Watch Trailer

The Operative (2019) Sinhala Subtitle | පෙමින් බැඳුන ඔත්තුකාරිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ. මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න බාරගත්තේ ගිය අවුරුද්දේ. අවුරුද්ද අන්තිම තිබුන රාජකාරී බහුලත්වය නිසා ටිකක් ප්‍රමාද උනත් පුළුවන් ඉක්මනට උපසිරැසි ගන්වලා ඔයාලට මේ සුපිරි චිත්‍රපටිය ගෙනාවා. ඉතිං මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න බාර දුන්න හසන්ත වික්‍රමරත්න සහෝදරයටත් ස්තූතිවන්ත වන ගමන් චිත්‍ර…

ඉතිං යාළුවනේ. මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න බාරගත්තේ ගිය අවුරුද්දේ. අවුරුද්ද අන්තිම තිබුන රාජකාරී බහුලත්වය නිසා ටිකක් ප්‍රමාද උනත් පුළුවන් ඉක්මනට උපසිරැසි ගන්වලා ඔයාලට මේ සුපිරි චිත්‍රපටිය ගෙනාවා. ඉතිං මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න බාර දුන්න හසන්ත වික්‍රමරත්න සහෝදරයටත් ස්තූතිවන්ත වන ගමන් චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියන්නම්.

මේ පාර ඔයාලට ගෙනාවේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකට හිමිකම් කියපු Thriller කාණ්ඩයට අයත් IMDb අගය 5.6/10 ක් හා කුණු තක්කාලි අගය 40%ක් උන අපූරු කතාවක්. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වල රේචල්ගේ චරිතය රඟදක්වන්නේ National Treasure 2004 හා Unknown (2011) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායකත්වය සැපයූ Diane Kruger විසින් වන අතර ඇගේ මෙහෙයවන්නා හෙවත් Handler වන තෝමස්ගෙ චරිතය රඟ දක්වන්නේ The Hobbit සිනමාපට මාලාවේ හා Sherlock රූපවාහිණී කතා මාලාවේ දොස්තර ජෝන් වොට්සන්ගේ චරිතය රඟ දැක්වූ Martin Freeman විසින්. ඒ වගේම මේ චිත්‍රපටිය 2019 ජූලි 24 දින ප්‍රංශයේදි මුලින්ම තිරගත වෙලා තියෙනවා වගේම මේ වන විට ඩොලර් මිලියන 1.4 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබන්නත් සමත් වෙලා තියෙනවා. මිනිත්තු 116ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Yiftach R. Atir විසින් රචිත The English Teacher නැමති නවකතාව ඇසුරෙනුයි. ඒ වගේම තිරරචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shooter රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කල Yuval Adler විසිනුයි.

කතාව ගැන පොඩි හැඳින්වීමක් කරනවනම් රේචල් කියන්නේ මොසාඩ් ඔත්තු සේවය මගින් ටෙහ්රාන් වල සිටින ව්‍යාපාරිකයෙක්ව හසු කර ගන්න බඳවාගන්න ඔත්තුකාරියක්. ඇය ඊශ්‍රායලයට යන්නේ ඉංග්‍රීසි ගුරුවරියක් විදිහටයි. ඇයව මේ මෙහෙයුමට බඳවගන්නේ තෝමස් නැමති මෙහෙයවන්නෙක් හෙහවත් handler කෙනෙක් විසින්. ඔහුට තියෙන්නේ රේචල්ගෙන් තොරතුරු ලබාගෙන ඔවුන්ගේ මෙහෙයුම අවසන් වූ පසු හෝ අවසන් වෙන්න පෙර රේචල් ගැන හෙළිදරව් උනොත් ඇයව එම මෙහෙයුමෙන් ඉවත් කර ගන්න එකයි. එහෙම ඉවත් කර ගැනීමට යම් කේතයක් තියෙනවා. එ් කේතය තමයි “ඔබේ පියා මියගියා“ කියන එක. කතාව පටන් ගන්නේ එතනින්.

“සාමාන්‍ය විදිහේ ගණුදෙනු“ නමින් හඳුන්වන මේ මෙහෙයුමේ යෙදී සිටිය රේචල් එක පාරටම අතුරුදහන් වෙනවා. කාලෙකට පස්සේ හදිසියේම තෝමස් ට රේචල්ගෙන් දුරකථන ඇමතුමක් එනවා “මගේ පියා මිය ගියා – ආයෙත්“ කියලා.. කොහොමද එහෙම වෙන්නේ? එක පුද්ගලයෙක් දෙපාරක් මිය යන්න පුළුවන්ද? නැත්නම් එකම කේතය දෙවරක් භාවිතා කරලද? ඇයි මෙහෙම රේචල්ගෙන් හදිසි ඇමතුමක් තෝමස් ට එන්නේ? මේ ඔත්තුකාරිය පෙමින් බැඳෙන්නේ කාත් එක්කද? ඇය ඇගේ මෙහෙයුම සාර්ථකව නිම කරාවිද? නැත්නම් ඇය ටෙහ්රාන් වල සිටින ව්‍යාපාරිකයා විසින් හඳුනාගනීවිද? එහෙමත් නැත්නම් මෙහෙයුම අවසානයේ මොසාඩ් ඔත්තු සේවය ඇයව මේ ලොකයෙන් තුරන් කරලා දාවිද? කියලා කතාව බලලම දැනගන්න.

ජයවේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

4,687 downloadsDownload The.Operative.2019.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

4,687 downloadsDownload Subtitles47 KB

20 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. suranuwan

    thanks bro...

  3. gihan perera

    නියමයි මචෝ මල්ලියේ....පට්ට කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  4. Suranjan

    Thanks jayawewa......!

  5. indika75

    thanks..

  6. wnrodrigo

    Good work friend, Thanks for the sub!

    1. Prageeth Nuwan

      Thanks

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. akalankagayan

    Thnx.......

  9. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  10. Malaka prasad

    තැන්කූ බ්‍රෝ සබ් එකට ආටිකල් එක පට්ට කියවද්දි තවත් ආස හිතෙනව. සුපිරි.... ජයවේවා බයිස්කෝප් ❤

  11. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (දිනිදු සම්පත්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

  12. kodagoda

    tnx saho sub ekta

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. jagath55

    Thanks

  15. tharidu16

    thanks machoooooo

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Pramukmili

    Thanxx brooo..............

  18. melinda

    thank you

  19. Shamal manojan

    බොහොම ස්තූතියි මෙම උපසිරැසියට.

    ඔබ විසින් බොහෝ කලකට පෙර The Adventures of Sherlock Holmes කතා මාලාවේ කොටස් කිහිපයකට උපසිරැසි දුන්නානේ. ඒකේ අන්තිම Season ටිකට උපසිරැසි දෙන්න පුලුවන්ද? Season 05, 06, 07 තුනේම Episode 15 ක් තියනවා. නැති නම් බයිස්කෝප් අඩවියෙහි කාට හරි දීලා ෂර්ලෝක් හෝම්ස් ටික අවසන් කරන්න කියලා ඇඩ්මින් මඩුල්ල ට යෝජනා කරන්න පුලුවන්ද? Please