පුංචි වෙනසකටත් එක්ක කොරියානු චිත්‍රපටයකට උපසිරසි දෙන්න හිතුණා. මම තෝරගත්තේ එසේ මෙසේ චිත්‍රපටියක් නෙවෙයි. සම්මානනීය චිත්‍රපටයක්. 2010 වර්ෂයේ නිකුත් වුණ එකක්. මුලින්ම කියන්න ඕන මේ උපසිරසිය නම් ඉංග්‍රීසි උපසිරසිය මතම යැපිලා කරපු එකක්. මොකද හින්දි හෝ ඉංග්‍රීසි භාෂා නම් අහලා හරි තේරුම් ගන්න පුළුවන්. ඒත්…

පුංචි වෙනසකටත් එක්ක කොරියානු චිත්‍රපටයකට උපසිරසි දෙන්න හිතුණා. මම තෝරගත්තේ එසේ මෙසේ චිත්‍රපටියක් නෙවෙයි. සම්මානනීය චිත්‍රපටයක්. 2010 වර්ෂයේ නිකුත් වුණ එකක්. මුලින්ම කියන්න ඕන මේ උපසිරසිය නම් ඉංග්‍රීසි උපසිරසිය මතම යැපිලා කරපු එකක්. මොකද හින්දි හෝ ඉංග්‍රීසි භාෂා නම් අහලා හරි තේරුම් ගන්න පුළුවන්. ඒත් කොරියන් භාෂාව එහෙම තේරුම්ගන්න අමාරු නිසා පොඩි පොඩි වැරදීම් ඇති. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. එහෙම තියනවනම් පෙන්වලා දෙන්න. ඉතින් දිගට කියවන්න එපා වෙන නිසා චිත්‍රපටිය ගැන කියන්නම්.
මේක දකුණු කොරියානු චිත්‍රපටයක්. සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ප්‍රධාන චරිත සඳහා දායක වෙන්නේ Seung-won Cha, Sang-woo Kwon, Seung Hyun Choi යන රංගන ශිල්පීන්. ඒ හැමෝම කොරියාවේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන්. අධ්‍යක්ෂණය John H. Lee විසින්. මේ චිත්‍රපටයේ කොරියානු නම Pohwasogeuro ලෙසයි සඳහන් වෙන්නේ. War කියන වර්ගයට අයත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය සම්මාන පහක් සඳහා නාම යෝජනා වෙලා තියනවා. ඒ වගේම සම්මාන 5ක් දිනාගෙන තියනවා. ඒ වගේම IMDb අගය 7.4 ක්. ඒකෙන් ඔයාලට තේරෙන්න ඇතිනේ චිත්‍රපටය ගැන.
මම කැමතිම නැත්තේ කතාව කියන්න තමයි. එතකොට ඔයාලා කතාව දිහා බලන්නේ මම බලන විදියට. ඔයාලට ස්වාධීනව කතාව බලන්න බැරි වෙනවා. ඒත් කතාව කිවුවෙ නැත්නම් අවුලක් වෙයි නේ. මම පුළුවන් තරම් කෙටියෙන් කතාව කියන්නම්.
උතුරු කොරියාවයි දකුණු කොරියාවයි හැමදාම හතුරෝ කියලා හැමෝම දන්නවනෙ. 1950 දී කොරියානු යුද්ධයේ ඇති වුණ සත්‍ය සිදුවීමක් තමයි මේ කතාවෙන් දැක්වෙන්නේ . මෙහෙමයි දකුණු කොරියානු හමුදාවට සෙබළු හිඟ වීම නිසා පාසල් ළමයි හමුදාවට බඳවා ගන්න වෙනවා . මෙහෙම බඳවා ගන්න ළමයෙක් තමයි ඕ ජන්ග් බියොම් .එයාට යුද්ධයේ කටුක අත්දැකිම් විඳින්න සිදු වෙනවා. එයාට විතරක් නෙවෙයි අනිත් හැම ළමයෙක්ටම.
පෝහාන්ග් කියන කඳවුර පිහිටලා තියෙන්නේ නක්දොන්ග් ගංගාව ආසන්නයේ .ඒක තමයි නක්දොන්ග් ගංගාව ආසන්නයේ තියන වැදගත්ම කඳවුර .උතුරු කොරියානු හමුදා මේ කඳවුර අල්ල ගන්න අදහසින් ඉදිරියට එනවා. දකුණු කොරියානු හමුදා ඒවා හැකි තරමින් මැඩ පවත්වමින් දිගටම පසු බසිනවා. ඔය අතරේ දකුණු කොරියානු හමුදාවට වෙනත් ප්‍රදේශයක සටන් කරන්න යන්න වෙනවා . අණ දෙන නිලධාරියා කඳවුරෙන් පිට වෙන්නේ නවක ශිෂ්‍ය සෙබළු 68 ක් සහ හිටපු ශිෂ්‍ය සෙබළු 3 දෙනෙක් පමණක් කඳවුරේ රඳවලා . හිටපු ශිෂ්‍ය සෙබළෙක් වන ඕ ජන්ග් බියොම් තමයි ඒ 71 ක් දෙනෙක් ඉන්න කණ්ඩායමේ නායකයා . ඔය කඳවුරේ එක එක විදියේ ශිෂ්‍ය සෙබළු ඉන්නවා. ඕ ජන්ග් බියොම් ඔවුන් එක්ක විවිධ අපහසුතා මධ්‍යයේ කටයුතු කරගෙන යනවා .ඔවුන්ට කෑම හිඟ වෙනවා . වෛද්‍යවරයෙක් හෝ කෝකියෙක්වත් ඔවුන්ට නෑ . ඉන්නේ ඒ 71 දෙනා විතරමයි .ඔය අතරේ උතුරු කොරියානු 766 වෙනි බල ඇණියට නායකත්වය දෙන ජෙනරල් පාක් පොහාන්ග්වලට යුද්ධ ප්‍රකාශ කරනවා . මේ ශිෂ්‍ය සෙබළු 71 දෙනා උතුරු කොරියානු හමුදා සමග මරණය දක්වා කරන සටන තමයි මේ චිත්‍රපටයේ ඇතුළත් වෙන්නේ.
ඉතින් වෙන්නේ මොකද කියලා ඔයාලම බලන්න .හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා. හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න . එහෙනම් තවත් ලස්සන සිනමා නිර්මාණයක් සමග ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා . හැමෝටම සුබ සතියක් !
4f8a7b717df91c5303ec276139b7bd59bdb60102 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,550 downloadsDownload 71.Into-the-Fire.2010.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/අදිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
33 comments
chinthaka
Thisara
Ah me paara 1st time mechchara kalin comment 1kak daanna set une.patta story 1kak wage.mama kemathima line 1ka.godak thankz aiya.mewage film balanna ithin sub nathuwa wadak na.
Praneeth
Niyamai Machan Ela Ela.
Tharindu Perera
elazzzz ahh...
patta kathavak vagee...
danma banava bn mekaa...
thanks machan sub ekatahh...හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P
පොඩි ෆයිල් එකක් දුන්න එකනම් ගොඩාක් හොදයි :D ජය“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......Sisira Hegoda
Thanks.
නලින්
ස්තුතියි අදිත්‍ය සහෝ
ජය වේවා!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Givantha Arshakularathne
සුපිරි.එලකිරි film එකක් නෙ දිල තියෙන්නෙ.
Thank you.වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට බොහොම ස්තූතියි…
රවිඳු නිපුන්
පට්ට කතාවක්නේ අදිතයෝ දීලා තියෙන්නේ...
සුපිරියි ආ!!
අනිවා බලනවා...
තෑන්ක්ස් සබ් එකට!bee
thnx tnx
Kulanjana Maduranga
niyama filumak.good work bro.subata thanks ADITHA saho...digatama sub demu.jaya wewa..........
dhanushka
elakiri film ekak.kandulu ena kathawak.....subtitles niyamai
jack
සුපිරියි සහෝ....
අනිවා බානවා.
ස්තුතියි සබ් එකට.sadisa
subata thuthiii machan
රොෂීන් චාරුත
super
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සහෝ.
මම සාමාන්‍යයෙන් කොරියන් බලන්‍නේ නෑ,
නමුත් ලිපිය කියෙව්‍වාම බලන්‍න ආස හිතුනා.
ඒ එක්‍කම පොඩි ටොරන්‍ට් එකකුත් තියෙන නිසා අනිවා බානවා.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Nandana
Thank U Aditha.
Leo daMitH
sub eka dunnata thanx saho...
thilina
සිරා movie එක.. මං බලපු war ෆිල්ම්ස් වලින් සුපිරිම එකක්.. thnks මචන් sub එකට.. තව මේ වගේ movies සෙට් උනොත් අනිව දෙන්න හොදේ ... :D
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,බොහොම ස්තුතියි,ජයවේවා.
යොහාන් බාතිය
පට්ටම ෆිල්ම් එකක්. සබ් වලට ස්තුතියි ජය වේවා!
Ruwan
නියම වැඩක්
දිගටම තව ඒවා දෙන්නTilantha hansanath
සුපිරි. film එකක් ස්තුතියි සබ් එකට
kumara
Thanks Bro !!!
අසිත
elama saho thanks
pata wageIshan Madusha
නියමයි.ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!sasanka
thanks for the sub
Malshan Waidyarathna
බොහොම ස්තුතියි මිත්‍රයා..
හරිම වටිනවා..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela