Watch Trailer

Kya Dilli Kya Lahore (2014) | මෙය ධෛර්යය හෝ තේජස පිලිබඳ කතාවක් නොවේ… [සිංහල උපසිරැසි සමඟ]

“ඔවුන් මුණගැසුනේ සතුරන් ලෙසටයි, නමුත් ඔවුන් වෙන්වූයේ මිතුරන් ලෙසටයි” යුද්ධය……. ලෝකයේ ඇති වචන වලින් භයානකම වචනයක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණකි. එසේ වුවද අප ජීවත් වන ලෝකය තුළ යුද්ධ හෝ යුධමය සිදුවීම් වල නම් නිමක් නැති තරම්ය. ඉතින් අද මා ඔබ වෙත රැගෙන එන්නේද ලෝකයම දන්නා එවැනි යුධමය සිදුවීමක් අලලා න…

Kya Dilli Kya Lahore

“ඔවුන් මුණගැසුනේ සතුරන් ලෙසටයි, නමුත් ඔවුන් වෙන්වූයේ මිතුරන් ලෙසටයි”

යුද්ධය……. ලෝකයේ ඇති වචන වලින් භයානකම වචනයක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණකි. එසේ වුවද අප ජීවත් වන ලෝකය තුළ යුද්ධ හෝ යුධමය සිදුවීම් වල නම් නිමක් නැති තරම්ය. ඉතින් අද මා ඔබ වෙත රැගෙන එන්නේද ලෝකයම දන්නා එවැනි යුධමය සිදුවීමක් අලලා නිර්මාණය වූ දැනට බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වෙමින් පවතින නිර්මාණයකි. මෙය නිර්මාණය වී ඇත්තේ ඉන්දු-පකිස්ථාන යුද්ධය පාදක කොටගෙනය.

යුද්ධය නමැති වචනය සමඟ එකිනෙක තදින් බැඳී පවතින තවත් වචනයකි, එනම් සොල්දාදුවන්ය. ඔවුන් නොමැතිව යුද්ධයක් සිදුවිය හැකිද? නමුත් යුද්ධයට යන සොල්දාදුවන් වර්ග ගණනාවකි. සමහරු සත්‍ය වශයෙන්ම ජාත්‍යාලයෙන් යුද්ධයට යන්නා අයයි, සමහරු වෙනත් දෙයක් කිරීමට නොමැති නිසා යුද්ධයට යාමට සිදු වන අයයි. තවත් සමහරුන් වෙනයම් කරුණක් නිසා හමුදාව වෙත බැඳුනද අවසානයේ තුවක්කුවක් අත දරාගැනීමට සිදුවන්නන්ය. අපගේ කථා නායකයන් දෙදෙනාද මම අවසානයේ කියූ වර්ගයන්ට අයත් වන දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම සත්‍ය වශයෙන්ම බය ගුල්ලන්ය. පකිස්තානයේ යුධ සෙබලා වෙන කරන්නට දෙයක් නොමැති වීම නිසා හමුදාවට බැඳුන අයෙකි. ඉන්දියාවේ සෙබලා කෝකියෙක් වශයෙන් සේවයට බැඳුනෙකි. ඔවුන් ඔවුන්ගේ තුවක්කුව පත්තු කරන්නේ ඇත්තෙන්ම තමාගේ බිය පහකර ගැනීමට විනා සතුරන් නැසීම උදෙසා නොවේ. 

ඉහළ තනතුරක් විසින් පකිස්ථානු සෙබලා තර්ජනය කිරීමෙන් අනතුරුව එවනුයේ ඉන්දියානු කඳවුරේ ඇති වැදගත් ලිපිගොනුවක් රැගෙන යාමටයි.  එසේ පැමිණෙන ඔහුට ඉන්දියානු කෝකියා මුණගැසෙනුයේ ලිඳක් අසලදීය. ඔවුන්ගේ හමුව වුවද සිදුවන්නේ හාස්‍ය රසයකිනි, එහෙත් ඒ අවස්ථාව වුවද මෙම පුද්ගලයන් කව්රුන්ද යන්න මැනගැනීමට බොහෝසෙයින් ප්‍රමාණවත්ය.

චිත්‍රපටියේ පළවෙනි අර්ධයම ගෙවී යන්නේ හාස්‍යජනක වූත්, අර්ථවත් වූත් දෙබස් ගණනාවක් මැදිනි. ඔවුන් දෙදෙනා තුවක්කුවෙන් වෙඩි තබාගැනීම පසෙක තබා තමන්ගේ මුවින් වෙඩි තබා ගනිති. කෙනෙක් විටෙක අනෙක් අයගෙන් වූ වැරදි පෙන්වා සෙමින් තර්ක කරයි, එවිට අනෙකාද නිහඬව නොසිටියි. ඔහුටද තර්ක කිරීමට කරණු ගණනාවකි. මෙයින් පැහැදිලි වන්නේ යුද්ධය නමැති සිද්ධි දාමය එක් පාර්ශවයක් නිසා පමණක් සිදු නොවන බවයි. දෙපාර්ශවයෙන්ම සිදු කළ වැරදි බොහොමයකි. යුද්ධයට හේතු වී ඇත්තේ එයයි. ඒ දෙපාර්ශවය පමණක්ම නොව යුද්ධය සඳහා යුධ පිටියක් නිර්මාණය කරන්නන් පිරිසක්ද සිටියි. ඒ අප කව්රුත් දන්නා බලය නමැති සාගින්නෙන් දැවෙන දේශපාලඥයන් සහ රාජතාන්ත්‍රිකයන් මිස වෙන කව්රුන්ද.
ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ ඔවුන්ය,නමුදු එයින් අනිසි ප්‍රතිවිපාක හිමි වන්නේ එයින් තැලෙන්නේ අහිංසක ජනතාවයි, නැතහොත් කිසිදෙයක් කරකියාගත නොහැකි සොල්දාදුවන්ය.

මේ චිත්‍රපටිය සතුව ඇත්තේ චරිත 4 ක් පමණකි.නමුත් එයින් කියවෙන පණිවිඩය කියවෙන දෑ ඒ සා කුඩා නොවෙයි. ඔවුන්ගේ දෙබස් වලින් බොහෝ දෑ පැවසෙයි, ඔවුන්ගේ චරිත ලක්ෂණ කුමන ආකාරයේද, යුද්ධය යනු කුමක්ද, මිනිස් ක්‍රියාකාරකම් කෙසේ එයට බලපාන්නේද , යුද්ධයට මැදි වෙන පිරිස කව්රුන්ද, ඔවුන්ගේ හැසිරීම කෙබඳුද , යුද්ධය ඇති වීමට හේතු සාධක මොනවාද යනු එයින් කරණු කිහිපයක් පමණකි. ඇත්ත වශයෙන්ම මේ නිර්මාණය රස විඳීමෙන් මා උකහාගත් කරුණු කාරණා ස්වල්පයයි. ඔබට මෙය වෙනස් ආකාරයකින් දැනෙනු ඇති…ඔබට දැනෙන කරුණු කාරණා මා හට දැනුනු ඒවාට වෙනස් වනු ඇති. අවශ්‍ය වන්නේ ඔබගේ රසවිඳීමේ ශක්තිය පමණකි. එය අවසානයේ ඔබට කරණු රාශියක් පැහැදිලි කරදෙනු ඇති.  මෙය සම්පූර්ණයෙන්ම පාහේ සමාජය වෙත පණිවුඩයක් ඉදිරිපත් කිරීම සඳහා නිර්මාණය වූ, නාට්‍යමය සහ යුධමය නමැති වර්ගීකරණයට අයත් වන, එවැනි නිර්මාණ රසවිඳින්නන් අරඹයා නිර්මාණය කරන ලද අත්විතීය නිර්මාණයක් විනා වානිජමය අරමුණකින් හෝ සමාජයේ එක් කොට්ටාශයක් ගැරහීමට ලක් කිරීම උදෙසා කළ නිර්මාණයක් නොවෙයි. මෙය එවැනි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් අවසානය දක්වාම මේ චිත්‍රපටිය සඳහා ඇද බැඳ තබාගැනීමට තරම් සමත් නිර්මාණයකි. එය අන්තර්ජාතික චිත්‍රපටි දර්ශකයේ(IMDb) මේ නිර්මාණය සඳහා ලැබී ඇති 8.0 අගයෙන් වුවද ඔ‍බට නොවනුමානවම පැහැදිලි වනු ඇති.

ඉතින් මෙහි අවසානය කෙසේ සිදුවනු ඇතිද…. ලිපිගොනුව සොයා පැමිණෙන පකිස්ථානු සෙබළාට එය රැගෙන නැවතත් ආපසු යාමට හැකි වේවිද? ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳෙනු ඇතිද? එය දැනගැනීමට නම් ඔබට මෙය චිත්‍රපටිය රසවිඳින්නට සිදු වෙයි.

“ඔවුන් මුණගැසුනේ සතුරන් ලෙසටයි, නමුත් ඔවුන් වෙන්වූයේ මිතුරන් ලෙසටයි”

 ලිපිය- ඩිල්ශාන් කාලිංග

Kya Dilli Kya Lahore (2014) on IMDb

 

 

900 MB (BR) කොපිය මෙතනින් බාගන්න

42E8F043D38D3C1502FEA01948E42C6F583F2D44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,044 downloadsDownload Kya-Dilli-Kya-Lahore-2014.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

2,044 downloadsDownload Subtitles43 KB

38 comments

  1. yasiru

    නියමයි මචන්.ගොඩක් ස්තුතියි............

  2. Naween

    පට්ට මචන් තෑන්ක්ස්...!!!

    1. Naween

      හුටා.මේන් අද දෙක වෙලා :-D

  3. නලින්

    ස්තුතියි හේවා ! කිව්වත් වගේ සුපිරිම කථාවක් වගේ

    කාලිංගටත් ස්තුතියි ලිපියත් නියම‍ෙට ලියලා තියනෙවා!

    ජය වේවා!

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. lahiru sampath

    නියමයි ආසිරි අයියේ..ඔයා කියන විදියටනම් කතාව සුපිරි වගේ තෑන්ක්ස්..sub වලට.ඔන්න එහෙනම් sub එක ගත්තා...

  6. සමීර

    ආසිරිගේ "අනිවා බලන්න* ලේබලය වැදුන තවත් කතාවක්. කිව්වා හැටියට බොහොම අගේ ඇති කතාවක්, ඒ වගේම රේටින් බැලුවමත් ඒක ඔප්පු වෙනවා නෙව. කාලිංග අයියා ලිපිය අගේට තියනවා, තවත් මේ වගේ ලිපි වැඩි වැඩියෙන් ලියන්න ඕනේ... එහෙනම් ආසිරි බොහොම ස්තුතියි උපසිරැසට,කාලිංග අයියා ලිපියටත් බොහොම ස්තුතියි. ඔන්න එහෙනම් බානවා බලලා කියන්නම්කෝ හොඳ නරක.... :P

  7. Nimesh

    බොහොම ස්තුතියි. කරලා බැලුවොත් තේරෙයි හැමෝටම මේක කොච්චර අමාරු වැඩක්ද කියලා.ඒක නිසා සබ් ගන්න හැමෝම අපේ යාලුවන්ට කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

  8. Jack

    නියමයි මචන්.
    පට්ට කතාවක්
    ස්තුතියි සබ් එකට.

  9. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  10. ගයාන් රූකාන්ත (ජෝනා)

    hmm ආසිරි මාමා දෙන නිසා බලමුකෝ :) :)
    ඔන්න මමත් සබ් එක ගත්තා ආසිරි අයියේ..
    බලමුකෝ මේ ඩිලා කියන තරමට කතාව හොදද කියලා.
    සබට තුති සහෝ.... :) :) ජය.

  11. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍, ‍වා‍ව්‍.
    ‍අම්‍‍මෝ, ‍ත‍වත්‍ ‍අ‍ලුත්‍ ‍පො‍රක්‍ ‍හින්‍‍දි ‍එ‍කක්‍ ‍අ‍රන්‍ ‍ඇ‍විත්‍. :-D
    ‍ක‍ලි‍නුත්‍ ‍හේ‍වා ‍කි‍ය‍ලා ‍කෙ‍නෙක්‍ ‍හි‍ටි‍යා, ‍එ‍යා‍ව ‍දැන්‍ ‍ගො‍ඩාක්‍ ‍ද‍කින්‍‍න
    ‍ලැ‍බෙන්‍‍නේ, ‍මං‍‍ස‍ල ‍වෙ‍නු‍වෙන්‍ ට්‍රේ‍ලර් ‍සබ්‍ ‍ක‍ර‍න ‍එ‍කෙන්‍ ‍ත‍මා.
    ‍ඔ‍යා‍වත්‍ ‍ඉ‍තින්‍ ‍දි‍ග‍ට‍ම ‍රැ‍දී ‍ඉ‍ද‍ලා ‍සබ්‍ ‍දෙන්‍‍න‍කෝ, ‍එ‍හෙ‍නම්‍.
    ‍බ‍ලන්‍‍න ‍ව‍ටි‍න ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍බ‍ලන්‍‍න ‍බ‍ලෙන්‍ ‍ඇ‍ද‍ලා ‍ගන්‍‍න ‍වි‍දි‍යේ ‍සු‍පි‍රි ‍ලි‍පි‍යක්‍ ‍ලි‍ය‍ලා ‍ති‍යෙ‍න
    ‍කා‍ලිං‍‍ග ‍අ‍යි‍යා‍ට ‍බෙ‍හෙ‍වින්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍කා‍ලෙ‍කින්‍ ‍පස්‍‍සේ ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ප‍ටන්‍ ‍ගත්‍‍තු
    ‍ආ‍සි‍රි ‍අ‍යි‍යා‍ට ‍බෙ‍හෙ‍වින්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  12. අයේෂ්

    Thank You..

  13. Dilshan kalinga

    සමාවෙයන් මචන් මේක කරන්න හෙල්ප් කරන්න බැරි වුන එක....කලින් බැලුවට මොකෝ ඔන්න මමත් ගත්තා මචන්.
    එළම තමයි....ආසිරි කොලුවට හදවතින්ම ස්තුතිය.

  14. යශෝධ

    එහෙනම් මේක තමයි නේද අරක... හරි හරි මෙන්න ගත්තා.. දෙන්නාටම බොහෝම ස්තූතියි මේ වැඩේට. ජයම වේවා..! එලස්ස්ස්....

  15. Sithara

    apo ayemath hindi 1k d....... kamk na kamak na.api nm owa balanne na...balana pissoth athi neh...thnq thnq a unata...... :D (y)

  16. Kulanjana Maduranga

    niyami......subata thanks ASIRI aiye...digatama sub demu.jaya wewa............

  17. Nelson Rodrigo

    Good Work Friend, Thanks!

  18. sisiya

    හේවා නම් ඉතින් අනිවා බැලිල්ලක් තමා...

  19. me

    Thanks

  20. Shan Vimukthi

    ආසිරි කොලුවාගේ අනිවා බලහන් ලේබල වැදුන නිසාවෙන් උබේ සබත්
    ඩිලාගේ ඩේටා වලටත් පිහිටෙන් කවදා හෝ මෙය අනිවා නරඹමි :)
    සබට බොහොම ස්තුතියි හෙවෝ
    සෑහෙන ලයින් ගානකුත් තියෙන්න ඇති නේ

  21. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරියෝ සිංහල උපසිරැසියට. දැනට බාගෙන තියාගෙන වෙලාවක් ලැබුනම බලන්නම්. තුවක්කුවෙන් නැතුව කටෙන් කරන සටනක් කියන නිසා බලමුකො බලන්න. ජය෴෴ :P :P

  22. “චූටී මල්ලි”

    මේකනම් හොද එකක් වගෙ සිරියෝ
    බලමුකෝ
    ඒක් විලන් තාම නැහැ නෙහ්
    සබට තුති
    ඔබට ජය

  23. Aditha Praween

    නියමයි ආසිරි මාමේ !
    පට්ට එකක් වගේ . නැත්නම් ඉතින් ඔයා කරන්නෙ නෑනෙ .
    එහෙනම් බානවා .
    බොහොම තුති සබට .
    ලිපියත් නියමයි !
    :D

  24. පසිඳු උදාර

    බොහොම ස්තුතියි ලිපියටත් ඒ වගේම උපසිරසියටත් ජය !!

  25. ප්‍රදිප්

    සබටත්, ලිපියටත් සහෝලා දෙන්නාටම
    ගොඩක්ම ස්තුතියි..................

  26. Tharindu Perera

    elazzz ahhh...
    patta kathavak vageee...
    thanks sub ekatahhh...

  27. Dasanayaka

    Lassana film ekak... sub ekata thanks....

  28. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  29. Shashika Aravinda

    Sub wada nathooooooooooooooooooooooooo..........................................................

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි, ඔන්න මාත් ගත්තා,ජයවේවා.

  31. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  32. ගයාන් ගමගේ

    ඔන්නඅද තමයි මේක බාන්නේ...
    ඩේටා පැකේජ් එක අලුත් වෙනකම් හිටියේ.
    ආසිරි කිවුවා මේක අනිවා බලපන් කියලා.
    ආසිරිම සබ් දාපු එකක් වුනත් හොඳ නැත්නම් බලන්න කියෙන්නෙ නෑ..
    ආසිරි හොඳයි කියන්නේ මේක අනිවා සුපිරි කතාවක් වෙන්න ඕන.
    සුපිරි සබක් එක්ක සුපිරි ෆිල්මක් බලන්න දුන්නට
    බොහෝම ස්තූතියි ආසිරියෝ...

  33. Menu

    Nice movie :)

  34. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  35. ANJANA

    thanks aiye..

  36. sisiya

    බොහොම ස්තූතියි සිංහල සබට.. බොහොම කාලෙකට පස්සේ අර්ථාන්විත ෆිලුමක් බැලුවා..

  37. chamara

    ela bro,sub 1 ta thanx