Watch Trailer

Okja (2017) with Sinhala Subtitles | අමනුශ්‍යත්වයෙන් පිරී ගිය මනුෂ්‍යයන්ට එරෙහිව, විකෘති සත්වයෙකුට පෙම් බැඳී තරුණිය! [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂ 2007 වන විට ලෝක ජනගහණය බිලියන හත ඉක්මවා යනවා. දිනෙන් දින ඉහල යන ලෝක ජනගහණයත් සමගින්, නුදුරු අනාගතයේදී සමස්ත ලොවම දැඩි ආහාර අර්බුධයකට ලක්විය හැකි බවට විද්‍යාඥයින් විසින් අනතුරු අඟවනු ලබනවා. අහාර වෙනුවෙන් අනාගතයේදී නිසැකවම තරඟයක් ඇතිවෙන බවට අනතුරු අඟවනු ලබනවා. වර්ෂ 2007 වන විටත්, දෛනිකව කුසගින්න…

වර්ෂ 2007 වන විට ලෝක ජනගහණය බිලියන හත ඉක්මවා යනවා. දිනෙන් දින ඉහල යන ලෝක ජනගහණයත් සමගින්, නුදුරු අනාගතයේදී සමස්ත ලොවම දැඩි ආහාර අර්බුධයකට ලක්විය හැකි බවට විද්‍යාඥයින් විසින් අනතුරු අඟවනු ලබනවා. අහාර වෙනුවෙන් අනාගතයේදී නිසැකවම තරඟයක් ඇතිවෙන බවට අනතුරු අඟවනු ලබනවා. වර්ෂ 2007 වන විටත්, දෛනිකව කුසගින්න නිවාගැනීම සඳහා, බිලියන හතක් වූ සමස්ත ලෝක ජනගහනයෙන්, මිලියන 805 ක් වූ ප්‍රමාණයක ජනතාව සඳහා අරගල කිරීමට සිදුවී තිබෙනවා. මින් මිලියන 30ක් ඇමරිකානු එක්සත් ජනපදයට අයත් වන වැසියන්. අහාර හිඟයක් ඇති වුණත්, මිනිසුන් ඒ පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කලේ නැහැ. මිනිසුන්ට අවශ්‍ය වුනේ හාස්කමක්. මිනිසුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින්, හාස්කමක් හම්බවුණා. එක්තරා චිලී ගොවිපළකින් හරි අපූරු සත්ව පැටියෙක් හම්බුණා. මේ අපූරු සත්වයාව ඇමරිකාවේ ඇරිසෝනා හි පිහිටි පෞද්ගලික ආයතනයක විද්‍යාගාරයට අරගෙන ඇවිල්ලා, විද්‍යාඥයින්ගේ ආදරය, රැකවරණය, නිරීක්ෂණය, අධ්‍යනය කිරීම් හි ප්‍රතිඵලයක් ලෙස එවැනි සත්වයින් 26 දෙනෙක් ප්‍රතිනිර්මාණය කරන්න ඔවුන් සමත් වුණා. මේ හැම දෙයක්ම කලේ ස්භාවික ආකාරයට. අවසානයේ මේ අපූරු සත්ව පැටවුන්ව විවිධ රටවල් හි, අති දක්ෂ ගොවියන් 26 දෙනෙක් වෙත ලබාදෙනවා. ඒ, වසර දහයක කාලයක් ඇතුළත මේ සත්වයින් හැකි උපරිම ආකාරයෙන් වැඩිදියුණු කිරීම සඳහායි. වසර දහයක් තුලදී, එකිනෙකට වෙනස් රටවල් 26ක් තුල, එකිනෙකට වෙනස් තාක්ෂණික ක්‍රමෝපායන් තුලින්, එකිනෙකට වෙනස් ආකාරයෙන් හැදී වැඩෙන්නා වූ මෙම සත්වයින් 26 දෙනා අතුරින් හොඳම සත්වයා අනාගත ආහාර අර්බුධය නිමාවට පත්කරන පුරුක බවට පත්වනු ඇත.

දකුණු කොරියාවේ, කැලෑ බද ප්‍රදේශයක පිහිටි හුදකලා කඳුකරයක කෙළිදෙලෙන් පසුවෙන්නා වූ අති විශාලා අමුතු සත්වයෙක් සහ කුඩා දැරිවියක්… සිය වියෝවෘධ මුත්තණුවන් සමගින් දිවි ගෙවන්නා වූ මෙම දැරියගේ හොඳම මිතුරා වූයේ මෙම අති විශාල සත්වයායි. වසර දහයකට පෙර ඇමරිකාවෙන් ඔවුන්ට ලැබුණු මේ සත්වයා මේ වන විට පුදුමාකාර ලෙස හැදී වැදී තිබෙනවා. අවසානයේ, ලබාදුන් වසර දහයක කාල සීමාව නිමාවට පත්කරමින් පර්යේෂකයන් කණ්ඩායම මෙම සත්වයා හොයාගෙන පැමිණෙනවා. මෙම සිදුවීමත් සමගින් කුඩා දැරියගේ ජීවිතය සම්පූර්ණයෙන්ම උඩි යටිකුරු වෙනවා. මෙතෙක් කාලයක් පුරාවට සිය ප්‍රාණ සම වන් දැවැන්ත මිතුරා සමගින් කඳුකරය පුරාවට කෙළිදෙලෙන් ගත කල සමයට නැවතීමේ තිත තබමින්, සිය දැවැන්ත මිතුරාගේ පණ නළ රැකගැනීම උදෙසා ඇමරිකාවේ අති දැවැන්ත සමාගමක් සමගින් සටන් කිරීමට තරම් මෙම කුඩා දැරියගේ දෛවය අකාරුණික වූයේ කෙසේද? මෙම දස අවුරුදු ව්‍යාපෘතිය තුල තිබෙන්නා වූ, ලොවට හෙළිදරවු නොකළ, අතිශය බිහිසුණු, කුරිරු ක්‍රියාදාමය කුමක්ද? අවසානයේ කුමක් සිදුවේද?

Action, Adventure, Science fiction යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ ජුනි මස 28 වැනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ සුපිරිම සිනමා අත්දැකීමක් තමයි මේ වතාවේ අරගෙන ආවේ. Snowpiercer (2013), Mother (2009), The Host (2006) වැනි විශිෂ්ට සිනමා නිර්මාණයන් ලොවට දායාද කරන ලද, Joon-ho Bong ගේ අධ්‍යක්ෂණයෙන්ද, ඇමරිකානු – දකුණු කොරියා මිත්‍රත්වය පදනම් කරගනිමින් නිෂ්පාදනය වුණා වූද, Life (2017), Nocturnal Animals (2016), Demolition (2015), Everest (2015), Prisoners (2013), End of Watch (2012), Prince of Persia: The Sands of Time (2010) වැනි විශිෂ්ට සිනමා කෘතීන් රාශියක රංගනයෙන් දායක වන ලද Jake Gyllenhaal සහ, Maze Runner චිත්‍රපට මාළාව, Revolution රූපවාහිණි කතා මාලාව හරහා ජනප්‍රිය වූ Giancarlo Esposito සහ, The Walking Dead රූපවාහිණි කතා මාලාවේ “ග්ලෙන්” යන චරිතය තුලින් අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් Steven Yeun යනාදීන්ගේ විශිෂ්ට රංගනයෙන් ඔපවත්වන මෙම සලරුව, මෙම සටහන ලියවෙන මොහොත වන විට imdb දර්ශකයේ 7.7 ක අගයකින්ද, Rotten Tomatoes හි 85% ක මනාප ප්‍රතිශතයක්ද, google පරිශීලකයින්ගේ 95% ක මනාප ප්‍රතිශතයක්ද ලබමින්, අති විශිෂ්ට ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. ලෝ ප්‍රකට Netflix නාලිකාවේ සාඩම්බර බෙදාහැරීම් දායකත්වය සහිත මෙම සලරුව, ඇමරිකානු ඩොලර් මිලියන 50ක දැවැන්ත බරපැනක් දරමින් නිෂ්පාදනය කර ඇත.

අනිවාර්‍යයෙන්ම අරගෙන බලන්න. චිත්‍රපටය කිසිම කම්මැලි කමකින් තොරව අවසානය දක්වාම නරඹන්න පුළුවන්. සමහර දර්ශන වලදී ඇත්තටම ඇස් දෙක කඳුලින් පිරේවි. බුද්ධිමත් කියන මේ මනුෂ්‍යයා කොච්චර නම් දරුණුද, කොච්චර නම් තිරිසන්ද කියලා හොඳටම තේරේවි. බුද්ධිමත් මිනිස්සුත් එක්ක බලනකොට තිරිසන් සත්තු කොච්චර හොඳද කියලා හිතේවි. චිත්‍රපටයේ අවසානයත් එක්ක ගොඩක් දේවල් හිතන්න ඉතුරු වේවි. මිනිස්සු ඇයි මෙච්චර ආත්මාර්ථකාමී? මේක තමයි අවසානයේ මට ඉතුරු වුණු ප්‍රශ්නය. අරගන්න… නරඹන්න.. රස විඳින්න… ජීවිතය පිළිබඳව අලුතින් හිතන්න… එයයි මේ සිනමා අත්දැකීමේ සැබෑ අභිප්‍රාය!

ගිහින් එන්නම්. හැමෝටම ජයවේවා!!!

Okja (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Okja.2017.720p.WEBRip.x264-STRiFE

ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

10,206 downloadsDownload Okja-2017.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

10,206 downloadsDownload Subtitles46 KB

40 comments

  1. Mithun

    හම්මෙ කොරියන් එකක්.. පිස්සුනෙ ඉතින් සුපිරියක් වගේ බලමු අරම්ම සහෝ ස්තුතියි ආ

    1. Mithun

      Mona film eka baluwath koriyan film ekak balana taram gatiyak na eccarama e move තාත්විකයි

    2. LSM HUSKAA

      bambuwa kalaturakin me wga hoda awa anawa achcharai

  2. Chamith Mihiranga

    Supiri movie ekak.. Anika NETFLIX wedakne...
    Niyamai aiya.. Thank you..

  3. Dilan

    Supirima film ekak saho..obata jaya wewa saho..

  4. Gathsara Umesh Kumara

    Sisla ayyaa...kalkin...
    Bohoom sthuthiy upasuresyt..ikmnm ilg upasrsyn hmuwemmo...

  5. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. thisal

    ස්තූතියි

  7. Sajith Thilakarathne

    thanks saho sub ekata

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Mithun

    ලිපිනම්,ලිපි, සිසිලගේ ලිපි..
    මෙක පට්ට ලිපියක්නෙ
    උදෙ කමෙන්ට් එක දැම්මට ලිපිය කියෙව්වෙ නැ ඩව්න්ලොර්ඩින් දාන ගමන් කියෙව්වෙ මෙක නම් සුපිරියක්
    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසි දැම්මට

  10. එල්.සී. දමැල්

    Saho ese mese movies nemeinee geenneee...
    Thanks wewaa...
    Thawath me wage supiri sinama siththamakin munagehemu...

  11. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  12. අසිත

    elama saho thanks

  13. Shehan sathmika

    Ela.....maru a.....blood drive tv serias ekata sub demuko..

  14. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. kasun

    me film eka balapu kenek gen ahanne film eka hodaida

  17. Chalana

    thnx bro...

  18. sanath indika

    thx brooo

  19. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට...
    ඉක්මනින්ම 100 ගහයි වගේ නෙහ් :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  20. madu

    Thank you

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  23. Mahesh

    Sub ekata thanx

  24. LSM HUSKAA

    ස්තූතියි bro

  25. nidi

    බයිස්කෝප් අඩවියට දිදුලන පහන් වගේ වෙන්නෙ මේ වගේ චිත්රපට තමයි.

    ඉතාම මනරම්, හරිම ආකර්ශනීීයයිි. විිටෙක ඇහැට කදුළකුත්, තවත් විටෙක මුවට හසරැල්ලකුත් නංවනවා. ඒ සේ්රම අතරතුරේ මනුෂ්‍යත්වය ගැනත් මතක් කරවනවා.

    සිසිල, ගොඩක් ස්තුතියිි කිසිම ආර්ථිික ලාභයක් නොපතා මේ කරන ම‍ෙහ‍ෙවරට.

  26. Krishan Jayaratna

    Thank you!!! ,Shameless Eket Sub Eka Dennako, plzzz bro

  27. Ravindu Rukshan

    thx

  28. IreshSampath

    Thanks

  29. MAALnath

    Thanks ................good luck ....................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  30. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  31. madusanka

    අපි වෙනුවෙන් කරනා සේවයට බොහොම ස්තුතියි සිසිල සහෝ...!!!

  32. sasala

    thanks

    1. kavindu kalhara

      ඇත්තටම නොදැනීම කදුළු වැටුනු මාර ලස්සන ෆිල්ම් එකක්.... සබ් එකට බොහොම ස්තූතියි ! ❤️

  33. samanthaliyanage

    thanks bro

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  35. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  36. S Elvitigala.

    meke sub eka naha hadanna puluwanda ?

  37. Anonymous

    good

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.