ඊයේ ඉපදී අද මිය යන්නට – පෙරුම් පුරාගෙන උපන් ලයේ හීයේ වේගෙන් අහස උසට බැඳි – ආදර ලෝකය හෙටත් තියේ ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත – ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්තන් – වී අපි ඉපදෙමු එකට ප්‍රියේ මම අද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගායනා කරන ඉතාමත් ශෝකී […]
ඊයේ ඉපදී අද මිය යන්නට – පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි – ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත – ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් – වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
මම අද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගායනා කරන ඉතාමත් ශෝකී ගීයකින් ලිපිය ආරම්භ කරේ ඇයි කියලා ඔයාලා බලනවා ඇතිනේ. මම අද අරන් ආව චිත්‍රපටිය මේ ගීතයට ඉතාමත්ම සම්බන්ධ චිත්‍රපටියක්. හද පාරවන සුළු, ප්‍රේමයේ අහිමිවීම මේ චිත්‍රපටිය තුළින් නිරුපණය කරනවා. හදවතට දැනෙන, හදවතින්ම විඳින්න පුළුවන්, අතිශය ලයාන්විත සංගීතයකින් මෙම චිත්‍රපටිය හැඩ ගැන්වී තිබෙනවා. ඒ මියුරු සංගීතයට උදාහරණයක් ලෙස අතිශය ජනප්‍රිය වූ Kan Pesum Varthaigal ගීතය දැක්විය හැකියි. චිත්‍රපටිය ගැන ටිකක් කිව්වොත්, සම්මාන විශාල ගණනක් හිමි කරගෙන ඇති, එමෙන්ම බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ, ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමා මෙය. මේ චිත්‍රපටියේ රවී ක්‍රිෂ්ණා සහ සෝනියා අග්‍රවාල් අතිශයින්ම තාත්වික මෙන්ම දක්ෂ රංගනයක නිරත වනු දැකිය හැකියි. සමහරවිට ඔබ රවී ක්‍රිෂ්ණා ගැන එතරම් නොදන්නවා විය හැකියි. එතරම් විශාල චිත්‍රපටි ගණනක රඟ පා නොමැති මුත්, ඉතාමත්ම දක්ෂ නළුවෙකු ලෙස රවී ක්‍රිෂ්ණා හැඳින්වීම නිවැරදියි.
මට තව පොඩි දෙයක් කියන්න හිතුණා. ඔබ නැරඹීමට චිත්‍රපටියක් තෝරා ගැනීමේදී, එය අලුත් චිත්‍රපටියක් නම් පමණක් එය නරඹනවාද? එසේ නොවී, තරමක් පරණ චිත්‍රපටියක් වුවත්, එය උසස් රසවින්දන මට්ටමකින් හෙබි, ජිවිතයට යමක් ගත හැකි චිත්‍රපටියක් නම්, එවැනි චිත්‍රපටි මඟ නොහැර ගත යුතු බව මගේ හැඟීමයි. දැන් මේ චිත්‍රපටියේ කථාව දෙසට මඳක් හැරෙමු. කාතීර් කියන්නේ තට්ටු නිවාස සංකීර්ණයක ජිවත් වන තාරුණ්‍යට, අනන්‍ය වූ දඟකාරකමෙන් ඔබ්බට ගිය, විසේකාරකමකින් යුතු තරුණයෙක්.ඉගැනීමට මඳක් වත් සිත යොමු නොකරන ඔහු, යහළුවන් සමඟ රස්තියාදුවේ යමින්, මතට ඇබ්බැහි වෙමින්, තාරුණ්‍යයට හිමි නිදහසින් අනිසි ප්‍රයෝජන ගනිමින් ජීවිතය ගත කරන තරුණයෙක්. මේසේ සිටිනා විටදී, ඔවුන් සිටිනා, නිවාසයට අල්ලපු නිවාසයට, අලුත් පවුලක් පදිංචියට පැමිණෙයි. එම පවුලේ සිටිනා අනීතා කෙරෙහි ආලයෙන් වෙලෙන කාතීර් හට අනිතාගේ ප්‍රේමය ලබා ගැනීමට හැකි වේද? මේ ප්‍රේමය නිසා ඔහුගේ විසේකාර ජීවිතයට විරාමයක් තැබීමට හැකිවේද? මේ කතාවේ අවසානය කෙබඳු වේද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට නම් මේ විශිෂ්ඨ ගණයේ චිත්‍රපටිය නරඹන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා.
යන්න කලින් තව දෙයක් කියන්නම්. ඉවසීම ප්‍රගුණ කර ගැනීම, ජීවිතයට අත්‍යාවශ්‍යම දෙයක්. ඕනෑම දෙයක් අපට ජය ගත හැක්කේ ඉවසීමෙන් පමණයි. කෝප ගැනීම, ක්ෂණික කෝපය කිසි දිනෙක අප හට පරාජයක් මිස ජයක් අත් කර නොදෙන බව මතක තබා ගත යුතුම කරුණකි. මේ ටික කිව්වේ මෙය චිත්‍රපටියට සම්බන්ධ නිසයි. මේ දේත් සිතේ තබා ගෙන, චිත්‍රපටිය නරඹලා, ඔබේ අදහස් කියලා කොමෙන්ට් එකකුත් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට ජය.
B7C9C3BFEE9675ED3EF413AD850976B146FF45AC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,421 downloadsDownload 7G-Rainbow-Colony-2004.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/IsharaV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර වෙත්තසිංහ
Subtitles
37 comments
guru
Amuthu
niyamai.....
Thankssssඅයේෂ්
එලකිරි..
ගොඩාක් ස්තුතියි..
පට්ට ෆිල්ම් එකක් වගේ..
ජය වේවා!!නලින්
ස්තුතියි ඉෂාර සහෝ!
දෙමළ උනත් ලස්සන කතාවක් වගේ
ජය වේවා!
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)imalka
me plz kawru hari mata kiyanawada me baiskop ake sms alert ana aka nawahana widiyada.anayak una eka
inoka perera
jayawewa
“චූටී මල්ලි”
බලන්න හිතෙනවා
එල මචෝ
සබට තුති
ඔබට ජය........ජයනි චතුප්‍රභා
Thank you Ishara
sisiya
පට්ට මචන්.. මේවා තමයි ඕනේ.. මේවගේ ඒවාට සබ් කරපං... එල කිරි... දැන් දැන් නම් මරු බයිස්කොප් වැටෙනවා මේකේ...
niroshan
දමිල චිත්‍රපටි නම් බලන්නෙම නැති තරම් ඒත් මේක නම් අරගෙන බලනවා. ඒ වගේම ඉවසීමෙ ගුනයත් ජීවිතයට ගොඩක් වටින දෙයක්.
චතුල ප්‍රමොද්‍යය විජේතුංග
උපසිරසියට ස්තූතියි...
උපසිරසිය බාගත්තා ෆිල්ම් එකත බානවා.. එත් බලන්න තමා වෙලාවක් නැත්තෙ,
5 විභාගය පටන් ගන්නවනේ.
වෙලාවක් හම්බවුණ කමන් ෆිල්ම් එක ගැන කොමෙන්ට් එකක් දාන්නම්.
බයිස්කෝප් සින්හලෙන් අඩවියට ජයවේවා!
හැම දෙනාටම තේරුවන් සරණයි!Pradeep
Thanks macho. Lassana akak wage balannama ona.
Thanks......................සුපුන් චාමර
උපසිරසට තුති යාලුවා....බාගත්තා
ඔබට ජය!!!!STYLISH PRINCE
Apita onne vijay inna ewa
Yenu
thank you ..
kosala
niyamai kolla
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Kulanjana Maduranga
ELAZZZZZ...subata thanks ISHARA saho.keep it up.jaya wewa......
yasitha
meka danata awurudu 7kata withara kalin baluwa..supirima kathawak thama..adena storiya..
රොයිලි
බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sampath
machan english gode tamil ewath thiyanawane bn.
Kasun
Niyama sub ekak machan.Drishyam (2013) - Malayalam machan me film ekata puluwnnam sub ekakdapan loku udawwak bn
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Menu
:) Thankz!
ඉෂාර වෙත්තසිංහ
අදහස් දැක්වූ ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි..............
ඒ වගේම හැමදාම මගේ නිර්මාණ ගැන අදහස් දක්වලා මාව දිරිමත් කරන අපේ බයිස්කෝප් එකේ යාළුවොන්ටත් ගොඩක්ම ස්තුතියි.........
ඔබට ජය..............Wiraj
Thanks machan.. Nice story...! and also nice subtitles..
ඉෂාර වෙත්තසිංහ
Thank you so much Wiraj saho.................
මිරාඡ්
මේ දවස් වල මගේ ජිවිතයේ ඉවසිය යුතුම කාලයක් ගෙවෙන්නේ.
Raji
පට්ටයි...වෙන වචන ඕනෙ නෑ.සුපිරි!
ඉෂාර වෙත්තසිංහ
අදහස් දැක්වූ ඔබ සියලුදෙනාට ගොඩක් ස්තුතියි...............
sisiya
නියමයි...... චිත්‍රපටයත් සුපිරියි...... සබ් එකත් සුපිරියි... කාලයක් තිස්සේ බලන්න හිටපු ෆිල්ම් 1ක් සබ් නැතුව හිටියේ... සබ් තිබුනා ගිනි ගින්දර වගේ.. බොහොම ස්තූතියි ඉෂාර
ඉෂාර වෙත්තසිංහ
ස්තූතියි සිසියා සහෝ...........
Indika wijesingha
Mama me film eka giya sathiye ITN eke baluwa. superb story eka.hart eka athulatama waduna. aayeth mula indala aadare karanna hithenawa. thwa parak balanna ona kama thubuna. subtitle thiyena nisa thawa dethun parak balanna puluwan. thank saho. oyalath anivaryen balanna. thanks.
anymous
patta film aka. niyameta sub thibuna. me wage films thama ona
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![7/G Rainbow Colony (2004) | සොඳුරු මලක් මිලින විය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/7G-Rainbow-Colony.jpg)

ජයවේවා