ඔන්න ඉතින් මාගේ 40 වෙනි උපසිරසි ගැන්වීම විදිහට ආයෙත් ඔයාලාව හමුවෙන්න එන්නේ ටිකක් පරණ පරණ කිව්වට ගොඩක්ම පරණ නෙමෙයි) 2 June 2017 (India) වන දින තිරගත වීම ආරම්භ කල දමිළ සිනමා පටයක් අරගෙනයි. එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි ගන්වන්න වෙන් කරල දුන්න තිසර නියෝ සහෝටත්, බයිස්කෝප් ටීම් එකටයි ස්තූතිවන්ත වෙනවා.…

ඔන්න ඉතින් මාගේ 40 වෙනි උපසිරසි ගැන්වීම විදිහට ආයෙත් ඔයාලාව හමුවෙන්න එන්නේ ටිකක් පරණ පරණ කිව්වට ගොඩක්ම පරණ නෙමෙයි) 2 June 2017 (India) වන දින තිරගත වීම ආරම්භ කල දමිළ සිනමා පටයක් අරගෙනයි. එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි ගන්වන්න වෙන් කරල දුන්න තිසර නියෝ සහෝටත්, බයිස්කෝප් ටීම් එකටයි ස්තූතිවන්ත වෙනවා.
නම දැක්ක ගමන් හිතෙන්න ඇතිනේ මේක දවස් 7 ක මොකක් හරි දෙයක් සම්බන්ධ චිත්‍රපටයක් වෙන්න ඇති කියලා.ගෞතම් වී.ආර් විසින් අධ්‍යක්ෂණය කරන ලද පී. විමල් කුමාර් විසින් රචිත 2017 දෙමළ අභිරහස් ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙසට තමයි මේ සිනමා පටය නම්කරලා තියෙන්නේ.
මෙම චිත්‍රපටයේ ශක්ති සහ නිකේෂා පටෙල් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ප්‍රභා, ගනේෂ් වෙන්කත්‍රාමන්, නසාර්, අංගනා රෝයි, රජීව් ගෝවින්ද පිල්ලෙයි සහ එම්. එස්. භාෂ්කර් ඇතුළු ප්‍රධාන චරිත නිරූපණය කරති. විශාල් චන්ද්‍රසේකර් විසින් සංගීතය රචනා කරන ලදී.
චිත්‍රපටයේ නමට අනුව දින 7 ක් තුල සිදුවන සිදූවීම් මාලාවක් වටා චිත්‍රපටය ගලාගෙන යන අතර, පළමු දිනයේ සිටම ප්‍රභාගේ පුතා සමග සිටින ගැහැණු ළමයින් ඝාතනය වන අතර, ඔහුගේ දරුකමට හදාගන්නා ලද ගනේෂ් පොලිස් නිළධාරියෙකි.
ප්‍රභාෂ්ගේ පුතා වන සිද්ධාර් ජෙනිෆර් නම් කාන්තාවක් රහසිගතව මරා දමන දමනු ලබයි. බිග් එෆ් නම් නාළිකාවෙහි නිවෙිදකයකු ලෙස රාජකාරි කරණු ලබන ගෞතම් නම් පුද්ගලයාද මේ ජෙනිෆර් සමග ලගින්ම ඇසුරු කරන ලද ඇයගේ යහළුවෙක්ය. මේ නිසා ඇයගේ මරණය ගැන විවිධ සිද්ධීන් වලට මුහුණ දීමට පවා ඔහුට සිදුවෙයි. ගෞතම් ඔහුගේ දෙමව්පියන් නොමැතිව සිය සොහොයුරිය ගාව ජීවත් වන්නේ සොයුරියගේ දරුවන් දෙදෙනාත්, ඔවුන්ගේ බ්ලැකී නම් සුරතල් බල්ලාත් සමගය. මේ බ්ලැකී කියන සුරතලාගේ විශේෂත්වය වෙන්නේ කථා කිරීමේ හැකියාවක් පැවතීමයි. ඉතින් ගෞතම්ලට ගොඩක් ඒකෙන් ප්‍රෙයා්නවත් වැඩ සිද්ද වෙනවා.
මෙයාලගේ අසල් වැසියා වෙන්නේ, පූජා නම් තරුණ වියේ සිටින කාන්තාවක් හා ඇයගේ නිවසේ මෙහෙකාරියයි. දිනක් ඉතා රහස්‍ය තොරතුරු ඇති ඩී.වී.ඩී පටයක් පූජාගේ නිවස වෙත යනු දකින බ්ලැකී එම ඩී.වී.ඩී පටය ඇයගේ නිවසින් සොරාගෙන විත් ගෞතම්ගේ ජැකට් සාක්කුවට දමයි. එතන ඉදන් තමයි ගෞතම්ටයිථ පූජාටයි කරදර එක පිට එක එන්න පටන් ගන්නේ. මේ ඩී.වී.ඩී එකේ තියෙන විශේෂත්වය මොකක්ද..? කව්ද මේක හොයන්නේ,..? ඇයි එයාලට මේ ඩී.වී.ඩී එකක් වටින්නේ..? බ්ලැකී මේකට මොකද එයාගේ මොලෙන් කරන්නේ.?
මේ සේරම සම්බන්ධවෙන්නේ මේ දින 7 තුලයි.
එහෙනම් වැඩිය කතාව කියන්න යන්නේ නෑ, අරගෙනම ඔයාලත් බලන්න කියන ගමන් අදට මා සමුගන්නවා. නැවතත් මෙවැනිම ලස්සන සලරුවකින් හමු වෙනතුරු සියළු දෙනාටම තෙරුවන් සරණයි.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- අධ්‍යක්ෂණය :Gautham V.R.
- නිෂ්පාදනය : K. Karthik
- කථාව රචනය :P.VimalKumar
- රංගන ශිල්පීන් : M.S. Bhaskar, Chinnijayanth, Nassar
- ධාවන කාලය : 2h 12min
- තිරගත කල දිනය :2 June 2017 (India)
- සංගීතය : Vishal Chandrasekhar

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD AVC පිටපත් සඳහා අදාළ වේ.
3,439 downloadsDownload 7-Naatkal.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
11 comments
තිසර නියෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kasun Jalitha
බොහොම ස්තූතියි උදය අයියෙ... ජයවේවා!!!
isuru srinath sjs
Thanks machan
indika75
thanks..
dusmantha
thankas bor
DHLP.JAYAWEERA 0088
S
kodagoda
nx sahoo sub ekta
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි උදය සහෝ සිංහල උපසිරැසි නිර්මාණයට මහන්සි වුණාට...ඉදිරි වැඩකටයුතුවලටත් සුබපැතුම්..ජයවේවා !!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට තුති...... ජයවේවා
#Hail_Hydra