අවුරුදු 9 උපන් දිනය සමරන බයිස්කෝප් අඩවියට මුලින්ම මම සුභම සුභ උපන් දිනයක් වේවා කියලා සුභ පතනවා. අවුරුදු 9ක් කියන්නෙ එසේ මෙසේ කාලයක් නෙමෙයි. ඒ තරම් දුර මේ අඩවිය අරන් ආව එක පිටි පස්සෙ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලගේ කැප වීම ගොඩක් ලොකුයි. එයාලගෙ කැපවීම නිසා ලංකාවේ බහුතරයක් ප්‍රේක්ෂකයන්ට සිංහල උපසිරසි සමග…

අවුරුදු 9 උපන් දිනය සමරන බයිස්කෝප් අඩවියට මුලින්ම මම සුභම සුභ උපන් දිනයක් වේවා කියලා සුභ පතනවා. අවුරුදු 9ක් කියන්නෙ එසේ මෙසේ කාලයක් නෙමෙයි. ඒ තරම් දුර මේ අඩවිය අරන් ආව එක පිටි පස්සෙ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලගේ කැප වීම ගොඩක් ලොකුයි. එයාලගෙ කැපවීම නිසා ලංකාවේ බහුතරයක් ප්‍රේක්ෂකයන්ට සිංහල උපසිරසි සමග චිත්‍රපටි, රූපවාහිනී කතා මාලා නැරඹීමේ හැකියාව ලැබුනා. ඒ සේවය නොමිලේම ලබාගත්ත කෙනෙක් විදියට ඒකෙ වටිනාකම මට කියලා නිම කරන්න බෑ. මට කියන්න තියෙන්නෙ බයිස්කෝප් සහෝදර සහෝදරියන්ට ගොඩක් ගොඩක් ස්තූතියි කියලා.
දැන් මම චිත්‍රපටිය ගැන කියන්නම්. 2013 වර්ෂයේදී ආදායම් පිට අාදායම් වාර්තා සමග බොක්ස් ඔෆිස් වාර්තාද තැබූ මෙම චිත්‍රපටිය, කොරියානු චිත්‍රපට ඉතිහාසයේ මසක් තුල ප්‍රවේශ පත් මිලියන 10ක් විකුණූ 8 වෙනි චිත්‍රපටිය බවට පත් වෙනවා. මේ වාර්තාව ලබා ගැනීමට හැකි වෙන්නේ ජනප්‍රිය නළුනිළියන්ගේ දායකත්වයක් නොමැතිවමයි. ඒ වගේම ඒ වාර්තාව නැවත අළුත් කිරීමට 6 වෙනි හා 7 වෙනි සති වලදී ඔවුන්ට හැකි වෙනවා. ඒ මිලියන 12ක ටිකට්පත් අලෙවි කිරීමට හැකිවූ 5 වෙනි චිත්‍රපටය ලෙසයි. හොඳම නළුවාට හිමි සම්මානය ඇතුළුව සම්මාන 12ක් ලබා ගැනීමටත් සම්මාන 21ක් සඳහා නාම යෝජනා ලබාගැනීමටත් මේ විශිෂ්ඨ කලා කෘතියට හැකියාව ලැබෙනවා. ඒ වගේම අදටත් කොරියානු සිනමාවේ “Top Grossing” චිත්‍රපට අතර මෙය 9 වෙනි තැන තියෙන්නෙ. IMdb දර්ෂකයේ 8.2ක් වැනි ඉතාම ඉහළ අගයක් ලබා ගැනීමට මේ චිත්‍රපටියට හැකියාව ලැබෙන්නේ මේකේ සාර්ථකත්වය නිසාම තමයි. The Heirs, You are Beautiful, Heartstrings වැනි ජනප්‍රිය නාට්‍ය වල මෙන්ම Hyung, The Royal Tailor වැනි චිත්‍රපටිවලට රංගනයෙන් දායක වුනු පාක් ෂින් හේ, ළමා නිලි කල් සෝ වොන්, ප්‍රධාන නළු රියූ සන්ග් ර්යොන්ග් මේකට රංගනයෙන් දායක වෙනවා. මේක කොච්චර ලස්සන, සංවේදී චිත්‍රපටියක්ද කියලා රසවිඳලම තීරණය කරන්න.
චිත්‍රපටය ගැන මම කෙටි හැඳින්වීමක් දෙන්නම්. “බරපතල වැරැද්දකට බලහත්කාරයෙන් අසු කර සිරගත කරන අඩු බුද්ධියෙන් පෙලෙන යොන්ගුට, එයාගෙ ආදර දියණිය යේ-සන්ග් දැක ගැනීම වෙනුවෙන්, සහෝදර රැඳවියන් විසින් දරණ උත්සහයත්, එය මල්පැල ගැන්වෙන මොහොතක බලාපොරොත්තු නැතිවී යාමත්, අසාධාරණයට සාධාරණය ඉටු කිරීමට කෙරෙන අරගලයත් “Miracles in Cell No.7 චිත්‍රපටයෙන් ඔබ වෙත ගෙන එනු ලබනවා.” රසවිඳින්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට BR පිටපත සදහා අදාළ වේ.
4,785 downloadsDownload Miracle-in-Cell-No.-7-2013.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
38 comments
geeganagamage
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
Chami.S
Thanks..
Good Luck..Navodani Thilini Sasanika
puluwannam film 1 balalama adahasak denna
Sajiya99
Link eka denna puluwanda
S_Anuruddika
Mata film Aka down karaganna link akak denna puluwanda...me dan
itamilapc
sabata thanks jaya weva machan( Godzilla (1999) – (2004) sinhala sub deyanlako machan)kauru hari kamak na pin sidda wenava mchan ubalata man a films tikata hena asai machanla eki
AsithaDilruwan
sub ekata thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!hasi nammuni
බොහෝම ස්තූතියි සබ් එකට.
Udara Damith Dissanayaka
හැපි බර්ත් ඩේ බයිස්කෝප්
ස්තුතියි
කොරියන් ජපන් ඒවාට ගොඩක් සබ දෙනවනේ එලranga11112
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
Arrow T
Thank you so much
jeewan hettiarachchi
mahansi wela kala sevayata godak pin..kamsa hmnida...
Nuwan d
saamanyen man comment daanne naa.
namuth me film eka beluwt passe comment ekk daannama hithuna.
e tharam lassanai
me wage thawath lassana film denna lebewa
jaya...!!!Navodani Thilini Sasanika
Thank you hemotama
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.Buddika Manaram
Niyama film eka super.Mewage film thoragena sub karapu "Navodani Thilini" sahodarita sthutiii.kiyanna wachanath naha..Jaya wewa anagethama!!!!!!!!!!!!!(adna oninam menna film)
svhsathyajith
thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pushpe
sub walata bohoma sthuthi,jaya wewa!!!thawa korean awa denna
sampath n perera
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Thilina Chamara
thank you
Silva
උපසිරැසියට බොහොම ස්තූතියි.. මේකනම් මම බලපු නියමම ෆිල්ම් එකක්... විහිලු වගේම හරිම සංවේදී කතාවක්. අවසානයේදී කදුලුත් ආව.. මමනම් මේකට රේටිං 10/10 ක්ම දෙනව.. තවත් මේ වගේ ෆිල්ම් තියෙනවනම් එව්වලටත් සිංහල උපසිරැසි දෙන්න උත්සාහ කරන්න..
Sachini Sandarekha Algama
මේ දැන් film එක බලලා ඉවර වුනේ. අඬලම ඇස් දෙක රිදෙනවා. හරිම සංවේදී කතාවක්. මේ චිත්‍රපටිය ආදායම් පිට ආදායම් වාර්තා තැබීම පුදුමයක් නෙමෙයි. මේ කතාව නොබලා නම් ඉන්න එපා.
සිංහල උපසිරැසියට වගේම බයිස්කෝප් අඩවියටත් බොහොම ස්තුතියි මෙවැනි ෆිලුමක් ගෙනාවට. “නවෝදනී තිළිණි” සොයුරියට බයිස්කෝප් අඩවියත් එක්ක දිගු ගමනක් යාමට සුබ පතනවා.thushini
Machan kathawata godak isthuthi☺☺☺☺
Darshaka
Thank you. කියන්න වචන නැත.
Gayan Chathuranga
ස්තුතියි!උපසිරැසියට
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Lakshansilva18
Joint security area (2000) korean movie ekath sub dennako
Nipuna1357
Supiri
srgtd321
Thanks...
Amila Gihan
Meke Turky version 1ta sub denna puluwanda?
Chathura Lakshan
Thanks ❤️❤️❤️❤️❤️sub walata bohoma tuthi අම්මො බෑලුව හිතන්න ට වැදුන දෙයිවන් තුරුමගල් වගේ මූවි එක දුකයි පට්ට විදියට
Yasindu Kalana
Thanks
Krishani
Ane godaaak lassana film 1k Thank you so much ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තුතියි මේ කරන උතුම් වූ වටිනා සේවයට