අබිරහස් කතා කියවන්න අපි පොඩි කාලේ ඉඳලා පුරුදුවෙලා හිටියනේ,ඒ වගේම ඒ වගේ කතාවලට ගොඩක් අය ලොකු කැමැත්තක් දක්වනවා.ඉස්සර එනිඩ් බ්ල්යිටන්ගේ කතා පොතක් හරි ෂර්ලොක් හොල්ම්ස් විසඳන අබිරහසක් ගැන හරි කියවද්දී ඒ සිද්දියේ අපිට කියවන්න ලැබෙන හෝඩුවාවල් එක්ක කතාව ඉවරවෙන්න කලින් අපිත් ඒ සිද්දිය වුනේ මෙහෙමයි කියලා කි…
අබිරහස් කතා කියවන්න අපි පොඩි කාලේ ඉඳලා පුරුදුවෙලා හිටියනේ,ඒ වගේම ඒ වගේ කතාවලට ගොඩක් අය ලොකු කැමැත්තක් දක්වනවා.ඉස්සර එනිඩ් බ්ල්යිටන්ගේ කතා පොතක් හරි ෂර්ලොක් හොල්ම්ස් විසඳන අබිරහසක් ගැන හරි කියවද්දී ඒ සිද්දියේ අපිට කියවන්න ලැබෙන හෝඩුවාවල් එක්ක කතාව ඉවරවෙන්න කලින් අපිත් ඒ සිද්දිය වුනේ මෙහෙමයි කියලා කියවන ගමන්ම හිතුවා නේද?ඒ විදියට බොහොම ආසාවෙන් අපි අබිරහස්,රහස් පරීක්ෂක ආකාරයේ තියෙන කතා කියෙව්වා.ඒ වගේම ඒ විදියේ කතා ඇතුලත් වෙන චිත්‍රපටි,ටෙලිනාට්‍ය බලන්නත් ගොඩක් අය කැමතියි.ඉතින් ඒ විදියේ අබිරහසක් පියවරෙන් පියවර විසඳෙමින් ඉස්සරහට යන කතාවක් ඇතුලත් ෆිලුමක් තමයි මේ පාර අරගෙන ආවේ.මේ දවස්වල මලයාලම් ෆිලුම් හොය හොයා බලන ගොඩක් අය මේ ෆිලුමටත් කැමතිවෙයි කියලා හිතනවා.ෆිලුමේ ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ Prithviraj Sukumaran.දැන් නම් නම කියපු සැනින් මෙයාව ගොඩක් අය දන්නවා.කිව්ව විදියටම මේක අයිතිවෙන්නේ Mystery Thriller කාණ්ඩ වලට.ෆිලුමේ තියෙන කුතුහලයත් එක්ක හැමෝටම එක හුස්මටම මේක බලලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ෆිලුම පටන්ගන්නේ ඩේවිඩ් ඒබ්‍රහම් කියන පොලිස් නිලධාරියා නත්තල් දවසේ සහභාගී වෙන සාදයකින්.මෙයා ඒ සාදය ඉවරවෙලා වාහනේ ගෙදර යද්දී ශාන්,විනු කියන දෙන්නා ගමන් කරන මෝටර් බයික් එක මෙයාගේ වාහනයේ හැප්පෙනවා.ඒකෙන් විනුට ටිකක් තුවාල වෙනවා.ඉන් පස්සේ කොහොමහරි ඒ දෙන්නව මෙයාගේ වාහනයේ දාගෙන මෙයා රෝහලකට අරගෙන යනවා.ඒත් රෝහලේදී විනුව රෝහලට ඇතුල් කරලා මේ ඩේවිඩ් ශාන් දෙන්නා කතා කර කර ඉද්දී විනු රෝහලෙන් පැනලා ගිහිල්ලා කියලා දැනගන්න ලැබෙනවා.එතැනදී ශාන් අසාමාන්‍ය විදියට කලබල වෙනවා.ඩේවිඩ් ශාන්ගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා.ඒත් ශාන් මොකුත් ඒ ගැන එයාට කියන්නේ නෑ .කොහොමවුනත් මේ ඩේවිඩ් ශාන්ව එයා ජීවත්වෙන නවාතැනට ඇරලවලා ආපහු තමන්ගේ ගෙදරට යන්න පිටත් වෙනවා.ඔය විදියේ ආරම්භයක් තමයි කතාවට තියෙන්නේ.මේ ශාන්,විනු කියන්නේ කවුද? විනු ඒ විදියට පැනලා ගියේ ඇයි? පැනලා ගිය විනුට ඊට පස්සේ මොනවා වෙයිද? ඇත්තටම මේ ඩේවිඩ් කියන පුද්ගලයා මොන වගේ කෙනෙක්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් කතාව පටන්ගද්දීම අපේ හිතට වද දෙනවා.ඒ දේවල් එකින් එක ලිහෙන,ලෙහන ගමන් ඔයාලට කතාව එක දිගට බලන්න පුලුවන්.
මේ ෆිලුමේ උපසිරැසි කරන්න පටන් ගත්තේ මම මලයාලම් ෆිලුම්වල සබ් කරන්න පටන් ගත්ත මුල්ම කාලේ.ඒ කියන්නේ Vikramadithyan (2014), Jo and the Boy (2015) වගේ ෆිලුම් වලට සබ් කරන කාලේ.ඒත් මේකේ මුල් සබ් පිටපතේ තියෙන සමහර ප්‍රශ්න හින්දා ගොඩක් තැන්වලදී මේකේ තියෙන ටයිම්ලයින් වෙනස් කරන්න සිද්දවුනා.ඒ හින්දා ඒ කාලේ මේකේ සබ් කරන එක මගින් නැවතුනා.ඒත් මෑතකදී මේකට සබ් දෙන්න කියලා හුඟ දෙනෙක් කීප වතාවක්ම ඉල්ලපු නිසා තමයි හිතුවේ මේකට සබ් දෙන්න ඕනේ කියලා.මගේ වෙලාවට මේක කවුරුවත් භාරගෙන තිබුනෙත් නෑ .ඒ හින්දා නිල වශයෙන් මේක වෙන්කරගෙන සබ් එක ඉවර කරන්න පටන් ගත්තා.ඉතින් ඔන්න ඔය විදියට පාට පාට දේදුන්නකින් පාටවෙලා තමයි මේ 7th Day ෆිලුමේ සිංහල සබ් එක ඔයාලව හොයාගෙන ආවේ!! ගොඩක් වෙලාවට මලයාලම් ෆිලුම් හුඟ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒවගේ තියෙන Thriller ලක්ෂණයට.ඉතින් මේ ෆිලුමත් ඒ විදියෙම එකක්.ඒ නිසා හැම මලයාලම් රසිකයෙකුටම මේ ෆිලුමත් බලන්න කියලා අවසාන වශයෙන් ආරාධනා කරනවා!
තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
7th day
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
13,156 downloadsDownload 7th-Day-2014.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
43 comments
Sisila Prasad
SPD
මේ ගමන එක දිගටම මලයාලම් ෆිලුම් වරුසාවක් එනවනේ. නියමයි සහෝ පට්ට වැඩක්. ඔයා කලින් දුන්නු ෆිලුමේ කොමෙන්ට් එකෙකින් ඊළඟට මේකේ සබ දෙනවා කියල කියපු නිසා ෆිලුම ඊයේ රෑ තමයි බෑවේ. මෙන්න අද උදේ වෙනකොට සබ දාලා. බොහොම ස්තුතියි තරිඳු රසාංග සහෝ සබ් එකට. එල ඉදිරියටත් මෙවන්ම සුපිරි මලයාලම් තමයි අපිට ඕන. ජයම වේවා. සබ් කරන්න වැඩියෙන් වෙලාව ලැබෙන්න ඕන.
බුදු සරණයිහේමන්ත
කිසිම තර්කයක් නැ... ‘මලයාලම්..“
අදම බාල අදම බලමු.
ස්තුතියි තරිඳු..
ස්තුතියි බයිස්කෝප්...එල්.සී. දමැල්
බයිස්කෝප් එකට දැන් මලයාලම් වැහි වහිනවා...
බොහොම ස්තුතියි මේ පැත්තට සබ් දෙනවට...
බලන්න ඉන්නේ මලයාලම් සෙට් එකක්ම නිවාඩුවක් ලැබුනම...
බොහොම ස්තුතියි වෙනස්ම රසයක් හඳුනන ඔයාලා කට්ටියට...
මෙ උපසිරසට තරිඳුට ස්තුතියිshasith sandaruwan
තවත් මලයාලමක්!!!
නියමයි සහෝ...බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
මලයාලම් රසිකයන්ට නම් හිතේ සතුට කියාගන්න බැරුව ඇති මේ දවස් වල. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Dilan
Supiri film ekak saho.jaya wewa saho..
Pubudu Dilshan
adoooo...bn robin hood 2006 tv sereis ekata sub dahallakoooo
Shehan prathapasinghe
thanks machn
Akalanka
Thnx.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Chami.S
Thanks..
Good Luck..sanjaya
අර කියන්න වගේ දැන් මලයාලම් ෆිල්ම් වැහි වැහැල..... අපිට බලන්න මොකුත් දෙන්නේ නැද්ද බ්‍රෝ....
plz.. තෙලිගු ෆිල්ම් දෙක තුනකුත් දෙන්න...
තෙලිගු ෆිල්මක් බලපු කාලයක් මතක නෑ, දැන්නම් ඉන්නේ හාමතේ...
අපි වගේ රසිකයොත් ඉන්න්න්ව කියල අමත්ක කරන්න එපා බ්‍රෝ....
කොහොම උනත් උපසිරසට බොහොම ස්තුත්යි.....Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::mahesh babu
කියන්න දෙයක් නැහැ, සුපිරි වැඩක් සහෝ
මම මේ filume sub දෙනකන් බලන් හිටියේ
දිගටම මේ වගේ පහරවල් දෙමු
ජය වේවා!!!Chamath
Thanxx brooo
අසිත
elama saho thanks
Chalana
thnx bro...
Daredevil
Death at a Funeral meke sub dannako machan.. kalin thibba post eke sub nathuwa thiyenne.
isanka indunil
rasaaaa thanx saho..............
hasith
thankyou sahoo
thisal
ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…malayalam nm bamak thama....ela...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ravindu prabashwara
Thanks bro
රංගික සිනෙත් කාරියවසම්
තරිදු රසාංග මල්ලී.නියම වැඩක් ..ලෙසටම සබ තියෙනවා. මලයාලමි ප්‍රෙක්ෂක අපට ඔයාලා දෙන සප් එකනමි ෆටිටයි .පිං සිද්ධ වෙනවා මචන් එල..
දැන් මලයාලමි පෙරහැරක් යන්නෙ බයිස්කෝප් එකේ.ඒ ගැන නමි ෆට්ට සතුටුයි.
ඒකට සප් එක දුන්න෴සිසිල ප්‍රසාද් ෴SPD෴තරිදු රසාංග සහෝලා හැමෝටම මාගේ හදපිරි ප්‍රණාමය..සිසිල ප්‍රසාද් සහෝ ඔන්න the Great Father නිකුත්වෙලා තියෙනවා.මට ඔබතුමා මයි ඒ ෆිලුම දැක්කම මතක් උනේ..
Isuru
patta....
Puluwn nam "Bicycle Thieves (2013 Malayalam film)" sub 1 dennathenextmind
what a Story...
keep it up bro
need more subtitlesChamath
Tanx brother...elama
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
තරිඳු රසාංග
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි,මේ විදියටම ඉස්සරහටත් හැමෝගෙම සක්‍රිය දායකත්වය බලාපොරොත්තු වෙනවා.මලයාලම් රසිකයන් වෙනුවෙන් තවත් මලයාලම් ෆිලුමක් ඉක්මනින්ම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා,එතෙක්,
A Death in the Gunj (2016) [හින්දි ෆිලුමෙන් මීළඟට හමුවෙමු!pavani
malayalam film bala gaththema oyala nisa thamaaaa... fattaaaaaa
Menu
Thank you
Mahesh
sub ekata thanx
Malan Kurera
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…මලයාලම් ෆිල්ම්ස්ම දෙන්න තව.
Kash
බොහොම ස්තූතියි!
Nuwan Chamara
Thank you Saho
Mithun
Thx saho
pavani
thanks sub ekata... film eka dwnld kale sub eka ekka demma kipiya kiyolaaaa.... hemadama baiscope eke sub thiyed kohoma film ekakd kiyala oyala kiyana dwl balala thama dwnld kranneeee... thnks
Kavishna
උපරැසියට ස්තූතියි සහෝ
N_R
Thanks.
Prabodha Jayakody
Thanks...
සාරංග ජේ. ලියනගම
Thanks
Naveen Mbr
බොහෝම ස්තූතියි සහෝදරයා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තවත් මලයාලම් චිත්‍රපටයක්. මේක හරියට මලයාලම් චිත්‍රපට වසන්තය වගෙයි. දිගට හරහට මලයාලම් චිත්‍රපට ලැබෙනවා. මේකත් අනිවා බලන්න ඕනේ. දිගටම වැඩේ කරගෙන යමු, සහෝ. ජයවේවා!!!