Watch Trailer

Alamara (2017) with Sinhala Subtitles | අරුන් සහ අල්මාරිය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අදත් ගෙනාවේ නම් මලයාලම් ෆිලුමක්ම තමයි. ෆිලුම Alamara(2017). මේක කරන්න හිතාගන ඉඳපු ෆිලුමක් නම් නෙමෙයි. ඒත් ඉතිං අපේ මලයාලම් රසිකයෙක් මේ ෆිලුමට සබ ඉල්ලලා තිබුන නිසා බයිස්කෝප් එකට මේල් එකක් දාලා ෆිලුම වෙන් කර ගත්තා. මොකද ඉතිං මලයාලම් වලට සබ් දෙන අපිට ඉන්නේ තවම පොඩි රසික පිරිසක්නේ. ඒ…

 

සුභ දවසක් හැමෝටම. අදත් ගෙනාවේ නම් මලයාලම් ෆිලුමක්ම තමයි. ෆිලුම Alamara(2017). මේක කරන්න හිතාගන ඉඳපු ෆිලුමක් නම් නෙමෙයි. ඒත් ඉතිං අපේ මලයාලම් රසිකයෙක් මේ ෆිලුමට සබ ඉල්ලලා තිබුන නිසා බයිස්කෝප් එකට මේල් එකක් දාලා ෆිලුම වෙන් කර ගත්තා. මොකද ඉතිං මලයාලම් වලට සබ් දෙන අපිට ඉන්නේ තවම පොඩි රසික පිරිසක්නේ. ඒ නිසා එයාලගේ ඉල්ලීමක් අහක දාන්න හොඳ නෑනේ. කරන්න කියල බයිස්කෝප් එකෙන් කීවාට පස්සේ තමයි සබ කොහොමද කියලා බැලුවේ. එතකොට තමයි රත් වුණේ. ෆිලුම වැඩිය දිගත් නෑනේ කියල හිතලා බාර ගත්තට මොකද ලයින් ගාන දැක්කට පස්සේ නම් ටිකක් බය හිතුනා. මම මෙච්චර කාලෙකට කරපු වැඩිම ලයින් ගාණක් තිබුනේ මේ ෆිලුමේ තමයි. ලයින් 2500කටත් ටිකක් වැඩි. ඒත් ඉතිං කරගන යනකොට අවුලක් උනෙත් නෑ. කොහොම හරි මැච් එක ගැහුවා. මේවා අනවශ්‍ය කතා. ෆිලුමට බහිමුකො.

මේක අයිති වෙන්නේ Family/Comedy කියන කාණ්ඩයට. ෆිලුමට රංගනයෙන් Sunny Wayne, Ranji Panicker, Aditi Ravi,Seema G. Nair සහ Aju Varghese දායක වෙලා තියනවා. Sunny Wayne ගැන කියනවා නම් මලයාලම් සිනමවාට පායපු පැහැදිලි අනාගතයක් තියන හොඳ තරුවක්. සුරූපී නවක නිලියක් වන Aditi Ravi ප්‍රධාන නිළියගේ චරිතයට රංගනයෙන් දායක වෙලා තියනවා. දෙමල සිනමාවට Santhanam වගේ, තෙලුගු සිනමාවට Brahmanandam වගේ, වත්මන් මලයාලම් සිනමාවට Aju Varghese සමඟ ඔයාලාට සුපිරිම Comedy ෆිලුමක් බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Midhun Manuel Thomas විසින්. තිර රචනය කරලා තියෙන්නේ John Manthrickal විසින්. කතාව Mahesh Gopal විසින්. සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sooraj S. Kurup විසින්.

කතාව ගැන ටිකක් කියනවා නම් අරුන්(Sunny Wayne) ගොඩක් තැන් වල මනමාලියෝ බලන්න ගියත් ඒ හැම එකක්ම අසාර්ථක වෙන කල වයසත් පැනගන යන අහිංසක කොල්ලෙක්. එක අවස්ථාවක අරුන්ට තමන්ගේ ජීවන සහකාරී මුණ ගැහෙනවා හරි අමුතු විදියට. ඒ එයාට මනමාලි බලන්න ගිය තැනකින් නම් නෙමෙයි. කසාදෙන් පස්සේ අරුන්ට දෑවැද්දට ලැබෙනවා හොඳ අල්මාරියක්. මේ අල්මාරිය අරුන්ගේ ජීවිතේට ගොඩාක් බලපෑම් ඇති කරවනවා. ගොඩක් තැන් වල දී අරුන්ව අසරණ කරනවා මේ අල්මාරිය. ඉතිං කතාවේ ඉතුරු ටික ඔයාලම බලන්න කියලා ඉල්ලා සිටිනවා.

ඇත්තටම ෆිලුම ගැන කියනවා නම් මේක හුදෙක් කොමඩි ෆිලුමක් විතරක්ම නෙමෙයි. අපේ එදිනෙදා ජීවිතයට ගොඩක් වැදගත් වෙන යම් යම් දේවල් මේකෙන් අපිට ගන්න පුළුවන්. නැන්දම්මා ලේලි ගැටළුව, තමන්ගේ නංගි/අක්කා සහ බිරිඳ ගැටළුව මේ වගේ ගොඩක් දේවල් උපහාසාත්මකව මේකේ දකින්න පුළුවන්. කම්මැලි කමක් නැතුව හිනා වේවි බලන්න පුළුවන් ෆිලුමක් තමයි මේක. විවිධාකාර වැඩ රාජකාරි වලින් විඩාපත් වෙලා තියන ඔයාලගේ හිතට මේක පොඩි වෙනසක් කරයි කියල හිතනවා.හැමෝටම ෆිලුම බලන්න කියලා අරාධනා කරනවා.

දෙමල, තෙලුඟු, හින්දි රසිකයින්ටත් ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. ෆිලුම බලන්න, වෙනස වටහා ගන්න. දිගටම මලයාලම් බලන්න.

ජයම වේවා….!

 

Alamaara (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.lv – Alamara (2017) Malayalam DVDRip x264 700MB ESubs

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,959 downloadsDownload Alamara-2017.zip76 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

SPD

Subtitles

6,959 downloadsDownload Subtitles76 KB

35 comments

  1. K Wijaya

    Thanx bro..
    Sulu pirisak wenuwen hri sub eka krapu eka watinwa..
    ✌️

  2. Anjana

    thanx sab ekata.aniwa malayalam film blanawa.digatama karan yamu.obata jaya....

  3. Eranda

    Aniwa....Thanks....

  4. Dilan

    Supiri film ekak wage saho.obata jaya wewa saho.

  5. Krishan Madusanka

    නියමයිනේ සහෝ තැන්ක්ස්

  6. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. shasith sandaruwan

    හප්පට සිරි SPD ඔය ස්පීඩ් එකෙන්ම දිගටම සබ් දෙමු ආ...
    මේ දවස් වල මලයාලම් වරුසාවක් වගේ :P
    තව මලයාලම් බස්සමු.
    ඔබට ජය!

  8. හේමන්ත

    මලයාලම් සිනමා සමාජය...!
    ස්තුතියි මල්ලි.

  9. Sisila Prasad

    පහුගිය කාල වකවානුව ගත්තාම, බයිස්කෝප් අඩවියේ එක දිගටම මලයාලම් චිත්‍රපට පළවුණා.
    මලයාලම් සිනමාව, ශ්‍රී ලාංකිකයින් විසින් වැළඳගෙන ඇති ආකාරය, ඒ සඳහා ඇති උනන්දුව ගැන මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ.
    ඉදිරියටත් මලයාලම් චිත්‍රපට අරගෙන එමු.
    ජයවේවා!!!

  10. Isuru

    Thanks Bro ...
    Sathya (2017) Malayalam film 1ta sub 1 denna puluwn nam watinawa....

  11. nuwan

    math balanoo.. thanks ee

  12. Chalana

    tnx bro...

  13. rangika Kariyawasam

    SPS සහෝ.... කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ මෙි ෆිලුමට සබ දීපු එක ගැන.මෙි ට්කේම බල බල හිට්යෙ අල්මාරි ෆිලුම⁣ට සබ එනකමි.එල මචන් හොදම එල. අපිට ලෙහෙසියෙන් බලන්න උබ අමාරුවෙන් කාපු කටිට අපි දන්නවා .

    ලෙසටම සබ කරලා තියෙනවා මචන්. පිංසිද්ද වෙනවා.උබෙි කාලය කැප කරන් මෙි වැඩෙි කලාට අපේ ප්‍රණාමය ..

    Sunny Wayan ගේ මෙි ෆිලුම ෆටිටයි කියන්නෙ ෆටිටම තමා. තව තවත් මලයාලමි ෆිලුමි වලට සබ දෙන මෙන් කාරැණිකව ඉල්ලමින් නැවත නැවත නැවතත් කියන්නමි උබට බොහොමයක් පිං මල්ලා...

    සහෝ ඔයා කියලා තියෙන රසිකයා මම කියලා දන්නවා. එල මචන් තැන්කු මගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නට.ඔබට ජය හැමදාටම .....

    1. rangika Kariyawasam

      අනිවා මෙි ෆිලුමෙ ඩවුන්ලෝඩි 5000 පනිනවා මචන්.ඒකෙ දෙකක් නෑ ආයෙ..

      SpD ජයවෙිවා ඔබට....

  14. තරිඳු රසාංග

    සබට බොහොම ස්තුතියි සහෝ,ඇත්තටම මේක මේ දවස්වල ගොඩක් මලයාලම් රසිකයෝ එනකල් බලාගෙන හිටපු ෆිලුමක සබ් එකක්.මොකද ගොඩක් අය මේක කමෙන්ට් කරලත් ඉල්ලලා තිබුනා.ඒ ගැන සලකලා මේ ෆිලුමේ සබ් දෙන්න ඔයා තීරණය කරපු එකම ලොකු දෙයක්.ඉතින් ඉස්සරහටත් මේ විදියට රසිකයෝ,උපසිරසිකරුවෝ අපි හැමෝම එකතුවෙලා අනෙක් භාෂාවලින් නිර්මාණය වෙන ෆිලුම් වලට ලංකාවේ තියෙන තැන මලයාලම් ෆිලුම් වලටත් අරන් දෙමු.ඉස්සරහටත් මේ විදියේ ලස්සන මලයාලම් ෆිලුම් වලට සබ් දෙමු සහෝ,ජය!

  15. sandun

    thanx machan.
    nivin pauly ge films walata puluwannam sub denna balanna,site eke tibbe aduwen

  16. Pubudu Maduranga

    මලයාලම් නම්
    අනිවා බලනවා
    ස්තුතියි සබ් එකට ....

  17. Kulanjana Maduranga

    niayamai…patta ahhhh...malayalam fims nm atharin na...balanawama thama....thawa malayalam film denna...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy shooodryaa...ap wenuwen me krn sewyt.....

  19. KwiZ

    Thnkz saho sabata...

  20. Chami.S

    Thanks..
    Good Luck..

  21. yasiru nethsara

    Thanxxxx

  22. prasad

    sub ekata thanks.digatama malayalam ewa danda.

  23. Thanushka

    Thanks sub ekata...

  24. Chamal

    Me Sub Eka MX Player Eke Load Wenna Ne

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Udaya Fernando

    බොහොම ස්තූතියි සබ් එකට.

  27. Prabash

    Thanks bro for ur works.api godaksathutu venava oyala nisa.meaka oya fan kenekge request ekak nisa karapu sub ekakne.e nisa mamath request ekak karannam oyagen.puluwannam Ramcharam ge film ekak thiyenava dhruva kiyala.eake sub ekath dennako.....thanks again all of you..budu saranai.

  28. Amali

    Thanks

  29. Aruna

    thank u...!!

  30. Rajitha

    සුපිරි ෆිල්ම් එකක්.පුලුවන් නම් හැමෝම ඩවුන්ලෝඩ් කරන් බලන්න.පටන් ගත්ත වෙලේ ඉදන් ආසාවෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්.කසාද බදින්න බලන් ඉන්න උන් අනිවාර්යයෙන් බලපල්ලා

  31. සුදේෂ් මදුසංක

    පට්ට ෆිල්ම් එක මචන්.
    බොහොම ස්තුතියි සහෝ.

  32. Thara

    godak sthuthi sub ekata machan..

  33. Dinu

    thank you saho

  34. Chathura

    බොහොම ස්තූතියි සබ් එකට...