මුලින්ම ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප් කණ්ඩායමටත්, බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා ගන්නා සියලුම දෙනාටත්, ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත්, විශ්ව රූ රැජින ඇතුළු විශ්වයේ වෙසෙන සියලුම දෙනාටත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 2018 මැයි මාසයේ මගේ 27 වෙනි උපසිරැස…

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප් කණ්ඩායමටත්, බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා ගන්නා සියලුම දෙනාටත්, ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත්, විශ්ව රූ රැජින ඇතුළු විශ්වයේ වෙසෙන සියලුම දෙනාටත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
2018 මැයි මාසයේ මගේ 27 වෙනි උපසිරැසිය කලාට පස්සේ බයිස්කෝප් වෙබ් අඩවියේ මගේ නමින් ලියැවෙන පළවෙනි උපසිරැසිය තමයි මේ. ඇත්තටම අවුරුදු එකහමාරකට වැඩි කාලයක් මගේ අතින් නිර්මාණයක් උනේ නෑ. ඒකට මගේ පුද්ගලික ජීවිතයේ සමහර සිදුවීම් බලපෑවත් 2020 දි මම තීරණය කරා අඩුම තරමින් මාසයකට එක නිර්මාණයක් වත් කරන්න.
එහෙම හිතාගෙන කරපු 2020 ට අදාළ පළවෙනි නිර්මාණය (සමස්ථයක් විදිහට ගත්තම මගේ 28 වන නිර්මාණය) තමයි මේ.
සාමාන්‍යයෙන් මං උපසිරැසි හදන්නේ ඉංග්‍රීසි චිත්‍රපට වලට. ඒ වුනත් මේක හින්දි චිත්‍රපටයක්. හැබැයි මම බැලුවේ නම් දෙමළ බසින් හඬකවපු කොපියක්. සුප්‍රසිද්ධ Netflix සමාගම ජනවාරි පළවෙනිදා උණු උණුවේ release කරපු මේ චිත්‍රපටය නම් ඇත්තටම අද්භූත කතා හතරක එකතුවක්. තව විදිහකට කියනවා නම් මේ තනි චිත්‍රපටයක් නම් නෙමෙයි. කෙටි චිත්‍රපට හතරකින් තමයි මේ සමස්ථ නිර්මාණය හැදිලා තියෙන්නේ. ඒක නිසා සාම්ප්‍රදායික කතා සාරාංශයක් මං මේ චිත්‍රපටයට අදාලව කරන්නේ නෑ මොකද එහෙම උනොත් මට කතා හතරක් කියන්න වෙන නිසා.
කෙටි චිත්‍රපටය හතර අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Karan Johar, Dibakar Banerjee, Zoya Akhtar සහ Anurag Kashyap විසින්. එතකොට නළු නිලියන් ගැන කියනවා නම් Sobhita Dhulipala, Mrunal Thakur, Avinash Tiwary, Janhvi Kapoor, Surekha Sikri, Raghuvir Yadav, Gulshan Devaiah, Vijay Varma සහ Pavail Gulati ප්‍රධාන වශයෙන් රඟපානවා.
සමස්ථ චිත්‍රපටයේ IMDb අගය නම් 4.2 ක් විතර තමයි වෙන්නේ. හොල්මන් කියන වචනයට වඩා අද්භූත කියන වචනය කතා හතර බැලුවම පාවිච්චි කරන එක හොඳයි කියල මට හිතුනා. මොකද කතා බැලුවම බය හිතෙනවට වඩා අමුතු පුදුමාකාර හැඟීමක් එන නිසයි.
හරි එහෙනම් දැනට එච්චරයි. චිත්‍රපටය බලලා පුළුවන් නම් comment එකකුත් දාගෙන යන්න කියල ඉල්ලනවා.
හැමෝටම ජය.!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB Rip/ WEB DL/ HD Rip පිටපත් සඳහා අදාළ වේ.
7,113 downloadsDownload Ghost-Stories-2020.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
22 comments
Hashan M. Priyadarshana
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
gihan perera
ස්තුතියි සහෝ....2020 ට ජය වෙිවා....තව තව උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි......ජය වෙිවා....
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ
Malaka prasad
Thanq brother sub ekata. Patta film ekak wenna athi... jaya wewaaa
yasith Maduran
Thank you...
dilshansampath
Tnx..
Samara Sri Vijaya
Good Job, Thank you ...
Suranjan
Thanks jayawewa.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nuwandika Dil
Thanks brohhh
D.Chamara
bohoma sthuthi ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...................good luck ...................
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ...
ජය!Saranga J. Liyanagama
Thanks
Malaka
සබෙන් 30%ක් වගේ නෑ ඉතින්. ඉංග්‍රීසියෙන් කතා කරපු ඒවටත් උපසිරැසිය දැම්මා නම් තමා හොඳ.
සම්පුර්ණ රසය ගන්න ඕන නම් වෙන සබක් ගන්න කියලයි කට්ටියට කියන්නේGayan
Godak pin mcn
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
සබ් එක HD Rip වලට තියනවා කිව්වට ඒකට සෙට් වෙන්නෙ නෑAnonymous
sub eka kisi wadak na
************************************
f***
sahangayantha
Thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
ජය වේවා.!