mr.Brooks.2007.720p.BRrip.x264.YIFY Sinhala Sub file eaka danna puluwanda?
    Thanks
    baiscop team eakata.

  17. sachith lakshan

    ayye sub eka dennako plz

  18. Chamath Wijewickrama

    ko bn meke sub eka?

  19. gihansanju

    හිතවත් #රොයිලි ප්‍රනාන්දු සහෝ...
    Mr. Brooks එකේ Suba Download කරන්න නොහැක, පුලුවන් නම් මේක Sub එක Download කරන්න පුලුවන් විදිහට හදල දෙන්න...!
    ස්තූතියි

  20. තරිඳු පෙරේරා

    mekata sub eka dennako sahoo

  21. Anonymous

    meeke sub eka nane.. :(

  22. Anonymous

    ගොබ්බ රොයිලියගෙ කයිය විතරයි .. උගෙ තරම් ලොකුකම් නැ කාගෙවත්

    1. Wayantha Sandaruwan

      නිර්ණාමිකව අදහස් දක්වන්නෙ වැඩකාරයෙක් වෙන්න ඇති
      පවු...අඩු තරමෙ ඇත්ත නමින්වත් පෙනී ඉන්න තරම් ගට් එකක් නෑ
      සහෝදරවරුනි ඊයා!!!!!!

    2. උවිඳු

      රොයිලි සහෝ කියන්නෙ බයිස්කෝප් එකේ ප්‍රධානම පුරුකක්. ගොඩක් චිත්‍රපට වලට උපසිරසවල් කරපු අද්දැකීම් ගොඩක් තියෙන කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් ට ඔහොම කියන්න තොට තියෙන පදනම මොකක් ද? අනිවර්‍යයෙන්ම උබ බලපු ගොඩක් චිත්‍රපට බලන්න ඇත්තෙ රොයිලි අයියගෙ උපසිරසි වලින් වෙන්නැති.ඉතින් උබට දැන්වත් තේර්නෙවන් රොයිලි අයියගෙන් සමාව අරගනින්. මෝඩයා...

    3. Anonymous

      mokekda me name ekakwath athuwa roily gana kiyawanne. ube gobba kama ekenma penawa. oya chiththa andina pirimi ganikawo wadak karanneth na karana ekawa dirawanneth na

  23. Wayantha Sandaruwan

    ගොඩ දෙනෙකුගෙ ඉල්ලීමක් ඉටු කරල තියෙන්නෙ
    නියමයි උපසිරසට ස්තූතියි සහෝ
    ඒ වගේම රොයිලි අයියටත් ස්තූතියි
    හැමෝටම ජය වේවා !!!

  24. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  25. Js

    තැන්ක්ස්..කාලයක් බලන් හිටිය සබ් එකක් ❤❤

  26. indika75

    thanks..

  27. suranuwan

    thanks.......

  28. D.Chamara

    bohoma sthuthi

  29. TEP37

    aurudu ganak mekata kauda sub denne kiyala balan hitiye thanks for sub bro.

  30. Suranjan

    Thanks jayawewa......!

  31. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

  32. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  33. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Malith Samarawickrama

    Thanks bn subata

  36. nilanka_baiscop

    thanks

    1. MAALNATH

      Thanks ..............good luck .............

  37. Dewadithya

    Thanks for sub!

  38. යුරාන් ධනුක (දනුවා)

    Thanks Bro

  39. Akila

    thanx bn. thwa me old film tikatath sub denn puluwn nm godak watinwa. primal fear 1996, casino 1995. millers crossing 1990,sleepers 1996

  40. Rishantha

    Thanks Brother